බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුගමනය කරන කෙනෙකුට ස්ථිරව ම නිරය, තිරිසන් ලෝකය, දිව්‍ය ලෝක ආදී ලෝකයන් පිළිබඳ අවබෝධ කරගැනීමට හැකියාව තිබෙනවා. යම් කිසි කෙනෙක් එය මුලින් ම පටන් ගන්නෙ ශ්‍රද්ධාව මුල් කරගෙන යි. ශ්‍රද්ධාවෙන් බුදුරජාණන් වහන්සේ ගැන අවබෝධ කරගෙන, උන්වහන්සේගේ අවබෝධය නිවැරදියි කියන අදහස තුළ පිහිටලා තමයි මේ ධර්ම මාර්ගයේ ගමන් කළ යුත්තේ. එහෙම නැතිව කවදාවත් මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යන්න අවස්ථාවක් ලැබෙන්නෙ නැහැ. නිකෙලෙස් ජීවිතයක් කරා යන්න කල්පනා කරන්නේ මේ කෙලෙසුන්ගේ ආදීනව දකින කෙනෙක් විතරයි. කෙලෙස් නිසා සතර අපායට වැටෙමින් සංසාර ගමනක් යනවා කියන බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය එකී පුද්ගලයන් පිළිගන්නනවා. ඒ නිසා ශ්රද්ධාවන්ත ශ්රාවකයාට මේක අවබෝධ කරගන්න කිසිම බාධාවක් නැහැ.
පින්වත් ස්වාමීන් වහන්ස, බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දුන් ධර්ම මාර්ගය අනුගමනය කරන කෙනෙකුට නිරය, තිරිසන් ලෝකය, දිව්‍ය ලෝක ආදී ලෝකයන් පිළිබඳව අවබෝධ කරගැනීමට හැකියාවක් තිබෙනවාද?

Recent Comments