මහාවංශය 1
ඉතා පිරිසිදු වූ ඔක්කාක රාජවංශයෙහි ජන්මලාභය ලද පරම පාරිශුද්ධත්වයට පත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට වන්දනා කොට කිසි අඩුවක් නැති නොයෙක් පරිච්ජේදයෙන් යුතු මහාවංශය ඔබට පවසමි.
තව කියවන්න »මහාවංශය 2
සකල ගුණයෙන්ගෙන් මුදුන් පත් වූ අප තථාගතයන් වහන්සේ ක්ලේශ වසඟයනට පත් නොවූ සිතින් අනිත්‍යභාවයට පත්ව පිරිනිවන් පා වදාළ සේක. මෙසේ මේ ලෝකයෙහි භය උපදවන්නා වූ අනිත්‍ය ස්වභාවය යමෙක් නුවණින් විමසා අවබෝධ කරයි ද, ඔහු දුකෙන් එතෙර වන්නේ ය.
තව කියවන්න »මහාවංශය 3
පංචනේත්රධාරී වූ අතුල්‍ය වූ සර්වඥයන් වහන්සේ පන්සාළිස් වසක් මැ වැඩවසමින් ලෝක සත්වයාගේ හිතසුව පිණිස සකළ බුද්ධකෘත්‍යය කොට නිමවා, කුසිනාරායෙහි උත්තම සාල වෘක්ෂයන් දෙක අතරෙහි වැඩසිටි ලෝකයෙහි එකම ප්‍රදීපය වූ ඒ බුදුරජාණන් වහන්සේ වෙසක් පුන් පොහෝ දිනයෙහි පිරිනිවන් පෑ සේක.
තව කියවන්න »මහාවංශය 4
මිත‍්‍රද්‍රෝහීවූ උදායීභද්‍ර නම් පුත්‍රයෙක් අජාසත් රජතුමාට සිටියේය. හේ තම පියාවූ අජාසත් රජු මරවා දහසය අවුරුද්දක් රාජ්‍ය කළේය.
තව කියවන්න »මහාවංශය 5
‘‘රජතුමනි, නුඹවහන්සේ විසින් කරන ලද්දේ බරපතල කර්මයකි. ධාර්මික වූ භික්ෂු සංඝයාගෙන් සමාව ගන්න. නුඹවහන්සේ ධාර්මික භික්ෂූන් වහන්සේලාගේ පක්ෂය ගෙන බුද්ධ ශාසනයට උපකාර කරන්න.
තව කියවන්න »මහාවංශය 6
මුලින් ම මහා කස්සප මහරහතන් වහන්සේ ආදි උතුම් රහතන් වහන්සේලා විසින් කරන ලද ධර්ම සංගායනාව ‘ථේරවාදය’ යැයි කියනු ලැබේ. මුල සිට වර්ෂ සියයක් ම පැවතුණේ එක ම ථේරවාදය යි. ඉන් පසු ව වෙනත් ආචාර්යවාදයෝ පහළ වූහ.
තව කියවන්න »මහාවංශය 7
ඒ ධර්මාශෝක නරේන්ද්‍රයාගේ පිය රජතුමා බ්රහ්මභක්තික හැට දහසක් බ්‍රාහ්මණයන්ට නිතිපතා දන් වැළඳවීය. ඒ ධර්මාශෝක රජතෙමේ ද තුන්වසරක් පුරා ඒ බ්රාහ්මණයන්ටම දන් දුන්නේ ය.
තව කියවන්න »මහාවංශය 8
නිග්‍රෝධ සාමණේරයන් නිසා සිත පහන් වූ ඒ රජ තෙමේ දිනපතා පිළිවෙලින් දෙගුණයක් කොට සැටදහසක් භික්ෂූන් වහන්සේලාට උපස්ථාන කළේය. කලින් රජගෙයි දන් වැළඳ සැටදහසක් තීර්ථකයන් බැහැර කොට සැටදහසක් භික්ෂූන් වහන්සේලා සඳහා නිතර දන් වැළඳවීය.
තව කියවන්න »මහාවංශය 9
තෙරුන් වහන්සේ ගිහි ජීවිතය ගත කරන කාලයේම වේදයෙහි පරතෙරට පැමිණි කෙනෙකි. එමෙන්ම පටිසම්භිදාලාභී රහතන් වහන්සේ නමක් වන උන්වහන්සේ කිම පිළිතුරු දිය නොහැකි සේක්ද? ‘යමෙකුගේ සිත උපදී, නිරුද්ධ නොවේ. ඒ ඔහුගේ සිත මතු නිරුද්ධ වන්නේය. නූපදින්නේය. යමෙකුගේ සිත නිරුද්ධ වන්නේ ද, නූපදින්නේ ද, ඔහුගේ සිත උපදී. නිරුද්ධ නොවේ.’
තව කියවන්න »මහාවංශය 10
දිනක් යුවරජ තෙමේ මුව දඩයමේ ගියේ, වනයේ කෙළිදෙලෙන් පසුවන මුවන් දුටුවේ ය. ඒ දුටු යුවරජු ‘වනයේ තණකොළ බුදින මුවෝ පවා මෙසේ ක්‍රීඩා කරති. සුවපහසු ආහාර ද විහරණ ද ඇති භික්ෂූන් කුමට නම් කී‍්‍රඩාවේ නො යෙදේද?’යැයි සිතුවේ ය. යුවරජ තෙමේ මාලිගාවට ගිය පසු තමන්ට ඇති වූ මේ සිතුවිල්ල මහරජුට සැල කළේ ය.
තව කියවන්න »මහාවංශය 11
ධර්මපාලා යැයි ප්‍රසිද්ධ වූ මෙහෙණි තොමෝ සංඝමිත්තා කුමරියට උපාධ්‍යාය වූ අතර ආයුපාලා නම් මෙහෙණි තොමෝ ආචාර්ය විය. ඒ සංඝමිත්තා මෙහෙණියෝ ද නිසි කාලයේ දී ආශ්‍රව රහිත කොට අරහත්වයට පත් වූවා ය.
තව කියවන්න »මහාවංශය 12
ඒ මොග්ගලීපුත්ත තිස්ස ස්ථවිරයෝ ශ්‍රේෂ්ඨ වූ, මනෝඥ වූ ඒ බ්‍රහ්ම විමානය ද හැරපියා ශාසනය හේතු කොට ගෙන පිළිකුල් සහගත වූ මනුලොවට අවුත් කරන ලද කටයුතු ඇත්තේ ශාසන කෘත්‍යය ද සිදු කළෝ ය. ඉඳින් අන් කවරෙක් නම් ශාසන කෘත්‍යයෙහි ලා ප්‍රමාද වනු කැමැත්තෝ ද?
තව කියවන්න »






