highlights of the week
Home » NEW ARTICLES » බඩගින්නට අට්ටික්කා
අට්ටික්කා කියන්නේ ඖෂධයක් විදිහට මිසක් පලතුරක් ලෙසින් අපි භාවිත කරන දෙයක් නෙමෙයි. ඉතින් බඩගින්නට අට්ටික්කා කෑමක් ගැන හිතන්නවත් ඔබට පුළුවන් ද? එහෙම එකේ වැහිබර කාලගුණය නිසා අප‍්‍රසන්න වුණ, දහස් ගණනකගේ පා සටහන් තැබුණ, කුරුලූ වසුරුවලින් ජරා වුණ පදික වේදිකාවක කුණු වුණු අට්ටික්කා ගෙඩි අතර රැුඳුන, කෝඳුරුවෝ පිරුණ අට්ටික්කා ගෙඩි බඩගින්නට කනවා තබා අතට ගැනීමක් ගැනවත් ඔබට හිතන්නට පුළුවනි ද? කිසිසේත් ම බැහැ. එ්ත්...

බඩගින්නට අට්ටික්කා

අට්ටික්කා, එහෙම නැති නම් දිඹුල් කියන්නේ මල් නැතිව ගෙඩි හැදෙන ගසක් කියලා පිළිගැනීමක් තියෙනවා. හැබැයි අට්ටික්කාවල මල් නැත්තේ නැහැ. ප‍්‍රකටව පෙනෙන්නේ නැති බොහොම පුංචි මල් තියෙන, විශාල ගහක් තමයි මේ. කඳේ ගෙඩි පිරුණ අට්ටික්කා ගස් ඔබ දැක ඇති. අමු අට්ටික්කා ගෙඩි කොළ පාටයි. ඉදුණු අට්ටික්කා ගෙඩි රතු පාටට හුරුයි. මේ ඉදුණු ගෙඩි ඇතුළේ කෝඳුරුවෝ බෝ වෙනවා. අට්ටික්කා ඉදෙන කාලයට කෝඳුරුවො වැඩියෙන් දකින්න ලැබෙන්නෙ මේ නිසයි.
සෙමත් පිතත් නසන, ලේ පිරිසිදු කරන, තුවාල සුව කරන, ඉදිමුම් වේදනා පහ කරන ඖෂධයක් ලෙසිනුත් අට්ටික්කා ප‍්‍රසිද්ධයි. එ් විතරක් නෙමෙයි, අට්ටික්කා හමේ රෝගවලිනුත් සුවපත් භාවය ලබා දෙනවා. මුත‍්‍ර ආබාධ, අර්ශස්, රක්ත හීනතාවය සමනය කරනවා. අට්ටික්කා ගෙඩි තම්බලා බීමෙන් හරි, යුෂ මිරිකා බීමෙන් හරි රත් පිත් ආබාධයන්ට ප‍්‍රත්‍යක්ෂ ප‍්‍රතිකාරත් සිදු කෙරෙනවා. මේ හැම දෙයක් ම ඔබ අසා ඇති…
එ්ත්…
බඩගින්නට අට්ටික්කා කන මිනිසුන් සිටිනවා කියා ඔබ අසා තිබෙනවා ද?
ඔබ කිසිදිනක එවැනි පුවතක් අසා නැතිව ඇති. එ්ත් ඔබ අසාවත් නැති එ් පුවත මං ඇස් දෙකින් දැක තිබෙනවා…!
කොළඹ අගනගරයේ රෝහල් චතුරස‍්‍රයට ඔබ ගොස් තිබෙනවා ද? මංතීරු දෙක බැගින් දෙපසට දිවෙන ප‍්‍රධාන මාර්ග හතරක් මුණ ගැසෙන හතරමං හන්දියක් එහි තිබෙනවා. රට ම අවදි වන උදේ කාලයට මේ හතරමං හන්දිය අතිශයින් කාර්යබහුලයි. පොලිස් නිලධාරීන්ගේ නළා හඬ වගේ ම රථ වාහනවල නළා හඬත් නිමක් නැතිව ඇසෙනවා. පදිකයන්ගේත්, වාහනවත් මහා තදබදයක්. වැස්ස දවසට මේ තදබදය තවත් වැඩියි.
එදත් තදබදය අධික වුණ වැහි දවසක්. ගමනාගමන ප‍්‍රමාදයන් වගේ ම වැස්සෙන් ඇති වුණ අපහසුතාවයනුත් නිසා ගමන් මලූ ඔසවාගෙන බොහෝ දෙනා රෝහල් චතුරස‍්‍රය පියමන් කරමින් අටේ කණිසමට පෙර සේවයට වාර්තා කරන්න කඩිමුඩියේ දිව ගිය දවසක්. එ් කඩිමුඩි දෙපාවල සපත්තු, උල් සපත්තු ආදියට තැලී මිරිකෙමින් චිරි චිරි හඬින් පොඩිපට්ටම් වන අට්ටික්කා ගෙඩි රැුසක් මාර්ගය අසල පදික වේදිකාවේ වැටී තිබුණා. වැස්ස නිසා කුණු පාටකට හැරුණ පදික වේදිකාවේ දුර්ගන්ධය වැඩි කළේ එ් අසල තුරු මුදුන්වල රාත‍්‍රිය ලැගුම් ගත්ත නොයෙක් කුරුල්ලන්ගෙ වසුරු ගොඩවල්. වැසිපොදට දිය වෙවී යන කුරුලූ වසුරු අතරින්, කුණු වුණු අට්ටික්කා ගෙඩිත් පාගමින්, දුගඳ නිසා නාසයට ලේන්සු ගුලි කර ගනිමින් දිව යන පිරිස් අතේ ඔරලෝසු දිහා නිතර බැලූවේ රාජකාරියට වාර්තා කරන්න පරක්කු වේවි කියා සිතමින්. මාත් හිටියේ එ් පිරිස අතරේ…
එ්ත් එකපාර ම මගේ ඇස් නැවතුනේ පුදුමාකාර දර්ශනයක. පුදුමය නිසා නැවතුන ඇස් එක්ක ම දෙපයත් නැවතුනේ සැණෙකින්. එ් තාත්තට වයස අවුරුදු හැත්තෑවක් විතර ඇති. පොකුටු කොණ්ඩය සුදු පැහැ වෙලා. දුර්වර්ණ වී ගියපු කළු පාට ටියුලිප් බෑග් එකක් එක අතකින් අල්ලාගෙන පදික වේදිකාවේ දිව යන පිරිස අතරේ නැමි නැමී එහෙ මෙහෙ ඇවිදිමින් මේ තාත්තා අට්ටික්කා ගෙඩි අහුල අහුලා කටේ දාගන්නවා. කුණු වෙලා ගියපු, කෝඳුරුවො පිරුණු, කුරුලූ වසුරු ගලා ගියපු, කුණු ¥විලි රැුඳුනු, දකිද්දිත් අපුල දනවන, දුගඳ හමන අට්ටික්කා ගෙඩි අතරේ යාන්තමින්වත් හොඳයි කියලා පෙනෙන හැම ගෙඩියක් ම අහුල අහුලා කන එ් වයසක තාත්තා මගේ වගේ ම තව කිහිප දෙනෙකුගේ ම කඩිමුඩි ගමන් එතැන ම නතර කළා.
එක ම ජනානුකම්පාවකින් වෙලී ගත්ත අපි කිහිප දෙනෙක් ඔහු ගාවට ගියේ එක සැරේට ම යි.
”ඇයි මේ?”
ප‍්‍රශ්නය ඇහුවේ කවුරු වුණත්, හැමෝට ම අහන්න වුවමනා වුණ ප‍්‍රශ්නය තමයි එ්. සුදු පැහැ ගැන්වුණ පොකුටු කොණ්ඩ හිස කෙළින් වුණා. ළිං පතුලක් වගේ ගැඹුරට ගිලී ගියපු ඇස්වල අලූත් සොයා ගැනීමක් කළා වගේ දිස්නයක් තිබුණා. දැලි අඟුරු වගේ කළු වෙලා ගියපු, වැහැරිලා කේඬෑරි වුණු, රැුලි වැටුණු මුහුණකට කුතුහලයෙන්, කම්පනයෙන් පිරුණු අපේ මුහුණු හමු වුණා.
”බඩගිනියි…!”
එ් තනි පදයේ උත්තරයෙන් ඇවිළුන ගින්දර හැම හදවතක ම සසැලීමක් ඇති කරන්නට සමත් වුණා. කඩිමුඩියේ මුදල් පසුම්බි ඇදගත්ත අත්වල සල්ලි කොළ දික් වුණා. මුව පුරා ඇදුනු හිනාවකින් එ් තාත්තා මුදල් භාර ගත්තා. මෙහෙයුම ඉවරයි. හැමෝ ම ආයෙමත් කඩිමුඩි ගමනට දිව්වා. එතැනින් ඉවතට හැරුණු අන්තිම දෙපයේ හිමිකාරයා වුණු මම එන්න කලින් ඔහුට එක ම එක දෙයක් කිව්වා.
”දැන් ම ගිහින් කෑම එකක් අරගෙන කන්න තාත්තේ.”
වඳින්න වගේ එසැවෙන එ් දෑත් දිහා එක පාරක් බලලා මමත් පාර මාරු වෙන්න දුවගෙන ආවා. එ්ත් එතකොට ම දැල්වුණ කොළ එළිය පදිකයන්ගේ පාර මාරු වීම නවත්තලා වාහන පේළියට ගමන් කරන්න ඉඩ දුන්නා. මං ආපහු හැරිලා බැලූවේ එ් තාත්තා තව ම එතැන ද කියලයි. ඔහු ටියුලිප් බෑගයත් අතින් එල්ලාගෙන, කුදු කර ගත්ත සිරුරින් යුතුව කඩ පේළිය දෙසට පා තබමින් හිටියා. එපමණයි!
දැන් අපට ඔබෙන් අසන්නට ප‍්‍රශ්නයක් තිබෙනවා.
අට්ටික්කා කියන්නේ ඖෂධයක් විදිහට මිසක් පලතුරක් ලෙසින් අපි භාවිත කරන දෙයක් නෙමෙයි. ඉතින් බඩගින්නට අට්ටික්කා කෑමක් ගැන හිතන්නවත් ඔබට පුළුවන් ද? එහෙම එකේ වැහිබර කාලගුණය නිසා අප‍්‍රසන්න වුණ, දහස් ගණනකගේ පා සටහන් තැබුණ, කුරුලූ වසුරුවලින් ජරා වුණ පදික වේදිකාවක කුණු වුණු අට්ටික්කා ගෙඩි අතර රැුඳුන, කෝඳුරුවෝ පිරුණ අට්ටික්කා ගෙඩි බඩගින්නට කනවා තබා අතට ගැනීමක් ගැනවත් ඔබට හිතන්නට පුළුවනි ද? කිසිසේත් ම බැහැ. එ්ත්…
මේ, එ් තාත්තගේ කථාව විතර ම ද? මේ සසරේ යම් දවසක එ් අපෙත් කථාව නො වුණා කියා කියන්න ඔබට පුළුවනි ද? කඳු ගණන් ඇටකටු ගොඩ ගසමින් මහ පොළව පෝෂණය කර කර අප පැමිණි මේ සසර ගමනේ යම් භවයක මෙවැනි ම අන්ත අසරණ ඉරණමක් අපට උරුම වුණා වන්නටත් ඇති. මොකක්ද අද මේ වෙනස?
දෙන්නේ යම් ආකාරයකින් ද එ් ආකාරයෙන් ම තමයි අපට ලැබෙන්නේ. මේ කර්ම – කර්මඵල ස්වභාවය. අප සියල්ලෝ ම කර්මය දායාදය කර ගත් අය. අත් හළ සිතින්, සතුටින්, ප‍්‍රියමනාප ආකාරයෙන් දන් නො දුන්නොත්, දුන් දෙයට ගැරහෙව්වොත් එළැඹෙන අනතුරුදායක අනාගතයක මේ කථාව අපේ ම කථාව වන්නටත් බැරිකමක් නැහැ.
දානය සත්පුරුෂයන්ගේ වර්ණනාවට පාත‍්‍ර වූ උතුම් දෙයක්. අත් හැරීම දුෂ්කරයි තමයි. හැබැයි එ් දුෂ්කර වන්නේ සසරින් නිදහස් වීම මිස අන් දෙයක් නෙමෙයි. අල්ලා ගැනීම් කරන උදවිය එ් නිසා ම දුක් වෙනවා, තැවෙනවා. හැබැයි අත්හැරීම් කරන උදවිය හැමදාමත් සතුටු වෙනවා.
ශාස්තෘන් වහන්සේ වදාළේ ”දීම පිණිස සෝදා ගත් අත් ඇතිව ඉන්න.” කියලයි. එතකොට අමුතුවෙන් හිත හිතා ‘දෙන්න ද? නො දෙන්න ද?’ කියලා විපිළිසර වෙවී සිටිය යුතු නැහැ. එවිට ඔබ යමක් ඉල්ලනු ලබන්නට සුදුස්සෙක් වෙනවා. ඉල්ලන්නන් වීම පහසු වගේ ම සුලබ වුණත්, ඉල්ලනු ලබන්නට සුදුස්සන් වීම අපහසුයි, දුර්ලභයි. එ් අපහසු දේ කරන දුර්ලභ පුද්ගලයා බවට අප පත් වුණොත් අප ශාස්තෘ අවවාදයේ හික්මුණු කෙනෙක් වෙනවා.
මතක් කර ගන්න එ් ශාස්තෘ අවවාදය.
”පින්වත් මහණෙනි, යම් කෙනෙක් තථාගතයන් වහන්සේ තරම් දන් දීමේ අනුසස් දන්නේ නම් කෑමට ගත් බත් පතෙන් අවසාන පිඬ හෝ සතෙකුට හෝ නො දී අනුභව නො කරන්නේ ය.”
එ් නිසා, අත්හැරීම පිණිස සූදානම් කර ගත් සිතක් ඇතිව ම දිවි ගෙවන්න. මේ කටුක ඝෝර සසරේ සියලූ කෙලෙස් පොදි අත් හැර බැහැර කරන්නට අපට තිබෙන මනෝ ප‍්‍රණිධානය යම් දවසක මුදුන් පමුණුවන්නට එ් අත්හැරීමේ ගුණය උපකාරක ධර්මයක් ම වේවි. එ් දවසට බඩගින්න්නටවත්, අට්ටික්කාවලටවත්, අන් කිසිවකටවත් අපව සසරේ ඇද බැඳ තබන්නට ලැබෙන්නේ නැහැ…!

මහාමේඝ 2015 ඇසළ කලාපය
WWW.MAHAMEGHA.LK

සටහන
කලණ ගංගානාථ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

x

Check Also

භාග්‍යවතුන් වහන්සේ උදෙසා කරන පූජාවන් නිෂ්ඵල වන්නේ ද?

අසමසම වූ සම්බුදුවරයන් වහන්සේලාට දෙව් මිනිසුන් විසින් පූජාවෝ පවත්වනු ලබති. ඒ පූජා සත්කාරයන් උන්වහන්සේලා නොඉවසති. මෙය බුදුවරුන්ගේ ධර්මතාවයකි.