සතියක් නේවාසික ව භාවනා කිරීමට කැමති උපාසක පින්වතුන් උදෙසා පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයේ භාවනා වැඩමුළුවක් පැවැත්වේ. උපාසිකාවන් උදෙසා නේවාසික සති භාවනා වැඩසටහන් දඹදෙණිය මුතුගල අනගාරිකා අසපු මූලස්ථානය ඇතුළු අනගාරිකා අසපුවල සිදු කෙරේ. මහාමේඝ පුවත්පතේ එම භාවනා වැඩසටහන් ගැන දැන්වීම් පළකෙරෙන නිසා අදාළ දුරකථන අංකවලට කතාකොට වැඩි විස්තර දැනගැනීමට පුළුවන්. එයාට අමතරව මහනුවර කුණ්ඩසාල මහමෙව්නාව භාවනා අසපුවේ මසකට වරක් උපාසක – උපාසිකා දෙපිරිස ම සඳහා දින 3ක (අවසන් සතියේ සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා) නේවාසික භාවනා වැඩසටහනක් ද පැවැත්වේ. කුණ්ඩසාල මහමෙව්නාව භාවනා අසපුවට දුරකථන ඇමතුමක් ලබා දී එයට සම්බන්ධ වන අයුරු දැනගැනීමට පුළුවන්.

එමෙන් ම සෑම මහමෙව්නාව භාවනා අසපුවක ම, පුන් පොහෝ දින සීල – භාවනා වැඩසටහන උදෑසන 6 සිට රාතී‍්‍ර 10 දක්වා පැවැත්වෙන්නේ පැය 24 පුරාවට ම අටසිල් ආරක්ෂා වන පරිද්දෙනි. කැමති ඕනෑම පින්වතෙකුට හෝ පින්වතියකට එ් සඳහා සහභාගී විය හැකි අතර දානය සහ ගිලන්පස ද රාතී‍්‍ර නේවාසික පහසුකම් ද නොමිලයේ සපයනු ලැබේ.

සති භාවනා වැඩසටහන – පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානය >>

අනගාරිකා අසපුවේ සති භාවනා වැඩසටහන >>

යොමු කරන්න ඔබේ දහම් ගැටළුවත් අප වෙත….

තැපැල් පත් : ‘ඔබේ දහම් ගැටළුව’, මහාමේඝ,
41 ශ්‍රී විජයාරාම පටුමග, නුගේගොඩ
ඊ මේල් : ask@mahamegha.lk
SMS : 076 8255 721

තැපැල් පත්, ඊ මේල්, SMS ඔස්සේ පමණක් කෙටියෙන් ගැටළු ඉදිරිපත් කළ හැකි බව කරුණාවෙන් සලකන්න