පසුගිය දෙවෙනිදා අපවත්වී වදාළ සේරුවිල නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය හත්වෙනි සෙනසුරාදා සවස සිදු කිරීමට නියමිත හෙයින් එයට දායක වී දානයේ කටයුතු ද අවසන් කොට අධිකරණය මගින් සේරුවිල අධිපතිභාවය නියම කරන පාර්ශවයකට මහමෙව්නාව භාවනා අසපුව මගින් පූජා කරන ලද බඩුබාහිර ද භාර දී පැමිණෙන්නට තීරණය කර තිබුණි. විශේෂයෙන් දෙපාර්ශවයක් සේරුවිලට අයිතිවාසිකම් කියන හෙයින් ඒ දෙපාර්ශවයටම අතරමැදියෙකු වශයෙන් මහමෙව්නාව භාවනා අසපුව ඉදිරිපත් වූයේ ආදාහන පූජෝත්සවය හොඳින් කිරීම පිණිස පමණි. නමුත් එක් පාර්ශවයක් සමඟ හොඳින් කටයුතු කළ හොත් අනිත් පාර්ශවයේ සැකයටත්, ගැරහීමටත් ලක්වන බව පසුගිය දින කීපයේ පැහැදිලිව පෙනුණි. එනිසා කිසිදු පාර්ශවයකට සම්බන්ධ නොවීම පිණිස මහමෙව්නාවේ සඟ පිරිස අප ගුරුදේවමාහිමියන්ගේ ආදාහන පූජෝත්සවයෙන් අනතුරුව සේරුවිලින් ඉවත්වීමට තීරණය කරන ලදී.

”සුඛා සංඝස්ස සාමග්ගී”
– සංඝයා සමගියෙන් කටයුතු කිරීම සැපයකි. ඒ සැපය නැති තැනක රැඳී සිටීමෙන් ඇති ඵලය කිම?

මහමෙව්නාව භාවනා අසපුව.