ධර්මය පුරුදු කිරීම යනු සිල් රැකීමයි. කරුණා මෛත්‍රී ආදී ගුණධර්ම පුරුදු පුහුණු කිරීමයි. ආජීවය පිරිසිදු කර ගැනීමයි. එම නිසා කාර්ය බහුල රැකියාවක් කරන කෙනෙකුට වුවද ප්‍රාණඝාතයෙන් වැලකීම, සොරකම් නොකිරීම, වැරදි කාම සේවනයේ නොයෙදීම, බොරු නොකීම, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතා නොකිරීම පුරුදු පුහුණු කරමින් සිල්පද සුරැකීමට බාධාවක්නොමැත. එමෙන්ම එකට රැකියාව කරන පිරිස කෙරෙහිත්, සේවාස්ථානයට පැමිණෙන පිරිස කෙරෙහිත් මෛත්‍රී කායකර්ම, මෛත්‍රී වචීකර්ම, මෛත්‍රී මනෝ කර්ම (මෛත්‍රී සහගත ක්‍රියා, වචන, සිතිවිලි) පුරුදු කරමින් ධර්මයේ හැසිරිය හැකිය. එමෙන්ම ලාභ – අලාභ, යස – අයස, නින්දා – ප්‍රශංසා, සැප – දුක යන අටලෝ දහම ලැබෙද්දී ඒ සියල්ල අනිත්‍ය බව මෙනෙහි කළ හැකිය. එමෙන්ම ඉන්ද්රිය සංවරය පුරුදු කරමින් ධර්මයේ හැසිරිය හැකිය. අල්ලස්, වංචා ආදියෙන් තොරව රැකියාවේ වගකීම් යුතුකම් ඉටු කරමින් සම්මා ආජීවය දියුණු කළ හැකිය. ඒ අනුව බලන විට කාර්ය බහුල වෛද්‍යවරයෙකුට, හෙදියකට, ගුරු වෘත්තියේ යෙදෙන්නෙකුට පවා රැකියාවේ යෙදෙනවිට ම ධර්මයේ හැසිරිය හැකිය.
පින්වත් ස්වාමීන් වහන්ස, කාර්ය බහුල ජීවිතයක් ගත කරන කෙනෙකුට වුවත් වැඩ කටයුතු කරන ගමන් ම ධර්මය පුරුදු කළ හැකි බව අසා තිබේ. එසේ කළ හැකි ආකාරය පහදා දෙන්න.

Recent Comments