ජීවිතය පුදුමාකාර ය. පාසැලේ දී පන්තියේ දී කෙළිදෙලෙන් කාලය ගත කළ සමය, බොඳ වී ගිය සිහිනයක් සේ අප හැර දමා ගොසිනි. ඉතිරි ව ඇත්තේ අපැහැදිලි ඡායාවන් රැසකගෙන් කැටි වූ මතකයන් පමණි.

එ් මතකයන් අතරින් විටින් විට මතු වී ආ සිතුවම් පෙළකි. සුදු පැහැති අශ්වයෙකුගේ පිටේ නැගී අනෝමා ගංතෙර තරණය කරන සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ සමගින්… ඡුන්න! මේ සියලූ මතකයන් අතරින් නැවත අපගේ පාසැල් සමය… මැවි මැවී පෙනුණු සිතුවම් සියල්ල නවතාලමින් බස්රියේ කොන්දොස්තර මහතා කෑ මොර දෙන්නට විය.

‘‘භාවනා අසපුව ළඟින් බහින්න… භාවනා අසපුව ළඟින් බහින්න…”

එවදන් කනවැකුණු විට ම මා ද බැසගත යුතු බව සිහිපත් වූයෙන් ලහි ලහියේ බසයෙන් බැසගත්තෙමි. ජීවිතේ කෙදිනකවත් පැමිණ නැති මෙම ස්ථානය තුළ කුමනාකාරයේ අද්භූත බවක් ඇත්දැයි යන්න සිතමින් මම මඳ දුරක් ඉදිරියට ඇදුණෙමි.

කොළ පැහැති පුවරුවක කහ පැහැති සිමෙන්ති අකුරින් ‘මහමෙව්නාව භාවනා අසපුව’ යනුවෙන් ලියා තිබූ අකුරු පෙළ දකින විට එය යමෙකුගේ අත් අකුරු බව මා හට සිතිණි. එම පුවරුව දකින විටත් සිත සැනසේ. පුවරුව පසු කොට කොන්ක‍්‍රීට් ඇතිරූ මාර්ගය දිගේ ඉහළට සක්මන් කළ මා තුළ බලවත් ව පැන නැගී සිටියේ මෙවන් ස්ථානයක දී හැසිරිය යුත්තේ, කථාබහ කළ යුත්තේ කෙසේදැයි කියා ය. මා එ් කිසිවක් දැන සිටියේ නැත. එන දේකට මුහුණ දීමට සූදානමින් මම තවත් ඉදිරියට ගියෙමි.
මාර්ගය සැකසී තිබුණේ කන්දක් නැග පල්ලමක් බැස යන පරිද්දෙනි. පල්ලම අවසන් වූයේ මනාකොට අමදින ලද වැලි මළුවකිනි. එහි දකුණු පසට වන්නට විශාල ප‍්‍රමාණයේ මල් පෝච්චි පෙළකි. එහි පිළිවෙළකට ඉන්දවූ විවිධ වර්ගයේ ගස් දැකගත හැකි විය. වම් පසින් කළුගල් බැම්මක් වූ අතර මම එ් අතරින් තව තවත් ඉදිරියට ඇදුණෙමි. වැඩිදුරක් යාමට මත්තෙන්, මගේ දකුණු අත පැත්තෙන් වූ දෙමහල් ගොඩනැගිල්ලක කුඩා පුවරුවක සටහන් වූ කාර්යාලය යන අකුරු පෙළ දුටුවෙන් නිරායාසයෙන් ම පඩි බැස එ් වෙතට ළං වීමි.

එකිනෙක සම්බන්ධ වන සේ වීදුරුවක අලවන ලද කුඩා දහම් පොත් රාශියක පිටකවර ය. අතරින් පතර කැසට්පටි රාක්ක කිහිපයක් ද දර්ශනය වේ. බැලූ බැල්මට එය සදහම් පොත්පත් ලබාගත හැකි ස්ථානයක් ලෙස මා හට හැඟීගියේ ය. මා එ් වනවිටත් කාර්යාලය අසලට ම පැමිණ සිටගෙන සිටියෙන් මා දුටු යමෙකු කාර්යාලය තුළ සිට නැගිට පුරුද්දට මෙන් කවුළුව අසල හිට ගත්තේ ය.

‘‘පොත් ගන්න ද අයියෙ…?”

කරුණාවන්ත ස්වරයකින් ඇමතූ තරුණ වියේ පසු වූ එම සොයුරා ඉතා පිරිසිදු සුදු ඇඳුමකින් සැරසී සිටියේ ය. ඔහුගේ වයසේ තරුණයන් මා අනන්තවත් මෙම සීමාවෙන් පිට සමාජයේ දී දැක ඇතත් මේ තරම් සංවර ව කතා කරන තරුණයෙකු මා දුටුවේ ජීවිතයේ ප‍්‍රථම වතාවට ය. එ් නිසා ම මඳක් සලිත වී ගිය මා… එ් බව නො පෙන්වා විසිර ගිය සිත නැවත එක්තැන් කරගෙන හැකි තරම් උත්සාහ කොට ඔහු හා සමාන වදනින් කතා කරමියි ඉටා පිළිතුරු දුනිමි.

‘‘පොත් කීපයකුත් ගන්න ඕන මල්ලි… මම ආවෙ මෙහෙ ඉන්න කෙනෙක් ව මුණ ගැහෙන්න. මගෙ හොඳ ම යාළුවා මේ අසපුවේ පැවිදි වෙන්න ආවා. එයා එන දවසේ අපි කාටවත් නො කියා තමයි ආවේ. මල්ලි, මට එයා ව මුණගැහෙන්න පුළුවන් ද?”

‘‘ම්ම්… යාළුවගෙ නම මොකක් ද අයියේ?”

‘‘තරුනෙත්. අනන්ත තරුනෙත්….”

‘‘ආහ්.. හරි. මේ අනන්තගෙ යාළුවෙක් ද? අනන්ත නම් මේ වෙලාවෙ ඇත්තෙ ‘සදහම් ගඟුලෙ’ අයියෙ. අද පොත් වහන්සේලා පිරිසිදු කරන්න යොදාගෙන තිබුණා… ඉන්න මම පණිවුඩයක් යවන්නම්… අයියා අර පේන ශාලාවට ගිහින් ඉඳගෙන ඉන්න…”

කාර්යාලයට හරියට ම ඉදිරියෙන් තිබූ තහඩු සෙවිලි කළ නිවසක් වැනි ශාලාවක් පෙන් වූ ඔහු මා එ් වෙතට යොමු කළෙන් මම හිස සලා එ් දෙසට පිය මැන්නෙමි.
සුවිසල් කඳු යායක් පාමුල පිහිටා ඇති මෙම භාවනා අසපුවේ ඉදිරි පස ම පිහිටා ඇති ශාලාව වෙත ය මා යොමු කෙරුණේ. එ් ශාලාවේ ආලින්දයේ අමුත්තන් වෙනුවෙන් මිටි ආසන පෙළක් ඇතුළු බංකු කිහිපයක් සහ ඊට ඉදිරිපසින් ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් යැයි සිතිය හැකි වේවැලින් නිම වූ උස් ආසන පෙළක් පිළිවෙළින් තැන්පත් කර තිබුණි. ආසන බොහොමයක් තිබූ කොටසට අමතර ව ශාලාවට ඇතුල්වන දොර අසල වූ තවත් උස් පුටු දෙකකි. එ් ඉදිරිපිට කෙටි බංකුවක් වූ අතර එහි යම් හුදෙකලා බවක් දුටු බැවින් මම එම බංකුවේ අසුන් ගත්තෙමි.

කය හිඳගෙන සිටින ඉරියව්වට පැමිණියත්… හිස නම් තව ම තැන්පත් වී නැත. එම අසුනට පේන තාක් අවට හිස හරව හරවා බලමින් මේ කුමන ආකාරයේ ස්ථානයක් දැයි නිරීක්ෂණය කරන්නට වීමි. මෙසේ වටපිට බලමින් සිටින අතරේ මා ඉදිරියේ තිබූ දොරටුව තුළින් මතු වූයේ සිහිනෙකින් වත් නො සිතූ විරූ රූපයකි.

ඉතා සොඳුරු මුව සටහන් ඇති, කෙස් රැුවුල් කපා රක්ත වර්ණ මිශ‍්‍ර දුඹුරු පැහැති චීවරයක් පොරවා සිටි තරුණ විය නො ඉක්ම වූ හාමුදුරුනමකි එ්.

හාමුදුරුනමක් දුටු විට නැගිටීමට දහම් පාසැලේ දී හුරු වී තිබුණෙන්, එනිසා ම මා නැගී සිටියා නො වේ. මා සිත වික්ෂිප්ත වී ගියෙන් එයින් ම මාගේ දණිස් දිගහැරී කෙළින් වී සීරුවෙන් කය සිටගත් බවකි. නැගීසිටීමත් සමඟින් දෙවනුව කළ යුත්තේ වැඳ වැටීම වුව ද මා කළේ සිනාසීම යි.

‘‘අයියා.. කාව හරි හමුවෙන්න ද?” හාමුදුරුනම විමසුවේ ය.

‘‘ඔව් හාමුදුරුවො… මගෙ යාළුවා… මගෙ යාළුවා අනන්ත…”

මට කියැවුණේ එපමණකි. උන් වහන්සේ මඳ සිනහවකින් මුව සරසාගෙන මා ඉදිරියේ වූ අසුනේ තැන්පත් විය. ඉන් පසු පිළිවෙළකට වැඳ වැටුණු මම බංකුවේ ඉඳගනිම් ද බිම ඉඳගනිම් ද කියා දෙගිඩියාවෙන් යුතු ව මොහොතක් සිත තුළ අතරමං වී අවසන බංකුවේ ම හිඳ ගත්තෙමි.

‘‘අයියා මෙහෙට අලූත් වගේ…” හාමුදුරුනම නිහඬ බව බිඳිමින් කතා කරන්නට විය.

‘‘එහෙමයි හාමුදුරුවෝ..” මම පිළිවදන් දුනිමි.

නැවත මඳ සිනහවක් පෑ හාමුදුරුනම,
‘‘හාමුදුරුවො කිව්වට කමක් නෑ… එ්කෙ ලොකු වරදක් නෑ. එ්ත් වලව්වෙ ආරච්චිට කියන්නෙත් ‘වලව්වේ හාමුදුරුවො’ කියලනෙ. නඩුකාරතුමාට කියන්නෙත් ‘නඩුකාර හාමුදුරුවො’ කියලනෙ. එ් වගේ තව ගොඩක් අයට කියනවනෙ. එ් නිසා ස්වාමීන් වහන්සේ කියල කියන්න අයියේ…”

‘‘එහෙමයි… හාමු… සමාවන්න… එහෙමයි ස්වාමීන් වහන්ස…”

සැබැවින් ම මාගේ පිළිතුර පැටලී ගිය බව වැටහුණේ ද බොහෝ වේලා ගොසිනි. මම ඉන් පසු දිගට ම ස්වාමීන් වහන්සේ යැයි ඇමතීමට පරිස්සම් වුණෙමි.

‘‘අනන්තට පණිවිඩයක් යැව්ව ද?”
‘‘එහෙමයි ස්වාමීන් වහන්ස…”
‘‘එහෙනම් දැන් එයා එ්වි… ඉතින් අයියා අනන්තගේ පාසැලේ යාළුවෙක් වෙන්න ඕන.”
‘‘එහෙමයි ස්වාමීන් වහන්ස… අපි එකට ම යි හිටියේ…”
‘‘එ් කියන්නෙ දැන් වෙන් වෙලා?”

ස්වාමීන් වහන්සේ පෙරළා විමසුවේ ය. මා සිනාසුනා පමණි. දියයුතු පිළිතුරක් මා හට වැටහුණේ නැත.

‘‘අනන්ත අයියගෙන් වෙන් වෙන්නේ, අයියා සංසාරෙ යන අතරේ අනන්ත සංසාරෙන් එතෙර වුණු දාට යි. එතකං අනන්තගෙන් අයියා වෙන් වෙලා නෑ. එ් නිසානෙ අද හොයාගෙන ආවේ… එහෙම නේ ද?”

‘‘එහෙමයි ස්වාමීන් වහන්ස. මට තේරුණා.”

මම උන් වහන්සේ දෙස බලා පිළිතුරු දී උන් වහන්සේගේ මුහුණ දෙස එක එල්ලේ නො බලා උන් වහන්සේගේ පා ඇ`ගිලි දෙස බැලූවෙමි. සැබැවින් ම උන් වහන්සේ පැවසූ එ් ප‍්‍රකාශයේ කොයිතරම් නම් ගැඹුරක් තිබේ දැයි මා හට සිතුණි.

‘‘අයියා කැමති කොහොම ද? අනන්ත සංසාරෙන් එතෙර වෙලා අයියගෙන් සදහට ම වෙන් වෙනවට ද?, නැත්නම් අයියටත් එතෙර වෙන්න ම`ග පෙන්වලා අයියත් එක්ක ම එතෙර වෙනවා දකින්න ද?”

මම නිරුත්තර වීමි. එවන් ප‍්‍රශ්නයකට පිළිතුරු දීමට තබා එවන් දෙයක් සිදුවේවි යැයි කියාවත් මා සිහිනෙකින්වත් සිතා නැත. එනමුත් සිතේ කැකෑරී නැගී ආ සිතිවිලි කිහිපයක් එ් මොහොතේ දී වචන බවට පෙරළන්නට මා හට හැකි විය.

‘‘අද කාලෙ පුළුවන් ද ස්වාමීන් වහන්ස සංසාරෙන් එතෙර වෙන්න? බුදු හාමුදුරුවොත් නෑ… මෛත‍්‍රි බුදු හාමුදුරුවො බුදු වෙනකම් නිවන් දකින්න බෑනෙ…”

‘‘ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු දෙසිය ගණනකටත් පස්සෙ තමයි මිහිඳු මහ රහතන් වහන්සේ බිහි වුණේ. ඉතින් අයියා කියනව ද බුදුරජාණන් වහන්සේ නැති නිසා අරහත්වයට පත් වෙන්න බෑ කියලා?”

උන් වහන්සේගේ මුවගේ නැවත පෙර දුටු මඳ සිනහව ය.

‘‘බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය සහ විනයයි උන්වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසු ශාස්තෘන් වහන්සේ බවට පත් වෙන්නේ. ඉතින් යම් කාලයක ධර්ම විනය තියෙනවා නම්… එ් කාලයේ බුද්ධිමත් වීර්යවන්ත පින්වත් මිනිසුන් පහළ වෙනව නම් නිවන් අවබෝධ කරන්න පුළුවන්. සමහර බේත් වර්ග සොයාගන්න මිනිස්සු ටික කාලයකින් මැරිලා යනවා. එ්ත් එ් මිනිස්සු මැරුණත් අර බේත තවමත් රෝගීන් සුවපත් කරනවා නේ ද? එ්කට හේතුව තමයි එ් බේත හදන වට්ටෝරුව අතුරුදහන් නො වී පැවතීම. එ් වට්ටෝරුව තියෙනව නම්, බේත හදපු කෙනා නැති කාලෙක වුණත් ලෙඩ හොඳ වෙනවා. අන්න එ් වගේ තමයි… බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවත් එ් ශ‍්‍රී සද්ධර්මය ඉතිරි ව තියෙන නිසා පින්වන්ත, වීර්යවන්ත කෙනෙකුට නිවන් දකින්න පුළුවන්…”

‘‘එ් වුණත් ස්වාමීන් වහන්ස, දැන් තියෙන පොත් පත්වල නිවැරදි ධර්මය ම තියෙනව කියල අපි විශ්වාස කරන්නෙ කොහොම ද? මම අහල තියෙනවා හඳේ හාවා පින්සලකින් ඇන්ද දෙයක් කියලා බණ පොත්වල තියෙන බව. එ්ත් දැන් මුළු ලෝකෙ ම දන්නවා හාවෙක් වගේ අපිට පේන්නේ හඳේ් පිහිටි ආවාට රටාවක් කියලා…!”
”අයිය අහල තියෙනව ද කරාඹුුවල කරකවන බෝලය හදන්න සමහර අය ඊයම් මිශ‍්‍ර කරනවා කියලා?”

‘‘එහෙමයි ස්වාමීන් වහන්ස, මම අහල තියෙනවා… කරාඹුවේ එළියට පේන මල්කැටයම රත්තරනින් හැදුවත් ගොඩක් කරාඹුවල බෝලය පුරවන්නෙ ඊයම් වගේ ලාබ ලෝහයකින් කියල මම අහල තියෙනවා…”

‘‘අයිය ම හිතල බලන්න… දැන් කවුරු හරි කිව්වොත්…, රත්තරන් එක්ක මහ පොළොවෙදි ඊයම් කෑලිත් ඉපදුණා කියල එ් කතාව නිවැරදි ද?”

‘‘නිවැරදි නෑ ස්වාමීන් වහන්ස. රත්තරන් එක්ක මහ පොළොවෙදි ඊයම් ඉපදුණේ නෑ. එ් ඊයම් පස්සෙ කාලෙක කරාඹු බෝලය ශක්තිමත් කරන්න එකතු කළා වෙන්න පුළුවන්. එහෙම නැත්තම් එ් අඩුව පුරවන්න රත්තරන් නැති නිසා රත්තරන් බඩු හදන අය එකතු කරපු කොටසක් වෙන්නත් පුළුවන්…”

‘‘හොඳයි…! ඉතින් මේ ඊයම් බෝලය හොයාගෙන මේ කරාඹුව ම ඊයම් නේ කියල එයා එ්ක විසි කළොත්…?”

‘‘පොඩ්ඩක් හොයල බලන්න ඕන ස්වාමීන් වහන්ස…. බෝලය ඊයම් වුණාට කරාඹුව රත්තරන් වෙන්න පුළුවන්. එ් නිසා ඉතිරි කොටස ගැනත් හොයල බලල තීරණයක් ගන්නවා මිස… එක්වර ම එහෙම හිතන එක මෝඩකමක් ස්වාමීන් වහන්ස…”

‘‘අයියා ත‍්‍රිපිටකය සම්පූර්ණයෙන් ම කියවල තියෙනව ද?”

‘‘නෑ ස්වාමීන් වහන්ස…”

‘‘පන්සිය පනස් ජාතක පොත සම්පූර්ණයෙන් ම කියෙව්ව ද?”

‘‘නෑ ස්වාමීන් වහන්ස…”

‘‘ඉතින් අයියා මේ ඊයම්නේ කියල දැක්ක කොටසවත් හරියට බලන්නෙ නැතිවනෙ රත්තරන් කරාඹුව විසි කරල තියෙන්නේ…”

‘‘සමාවෙන්න ස්වාමීන් වහන්ස, මට තේරුණේ නැහැ…”

‘‘පන්සිය පනස් ජාතක පොත ලියැවෙන්නේ කුරුණෑගල යුගයේදි අයියේ… එ්ත් ජාතක පාලිය කියල කොටසක් ත‍්‍රිපිටකයේ ඛුද්දක නිකායේ තියෙනවා. ජාතක පාලියේ අයියා කියපු හඳේ හාවා අඳින විස්තරේ නෑ. එ්ක තියෙන්නේ කුරුණෑගල යුගයේ ලියැවුණු පන්සිය පනස් ජාතක පොත කියන සාහිත්‍ය කෘතියේ. ඉතින් මුල් බුද්ධ දේශනාව ගැන අයියා අවිශ්වාසයක් ඇති කරගත්තේ එ්කට කිසිම සෘජු සම්බන්ධයක් නැති පන්සිය පනස් ජාතක පොතේ විස්තරයක් කියවලනේ. අනික පන්සිය පනස් ජාතක පොත සම්පූර්ණයෙන් ම කියවලත් නැතිව. ඉතින් කරාඹුවෙ ඊයම් බෝලෙත් සම්පූර්ණයෙන් ම බලන්නෙ නැතිව නේ කරාඹුව ම ඊයම් කියල අයියා හිතල තියෙන්නේ…! අයියා තීරණයක් ගන්න කලින් පන්සිය පනස් ජාතක පොතත් කියවන්න. ත‍්‍රිපිටකයත් කියවන්න. එතකොට අයියාට ජාතක පොතෙත් ඊයම් වගේ ම රත්තරන් පවා මුණ ගැසේවි. අන්තිමේදි ත‍්‍රිපිටකය බලද්දි පිරිසිදු ම රත්තරන් මුණගැසේවි. යමක් අධ්‍යයනය නො කොට එය ප‍්‍රතික්ෂේප කරන එක හෝ සැක කරන එක බුද්ධිමත් දෙයක් නෙවෙයි නේ ද…?”

සැබැවින් ම උන් වහන්සේගේ විස්මිත පැහැදිලි කිරීම් පිළිබඳ මා සිතේ පැහැදීමක් ඇති විය. මා තුළ තිබූ සැක සංකා වදන් කිහිපයකින් ම නැති කර දැමිණි. පිපාසයෙන් සිටි අයෙක් පාසි තැවරුණු පැන් පොකුණක් දැක පැන් අපවිත‍්‍ර යැයි සිතා පැන් බීමේ අදහස අතහැර තිබිය දී අන් අයගේ යහපත කැමති බුද්ධිමත් කෙනෙක් පැමිණ එම පාසි ඉවත් කොට ජලය පාදා දුන් පසු පිරිසිදු ජලය පානය කිරීමට දිව ගොස් පොකුණට පනින්නාක් මෙන් ත‍්‍රිපිටකයේ ඇත්තේ කුමක්දැයි දැනගැනීමේ දැඩි උනන්දුවක් මා තුළ ඇති විය. එය මාගේ ලේ නහර ඔස්සේ දිවගොස් ඇට-ඇටමිදුලූ දක්වා කිඳා බැස්සේ ය.

‘‘අනේ ස්වාමීන් වහන්ස… මට ත‍්‍රිපිටකයේ තියෙන දේ දැනගන්න ආසයි…”

‘‘හොඳයි… ඔහොම ඉන්න…” යැයි පැවසූ උන් වහන්සේ ආවාසය තුළට ගොස් මඳ වෙලාවකින් තද දුඹුරු පැහැති ලෙදර් වැනි පිටකවරයක් සහිත අඟල් දෙකක පමණ ඝනකමින් යුතු පොතක් ගෙන නැවත අසුනේ තැන්පත් විය. එ් එ්කාන්තයෙන් ම ත‍්‍රිපිටක පොතක් බව විමර්ශන බුද්ධියෙන් මම තේරුම් ගත්තෙමි.

‘‘ඔන්න එහෙනම් අයියා හොඳට අහගන්න… මේ කියන දේ හොඳට නුවණින් කල්පනා කරන ගමන් අහන්න ඕන… හොඳ ද?”

‘‘එහෙමයි ස්වාමීන් වහන්ස….”

‘‘මේ දේශනාව අඩංගු වෙන්නේ සංයුත්ත නිකායේ 4 වෙනි පොත් වහන්සේට යි. එදා බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සැවැත් නුවර යි. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදියට දේශනා කළා…

‘සබ්බං භික්ඛවේ අනිච්චං. කිඤ්ච භික්ඛවේ සබ්බං අනිච්චං?’

‘පින්වත් මහණෙනි, සියල්ල ම අනිත්‍යයි. පින්වත් මහණෙනි, සියල්ල ම අනිත්‍යයි කියලා කියන්නේ කොයි වගේ දේවල්වලට ද?’ කියලා බුදුරජාණන් වහන්සේ විමසුවා.
දැන් අයිය ම කියන්න… මොනව ද මේ සියල්ල? අනිත්‍ය වෙලා යනවා කියන සියලූ ම දේ මොනව ද?”

‘‘ස්වාමීන් වහන්ස, මේ ගෙවල් දොරවල්, කෑම බීම, සංගීතය, චිත‍්‍රපට, උද්‍යාන, ගස්, ගල්, කඳු, ඇළ, දොළ, මිනිස්සු, සත්තු, ග‍්‍රහ තාරකා….” යැයි මා ලැයිස්තුවක් වශයෙන් පවසගෙන යද්දී ස්වාමීන් වහන්සේ තම හඬ අවදි කරමින් එහි ඌනය පූරණය කළහ.

”….දිව්‍ය ලෝක, බ‍්‍රහ්ම ලෝක, නිරය, පේ‍්‍රත ලෝකය, තිරිසන් ලෝකය… මේ වගේ රාශියක් තියෙනවා.. අපිට එකින් එක කිව්වොත් කියල නිම කරන්න බැරි තරම්…! ඉතින් බුදුරජාණන් වහන්සේ මේ සියල්ල සකස් වෙන එක ම ආකාරයක් පවතින බව පෙන්වා දුන්නා. දැන් බලන්න අයියට ඇස් දෙකක් නැත්නම්, කන් දෙකක් නැත්නම්, නාසයක් නැත්නම්, දිවක් නැත්නම්, ශරීරයක් නැත්නම්, සිතක් නැත්නම් අයියා කිව්ව මේ හැම දෙයක් ම ගැන අයියට කතා කරන්න බෑ නේ ද?” යි විමසූ උන් වහන්සේ දෙනෙත් දල්වා මා දෙස මොහොතක් බලා සිටියහ.

මම මඳක් කල්පනා කළෙමි. ගස්වැල්, ඇළ දොළ ආදි දේවල් ගැන මා හට පැවසීමට හැකි වූයේ මා එ් දේවල් දැක ඇති නිසා ය. ග‍්‍රහලෝක ගැන පැවසුවේ මා එ් දේවල් ගැන අසා ඇති නිසා ය. එසේ නම්, මා නො දුටු, නො ඇසූ, නො විඳි දෙයක් ගැන මා හට කතා කිරීම තබා සිතීම පවා කළ නො හැක. සියල්ල වශයෙන් පවතින සියලූ දේ අප වටා රැුස් වන්නේ අපේ ජීවිතවලට අපි සම්බන්ධ කරගන්නේ ඇස්, කන්, නාසය, දිව, කය, මනස නිසා බව මා හට වැටහුණි.

‘‘එහෙමයි ස්වාමීන් වහන්ස, ඇස්, කන්, නාසය, දිව, කය, මනස නැත්නම් අපිට එ්ව ගැන කතා කරන්න විදියක් නෑ.”

‘‘හොඳයි අයියේ. බුදුරජාණන් වහන්සේත් දේශනා කළා… සියල්ල වශයෙන් සකස් වෙන යමක් ඇත්ද එ් ඇස, කන, නාසය, දිව, කය, මනස යන ආයතන හයත් එ් නිසා සකස් වෙන යම් ස්වභාවයක් ඇත්නම් එ් සියල්ලත් බව. ඉතින් එ් සියල්ල ස්ථිර නැහැ. එ් කියන්නේ නිත්‍ය නෑ. ඇස ගැන ම හිතල බලන්න. ඇසේ බෝලය එක ඉරියව්වක ඉන්නෙත් නෑ. නිතර කඳුළු ගලනවා. ඇසේ කාචය ළ`ග තියෙන මස්පිඩු නිතර සෙලවෙනවා. ඇසට ලේ එනවා. ඇසේ පරණ මස් දිරනවා. අලූත් මස් හැදෙනවා. ඉතින් ඇස කියන්නේ නිත්‍ය දෙයක් නෙවෙයි. ඇස අනිත්‍ය දෙයක්. අන්න එ් වගේ ම ඇසට සම්බන්ධව යම් තාක් දේවල් තියෙනවා ද එ් සියල්ල ම අනිත්‍ය යි. කනත් අනිත්‍ය යි. නාසයත් අනිත්‍ය යි. දිවත් අනිත්‍ය යි. කයත් අනිත්‍ය යි. මනසත් අනිත්‍ය යි. මේ සියල්ලට සම්බන්ධ අනිත් සියල්ලමත් අනිත්‍ය යි. එ් නිසයි බුදුරජාණන් වහන්සේ සියල්ල ම අනිත්‍ය යි කියල දේශනා කළේ.

දැන් මේ දේශනාවේ දී බුදුරජාණන් වහන්සේ ඇස, කන, නාසය, දිව, කය, මනස වගේ ම එ් සියල්ලට සම්බන්ධ අනිකුත් දේවල් ටිකත් පෙන්වා දෙනවා.
‘ඇස… රූපය… ඇසට රූප දැනෙන ස්වභාවය… ඇසට රූප දැනෙන නිසා ඇතිවන විඳීම් ආදි සියල්ල අනිත්‍ය යි….
කන… ශබ්දය… කනට ශබ්ද දැනෙන ස්වභාවය… කනට ශබ්ද දැනෙන නිසා ඇතිවන විඳීම් ආදි සියල්ල අනිත්‍ය යි…..
නාසය… ගන්ධය… නාසයට ගන්ධය දැනෙන ස්වභාවය… නාසයට ගන්ධය දැනෙන නිසා ඇතිවන විඳීම් ආදි සියල්ල අනිත්‍ය යි….
දිව… රසය… දිවට රසය දැනෙන ස්වභාවය… දිවට රසය දැනෙන නිසා ඇතිවන විඳීම් ආදි සියල්ල අනිත්‍ය යි….
කය… පහස… කයට පහස දැනෙන ස්වභාවය… කයට පහස දැනෙන නිසා ඇතිවන විඳීම් ආදි සියල්ල අනිත්‍ය යි….
මනස… සිතිවිලි… මනසට සිතිවිලි දැනෙන ස්වභාවය… මනසට සිතිවිලි දැනෙන නිසා ඇතිවන විඳීම් ආදි සියල්ල අනිත්‍ය යි….’
කියලා බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේ දී පෙන්වා දෙනවා… මේ දේශනාවේ නම තමයි ‘අනිච්ච සූත‍්‍රය’. ඉතින් බුදුරජාණන් වහන්සේ ත‍්‍රිපිටකයේ දී මෙන්න මේ වගේ අපි නො සිතූ විරූ දේවල් තමයි දේශනා කරලා තියෙන්නේ. ඉතින් දැන් අයියට පුංචි අදහසක් ගන්න පුළුවන් ත‍්‍රිපිටකය ගැන. මේක කතන්දර පොතක් නෙවෙයි. ඉතිහාස පොතක් නෙවෙයි. නීති පොතක් නෙවෙයි. ත‍්‍රිපිටක පොත් වහන්සේලා තුළ පවතින්නේ බුදුරජාණන් වහන්සේ විසින් අපේ ජීවිතය දුකෙන් මුදවා ගැනීම පිණිස දේශනා කළ ධර්මයන් රැසක්…”

යැයි පැවසූ ස්වාමීන් වහන්සේ පොත් වහන්සේ වසමින් දැත් එක්කොට වන්දනා කළේ ය. නිතැතින් ම මාගේ දැත් ද එක් විය. ඇත්තෙන් ම එ් පැවසූ සියල්ල මා හට හරිහැටි වැටහුණේ නැතත්…, එ් තුළ පුදුමාකාර සුන්දර සත්‍යයක් ඇතැයි යන හැ`ගීමකින් මාගේ හදවත සිසිල් වී ගියේ ය. මා හට ජීවිතයේ ප‍්‍රථම වතාවට බුදුරජාණන් වහන්සේ වදාළේ කුමක්දැයි සොයා යාමට කැමැත්තක් ඇති විය.

‘‘බිනර…! මේ තේ එක බොන්න…!!”

ගිලී සිටි කල්පනා සයුරෙන් මා සිත තිගැස්සී ඉල්පී ප‍්‍රකෘති ලෝකයට මතු විණ. සුදු සරමක් සහ සුදු කමිසයක් හැඳ, කෙස් කපා, දැතින් ම බන්දේසියක් රැුගෙන මඳක් නැ වී මා අසල සිටගෙන සිටින්නේ තරුණයෙකි. එම බන්දේසිය මැද තිබූ කිරි මිශ‍්‍ර තේ කෝප්පයක් මා වෙත පාමින් මේ සිටින්නේ මා තිගැස්සී ගිය ආමන්ත‍්‍රණය තම මුවින් නැංවූ තරුණයා ය. මාගේ නාමයෙන් ඇමතූ එ් තරුණයා ය. මා බොහෝ කල් සිට දැක ඇති නමුත් කිසිදා නො දුටු රුවකින් මා ඉදිරියේ සිටගෙන සිටින සුන්දර තරුණයා ය.

මා හට නමින් ඇමතීමට දන්නා බොහෝ අය මේ භූමියේ නැත. සිටිය හැක්කේ එක ම එක කෙනෙකි. එ් වෙන කවරෙකුවත් නො ව…, එ් මේ තරුණයා ය. මේ තරුණයා නම් වෙන කවරකු හෝ නො ව…, මා හිත මිත‍්‍ර වූ අනන්ත තරුනෙත් ය.

මතු සම්බන්ධයි….

ඇඟිල්ලෙන් පෙන් වූ
සඳ දෙස බලන්න.
ඇඟිල්ල දෙස නො බලන්න.
ඇඟිල්ල ගැන නො සොයන්න.
මේ ශ‍්‍රී සද්ධර්මය
ජීවමාන යි…!
එ් බව පමණක් අකුරු කරන්නෙමි.

මහාමේඝ 2014 වෙසක් කලාපය
WWW.MAHAMEGHA.LK

මතක සටහන
ජයලත්ගේ බිනර නවමල් බණ්ඩාර

මෙම ලිපිය පිළිබඳ ඔබේ අදහස් අපට කියන්න.
SMS Only – 077 063 08 68