විවාහ වී සිට නීත්‍යානුකූලව වෙන් වූ පසු තමා කළින් විවාහ වූ සහකරු හෝ සහකාරිය සමඟ සබඳතාවයන් පැවැත්වීම වැරදි කාමසේවනයට අයිති වේ. ඒ මක් නිසාද යත්, නීතියෙන් වෙන්වී දෙවෙනි විවාහයකට එළඹ ඇති නිසාය. එම නිසා කිසිම විටෙක ඒ අයුරින් කටයුතු නොකළ යුතුය. වැරදි කාමසේවනය යනු බිහිසුණු විපාක ගෙන දෙන පාපී ක්‍රියාවකි. භාග්‍යවතුන් වහන්සේ වරෙක දේශනා කොට වදාළේ වැරදි කාම සේවනයේ හැසිරීම ගිනි අඟුරු වලක් සේ දැක එය දුරින්ම දුරුකොට තම (නීත්‍යානුකූල) ස්වාමියාගෙන් හෝ බිරිඳගෙන් පමණක් සතුටු විය යුතු බවයි.
පින්වත් ස්වාමීන් වහන්ස, පළමු විවාහයෙන් නීතියෙන් වෙන් වී නීත්‍යානුකූලව දෙවෙනි විවාහයකට එළැඹි පසුවද එම කලින් සහකරු හෝ සහකාරිය සමග සබඳතා පැවැත්වීමේදී එය වැරදිකාමසේවනයේ යෙදීමක් යටතට අයිති වෙනවාද? එයින් කිසියම් අකුසල කර්මයක් සිදුවේද?

Recent Comments