Author: Mahamegha

පින්වත් ස්වාමීන් වහන්ස, මේ සමාජයේ බොහෝ දෙනා අතර (නරක දේවලින් නොව හොඳ දේවලින්) ජනප්‍රියත්වයට පත් වුණු අය දකින්න ලැබෙනවා. ගොඩක් අය ඔවුන් ව ඇසුරු කිරීමට හා ඔවුන්ට උදව් කිරීමට කැමතියි. එබඳු කෙනෙක් වීමට කළ යුත්තේ කුමක් ද?

“දවසක් ආලවක යක්ෂයා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා හොඳ නමත්, කීර්තියත් පැතිරෙන්නේ කොහොමද කියලා. බුදුරජාණන් වහන්සේ වදාළා සත්‍ය වචන පවසන කෙනා ගැන හොඳ නම කීර්තිය පැතිරෙනවා කියලා”

Read More

පින්වත් ස්වාමීන් වහන්ස, අන්තර්ජාලයට යොමුකොට තිබූ තවත් ධර්ම දේශනාවකදී තෙවෙනි සහ සිව්වෙනි ධ්‍යානවලදී කය ශුද්ධ වන බවත්, පහසුවෙන් වැසිකිළි ගොස් කය සැහැල්ලු වන බවත් හාමුදුරුනමක් පවසනවා. මෙම ප්‍රකාශ ධර්මානුකූල ද ?

“භාග්‍යවතුන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයන් ධර්ම-විනය දේශනා කළ යුත්තේත්, හැදෑරිය යුත්තේත් ශාස්තෘ ගෞරවයෙන් යුක්තව බුදුරජාණන් වහන්සේ සම්බුදු නුවණින් පසක් කොට දේශනා කළ අයුරිනි. “

Read More

පින්වත් ස්වාමීන් වහන්ස, පාප මිත්‍රයන් හඳුනාගන්නේ කෙසේ ද?

“මත් වීමට හා ප්‍රමාදයට හේතු වන මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතය වෙනුවෙන් හිතවත් වෙයි. අවේලාවේ වීදිවල ඇවිදින්නට හිතවත් වෙයි. සංගීත, නාටක, ක්‍රීඩා, සමාජ ශාලා ආදියෙහි ගැවසෙන්නට හිතවත් වෙයි. ප්‍රමාදයට හේතු වන සූදු ක්‍රීඩාවෙහි යෙදෙන්නට හිතවත් වෙයි.”

Read More

පින්වත් ස්වාමීන් වහන්ස, වැරදි කාම සේවනය පාපයක් වෙන්නේ කෙසේ ද? බටහිර රටවල එය වරදක් ලෙස ඔවුන් නො දකියි.

“මේ ජීවිතයේදී ඒඞ්ස් වැනි මාරාන්තික සමාජ රෝග, ලිංගාශ්‍රිතරෝග වැළඳීම, සිරගතවීම් වැනි නීතිමය දඬුවම්වලට ලක් වීම, නින්දා අපහාස විඳින්නට සිදු වීම, පහර කෑම්වලට ලක් වීම, පවුල් ජීවිත කඩාකප්පල් වීම ආදී නොයෙක් ව්‍යසනයන්ට පත් වීමට වැරදි කාමසේවනය හේතු වෙනවා.”

Read More

පින්වත් ස්වාමීන් වහන්ස, කාලදාන යනු මොනවා ද? එහි ආනිශංස මොනවා ද?

“ඒ වගේම සප්පුරිසදාන සූත්‍රයේදී සුදුසු කාලයෙහි දන්දීම සත්පුරුෂ දානයක් බවත් එහි ආනිශංස ලෙස මහා ධනය, මහා භෝග ඇත්තෙක් වන බවත්, යම් යම් වූ දෙයක් සඳහා සුදුසු කාලය පැමිණි විට අවශ්‍ය සෑම ප්‍රත්‍යයක් ම සෑම උපකාරයක් ම ඔහු හට රිසි සේ ලැබෙන බවත් භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කොට වදාළා.”

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up