තමන් සත්ව ඝාතනයක් කොට, (උගුල් අටවා දඩයමේ යෑමෙන්, මාළු බෑමෙන් ආදි) මාංශ දානයක් දුන්නෝතින් ප‍්‍රාණඝාත අකුසලය සිදු වේ. එමෙන් ම තමන්ගේ ඉල්ලීම පරිදි, ඉල්ලීමෙන් පසු ඝාතනය කරන තැනකින් මාංශ මිල දී ගත්තොත්, එවිටද ප‍්‍රාණඝාත අකුසලය සිදු වේ. (සමහර වෙළඳසැල්වල කුකුළන්, මාලූන් මරා දෙන්නේ ගනුදෙනුකරුගේ ඉල්ලීම පරිදි ය)

එසේ නොමැතිව අළෙවි කිරීමට ඇති මාංශයක් හෙවත් පවත්නා මාංශයක් මිලදීගෙන පූජා කිරීමෙන් කිසිදු පාපයක් සිදු නො වේ. සෝතාපන්න ශ‍්‍රාවකයෙක් වූ සීහ සේනාධිපතිතුමා ද, මාර්ග ඵලලාභී ශ‍්‍රාවකයෙකු වූ උග්ග සිටුතුමා ද එසේ වෙළඳසැලින් මාංශ මිලදීගෙන පිසවා බුද්ධප‍්‍රමුඛ මහා සංඝරත්නයට පූජා කොට පින් රැස්කර ගත්හ. භාග්‍යවතුන් වහන්සේත්, රහතන් වහන්සේලා ප‍්‍රමුඛ භික්ෂු සංඝයාත් ත‍්‍රිකෝටික පාරිශුද්ධ වූ එ් කැප මාංශය වැළඳූ සේක. එ් බව ‘‘සීහ සේනාපති” සූත‍්‍රයේත්, ‘‘මනාපදායී” සූත‍්‍රයේත් පැහැදිලිව සඳහන් වේ. මේ සම්බන්ධයෙන් නිරවුල්ව දහම් කාරණා වටහා ගැනීම පිණිස, ‘‘නිර්මාංශ ප‍්‍රශ්නය – බුද්ධිමතුන්ට විසඳා ගැනීම පිණිසයි” සදහම් ග‍්‍රන්ථය අවසානය තෙක් කියවන්න.

යොමු කරන්න ඔබේ දහම් ගැටළුවත් අප වෙත….

තැපැල් පත් : ‘ඔබේ දහම් ගැටළුව’, මහාමේඝ,
41 ශ්‍රී විජයාරාම පටුමග, නුගේගොඩ
ඊ මේල් : ask@mahamegha.lk
SMS : 071 547 86 55
තැපැල් පත්, ඊ මේල්, SMS ඔස්සේ පමණක් කෙටියෙන් ගැටළු ඉදිරිපත් කළ හැකි බව කරුණාවෙන් සලකන්න
ඔබේ ගැටළුවලට පිළිතුරු ඉදිරි මහාමේඝ කලාපයන් ඔස්සේ…