දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක් ලබලා මේ ලෝකයේ අපි උපන් දවසේ ඉඳන්, මේ වෙනකොට යම් ජීවිත කාලයක් ගෙවා දමා අවසන්. එකින් එකට මතක් කරන්න නො හැකි වුණත් එ් ජීවිත කාලය තුළ සිදුවුණ එක එක දේවල් අපට මතක් කරගන්න පුළුවන් නේ ද? බොහෝ ම ඉක්මනින් ගත වෙලා ගිය එ් කාල පරාසය තුළ සිද්ධ වුණ සහ අනාගතයට සිද්ධ වෙන දේවලූත් එ්කරාශී කළොත්, අපගේ ජීවිතයේ දකින්නට ලැබෙන ප්‍රරධාන කරුණු දෙකකට එ් හැමදේ ම ගොනු කරන්න පුළුවනි. එ් තමයි,
01. ජීවිතය තුළ සකස් වෙච්ච දේවල් තිබෙනවා. එ්වා ගෙවෙනවා.
02. අපි ආයෙ ආයෙමත් පැවැත්මකට වුවමනා දේවල් රැස් කරනවා.

දැන් අපි බලමු ජීවිතය තුළ සකස් වෙච්ච දේවල් මොනව ද කියලා. අපි රැස් කරන ලද පින අපි ගෙවනවා. අපි කලින් ජීවිතවල දී රැස් කරන ලද පව අපි ගෙවනවා. මේ පින උපමාවකින් කිව්වොත් හරියට සල්ලි වගේ. හිතන්න… මේ ලෝකය කියන්නේ හෝටලයක් කියලා. හෝටලේකට ගියා ම ගෙවන්නේ නැතුව කෑම ගන්න පුළුවන් ද… ? බෑ.. සල්ලි තියෙන්න ඕනි. මෙයා කෑම කන්නේ, වතුර බොන්නේ සල්ලි තියන නිසා. එතකොට සල්ලි නැත්නම්..? ආයෙ ආයෙමත් රැස් කරන්න ඕනි. රැස් කළේ නැත්නම් දුප්පතුන් වෙනවා නේ ද…? අන්න එ් වගේ තමයි අපේ මේ පිනත්. අපි රැස් කරපු පින් ගෙවෙනවා. එ් වගෙ. අපි පෙර ජීවිතවල දී රැස් කරගත් පව් විපාකත් ගෙවනවා.

අපගේ භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි කාලයේ ‘ධාන’ කියලා කුමාරයෙක් කුණ්ඩධාන නමින් පැවිදි වුණා. පැවිදි වුණ දවසේ ඉඳලා හරි පුදුම දෙයක් වුණා. පිණ්ඩපාතේ වඩිනකොට මිනිස්සු කිපෙනවා. සමහරු දානේ හැඳි දෙකක් බෙදලා මෙහෙම කියනවා. ‘‘එකක් ඔබ වහන්සේට.. අනිත් එක ඔය කෙල්ලට…” කියලා. පොඩි පොඩි ස්වාමීන් වහන්සේලා මේ ස්වාමීන් වහන්සේට බණිනවා. ඉතිං, මේ ස්වාමීන් වහන්සේට මේක මහා ගැටලූවක්. කොසොල් රජතුමාටත් මේක ආරංචි වෙනවා. එතුමා කුටිය ළඟට ගිහින් බලනවා. එතකොට ම ස්වාමීන් වහන්සේ පසුපසින් කාන්තාවක් කුටියට ඇතුළු වුණා. රජතුමා කුටියට ඇතුළු වෙලා හැමතැන ම කාන්තාව හෙව්වා. ඇඳ යට බැලූවා. අර කාන්තාව නෑ… ඉතිං රජතුමා මේක කර්ම විපාකයක් කියලා තේරුම් ගත්තා. ස්වාමීන් වහන්සේට හොඳින් සැලකුවා.

මොකක්ද මේ ස්වාමීන් වහන්සේට මෙහෙම වීමට හේතුව…? මේ ධාන කුමාරයා පෙර ජීවිතයක රුක් දෙවියෙක්. මේ වෘක්ෂ දේවතාවා වාසය කරපු වනය මැදින් දවසක් යහළු ස්වාමීන් වහන්සේලා දෙනමක් විනය කර්මයකට වැඩම කළා. රුක් දෙවියට නිකමට හිතුණා මේ දෙදෙනාගේ යහළුකම නො බිඳෙන එකක් ද කියලා පරීක්ෂා කරන්න. එක ස්වාමීන් වහන්සේ නමක් ශරීර කෘත්‍යය පිණිස යනවා දැකපු මේ රුක් දෙවියා කාන්තා රූපයක් මවාගෙන, ඇඳුම් සකස සකසා, විසිරුණු කොණ්ඩය සකස් කරමින් උන්වහන්සේ ගිය දිශාවේ සිට අනිත් ස්වාමීන් වහන්සේ දෙසට ආවා. මේ සිදුවීම නිසා ස්වාමීන් වහන්සේලා දෙනමගේ යහළුකම් එතැනින් ම ඉවර වුණා. දෙදෙනා වහන්සේ කථා බහවත් නො කර විනය කර්මයට වැඩම කළා. එතැනදිත් මේ සිදුවීම ගැන කියැවුණ නිසා මේ කාරණය දුරදිග ගියා වැඩි බව තේරුණ රුක් දෙවියා සංඝයා මැද පෙනී ඉඳලා ඔහු කළ දේ පැවසුවා. එයින් අර ස්වාමීන් වහන්සේගේ පිරිසිදු බව තහවුරු වුණත් උන්වහන්සේලා දෙනම ඉන්පසු යහළුවන් ලෙස එක්ව වාසය කළේ නෑ. මේ සිදුවීම වුණේ කාශ්‍යප සම්බුද්ධ ශාසනයේ. රුක් දෙවියා චුතවෙලා නිරයේ උපන්නා. ඔහු තමයි ගෞතම සම්බුද්ධ ශාසනයේ කුණ්ඩධාන නමින් පැවිදි වුණේ. ඉතිං, අර කර්මය මේ බුදු සසුනේ දීත් විපාක දුන්නේ එ් විදියට. කර්ම විපාකයන් පුදුම සහගතයි නේ ද?

ජීවිතය තුළ සකස් වෙච්ච දේවල්වලට පව වගේ ම පිනත් අයිති වෙනවා. කෝසල මල්ලිකා භාග්‍යවතුන් වහන්සේට කැඳක් පුජා කරා. එ් පින එදා ම ඇයට විපාක දුන්නා. කොසොල් රජතුමාගේ අග‍්‍ර මහේෂිකාව වුණා.

දෙවෙනි කාරණය තමයි.. අපි ආයෙ ආයෙමත් පැවැත්මකට උරුම දේවල් රැස් කරනවා.

කොහොම ද අපි පින් රැුස් කරන්නේ..? සතර පෝයට සිල් රැකලා, පන්සිල් රැකලා, අසරණ අයට පිහිට වෙලා, අම්මට තාත්තට සලකලා අපි පින් රැස් කරනවා.

තව දෙයක් අපි රැස් කරනවා. එ් තමයි පව… සතුන් මැරීම, සොරකම් කිරීම, වැරදි කාම සේවනයේ යෙදීම, බොරු කීම, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිත කිරීම තුළින් නිරයේ උපදින පව් රැස් වෙනවා.

අපිට කැමැත්ත තිබුණා කියලා හැම දෙයක් ම කරන්න පුළුවන් ද…? බෑ.. ඊට සුදුසු පරිසරයක් තියෙන්නත් ඕනි. එ් පිළිබඳ ව අපගේ භාග්‍යවතුන් වහන්සේ උපමාවකින් වදාළා.

‘‘ඔන්න, පුද්ගලයන් දෙදෙනෙකුට බීජ එක ගානෙ දෙනවා. එක් කෙනෙකුට සරු පසක් තියෙනවා. අනිත් කෙනාට නිසරු පසක් තියෙනවා. සරු පසක් තියෙන කෙනාගේ බීජය පැළවෙනවා. මේ වගේ තමයි පින කියන බීජය. යම් කෙනෙක් තුළ සරුසාර පසක් තිබුණොත් පින කියන බීජය පහසුවෙන් ම පැළවෙනවා.” එහෙනම් කැමැත්ත තිබු පමණින් මෙය කරන්න බෑ නේ ද…?

එහෙනම් අපි කොහොම ද සරුසාර පසක් හදාගන්නේ..? අකුසල් දුරු කරන්න අවශ්‍ය පසුබිම කොහොම ද අපි හදා ගන්නේ…? මොකක්ද මේ පරිසරය..? සේඛ බල… එහෙනම් අකුසල් දුරු වෙන පරිසරය තමයි සේඛ බල…
x ශ්‍රද්ධාව– කුසල් වැඩීමට හිත පහළ වෙනවා. අකුසල් දුරු කිරීමට හිත පහළ වෙනවා.
x හිරි– පව් කිරීමට ලැජ්ජාව උපදිනවා. එම නිසා අකුසලය සිදු වන්නේ නෑ.
x ඔත්තප්ප– පව් කිරීමට බය තියෙනවා නම් අකුසලය පිහිටන්නෙ නෑ.
x වීර්යය– කුසල් කිරීමටත්, අකුසල් නොකර සිටීමටත් වීර්යය තියෙනවා නම් අකුසලය තුළ සිත බැස ගන්නේ නෑ.
x ප්‍රඥාව– ආර්ය සත්‍යය හතර පිළිබඳව උපදවාගන්නා අවබෝධඥනය

සේඛ බල ඇති කෙනා සරුසාර කෙතක් වගේ. එයා තමයි කුසල් වඩන්නෙ. අකුසල් දුරු කරන්නෙ. සේඛ බල ඇති කෙනා පිළිබඳ ව භාග්‍යවතුන් වහන්සේ උපමාවකින් වදාළා.

‘‘මහණෙනි, බඩගාන වයසේ දරුවෙක් ගිනි අඟුරු කෑල්ලක් හෝ පිහියක් අතට ගත්තා කියලා දැක්ක ම අම්මා මොකද කරන්නේ…? එ්ක අයින් කරනව නේ ද…? අනතුරක් වෙයි කියලා. ඔන්න… එ් ළමයා ලොකුයි. අම්ම ආයෙත් දකිනවා, පිහියක් අතට ගන්නවා. ‘ආ… ඕකට කැපෙයි…’ කියලා අම්මා පිහිය ගන්නව ද…? නෑ… අම්මට හිතෙනවා, දැන් එයාට තේරෙනවා කියලා අවධානය අත හරිනවා…”

‘‘එ් වගේ තමයි මමත්… ශාසනය තුළ සේඛ බල දියුණු නො කරපු ශ‍්‍රාවකයෙක් දැක්ක ම උන්වහන්සේට සලකන්නේ අර පොඩි දරුවට වගේ. අවධානයෙන් ඉන්නවා. සේඛ බල දියුණු කරගත්තා නම් එයා ගැන වැඩිපුර අවධානය යොමු කරන්නෙ නෑ…”

එහෙනම් ධර්මය දියුණු කිරීමට අවශ්‍ය පරිසරය මොකක්ද…?
සේඛ බල…
අපගේ භාග්‍යවතුන් වහන්සේගේ මහා කරුණාව බලන්න… උන්වහන්සේ අන් අයට අවබෝධයට දුෂ්කර වූ එ් චතුරාර්ය සත්‍ය පැහැදිලි උපමාවලින් තව දුරටත් විස්තර කරනවා…
යම් කාමභෝගී ගිහි කෙනෙක්ට මෙවන් වූ දුකක් ඇති වෙනවා කියනවා
– උපතින් ධනය උරුම නො විච්චි කෙනෙක් ඉන්නවා. ඉතිං, කාමභෝගී කෙනාට මේක දුකක් නේ ද…?
– ඔන්න… මේ දුප්පත් කෙනා ණයක් ගන්නවා. ඇයි මෙයා ණයට ගන්නේ…? ධනය පරම්පරාවෙන් උරුම නො වූ හින්දා… ඉතිං මෙයාට මේක දුකක් නේ ද…?
– දැන් මොකද වෙන්නේ…? මෙයාට පොලියක් වැටෙනවා. දිළිඳු ව උපන් කෙනාට මේක දුකක් නේ ද…?
– දැන් මාස කීපයක් ගෙවිලා. ණය දුන්න කෙනා මතක් වෙනවා. තව ටිකක් කල් යනකොට ණය දීපු කෙනා පස්සෙන් පන්නනවා. කල් යනකොට හිත චෝදනා කරනවා. ‘‘මං සල්ලි ටික නො දුන්නොත් මුදලාලි මාව අල්ලයි. පොලීසියට ගිහිං බාර දෙයි…” දැන් ගෙදර අයත් චෝදනා කරනවා. ‘‘පලයන්, කොහෙන් හරි සල්ලි ටික හොයලා ණය බේරපං..” කියලා. දිළිඳු ව උපන් කෙනාට මේක දුකක් නේ ද…?
– අවසානයේ ගුටිබැට කාලා, හිරේ යනවා. හිරේට ගියා ම දරුවෝ මතක් වෙනවා. දෙමව්පියෝ මතක් වෙනවා. ඔළුව ගිනි ගන්නවා නේ ද…? දුප්පත් ව ඉපදුණ කෙනාට හිරේ යන්න වෙන එක දුකක් නේ ද?

‘‘මහණෙනි මේ ආර්ය විනයේත් ‘දිළිඳුකම’ කියලා දෙයක් තියනවා…”

යම් කිසි කෙනෙක් කුසල් කරන්න ශ‍්‍රද්ධාවක් නැද්ද, හිරි ඔතප් නැද්ද, වීර්යය, ප‍්‍රඥාව නැද්ද, මේක තමයි ශාසනයේ දිළිඳුකම. සේඛ බල නැති ශාසනික ජීවිතය දුකක්. කුසල් වැඩෙන හා අකුසල් දුරුවෙන පරිසරය මොකක්ද…?
‘සේඛ බල’
කුසලයෙන්, පිනෙන් දුප්පත් කෙනෙක්ට, සේඛ බල නැති කෙනෙක්ට කුසල් ගැන අහන්න ලැබෙනවා. එ්ත් එයාට පරිසරය නෑ… සේඛ බල තියෙන කෙනෙකුට පරිසරය තියෙනවා. එ්ක නිසා එයා පෝසත්.
සේඛ බල නැති කෙනා කය, වචනය, මනස තුළින් අකුසල් සිදු කරනවා. අවිද්‍යාව හිතේ හට ගත්ත ම පෝෂණය වෙනවා. අත් හැර ගන්න බෑ. මිථ්‍යා දෘෂ්ටිය, ව්‍යාපාදය ඇති වෙනවා. ණයක් ගැනීමක් වගෙයි.

වැරදි කරද්දි ‘කවුරුත් නො දකීවා’ කියලා හිතලා වැරදි කරනවා. ආයෙ ආයෙ එහෙම හිත හිතා වැරදි කරනවා. ත‍්‍රිවිධ දුෂ්චරිතයට මඟ පෑදෙනවා. ඔන්න -පොලිය එකතු වෙනවා.

මේ කෙනා කය, වචනය, මනසින් වැරදි කරනවා. මෙයා යනවා සිල්වතුන්ගේ මැද්දට. එයාලා මෙයාට චෝදනා කරනවා. දොස් නගනවා. එයාලා දන්නවා මෙයා භයානකයි කියලා. හොරකම් කරන කෙනෙක් ගෙදරට ආවම, ‘‘ඇහැ ගහගෙන ඉන්න” කියනවා. සමහර විට එයාට එ්ක ඇහෙනවා. නින්දා අපහාස විඳින්න වෙනවා. චෝදනා ලැබීම තමයි එ්.

මෙයා යම් මොහොතක තනි වෙනවා. ලෙඩක්, දුකක් වෙනකොට, ජරා මරණවලට ගොදුරු වෙනකොට, තනිය ම ජීවත් වෙනකොට මනුස්සයා තමන්ගෙ හිතත් එක්ක තනි වෙනවා. එතකොට අතීතයේ කරපු දේවල් මතක් වෙනවා. දුෂ්චරිත ජීවිතයකට මොනව ද මතක් වෙන්නේ..? ‘මං දඩයමේ ගියේ මෙහෙම…’, ‘කේලාම් කියලා අර පවුල බිඳෙව්වේ මෙහෙම..’ මෙයාට හිතනකොට මොකද වෙන්නේ..? හිතේ පසු තැවීම ඇති වෙනවා. ඔන්න ගත්ත ණය පස්සෙන් පන්නනවා.

අපගේ භාග්‍යවතුන් වහන්සේ මේකට ලස්සන උපමාවක් දේශනා කරලා තියෙනවා.

‘‘නැගෙනහිර පැත්තෙන් ඉර නගිනවා. බටහිර පැත්තෙන් ඉර බහිනවා. පුද්ගලයෙක් ඉන්නවා නැගෙනහිර පැත්තට හිස දාලා. ඉර නගිනකොට මොකද වෙන්නේ..? මෙයාගේ ඉස්සරහින් බිත්තියක් තියෙනවා. මේ බිත්තියේ හෙවණැල්ල මෙයා ව යට කර ගෙන යනවා නේ ද..? එ් වගේ තමයි, තමන් තනි වෙනකොට අතීතය තමන් ව යට කරගෙන යනවා..”

ඉතිං මේ දුෂ්චරිතයේ යෙදුණ කෙනා, සේඛ බල නොමැති කෙනා මරණින් පස්සේ කොහෙද යන්නේ..? නිරයේ හෝ තිරිසන් අපායේ උපදිනවා. මේ දෙකේ ම ධර්මය අවබෝධ කරන්න පුළුවන් ද..? බෑ.. අවස්ථාවක් නෑ.. දුකසේ ඉන්නවා. හිරේ විලංගුවේ වැටීම තමයි එ්.

අපගේ භාග්‍යවතුන් වහන්සේ උපමාවක් දේශනා කරලා තියනවා මෙන්න මේ ආකාරයෙන්.

‘‘කූටාගාර ශාලාවේ අග්‍ර ම ස්ථානය කුමක් ද…? ‘කැණිමඬල’… අග්‍ර ම තැන නැත්නම් ශාලාව ගැන කතාවක් නෑ.”

එ් වගේ තමයි ප්‍රඥාව. ඉස්සෙල්ලා ම ප්‍රඥාව ඇති කරගන්න ඕනි. ප්‍රඥාව මුල් වෙච්ච ශ්‍රද්ධාව තියෙන්න ඕනි. (ආකාරවතී ශ්‍රද්ධාව, කුසල් අකුසල් හඳුනා ගැනීම) ඊළඟට, හිරි ඔතප්ප ඇති කර ගැනීමට වීර්යය ඇති වෙනවා.

දැන් අපි කුසල් වැඩෙන පරිසරය, සේඛ බල නොමැති කෙනාට ඇතිවෙන විපාක ආදිය විස්තර වශයෙන් දන්නවා. සේඛ බල ඇති කර ගන්න ඕනි විදිය බලමු දැන්…

ප්‍රඥාව වයසට ගියා ම ඇති වෙනව ද..? නෑ.. සමහරු කියනව. පොල් තෙල් පහන් පත්තු කරා ම ප්‍රඥාව දියුණු වෙනවා කියලා. මේවා ඇත්ත ද…? අපගේ භාග්‍යවතුන් වහන්සේ ප්‍රඥාව දියුණු වීම පිණිස හේතු වන කරුණු දේශනා කරලා තියනවා. එ්වා දියුණු කිරීමෙන් අපිට ප්‍රඥාව ලබා ගන්න පුළුවන් නේ ද…?
01. කල්‍යාණ මිත්‍රයන් නිතර නිතර ආශ‍්‍රය කිරීම.
02. සද්ධර්මය නිතර නිතර ශ්‍රරවණය කිරීම.
03. යෝනිසෝමනසිකාරය (අහපු ධර්මය නුවණින් සිහි කිරීම)
04. ධම්මනුධම්මපටිපදාව (නුවණින් මෙනෙහි කරන ලද ධර්මය අනුගමනය කිරීම)

සේඛ බල දියුණු කළ කෙනා ඊළඟ ජීවිතයේ දී නිසැකව ම සුගතියේ උපත ලබනවා.

01. සේඛ බල තියන කෙනා කුමන වෙලාවකවත් දුෂ්චරිතයේ යෙදෙන්නෙ නෑ. (පෝසත් කෙනා ණයට ගන්නෙ නෑ වගේ)
02. සේඛ බල තියන කෙනා වැරදි කරන්නෙ නෑ. එයාට පොලිය වැටෙනව ද..? නෑ.
03. සේඛ බල තියන කෙනාට චෝදනා ලැබෙන්නෙ නෑ. පිරිස නිශ්ශබ්ද වෙනවා. වැරදි නො කරන නිසා සිල්වතුන්ගේ ප‍්‍රශංසා ලැබෙනවා.
04. පස්සෙන් පැන්නීමක් නෑ. අතීතයේ යම් යම් සුළු වැරදි මතක් වුණත් එයා එ්වා අමතක කරලා, කුසල් වඩපු හැටි, අකුසල් දුරු කරපු හැටි මතක් වෙනවා.
05. එයා හිරේ විලංගුවේ වැටෙන්නෙ නෑ… පින් කර ගැනීමට අවස්ථාව ඇති සුගතියේ උපදිනවා.

අපගේ භාග්‍යවතුන් වහන්සේ දුස්සීල කෙනා ව උපමාවකින් පෙන්වා දෙනවා. සොහොනේ ආදීනව 05න් තමයි, දුස්සීල කෙනා ව උපමා කරලා තියෙන්නේ…
01. සොහොන දුර්ගන්ධයෙන් යුක්තයි.
02. අපිරිසිදුයි.
03. බය ඇති කරනවා.
04. බොහෝ දෙනෙක් හඬා වැළපෙන තැනක්.
05. අමනුෂ්‍යයන්ට වාස භූමියක්.

දුස්සීල කෙනාගේ ජීවිතයත් මේ සොහොන වගේ.
01. මිනිස්සු අගුණ කතා වෙනවා. ‘‘අහවලා හොරෙක්, සල්ලාලයෙක්..” ‘‘එයාව ළං කරගන්න හොඳ නෑ..” මෙයාගේ අගුණ මිනිසුන් අතර පැතිරිලා යනවා.
02. සොහොන නිතර ම අපිරිසිදුයි වගේ ම දුස්සීල කෙනාගේ වචනයත්, කයින්, මනසින් කරන දේවල් අනුන්ගේ යහපත පිණිස පවතින්නේ නෑ.
03. හොරකම් කරන යාළුවෙක් අපි ළඟ ඉන්නකොට අපි බයේ නේ ද ඉන්නෙ..? ඔවුන් සොහොනක් වගේ බය ඇති කරනවා-
04. එ් වගේ ම දුස්සීල පුද්ගලයින් නිසා බොහෝ දෙනෙක් හඬා වැළපෙනවා. ‘‘අනේ.. මං දෙවියෙක් එක්ක කියලා ඇවිත් ඉන්නේ යකෙක් එක්කනේ..” කියලා දුස්සීල ස්වාමිවරුන්ගේ බිරින්දෑවරු අඬනවා.
05. දුස්සීල මිනිස්සු වටේ ම පිරිවරාගෙන ඉන්නෙ පාප මිත‍්‍රයෝ… සොහොන අමනුෂ්‍යයන්ට වාස භූමියක් වුණා වගේ.
(සීවථික සූත්‍රය – අං. නි.)

අපි සේඛ බල දියුණු කර ගන්න ආකාරයත්, දුස්සීල කෙනාගේ ස්වාභාවයත් ඉගෙන ගත්තා. බලන්න, භාග්‍යවතුන් වහන්සේගේ ‘බුද්ධ’ ගුණය. සාදු.. සාදු…!

සියලූ දෙනාට ම පින නැමති බීජය පැළවෙන සරුසාර පස නම් වූ සේඛ බල දියුණු කර ගැනීමට මේ සටහන උපකාර වේවා…!

(ඇසුර : ඉණ සූත්‍රය – අං. නි.)

සටහන – අංජලිකා සුබසිංහ