miniskamata-aruthak
මිනිසුන් අතර දෙවිවරුන්ද සිටිතියි යන කියමන සනාථ කෙරෙන සිදුවීමක් පසුගියදා වැල්ලවාය සිංගර් වෙළඳ ආයතනයෙන් වාර්තා විය. එනම් එම ආයතනයේ බිම වැටී තිබුණ රු.23,000 ක් අඩංගු මුදල් පසුම්බියක් ඇහිඳ ගත් අයෙකු එය එහි කළමණාකාර එල්.ඩී.එච්. කොඩිකාර මහතා වෙත බාර දීමෙන් පසු පැයක් ඇතුලත එහි අයිතිකරු සොයා ගොස් එම සම්පුර්ණ මුදල අයිතිකරු වෙත බාර දීමය. මුදල්, වැල්ලවාය සවිජය මාවත හි පදිංචි ආර්.එම්.එච්. කුමාරිහාමි මහත්මියගේ වන අතර එය ඇයගේ මාසික විශ්‍රාම වැටුප ලෙසද අනාවරණය විය. මෙම සද්ක්‍රියාව සිදු කලේ වැල්ලවාය මහවෙලමුල්ල පදිංචි මොණරාගල සිවිල් ආරක්ෂක බලකා මුලස්ථානයේ සේවයේ නියුතු ඒ.කේ.එම්. හනුස්(ටී 81471) සෙබල මහතාය.

සේයාරුව-මුදල් පසුම්බිය කලමනාකර මහතා ඉදිරිපිටදී හනුස් මහතා විසින් කුමාරිහාමි මහත්මියට බාරදුන් අවස්ථාව.