මකුළුවන්ට හිංසාවක් නොවන අයුරින් මකුළු දැල් කඩා නිවෙස් පිරිසිදු කිරීම තුළ පාපයක් සිදු නො වේ. භාග්‍යවතුන් වහන්සේ පැවිදි වූ ස්වාමීන් වහන්සේලාටත් කුටි සේනාසන පිරිසිදු කිරීමේදී මකුළු දැල් කඩා ඉවත් කිරීමට අනුදැන වදාරා තිබෙනවා. එහිදී මකුළුවන්ට හිංසාවක් නොවන සේ ඉවත් වී යෑමේ පහසුව පිණිස ඉහළ සිට පහළට හෙමින් මුස්න මෙහෙයවා මකුළු දැල් කඩා ඉවත් කිරීමට භාග්‍යවතුන් වහන්සේ උපදෙස් දී තිබෙනවා. එම නිසා ඒ අයුරින් කටයුතු කිරීම තුළ පාපයක් සිදු නොවන අතර වත් පිළිවෙත් කිරීමේ, පිරිසිදු කිරීමේ පින ද රැස් වෙනවා. පව් සිදුවන්නේ මකුළුවන් මරා දැමීම හෝ ඔවුනට හිංසා පීඩා සිදුකිරීම තුළින්.
Related Posts
පින්වත් ස්වාමීන් වහන්ස, මම ඉතා කුඩා සිදුවීමක් වුව ද එය දැඩිව අල්ලා ගනිමි. ඒ හේතුවෙන් බොහෝ සිත් පීඩා විඳිමි. මේ ස්වභාවයෙන් මිදෙන්නේ කෙසේ ද?
August 13, 2021
Recent Videos
Recent Posts
-
ලෝකය ගිනිබත් කරන හුළුඅත්ත.May 10, 2024 | විශේෂාංග
-
ජීවිතයට සැබැවින්ම අවශ්‍ය පසුතැවීම ද ? පසුවිපරම ද?May 9, 2024 | විශේෂාංග
-
මේ ආනන්දයන් හට අවසර දෙන්න.May 8, 2024 | විශේෂාංග
-
ලස්සන වීමේ අරුම පුදුම රහසක්.May 7, 2024 | විශේෂාංග
-
මහා ප්‍රජාපතී ගෝතමී මහරහත් තෙරණිය.May 6, 2024 | විශේෂාංග
Recent Comments