1. පැවිදි වී බොහෝ කල් ගත කළ (චිරරාත්‍රඥ) භික්ෂූණීන් අතුරින් අග්‍රස්ථානය – මහා ප්‍රජාපතී ගෞතමී මහ රහත් භික්ෂුණිය

2. මහා ප්‍රඥා ඇති භික්ෂුණීන් අතුරින් අග්‍රස්ථානය – ඛේමා මහ රහත් භික්ෂුණිය

3. ඉර්ධිමත් භික්ෂුණීන් අතුරින් අග්‍රස්ථානය – උප්පලවණ්ණා මහ රහත් භික්ෂුණිය

4. විනයධර භික්ෂුණීන් අතුරින් අග්‍රස්ථානය – පටාචාරා මහ රහත් භික්ෂුණිය

5. ධර්මකථික භික්ෂුණීන් අතුරින් අග්‍රස්ථානය – ධම්මදින්නා මහ රහත් භික්ෂුණිය

6. ධ්‍යාන කරන භික්ෂුණීන් අතුරින් අග්‍රස්ථානය – නන්දා මහ රහත් භික්ෂුණිය

7. පටන් ගත් වීරිය ඇති භික්ෂුණීන් අතුරින් අග්‍රස්ථානය – සෝණා මහ රහත් භික්ෂුණිය

8. දිවැස් ලාභී භික්ෂුණීන් අතුරින් අග්‍රස්ථානය – සකුලා මහ රහත් භික්ෂුණිය

9. ඉතා ඉක්මණීන් ධර්මය අවබෝධ කළ භික්ෂුණීන් අතුරින් අග්‍රස්ථානය – භද්‍රා කුණ්ඩලකේසා මහ රහත් භික්ෂුණිය

10. පෙර ජීවිත ගැන සිහි කිරීමේ කුසලතා ඇති භික්ෂුණීන් අතුරින් අග්‍රස්ථානය – භද්‍රාකාපිලානී මහ රහත් භික්ෂුණිය

11. මහා අභිඤ්ඤාවන්ට (මහා අවබෝධයකට) පත් භික්ෂුණීන් අතුරින් අග්‍රස්ථානය – භද්දකච්චානා මහ රහත් භික්ෂුණිය

12. රළු සිවුරු දරන භික්ෂුණීන් අතුරින් අග්‍රස්ථානය – කිසාගෝතමී මහ රහත් භික්ෂුණිය

13. බලවත් ශ්‍රද්ධාව මුල්කොට නිවනට පැමිණි භික්ෂුණීන් අතුරින් අග්‍රස්ථානය – සිඟාලමාතා මහ රහත් භික්ෂුණිය