අරුණෝදයට පොරතුව කඳු වළලූ අතරින් බෑවුමට මීදුම ගලා එයි. එ් මීදුම හා අතිනත පටලාගත් සිහිලැල් පවන් රැුලි අද අමුතු ම මිහිරි සුවඳක් පරිසරය පුරා රැුගෙන හමා යයි. එ් මහත් ගෞරවයෙන් යුතුව ප‍්‍රණීතව පිසෙන දිය නො මුසු කිරිපිඬු සුවඳ යි.

පිළිමතලාවේ ජයසිංහ මහතාගේ නිවෙස තුළ තැනූ අලංකාර මණ්ඩපයක් මධ්‍යයේ සත් බුදුරජාණන් වහන්සේලා සිහිකරමින් සුදෝ සුදු ශාන්ත බුදු පිළිම වහන්සේලා සත්නමක් වඩා හිඳුවා ඇත. නෙක මල් පහන් සුවඳ දුම් ආදියෙන් ද ප‍්‍රණීතව සකස් කළ කිරිපිඬු පූජාවෙන් ද ප‍්‍රණීත පලතුරු සමග ගිලන්පස පූජාවෙන් ද සත් බුදුරජාණන් වහන්සේලා පිදූ අපි සිත් සේ වන්දනා කළෙමු.

හිමිදිරියේ ම මෙවන් උතුම් පුජාවක් සිදුකරමින්, 2600 වන සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් කන්ද උඩරට ඉදිවන සිරි ගෞතම සම්බුදු මහ සෑයේ ධාතු නිදන් කිරීම පිණිස ජයසිංහ මහතා අතින් නිමවන ලද දැවැන්ත පාත‍්‍රය වැඩමවීමට ආසිරි ලබා ගත් අපි කඳුකරයට අරුණලූ නැග එද්දී ජයසිංහ මහතාගේ නිවසින් පිටත් වීමු.

කල්පයක් යනු මොන තරම් දිගු කාලසීමාවක් දැයි අපට සිතා ගැනීමට පවා නො හැකි ය. එවන් වූ කල්ප සියයක් ඇතුළත ලොව පහළ වූ බුදුරජාණන් වහන්සේලා සත්නමක් පිළිබඳව අද අප මෙතරම් තොරතුරු දැන සිටීම පවා ඓශ්චර්යවත් සිදුවීමක් බඳු ය. අප මේ සියලූ තොරතුරු දැන ඉගෙන ගත්තේ අප සරණ ගිය ගෞතම මුනිරජාණන් වහන්සේ අසිරිමත් බුදු නුවණින් මේ අතීතය පිරිසිඳ දැක එ් සියලූ විස්තර අප වෙත පතළ මහා කරුණාවෙන් දේශනා කොට වදාළ නිසා මිස අප තුළ ඉපදුණ විශේෂ හැකියාවකින් නො වේ.

ගෞතම බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්ව වසර 2600කට ළඟා වන මේ වකවානුවේ පවා ධර්මය සොයා යන අයට මෙතරම් නිරවුල්ව පැහැදිලිව එ් ශ‍්‍රී සද්ධර්මය සුරැුකී තිබීම ද සැබැවින් ම අසිරිමත් ය.
එ් වාසනාව අපට ලැබුණේ ද අහම්බෙන් නො වේ. එදා කුන්තගතතිස්ස මහ රහතන් වහන්සේගේ මූලිකත්වයෙන් මාතලේ අලූ විහාරයේ දී එ් ශ‍්‍රී සද්ධර්මය අකුරක් නෑර තල් පත් ඉරු මත ලියා සුරක්ෂිත කළ නිසා ම ය. මුළු ලෝකය ම අදත් එ් අමා දම් රස විඳ ගන්නේ බුදුරජුන්ගේ ළයෙහි උපන් දරුවන් වූ එ් අරහත් මුනිවරුන් පන්සියනමක් මහත් ගෞරවාදරයෙන් එතෙක් තම නිකෙලෙස් සන්තානයන්හි දරා සිටි එ් දම් අමා වැකි උන්වහන්සේලාගේ සුරතින් ම තල් පත් ඉරු මත සටහන් කොට සුරැුකූ නිසා ම ය. එ් පින් බිම දැක බලා වන්දනා කර ගැනීම කෘතගුණ දත් සැදැහැවතුන්ගේ සිත මතින් ඉල්පෙන පැතුමක් නො වන්නේ ද?

මේ හිමිදිරියේ අප මේ යන්නේ එ් ඓතිහාසික පින්බිම වන්දනා කර ගැනීමේ පුණ්‍ය චාරිකාව යි. මේ අකුරු පේළි අතරින් හෝ නිරන්තරයෙන් ඔබවත් එ් පුණ්‍ය චාරිකාවන්ට සහභාගී කොටගෙන පින් රැුස් කර ගැනීමට මග සලසා දීම අපගේ එක ම පැතුම යි.

කටුගස්තොටින් මහනුවර සිට අනුරාධපුර හරහා යාපනය දක්වා වැටී ඇති A9 මාර්ගය ඔස්සේ අපි ගමන් ආරම්භ කළෙමු. ජනාකීර්ණ මාතලේ නගරය පසුකොට උතුරු දෙසට කි. මී. 2 1/2ක් පමණ ගමන් කරන විට ප‍්‍රධාන මාර්ගයට යාබදව වම් පසින් අලූ විහාරය ලෙස සටහන් කොට සිටුවා ඇති ගල් පුවරුවක් හමු වේ. එ් අසලින් වමට හැරී මකර තොරණ යටින් අපි විහාර බිමට පිවිසුනෙමු.

ගුවන අරා නැගුණු මහ ගල් කුළු සමූහයක ස්වභාවික රැුකවරණය ලබමින් අලූ විහාරය පිහිටා ඇත. මහ ගල් කුළක් දෙබෑ කොට එ් මැදින් විහාර බිම වෙත පියගැටපෙළ තනා ඇති ලෙසින් දිස් වුව ද මෙය අසිරිමත් වූ ස්වාභාවික පිහිටීමකි. අඩි සිය ගණනක් ඉහළට බිත්ති දෙකක් බැන්දාක් මෙන් හරි කෙළින් පිහිටි මේ ගල් පර්වතයක එක් මායිමක ලෙන් විහාර සමූහයකි. එ් තුළ ඉතා අලංකාර ලෙස නිමැවුන පිළිම වහන්සේලා කීපනමක් වැඩ හිඳිති.

බෝ මළුව කරා ළඟා වීමට ස්වභාවික ගල් උමගක් හරහා විහාර බිමේ අනෙක් පසට පැමිණිය යුතු ය. බෝ මළුවේ සිට තවත් ගල් පඩි ගණනාවක් නැග විහාර බිමේ ඉහළින් ම පිහිටි සෑ මළුව කරා පැමිණි විට හාත්පස පරිසරය ඉතා රමණීය ලෙස දිස් වේ. මෙතැන සිට බලන විට කටාරම් කොටන ලද ගල් ලෙන් සමූහයක් ම විහාර බිම පුරා පැතිරී ඇති අයුරු දැක්ක හැකි ය. ගල් ලෙන් හා පර්වත මධ්‍යයේ පිහිටා තිබීමෙන් දෝ විහාර බිම පුරා පැතිරී ඇත්තේ පුදුමාකාර නිස්කලංක බවකි. මේ ඓතිහාසික කටයුත්ත සඳහා මේ බිම තෝරා ගන්නට ඇත්තේ මෙහි ඇති නිස්කලංක බව නිසා ම දෝ යි මට සිතේ.

ලෙන් විහාර තුළ වැඩ සිටි පිළිම වහන්සේලාත්, බෝධීන් වහන්සේ හා සෑරජාණන් වහන්සේත් වන්දනා කළ අපි බුද්ධ වචනය පත් ඉරු මත සටහන් වුණ එ් අසිරිමත් ගල් ලෙන කරා එළඹීමු. කුන්තගතතිස්ස මහ රහතන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලාගේත්, මේ මහ පිනට උපකාර කළ ප‍්‍රදේශාධිපතියාගේත් පිළිරූ ගල් ලෙන තුළ නිර්මාණය කර ඇත්තේ එ් අතීත සිදුවීම සජීව ලෙස සිහියට නැගෙන ආකාරයෙනි.
තවදුරටත් මේ ඉතිහාස පුරාවෘත්තය පිළිබඳ තොරතුරු දැන ගැනීම සඳහා අපි විහාරාධිපතින් වහන්සේ වන මාතලේ දිසාවේ ප‍්‍රධාන සංඝනායක මහෝපාධ්‍යාය මංගල කීර්ති ශ‍්‍රී සුමංගල මේධංකරාභිධාන නා හිමියන් බැහැදැකීම පිණිස සංඝාවාසයට ගමන් කළෙමු.

එහි දී අපට මුණගැසුනේ මෙම විහාර බිමේ වසර දහ තුනකට අධික කාලයක් මහණදම් පුරා ඇති ගල්බොඩ බුද්ධරක්ඛිත ස්වාමීන් වහන්සේ ය. උන්වහන්සේට වන්දනා කොට අපි ආ කාරණය සිහිපත් කළෙමු.
‘‘මහත්තයා ලොකු ස්වාමීන් වහන්සේ හුඟාක් වයසයි. බොහෝ ම ගිලන් වෙලා සැතපිලයි ඉන්නේ. එ් හින්ද මේ වගේ කතාබහ අපටයි පවරලා තියෙන්නෙ.” ”ස්වාමීන් වහන්ස මේ විහාරයට අලූ විහාරය කියල හඳුන්වන්න විශේෂ හේතුවක් තියෙනව ද?”

‘‘මහත්තය දැක්ක නේ ද? කොතරම් ගල් පර්වතවලින් වටවෙලා තිබුණත් මේ විහාර බිම අඳුරු වෙලා නෑ නේ ද? හරිම ආලෝකයක්නෙ පැතිරිලා තියෙන්නෙ. මෙන්න මේක මුල්කරගෙන ‘ආලෝක ලෙන’ කියන එක තමයි පසුව අලූ ලෙන, අලූ විහාරය බවට පත්වෙලා තියෙන්නේ.”

‘‘ස්වාමීන් වහන්ස කොහොම ද මේ ධර්මය ග‍්‍රන්ථාරූඪ කිරීමේ කටයුත්ත ආරම්භ වුණේ?”

ක‍්‍රි. පූ. 103 දී රජ වුණ වළගම්බා රජතුමාට වැඩිකල් යන්ට මත්තෙන් ම සතුරු කරදරවලට මුහුණ පාන්න සිද්ධ වුණා. මේ වෙලාවෙ සුදුසු කල් එළඹෙන තුරු පසුබැසීම හොඳයි කියන එකයි රජතුමාගේ අදහස වුණේ. රජතුමා මලය රටට පළා ගියාට පස්සේ අනුරාධපුරය අරාජික වුණා. ද්‍රවිඩ ආක‍්‍රමණවලින් විහාරාරාම විනාශ වුණා. රට පුරාම සොර සතුරු බිය පමණක් නෙවෙයි මහා සාගතයකුත් පැතිර ගියා. වසර දොළහක් විතර පැවතුන මේ බැමිණිටියා සාය හේතුවෙන් බොහෝ මිනිසුන් මිය ගියා. රහතන් වහන්සේලා පිරිනිවන් පෑවා. එ්ත් ශ‍්‍රී මුඛ බුද්ධ වචනය දරා වැඩ සිටි ස්වාමීන් වහන්සේලා කොටසක් ධර්මය රැකගැනීම පිණිස ම තම ජීවිත රැකගත යුතු බව සිතා දඹදිවට වැඩියා. තවත් පිරිසක් වැටකෙයා යුෂ විතරක් පානය කරමින් ධර්මය උදෙසා ඉතා දුක සේ තම දිවි රැකගත්තා.

බැමිණිටියා සාය අවසන් වීමෙන් පස්සේ දඹදිව වැඩිය මහ රහතන් වහන්සේලාත්, ලක්දිව ඉතා දුක සේ දිවි රැකගත් රහතන් වහන්සේලාත් කලල්ගම ජනපදයේ මණ්ඩලාරාමයට රැස්වුණා. දොළොස් වසරකට පසුව යළි මුණගැසුන මේ රහතන් වහන්සේලා මෙතෙක් තම මතකයෙන් දරා සිටි ශ‍්‍රී සද්ධර්මය නැවත සජ්ඣායනා කොට අඩුපාඩුවක් වී නොමැති බව තහවුරු කර ගත්තා.

අනාගතයේ යළි මෙවැනි ව්‍යසනයක් සිදුවුවහොත් තථාගත ශ‍්‍රී සද්ධර්මය අනාගත පරපුරට අහිමි වීමට ඉඩකඩ ඇති බව දැන තථාගත ශ‍්‍රී සද්ධර්මය ග‍්‍රන්ථාරූඪ කොට සුරක්ෂිත කිරීමට එකඟතාවයකට පැමිණියා.
මේ සඳහා සුදුසු ම භුමිය වන්නේ අලූ විහාරය බව දැන ගත් ථූපාරාමවාසී කුන්තගතතිස්ස මහ රහතන් වහන්සේ ඉතා හොඳින් ධර්මය දරා වැඩ සිටි තවත් රහතන් වහන්සේලා පන්සියනමක් තෝරාගෙන අලූ වෙහෙර
බලා පිටත්වුණා.

මේ කාලයේ මාතලේ පාලනය භාරව සිටිය ප‍්‍රදේශාධිපතියාගේ පූර්ණ අනුග‍්‍රහය මේ කටයුත්තට ලැබුණා. මෙන්න මෙතන දී ආරම්භ වුණ එ් කටයුත්ත අවසන් වෙන්නට පුරා වසර තුනක් විතර ගත වුණා.
වෙසක් පුන් පෝය දවසකදි තමයි මේ උතුම් කටයුත්ත නිමාව දුටුවේ. එදා වළගම්බා රජතුමාගේ රාජානුග‍්‍රහයෙන් රට පුරා පහන් දල්වා ආලෝක කළ බව සඳහන්.” මම බුද්ධරක්ඛිත ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද සමුගෙන එ් පින් බිම මත නළල තබා තවත් වරක් වන්දනා කොට ආපසු හැරුනෙමි.

ආලෝක ලෙන පසු කොට ගල් පඩිපෙළ මතින් සෙමෙන් සෙමෙන් ආපසු පියවර මනින මගේ සිත පුරා පහන් ආලෝකයක් පැතිර ඇතැයි මට සිතේ. එදා වෙසක් පෝය දවසේ පුන්සඳ එළියෙන් නැහැවෙන මේ බිම රහතන් වහන්සේලාගේ සුරතින් දැල්වුන පහනින් තව තවත් ආලෝකවත් වී ඇති අයුරු මට මැවී පෙනේ.

එ් දහස් ගණන් පහන් ආලෝකයත්, පුන්සඳ එළියත් පමණක් නොව දිවා කල හිරු එළිය පවා පරදා අදත් තුන්ලොව පුරා විරාජමානව පැතිරුන, මොහඳුර නසාලන, සදහම් ආලෝකය චිරාත් කාලයක් පැතිරීම පිණිස මූලික වුණ, එ් අලූ විහාර පින්බිමට අපගේ නමස්කාරය වේවා!!!

සම්බුදුරජුන්ගේ ළයෙහි උපන් දරුවන් වී, නිකෙලෙස් හද මඬල පුරා දරා සිටි එ් සදහම් අමා පැන්තොට, අප කෙරෙහි අනුකම්පාවෙන් බිඳුවක්වත් අඩු නොවන සේ සුරැකිව තැබු එ් උතුම් රහතන් වහන්සේලාට අපගේ නමස්කාරය වේවා!!!

සටහන
සුදර්ශන ශ්‍රී විජේසිංහ