බඹසර සිල් සුරැකීම යනු සියලු ම ලිංගික කටයුතුවලින් වැළකී, (කාම සේවනය, ස්වයංවින්දනය, රාග සහිත ශාරීරික පිරිමැදීම් ආදිය) බ්‍රහ්මචාරී සීලය ආරක්ෂා කිරීමයි. ගෞතම බුදු සසුනේ උතුම් පැවිදි උපසම්පදාව ලබන පින්වත් ස්වාමීන් වහන්සේලා ආරක්ෂා කළ යුත්තේ ඒ උතුම් පාරිශුද්ධ බ්‍රහ්මචාරී සීලය යි. ගිහි පින්වතුන්ට ද උතුම් රහතන් වහන්සේලා අනුගමනය කරමින් මාසයකට දින 4ක් (උපෝසථ දිනවල දී) බඹසර සිල් සුරකින්නට භාග්‍යවතුන් වහන්සේ අනුදැන වදාරා තිබෙනවා. එමෙන් ම කැමති කෙනෙකුට බ්‍රහ්මචාරී පංචසීලය සමාදන් වී එය දිවිය පුරා ම ආරක්ෂා කළ හැකියි. බුද්ධ කාලයේ වේසාලික උග්ග, හත්ථ ආලවක, චිත්ත ගෘහපති ආදි පින්වන්ත ශ්‍රාවකයන් එසේ බ්‍රහ්මචාරී පංච සීලය ආරක්ෂා කළා. එමෙන් ම කාශ්‍යප බුදුසසුනේ දී කිකී රජතුමාගේ පින්බර දියණියන් හත් දෙනා ම රජ කුමරියන් ව සිටියදීත් අවුරුදු 20000ක් පුරාවට දිවි ඇතිතෙක් බඹසර සිල් රැකගත්තා. ඔවුන් ගෞතම බුදු සසුනේ දී ඛේමා, උත්පලවණ්ණා, භද්රාකුණ්ඩලකේසී, පටාචාරා ආදි නිකෙලෙස් මුනිවරියන් බවට පත් වුණා. එම නිසා බ්‍රහ්මචාරී බව යනු මහත්ඵල – මහානිශංසදායී කුසලයක්.
බඹසර සිල් කියන්නේ මොනවා ද?

❇️ නමෝ බුද්ධාය ❇️