එංගලන්තයේ වික්ටෝරියා රැජිණගේ ආණ්ඩුවෙන් ඉන්දියාවේ ආණ්ඩුකාරවරයා ලෙස පත් කරන ලද ලෝඞ් මෙකවුලි නැමැත්තා 1835 පෙබරවාරි මස 02 වෙනි දින එංගලන්ත පාර්ලිමේන්තුවේ දී කරන ලද මෙම කථාව ඇමරිකන් දේශපාලනඥයෙකු වන හෙන්රි කිසිංගර් නැමැත්තා සයිප්‍රසයෙහි තුර්කි ආක්‍රමණය සිදු වූ කාලයෙහි වොෂින්ටන් ඩීසී හි ව්‍යාපාරික ප්‍රජාව අමතා 1974 සැප්තැම්බර් මාසයේ කරන ලද කථාව සමඟ සසඳන්න.

යට සඳහන් වන්නේ ලෝඞ් මෙකවුලි නැමැත්තා 1835 පෙබරවාරි මස 02 වෙනි දින එංගලන්ත පාර්ලිමේන්තුවේ දී කළ කථාවයි.

“I have traveled across the length and breadth of India and I have not seen one person who is a beggar, who is a thief. Such wealth I have seen in this country, such high moral values, people of such calibre, that I do not think we would ever conquer this country, unless we break the very backbone of this nation, which is her spiritual and cultural heritage, and, therefore, I propose that we replace her old and ancient education system, her culture, for if the Indians think that all that is foreign and English is good and greater than their own, they will lose their self-esteem, their native self-culture and they will become what we want them, a truly dominated nation.”

“මම මුළු ඉන්දියාව පුරා ඇවිද ගිය නමුත් මට එක හිඟන්නෙක් හෝ එක හොරෙක් හෝ දකින්ට නො ලැබුණි. මේ රට තුළ එබඳු වූ ධනවත් එමෙන් ම මනා ගුණවත් වටිනාකම්වලින් යුතු එබඳු දක්ෂ ජනකායක් මට දකින්ට ලැබුණි. මා සිතන පරිදි මේ ජාතිය සතු ආධ්‍යාත්මික හා සංස්කෘතික උරුමයෙන් ලත් කොඳු නාරටිය බිඳ දමන තුරු අපට කිසිදා මේ රට යටත් කළ නො හැකි ය. එම නිසා මා යෝජනා කරන්නේ ඉන්දියාවේ ඇති ඉතා පෞරාණික අධ්‍යාපන සම්ප්‍රදායත්, මේ රටේ සංස්කෘතියත් වෙනුවට ඉන්දියන්කාරයන්ට හැම පිටරට දෙයක් ම, ඉංග්‍රීසි දෙයක් ම තමන්ගේ දෙයට වඩා ඉතා හොඳ යැයි, ශ්‍රේෂ්ඨ යැයි සිතෙන පරිද්දෙන් අපි ඉංග්‍රීසි අධ්‍යාපනය මුල් කොට සකස් කළ යුතු බවයි. එවිට ඔවුන්ගේ ආත්ම අභිමානය හීන වී යනු ඇත. ඔවුන්ගේ ජාතික සංස්කෘතිය වෙනුවට අපට වුවමනා හැටියට හැඩගැසෙනු ඇත. සැබෑවට ම යටත් වූ ජාතියක් වනු ඇත.”

යට සඳහන් වන්නේ හෙන්රි කිසිංගර් නැමැත්තා ඇමරිකන් ව්‍යාපාරිකයන්ට කරන ලද කථාවයි.

“The Greek people are anarchic and difficult to tame. For this reason we must strike deep into their cultural roots: Perhaps then we can force them to conform. I mean, of course, to strike at their language, their religion, their cultural and historical reserves, so that we can neutralize their ability to develop, to distinguish themselves, or to prevail. Thereby removing them as an obstacle to our strategically vital plans in the Balkans, the Mediterranean, and the Middle East, to all this neuralgic territory of great strategic importance for us, for the politics of the USA.”

“ග්‍රීක්වරුන් කියන්නේ නීතියකට යටත් නැති, හික්මවන්ට අමාරු ජනතාවක්. මේ හේතුව නිසා අපි ඔවුන්ගේ සංස්කෘතික මූලයන්ගේ ගැඹුරට පහර දිය යුතුයි. සමහර විට අපට ඔවුන් ව බලහත්කාරයෙන් නීතිගරුක කරන්ට පුළුවන් වේවි. ඇත්තෙන්ම එයින් මං අදහස් කරන්නේ ඔවුන්ගේ භාෂාවට, ඔවුන්ගේ ආගමට, ඔවුන්ගේ සංස්කෘතියට සහ ඓතිහාසික උරුමයන්ට පහරදීමයි. එතකොට ඔවුන්ගේ දක්ෂතා දියුණු වීමට ඇති හැකියාව, එහෙමත් නැත්නම් ඔවුන්ට දක්ෂතා හඳුනාගන්ට පුළුවන් බව හෝ ඔවුන්ට බලයක් ඇති බව හෝ වටහාගන්ට මන්දගාමී වනු ඇත. ඒ තුළින් අපට උපක්‍රමශීලීව ඒ වටිනාකම් දියුණුවට බාධාවක් යැයි පවසා ඔවුන්ගෙන් බැහැර කළ හැකි ය. නිරිතදිග යුරෝපීයයන්, මධ්‍යධරණී රටවාසීන්, මැදපෙරදිගවාසීන් ආදි මේ සියලු නහරකාරයන්ගේ පළාත් අපගේ ශ්‍රේෂ්ඨ අවශ්‍යතාවයන් උදෙසා, ඇමරිකාවේ දේශපාලන කටයුතු උදෙසා යෙදවිය හැකි ය.”

මේ ප්‍රකාශ දෙකේ ලොකු වෙනසක් තිබේ ද?

“It will hardly be disputed, I suppose, that the department of literature in which the Eastern writers stand highest is poetry. And I certainly never met with any orientalist who ventured to maintain that the Arabic and Sanscrit poetry could be compared to that of the great European nations. But when we pass from works of imagination to works in which facts are recorded and general principles investigated, the superiority of the Europeans becomes absolutely immeasurable. It is, I believe, no exaggeration to say that all the historical information which has been collected from all the books written in the Sanscrit language is less valuable than what may be found in the most paltry abridgments used at preparatory schools in England. In every branch of physical or moral philosophy, the relative position of the two nations is nearly the same.”

මෙකවුලි තවදුරටත් මෙසේ කියයි.

“ඒක එකඟවෙන්න අමාරු දෙයක්. මං අදහස් කරන පරිදි පෙරදිග ලේඛකයන්ගේ සාහිත්‍ය පිළිබඳ අංශයේ උත්කෘෂ්ට දෙයකට තියෙන්නේ කාව්‍යයයි. එනමුදු සැබැවින්ම අරාබි හා සංස්කෘත කවීන් අතර ශ්‍රේෂ්ඨ යුරෝපීය ජාතීන්ට සමාන වූ පෙරදිග ඉතා වගකීමෙන් යුතු පුද්ගලයෙකු කවදාවත් මට මුණගැසුනේ නෑ. නමුත් අපි වාර්තාගත කරුණු මෙන් ම සාමාන්‍ය මූලික කරුණු ද පරීක්ෂා කරමින් මොවුන්ගේ කටයුතු පසුකර යද්දී යුරෝපීය ජාතීන් සතු උත්කෘෂ්ටභාවය මුළුමනින් ම මිණිය නො හැකි බව පෙනේ. මා විශ්වාස කරන පරිදි එය අතිශයෝක්තියකින් පැවසීමක් නො වේ. මොවුන්ගේ සංස්කෘත භාෂාවෙන් ලියා ඇති සියලු ඓතිහාසික තොරුතුරු ලියන ලද පොත් එක් රැස් කොට බලද්දී, එංගලන්තයේ පෙරපාසල්වලට උගන්වන මූලික දැනුම තරම්වත් වටිනාකමින් අඩු දේවල් ලැබේ. භෞතික මෙන් ම සදාචාරාත්මක දර්ශනයට අයත් හැම අංශයක ම මේ අරාබි සහ ඉන්දියා ජාතීන් දෙක අතර තිබෙන්නේ එක ම ආකාර සම්බන්ධයකි.”

I feel… that it is impossible for us, with our limited means, to attempt to educate the body of the people. We must at present do our best to form a class who may be interpreters between us and the millions whom we govern, – a class of persons Indian in blood and colour, but English in tastes, in opinions, in morals and in intellect. To that class we may leave it to refine the vernacular dialects of the country, to enrich those dialects with terms of science borrowed from the Western nomenclature, and to render them by degrees fit vehicles for conveying knowledge to the great mass of the population.

“මට හැඟෙන පරිදි අපගේ ඇති සීමා සහිත දෙයින් සමස්ත ජනකායකට අධ්‍යාපනයක් ලබාදෙන්ට උත්සාහ ගැනීම අපට පුළුවන් වැඩක් නො වේ. මේ මොහොතේ අපි අපට හැකිතාක් දෙය කොට අප අතරත්, අප පාලනය කරන දස ලක්ෂ සංඛ්‍යාත ජනතාව අතරත්, අතරමැදියන් ලෙස කටයුතු කළ හැකි ජාතියක් සකස් කළ යුතු ය. ඒ ජාතිය ලෙයින් සහ පාටින් ඉන්දියානුවෝ වනු ඇත. නමුත් රස විඳින ආකාරයෙන්, අදහස්වලින්, සම්ප්‍රදායෙන් හා කල්පනා කිරීමේ ශක්තියෙන් සුද්දෝ වනු ඇත. එබඳු ජාතියක් බිහි කොට මෙහි අත්හැර දමා ගිය විට ඔවුන්ගේ ජාතියට අයත් භාෂාවන්ගෙන් තෝරා බේරාගෙන කටයුතු කරනු ඇත. ඔවුන්ගේ භාෂාවන් දියුණු කිරීම සඳහා යුරෝපීය විද්‍යාත්මක වචනයන් ණයට ගනු ඇත. එතකොට ඔවුන් යුරෝපීය දැනුමෙන් ලත් අධ්‍යාපන උපාධි තුළින් තම විශාල ජනකායට දැනුම ලබාදීමට එය යොදාගනු ඇත.”