අපගේ යහපත කැමතිව, සැපය කැමතිව, අපේ දියුණුව කැමතිව දිව්‍ය ලෝකවල සිට උපකාර කරන දෙවිවරු අපගේ ඉෂ්ට දෙවිවරු වේ. මෙහි දී ඉෂ්ට දෙවිවරු සම්බන්ධ වන ආකාර කිහිපයකි. දෙව්ලොව දී එකට සිටිමින් ආයුෂ අවසන් වූ දෙවියෙකු මනුලොව ඉපදුණ කල පරණ හිතවත්කම නිසා ඔහුට දෙව්ලොව තම හිතවත් දෙවිවරු උපකාර කරයි. රහත් යැයි මුළා ව සිටි බාහිය දාරුචීරියට හරි මාර්ගයට දෙවි කෙනෙකු පාර පෙන්වීම ඊට උදාහරණයකි. මනුලොව එකට සිටි ඥාතියෙකු හෝ හිතමිතුරෙකු මරණින් මතු දෙව්ලොව ගිය කල එ් දෙවියා තම පැරණි ඥාතියාට හෝ හිතමිතුරාට දෙව්ලොව සිට උපකාර කරයි. තව ද එ් ආකාර දෙකට ම තොරව මනුලොව පින් කරන පුද්ගලයා කෙරෙහි පැහැදී සමහර දෙවිවරු ඔහුට උපකාර කරයි. මෙලෙස විවිධ අයුරින් ඉෂ්ට දෙවිවරු සිටීමට පුළුවන. මෙහි දී අප විසින් විශේෂයෙන් ම දැනගත යුතු කරුණ වන්නේ ඉෂ්ඨ දෙවිවරුන් හා සම්බන්ධකම පවතින්නේ ධර්ම මාර්ගය හා කුසලය මත බව ය.

ධර්ම මාර්ගයේ යාමේ දී ඇතිවෙන බාධා වල දී මේ දෙවිවරුන්ගෙන් අපට උපකාර ලැබේ. ඊට අමතරව පින් කිරීමට, කුසල් කිරීමට දෙවිවරුන්ගෙන් අපට උපකාර ලැබේ. ඉෂ්ට දෙවිවරුන්ගෙන් උපකාර ලබනු කැමති කෙනා අවබෝධයෙන් යුතුව පින් දහම් රැස්කර ගනිමින් එ් පින ඉෂ්ට දෙවිවරුන්ට අනුමෝදන් කළ යුතු ය.

යොමු කරන්න ඔබේ දහම් ගැටළුවත් අප වෙත….

තැපැල් පත් : ‘ඔබේ දහම් ගැටළුව’, මහාමේඝ,
41 ශ්‍රී විජයාරාම පටුමග, නුගේගොඩ
ඊ මේල් : ask@mahamegha.lk
SMS : 071 547 86 55
තැපැල් පත්, ඊ මේල්, SMS ඔස්සේ පමණක් කෙටියෙන් ගැටළු ඉදිරිපත් කළ හැකි බව කරුණාවෙන් සලකන්න
ඔබේ ගැටළුවලට පිළිතුරු ඉදිරි මහාමේඝ කලාපයන් ඔස්සේ…