1. පැවිදි වී බොහෝ කල් ගත කළ (චිරරාත්‍රඥ) භික්ෂූන් අතුරින් අග්‍රස්ථානය – අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ

2. මහා ප්‍රඥාවන්ත භික්ෂූන් අතුරින් අග්‍රස්ථානය – සාරිපුත්ත මහරහතන් වහන්සේ

3. ඉර්ධිමත් භික්ෂූන් අතුරින් අග්‍රස්ථානය – මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ

4. ධුතාංගධාරීව සිට එහි ගුණ පසසන භික්ෂූන් අතුරින් අග්‍රස්ථානය – මහා කස්සප මහරහතන් වහන්සේ

5. දිවැස්ලාභී භික්ෂූන් අතුරින් අග්‍රස්ථානය – අනුරුද්ධ මහරහතන් වහන්සේ

6. උසස් කුලයක උපන් භික්ෂූන් අතුරින් අග්‍රස්ථානය – කාළිගෝධාවගේ පුත්‍ර වූ භද්දිය මහරහතන් වහන්සේ

7. මිහිරි කටහඬ ඇති භික්ෂූන් අතුරින් අග්‍රස්ථානය – ලකුණ්ටක භද්දිය මහරහතන් වහන්සේ

8. සද්ධර්මයෙන් සිංහනාද පවත්වන භික්ෂූන් අතුරින් අග්‍රස්ථානය – පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ

9. ධර්මකථික භික්ෂූන් අතුරින් අග්‍රස්ථානය – මන්තානිපුත්‍ර පුණ්ණ මහරහතන් වහන්සේ

10. තථාගතයන් වහන්සේ විසින් කෙටියෙන් වදාළ දේ විස්තරාත්මකව බෙදා විස්තර කරන භික්ෂූන් අතුරින් අග්‍රස්ථානය – මහා කච්චාන මහරහතන් වහන්සේ

11. මනෝමය කය මැවීමෙහි දක්ෂ වූ භික්ෂූන් අතුරින් අග්‍රස්ථානය – චුල්ලපන්ථක මහරහතන් වහන්සේ

12. රූපාවචර ධ්‍යානයෙහි දක්ෂ වූ භික්ෂූන් අතුරින් අග්‍රස්ථානය – චුල්ලපන්ථක මහරහතන් වහන්සේ

13. අරූපාවචර ධ්‍යානයෙහි දක්ෂ භික්ෂූන් අතුරින් අග්‍රස්ථානය – මහාපන්ථක මහරහතන් වහන්සේ

14. කෙලෙස් රහිත විහරණයෙන් යුතු භික්ෂූන් අතුරින් අග්‍රස්ථානය – සුභූති මහරහතන් වහන්සේ

15. දක්ෂිණාවන්ට සුදුසු භික්ෂූන් අතුරින් අග්‍රස්ථානය – සුභූති මහරහතන් වහන්සේ

16. අරණ්‍යවාසී භික්ෂූන් අතුරින් අග්‍රස්ථානය – ඛදිරවනයේ රේවත මහරහතන් වහන්සේ

17. ධ්‍යාන කරන භික්ෂූන් අතුරින් අග්‍රස්ථානය – කංඛාරේවත මහරහතන් වහන්සේ

18. පටන් ගත් වීරිය ඇති භික්ෂූන් අතුරින් අග්‍රස්ථානය – සෝණ කෝළිවීස මහරහතන් වහන්සේ

19. ඉතා කල්‍යාණ වූ බස් පවසන භික්ෂූන් අතුරින් අග්‍රස්ථානය – සෝණ කුටිකණ්ණ මහරහතන් වහන්සේ

20. ලැබීම් ඇති භික්ෂූන් අතුරින් අග්‍රස්ථානය – සීවලී මහරහතන් වහන්සේ

21. බලවත් ශ්‍රද්ධාව ඇති භික්ෂූන් අතුරින් අග්‍රස්ථානය – වක්කලී මහරහතන් වහන්සේ

22. හික්මීමට කැමැති භික්ෂූන් අතුරින් අග්‍රස්ථානය – රාහුල මහරහතන් වහන්සේ

23. ශ්‍රද්ධාවෙන් පැවිදි වූ භික්ෂූන් අතුරින් අග්‍රස්ථානය – රට්ඨපාල මහරහතන් වහන්සේ

24. පළමුවෙනි දන් සලාකය ලබන භික්ෂූන් අතුරින් අග්‍රස්ථානය – කුණ්ඩධාන මහරහතන් වහන්සේ

25. නිර්මාණශීලී කුසලතා (ප්‍රතිභා ශක්තිය) ඇති භික්ෂූන් අතුරින් අග්‍රස්ථානය – වංගීස මහරහතන් වහන්සේ

26. හැම අයුරින්ම පැහැදීම ඇති වෙන භික්ෂූන් අතුරින් අග්‍රස්ථානය – වංගන්ත පුත්‍ර උපසේන මහරහතන් වහන්සේ

27. (ආගන්තුක භික්ෂූන්ට) සේනාසන සකස් කිරීමේ භික්ෂූන් අතුරින් අග්‍රස්ථානය – මල්ලරාජපුත්‍ර වූ දබ්බ මහරහතන් වහන්සේ

28. දෙවියන්ට ප්‍රිය මනාප භික්ෂූන් අතුරින් අග්‍රස්ථානය – පිළින්දිවච්ඡ මහරහතන් වහන්සේ

29. ඉතා ඉක්මනින් ධර්මය අවබෝධ කළ භික්ෂූන් අතුරින් අග්‍රස්ථානය – බාහිය දාරුචීරිය මහරහතන් වහන්සේ

30. විචිත්‍ර ධර්මකථික භික්ෂූන් අතුරින් අග්‍රස්ථානය – කුමාර කස්සප මහරහතන් වහන්සේ

31. පටිසම්භිදාවන්ට පත් වූ භික්ෂූන් අතුරින් අග්‍රස්ථානය – මහා කොට්ඨිත මහරහතන් වහන්සේ

32. බහුශ්‍රැත භික්ෂූන් අතුරින් අග්‍රස්ථානය – ආනන්ද මහරහතන් වහන්සේ

33. මනාව පිහිටි සිහි නුවණ ඇති භික්ෂූන් අතුරින් අග්‍රස්ථානය – ආනන්ද මහරහතන් වහන්සේ

34. වහා වැටහෙන නුවණ ඇති භික්ෂූන් අතුරින් අග්‍රස්ථානය – ආනන්ද මහරහතන් වහන්සේ

35. බලවත් ස්මරණ ශක්තිය ඇති භික්ෂූන් අතුරින් අග්‍රස්ථානය – ආනන්ද මහරහතන් වහන්සේ

36. භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කළ භික්ෂූන් අතුරින් අග්‍රස්ථානය – ආනන්ද මහරහතන් වහන්සේ

37. මහා පිරිස් ඇති භික්ෂූන් අතුරින් අග්‍රස්ථානය – උරුවේල කස්සප මහරහතන් වහන්සේ

38. දායක පවුල් පහදවන්නා වූ භික්ෂූන් අතුරින් අග්‍රස්ථානය – කාළුදායී මහරහතන් වහන්සේ

39. අල්ප වූ ආබාධ ඇති භික්ෂූන් අතුරින් අග්‍රස්ථානය – බක්කුල මහරහතන් වහන්සේ

40. පෙර විසූ ජීවිත ගැන සිහි කිරීමේ කුසලතා ඇති භික්ෂූන් අතුරින් අග්‍රස්ථානය – සෝභිත මහරහතන් වහන්සේ

41. විනයධර භික්ෂූන් අතුරින් අග්‍රස්ථානය – උපාලි මහරහතන් වහන්සේ

42. භික්ෂුණීන්ට අවවාද කිරීමේ භික්ෂූන් අතුරින් අග්‍රස්ථානය – නන්දක මහරහතන් වහන්සේ

43. මැනැවින් රැකගත් ඉන්ද්‍රියයන් ඇති භික්ෂූන් අතුරින් අග්‍රස්ථානය – නන්ද මහරහතන් වහන්සේ

44. භික්ෂූන්ට අවවාද කිරීමේ භික්ෂූන් අතුරින් අග්‍රස්ථානය – මහා කප්පින මහරහතන් වහන්සේ

45. තේජෝ ධාතු සමාපත්තියට සමවැදීමේ භික්ෂූන් අතුරින් අග්‍රස්ථානය – සාගත මහරහතන් වහන්සේ

46. අවබෝධයට හේතු වන ධර්ම කථා පවසන්නා වූ භික්ෂූන් අතුරින් අග්‍රස්ථානය – රාධ මහරහතන් වහන්සේ

47. රළු සිවුරු දරණ භික්ෂූන් අතුරින් අග්‍රස්ථානය – මෝඝරාජ මහරහතන් වහන්සේ

(අංගුත්තර නිකාය 1 – ඒතදග්ගපාළි ඇසුරිනි)