ශ්‍රී දකුණු දළදා වහන්සේ තැන්පත් බුදුරැස් විහිදන සෝමාවතිය මහා සෑ රජුන් සහ ශ්‍රී ලලාට ධාතුන් වහන්සේ තැන්පත් ලෝක උරුමයක් වූ සේරුවිල මංගල මහා සෑ රජුන් වැඩ හිඳිනා මහ පුදබිම් යා කරමින් ඓතිහාසික මහා වාලුකා නදිය හරහා රමණීය විල්ලු මැදින් ඉදිවූ අභිනව මාර්ගය පසුගිය 26 දා  සැදැහැවතුන් උදෙසා විවර විය. මින් පෙර සෝමාවතිය සහ සේරුවාවිල අතර මහා මාර්ගය කි.මී.200ක් පමණ දුර වූ අතර මෙම නව මාර්ගය ඔස්සේ එය කි.මී.54ක් පමණි.

දිවමන් බුදුරජුන් හා සම මේ ඓතිහාසික සෑ රජාණන් වහන්සේලා පහසුවෙන් වන්දනා කරනට ඉඩ පහසුකම් සලසාලමින් බුදුරජුන් පිදුමට යන ගමනට මංපෙත් සකසා දී දිව රෑ පින් වැඩෙන මේ මහා පුණ්‍යකර්මයට දායක වූ සියලු සැදැහැවතුනට වේවා අපමණ පුණ්‍යානුමෝදනා…