විභව තණ්හාව යනු නොපැවැත්මට ඇති ආශාවයි. එනම් සිත හෝ කය හෝ කිසිවක් නොපැවැත්වීම පිණිස තමාගේ හිතේ මුල් බැස ගත් ආශාවයි. අරූප ලෝකයේ උපත පිණිසත් අසඤ්ඤ සත්ව ලෝකයේ උපත පිණිසත් හේතු වන්නේ මේ ආශාව ඉස්මතු වූ විටයි. සමහර ශ්‍රමණ කොටස් දුකේ හේතුව වශයෙන් දකින්නේ තණ්හාව නොව සිත හා කය පැවතීමයි. එවිට සිතත්, කයත් නොමැති නම් දුකක් නොමැති බව ඔවුන් කල්පනා කරයි. ඉන්පසු සිතත් කයත් නො දැනී යන සේ අසඤ්ඤ සමාධි දියුණු කොට ඊට අදාළ වූ උපතක් කරා යයි. නමුත් එම උපතට අදාළ ආයුෂ අවසන් වූ පසු යළිත් සසර දුකට ම වැටේ. එම නිසා විමුක්තිය සාක්ෂාත් කොට දුකෙන් නිදහස් වීම පිණිස විභව තණ්හාව ද ප්රහාණය කළ යුතු බව භාග්‍යවතුන් වහන්සේ විස්මිත ප්‍රඥාවෙන් පෙන්වා දුන් සේක. ත්‍රිවිධ තණ්හාව අතරින් කාම තණ්හාව අනාගාමී වීමේ දී සම්පූර්ණයෙන් ම ප්රහාණය වන අතර භව තණ්හාවත්, විභව තණ්හාවත් සම්පූර්ණයෙන් ප්රහාණය වන්නේ අරහත් ඵලයේ දී ය.
Related Posts
Recent Videos
Recent Posts
-
දමනය වූවන්ට ම පමණක් උරුම සොඳුරු දන්තභූමිය.Jan 18, 2025 | විශේෂාංග
-
අපේ අම්මා මුත්තා කාලෙවත් අහපු නැති කථාවක්.Jan 11, 2025 | විශේෂාංග
-
මරණය පෙනි පෙනී ජීවත් වීම.Jan 7, 2025 | කතුවැකිය
-
ඔබේ දිවියත් පිළුණු වෙලා ද ?Jan 2, 2025 | විශේෂාංග
-
මල් වාරය පැමිණ ඇත.Dec 28, 2024 | කෙටි කතා
Recent Comments