‘බුදු සුවඳ’ යන නම ඇසුණු පමණින් අපට සිහි වන්නේ සෑම මසක ම තුන්වන සෙනසුරාදා දින, මහමෙව්නාව භාවනා අසපුවේ පින්වත් ස්වාමීන් වහන්සේලා විසින් කොළඹ 07 සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන ශාලාවේ දී පවත්වන්නට යෙදෙන සදහම් වැඩසටහනයි. දස වසරකට අධික කාලයක් තිස්සේ මාස්පතා පවත්වාගෙන එන මෙම වැඩසටහන, මහමෙව්නාව භාවනා අසපුවකට පරිබාහිර ස්ථානයක මෙතරම් දීර්ඝ කාලයක් තිස්සේ නොකඩවා සාර්ථකව මෙහෙයවෙන එක ම මාසික සදහම් වැඩසටහන යි. මෙකී සාර්ථකත්වයට ප‍්‍රධාන හේතුව වන්නේ ගෞතම සදහම් සන්දේශය ලොව පුරා පතුරුවාලීමේ එකම පිවිතුරු අරමුණින් ම එම වැඩසටහන සංවිධානය කරන ‘බුදු සුවඳ පදනමේ’ අද්විතීය සංවිධාන ශක්තියයි. කොළඹ පැවැත්වෙන මෙම මාසික සදහම් වැඩසටහනේ සංවිධායකත්වයට අමතරව, මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ අති පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ උතුම් අනුග‍්‍රහය සහ මඟපෙන්වීම යටතේ, බුදු සුවඳ පදනම මඟින් පසුගිය දශකයක පමණ කාලය තුළ සිදු කරන ලද උතුම් ශාසනික සේවාවන් පිළිබඳව සැකෙවින් විමසා බැලීම මෙම ලිපියේ අරමුණයි. බුදු සුවඳ පදනම හරහා ක‍්‍රියාවට නැන්වුණු එ් උතුම් ශාසනික කාර්යභාරයන් කිහිපයක් අපි මෙසේ පෙළගස්වමු.

01. තථාගත පරිනිර්වාණයෙන් වසර 2550ක් ගත වීමෙන් උදා වූ උතුම් වෙසක් පුන් පොහෝ දින කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේ දී පසුදා පහන් වන තුරු පැවති මහා සීල සමාදානය සහ සදහම් වැඩසටහන සංවිධානය කිරීම

02. අති පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමිපාණන් වහන්සේ විසින් මෙහෙයවන ලද එම සදහම් වැඩසටහන සඳහා සහභාගී වූ දස දහස් ගණනින් වූ සැදැහැතියන් හට වායු සමීකරණ පහසුකම්, හීල දානය, ගිලන්පස, දවල් දානය, මුද්‍රිත දහම් පත‍්‍රිකා ආදි සියලූ ම පහසුකම් සපයා දීම. (දිවයිනේ නන්දෙසින් පැමිණි අති විශාල සැදැහැතියන් පිරිසක් එකවර සජීවීව සහභාගි කොටගෙන අගනුවර පැවති දැවැන්ත ම බෞද්ධාගමික වැඩසටහන ලෙස ය මෙය සැලකෙන්නේ.)

03. නැවත ශ‍්‍රී බුද්ධ වර්ෂ 2551ක් ගත වූ වෙසක් පුන් පොහෝ දිනයේ දී සීල භාවනා වැඩසටහනක් බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේ දී පැවැත්වීම.

04. මහමෙව්නාව භාවනා අසපුව මඟින් ප‍්‍රකාශයට පත් කරන ලද 2600 වැනි ශ‍්‍රී සම්බුද්ධත්ව ජයන්ති වසර තුළ පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු පරිශ‍්‍රයේ ඉදි කෙරුණු ශ‍්‍රී ගෞතම සම්බුද්ධරාජ මාලිගාවේ ඉදිකිරීම් කටයුතුවලට සහභාගී වීමට වසරකට ආසන්න කාලයක් තුළ දිනපතා ම පාහේ දිවයිනේ නන් දෙසින්, සිය ගණනින් ඇදී ආ සැදැහැතියන් හට දිවා ආහාර වේල් 35,000ක් පමණ සාදවා පූජා කිරීම.

05. ශ්‍රී ගෞතම සම්බුද්ධරාජ මාලිගය විවෘත කිරීමේ උළෙල සඳහා සහභාගී වූ 200,000කට අධික සැදැහැතියන්ගේ පිපාසය දුරු කිරීම සඳහා සිසිල් පැන් දන්සැල් පැවැත්වීම.

06. සම්බුද්ධරාජ මාලිගාවේ පත්තිරිප්පුව ඉදි කිරීම.

07. බොහෝ ජනී ජනයාට සුවසේ ධර්මය ශ‍්‍රවණය කරනු පිණිස පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ වර්ග අඩි 6000ක් පමණ විශාල වූ ධර්ම ශාලාවක් ඉිදි කිරීම.

08. කඩුවෙල බෝධිඥන අසපුවට අඩි හතර හමාරක් උස රිදී කරඬුවක් පූජා කිරීම.

09. මාලඹේ අමාවතුර භාවනා අසපුවේ ඉදිවන සිරි ඝටීකාර මහා සෑයට මැණික් කරඬුවක් පූජා කිරීම.

10. කඩුවෙල අසපුවේ ඉදි කරන ලද සිරි ගෞතම ධර්මරාජික මහා සෑයේ ධාතු නිදානෝත්සවය සහ කොත් වහන්සේ නිරාවරණය කිරීමේ උත්සවය දිනයේ දී සැදැහැතියන්ට ගිලන්පස පූජා කිරීම

11. කුණ්ඩසාලේ මහමෙව්නාව භාවනා අසපුවේ ඉදි කරන ලද සිරි ගෞතම සම්බුදු මහා සෑයේ කොත් වහන්සේ නිරාවරණය කිරීමේ උත්සවය දිනයේ සහභාගී වූ සැදැහැතියන් හට ගිලන්පස පූජාවන් සිදු කිරීම.

12. කොළඹ සමස්ත ලංකා බෞද්ධ සම්මේලන ශාලාවේ දී සෑම මසක ම පැවැත්වෙන සදහම් වැඩසටහනට සහභාගි වන සැදැහැතියනට සියතින් ම සාදා මනා කොට සකස් කර ගිලන්පස සහ දහවල දානය පූජා කිරීම.

13. වර්ෂ 2004 දී ශ‍්‍රී ලංකාව මුහුණ පෑ සුනාමි ව්‍යසනයෙන් හානියට පත් වූ විහාරස්ථාන ගණනාවක් ප‍්‍රතිසංස්කරණය කිරීම.

14. සුනාමි ව්‍යසනයෙන් අවතැන් වූ ජනතාවට ලක්ෂ පහකට නො අඩු වටිනාකමින් යුත් අංග සම්පූර්ණ නිවාස 90ක් සාදවා ප‍්‍රදානය කිරීම.

15. ගං වතුර ආපදාවන්හි දී විපතට පත් ජනතාවට ආධාර ලබා දීම.

16. මහමෙව්නාව භාවනා අසපුව මඟින් ප‍්‍රකාශයට පත් කරන ලද ගිලානෝපස්ථාන වසර තුළ දී රත්නපුර ජාතික රෝහල් පරිශ‍්‍රය තුළ අංග සම්පූර්ණ දෙමහල් ළමා හා මාතෘ වාට්ටු සංකීර්ණයක් ඉදි කිරීම සඳහා මහමෙව්නාව ආරෝග්‍යශාලා පදනම හා එක්ව අවශ්‍ය කටයුතු සැලැස්වීම. (ඇඳන් 42කින් සමන්විතව රුපියල් මිලියන 35කට අධික වියදමක් දරා සිදු කරන ලද මෙම සද්ක‍්‍රියාව අගය කිරීමක් වශයෙන් වාට්ටු සංකීර්ණය උත්සවාකාරයෙන් විවෘත කිරීමේ උළෙල අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිඳුන්ගේ ප‍්‍රධානත්වයෙන් පවත්වන්නට යෙදුණි.)

17. මාලඹේ මහමෙව්නාව අමාවතුර භාවනා අසපු පරිශ‍්‍රයේ ඉදිවෙමින් පවත්නා ලොව ප‍්‍රථම බුදු පසේබුදු අරහන්තක මහා විහාරයේ සුගන්ධ ධාතු මාලිගයේ ඉදි කිරීම් සඳහා ප‍්‍රධාන දායකත්වය දැරීම.

18. මහමෙව්නාව භාවනා අසපුවේ විදෙස් ශාඛාවන්වල වැඩ වෙසෙන පින්වත් ස්වාමීන් වහන්සේලාට සුව පහසුවෙන් වාසය කිරීම පිණිස අවශ්‍ය උපකාර සැපයීම.

19. ‘නමෝ බුද්ධාය’, ‘බුදු සුවඳ’ රූපවාහිනි වැඩසටහන් ක‍්‍රියාත්මක කරමින් ලෝක ව්‍යාප්ත ධර්ම ප‍්‍රචාරක කටයුතු පවත්වා ගනිමින් උතුම් ධර්ම දානයේ නිරත වීම.

බුදු සුවඳ පදනම විසින් සිදු කරන ලද හා සිදු කෙරෙමින් පැවතෙන ප‍්‍රධාන ශාසනික සේවාවන් කිහිපයක් පමණක් මෙම ලිපිය මඟින් දක්වා ඇත. මේ යුගයේ වැඩ වෙසෙන අපගේ පරම කල්‍යාණ මිත‍්‍ර අති පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වය යටතේ සිදු කෙරෙන සුවිසල් ශාසනික සේවාවට පසුබිමේ සිට මහා ශක්තියක් ලබා දෙමින් බුදු සුවඳ පදනම ද ලෝකය තුළ සම්බුද්ධ ශාසනය බබුළුවන ප‍්‍රතිපදාවේ නියැළෙමින් නිහඬ, මහානීය මෙහෙවරක යෙදෙයි. බුදු සුවඳ පදනමේත්, එහි සාමාජික සාමාජිකාවන්ගේත් ක‍්‍රියාකලාපය ගෞතම බුදු සසුනේ පිළිසරණ පතන සියලූ සැදැහැති ජනයා වෙනුවෙන් අප විසින් අගය කළ යුතු ය.

මේ සියලූ සද්කි‍්‍රයාවන්ගෙන් බුදු සුවඳ පදනම රැුස් කරන්නට යෙදුණ සියලූ පුණ්‍යධර්මයන් පින්වත් ගුරු දේවයන් වහන්සේටත්, උපකාර කළ පින්වත් ස්වාමීන් වහන්සේලාටත්, බුදු සුවඳ පදනමේ ප‍්‍රධාන පින්වතුන් ඇතුළු සියලූ සාමාජිකයන්ටත්, දහම් සේවාවෙන් පිහිට ලබන සියලූ සැදැහැතියන්ටත් අනුමෝදන් වෙත්වා!

මෙසේ උතුම් බුද්ධ වචනය අනුව ම යමින්, මනා කොට පුණ්‍ය නිධානයක් රැුස් කර ගන්නා අතර ම එ් පිළිබඳව ප‍්‍රසිද්ධ නො කිරීමට වග බලාගනිමින් බෞද්ධ සමාජයට මනා ආදර්ශයක් ද සපයන බුදු සුවඳ පදනමේ ශාසනික සේවාව තව තවත් ශක්තිමත් වේවා යි අපි ඉත සිතින් ප‍්‍රාර්ථනා කරමු!

සටහන
මොහාන් සේනාරත්න