බෞද්ධ සම්ප‍්‍රදායයෙන් අප රටට උරුම වූ ස්වතන්ත‍්‍ර කලා නිර්මාණ අතර සඳකඩපහණට හිමි වන්නේ අග‍්‍රගණ්‍ය සථානයකි. අවුරුදු දෙදහසකට වැඩි කාලයක් තිස්සේ මේ රටේ ජන අධ්‍යාත්මයට පිවිස ඇති සඳකඩපහණ සංකල්පය වූ කලී නිවන් පුරට මඟ පෙන්වන පූජනීය සංකේතයක් වැන්න. අපේ පැරණි, ජාතික කලා උරුමයේ අති විශිෂ්ට නිර්මාණයක් වන සඳකඩපහණ අරභයා දේශීය හා විදේශීය ලේඛකයන් ලියා තැබූ සටහන්වල එහි ආගමික, ඓතිහාසික හා සෞන්දර්යාත්මක වටිනාකම පෙන්වා දී තිබේ.

සඳකඩපහණේ සම්භවය, ගෘහ නිර්මාණ කලාවේ හෙවත් වාස්තු විද්‍යාවේ ආරම්භය දක්වා දිවයන්නකි. කවර ම හෝ ගෘහයකට පිවිසෙන දොරකඩ ගලක් හෝ මැටියෙන් තැනූ පිලක් හෝ තැබීමේ සම්ප‍්‍රදාය ආදි යුගයේ සිට ම පැවති බව පෙනී යයි. වරිච්චි බැඳ මැටි ගැසූ කුඩා නිවසකට ඇතුළු වන තැන පවා එබඳු පාද ස්ථලයක් පිහිටවනු ලැබුවේ පා වැකි දූවිලි කුණු පිස දා ගෙතුළට පිවිසෙනු පිණිස ය. එය නිවහනකට දක්වන එක්තරා ගෞරවයක් ද වෙයි. පාරිසරික, ස්වාභාවික හා සංස්කෘතික සාධකයන් හේතු කොට ගෙන විවිධ ගෘහ නිර්මාණ සම්ප‍්‍රදායන්ට පොදු වූ මෙබඳු මූලාශ‍්‍ර සඳකඩපහණේ පාදූර්භාවයට හා එහි විකාශනයට බලපා තිබේ. අනුරාධපුර යුගයේ පැරණි ගොඩනැගිලි නටබුන් පරීකෂා කිරීමේ දී එහි පිවිසුම් සථානයන්හි සතරැුස් ගල් පුවරු යොදා ඇති ස්ථාන හමු වී ඇත.

‘පහණ’ යනු පාෂාණ නමැති සකු වදනින් බිඳී ආ හෙළ වහරකි. එය අඩසඳක් සේ නිර්මිත වූ හෙයින් සඳකඩ හෙවත් පුරසඳින් අඩක් සේ අරුත් ගැන්වුණි. පුරසඳේ අඩක් වැනි වූ ගල් තලය ‘සඳකඩපහණ‘ විය. අනුරාධපුර යුගයට අයත් වන පැරණි සඳකඩපහණේ වැඩි සංඛ්‍යාවක් කැටයම්වලින් තොර වෙයි. මේ අතර පස්වෙනි, හයවැනි සියවස්වලට අයත් වන සෙල්ලිපි සහිත සඳකඩපහණ් කිහිපයක් ද හමු වී ඇත. කෙසේ වුව ද සඳකඩපහණ එ් ස්වරූපයෙන් නිර්මාණය වී ඇත්තේ ව්‍යවහාර වර්ෂ පළමුවන සියවස හා පස්වන සියවස අතර කාලයේ දී ය.

පූර්වයෙහි සිට ම සෑම වාසස්ථානයකට මෙන් ම පොදු ගොඩනැගිල්ලකට පිවිසෙන ස්ථානයෙහි පිහිටි විවිධ හැඩතලවලින් යුතු ගල් පඩිය වෙනුවට විහාරාරාමයන්ට ප‍්‍රවේශ වන ස්ථානයේ පිහිටුවන ලද සෙල්පුවරුව අඩසඳක හැඩයක් ගැනීමේ ක‍්‍රම විකාශයෙන් සඳකඩපහණ නිර්මාණය විය. සඳකඩපහණ යන යෙදුම ඉන්සුව යොදන ලද්දේ විහාරාරාම ගොඩනැගිලි උදෙසා පමණි.

ඉන්දියාවේ ගොඩනැගිලිවලට ද සඳකඩපහණ ගල් පුවරු යොදන ලද්දේ බෞද්ධ සම්ප‍්‍රදායයේ ආභාසය නිසා ය. සමකාලීන යුගයේ ලක්දිව හා ඉන්දීය සභ්‍යත්වයන්හි එ්කමිතියක් දක්නට ලැබුණු හෙයින් දෙරටේ ම සංස්කෘතික සම්ප‍්‍රදායයන් එකිනෙකින් පෝෂණය ලැබී ය. ඉන්දියාවේ නොයෙක් ප‍්‍රදේශවල බෞද්ධ හා හින්දු සිද්ධස්ථානයන්හි සඳකඩපහණ දක්නට ලැබේ. ආන්ද්‍ර ප‍්‍රදේශයෙහි පිහිටි අමරාවතී, නාගර්ජුන කොණ්ඩ හා අජන්තා එල්ලෝරා බෞද්ධ ලෙන් විහාරවල දක්නට ලැබෙන සඳකඩපහණ් අනුරාධපුරයේ තදාසන්න කාලපරිච්ෙඡ්දයට ම අයත් වෙයි. සත්ව පේළියක් කැටයම් කළ සඳකඩපහණක් නාගර්ජුන කොණ්ඩයේ සීහල විහාරයේ දක්නට ඇත. අමරාවතී කැටයම්වල පද්මාකාර මෝස්තර නෙළුෑ සඳකඩපහණ් වෙයි. ලක්දිව අනුරපුර පොළොන්නරුව සඳකඩපහණ් මෙන් සෞන්දර්යාත්මක හා පුණ්‍ය සංකේත රැුගත් සඳකඩපහණ් ඉන්දියාවේ දක්නට නැති අතර තරමක් වත් සමාන වන්නේ ඉහතින් සඳහන් කළ නාගර්ජුන කොණ්ඩ හා අමරාවතී සඳකඩපහණ දෙක පමණි.

මිහිඳු මහ රහතන් වහන්සේ හා සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ ඇතුළු ධර්ම දූත පිරිස් සැපත් වීමෙන් රෝපණය වී වැඞී ගිය නව ශිෂ්ටාචාරය ලක්දිවට ආවේණික ස්වතන්ත‍්‍ර මුහුණුවරක් ගත්තේ ය. ධර්ම දූතයන් වහන්සේලා පියවරෙන් පියවර ඉදිරිපත් කළ බුද්ධ දේශනා, සමස්ත රටවැසියන්ගේ ආධ්‍යාත්ම විපර්යාසයකට තුඩු දුන්නේ බුද්ධ කාලීන දඹදිව ජන සමාජය තුළ ඇති වූ පිබිදීම පරිද්දෙනි. බුදුරජාණන් වහන්සේගේ අසම සම කරුණා මහිමය රළු කළුගලකට ආරූඪ කිරීමට කලාකරුවාට හැකි වූයේ එහි ඵල වශයෙනි. මහමෙව්නා උයනේ සමාධි පිළිමය, තොලූවිල පිළිමය, අවුකන පිළිමය හා පොළොන්නරු ගල්විහාර බුදු පිළිම ඊට නිදසුන් දිය හැකි විශිෂ්ට නිර්මාණයන් ය. බුදු දහමේ නිර්මල ආස්වාදය ලැබූ හෙළ කලාශිල්පීන්ගේ අධ්‍යාත්මයට ආරූඪ වූයේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා යන සිව් බඹ විහරණ සංකල්පයන් ය. ඉන් හද සුනිශිත කරගත් ඔවුන්ගේ ස්වතන්ත‍්‍ර පරිකල්පනයෙන් සඳකඩපහණට පිවිසි පද්ම, හංස, ලියවැල්, සත්වරූප, ගිනිදැල් ආදි සංකල්පනික අර්ථ නිරූපණයන් මනාව වටහා ගැනීමට එවක ජීවත්ව සිටි පින්වත් ගිහි පැවිදි පිරිස් සමත් වන්නට ඇත. එනමුත් නූතන යුගයේ පඬිවරු එ් සඳහා කොතරම් වෙහෙසක් ගත්තේ දැයි ඔවුන් සැපයූ එකකට එකක් වෙනස් අර්ථ නිරූපණවලින් පැහැදිලි වෙයි.

සඳකඩපහණ අරභයා බෞද්ධ සම්ප‍්‍රදායයට අනුකූල පැහැදිලි කිරීමක් ඉදිරිපත් කරන ලද්දේ මහාචාර්ය සෙනරත් පරණවිතාන සූරීන් විසිනි. සඳකඩපහණක් වශයෙන් සැලකය හැකි විශේෂ ශීලා ඵලකයක් හැමවිට ම යොදා ඇත්තේ බුදු මැදුරකට පිවිසෙන ප‍්‍රධාන දොරටුව අබියස බව පළ කරන එතුමා එයින් නිරූපණය වූයේ උතුම් අරුතක් බවත්, එය වූ කලී භවචක‍්‍රමය සංකේතය බවත් සාධක එළවමින් තිර ලෙස ම තහවුරු කරයි. (Significance of Sinhalese Moonstones, Aritibus Asia– 1954)

පරණවිතානයන් සිය අදහස් ඉදිරිපත් කරන්නේ අනුරාධපුර යුගයට අයත් ඉතා පැහැදිලි ලෙස කැටයම් නිරූපණය වන ථූපාරාමයට නො දුරින් පිහිටි පැරණි බුදු මැදුරක නටබුන් ඉදිරිපස පිිහිටි සඳකඩපහණ සම්බන්ධයෙනි. පරණවිතාණ මතය සැකෙවින් මෙසේ ය:

සඳකඩපහණේ කෙළවර වාටියේ පලාපෙති ආකාරයෙන් යුතු කැටයමින් දැක්වෙන්නේ ගිනි සිළු ය. භව චක‍්‍රය වටා අනවරතයෙන් සත්වයා වෙලා ගන්නා තණ්හා, ක්‍රෝධ ආදි පාපී අකුසල් චේතනා ගිනිදැල් වැන්න. අනතුරුව ඇති කැටයම් පෙළෙහි දැක්වෙන ඇතා, අශ්වයා, සිංහයා හා ගවයා නිරූපණය කරන්නේ ජාති, ජරා, ව්‍යාධි මරණ වශයෙන් පවත්නා සංසාර දුකයි. ඉන්පසුව නිරූපණය වන්නේ ලියවැල් කැටයමකි. එය තණ්හා ලතා හෙවත් සත්වයා සසරට බැඳ තබන තෘෂ්ණාවයි. ඊළගට දැක්වෙන එකා පසුපස එකා දිව යන හංස පෙරහැරකි. හංසයා වූ කලී පාරිශුද්ධත්වයේ සංකේතයයි. කිරෙන් දියර වෙන් කළ හැකි හංසයා මහා බ‍්‍රහ්ම ලාංඡුනය ද වෙයි. හංස පෙරහැරෙන් සංකේතවත් කරන්නේ අනාගාමී භවයයි. එ් සියලූ කැටයම් අවසානයේ තරමක් උන්නතව නිරූපණය වන පද්මයෙන් පරම පාරිශුද්ධ වූ නිර්වාණය සංකේතවත් වෙයි. පද්මය පසුකරගෙන බුදු මැදුරට පිවිසෙන ආර්ය ශ‍්‍රාවකයා බුදුරජාණන් වහන්සේගේ නිර්වාණ වක්ත‍්‍රය දැකීමෙන් බුද්ධානුස්සතිය වඩමින් සිතේ ප‍්‍රමුදිත භාවයක් ඇතිකර ගනී.

අනුරාධපුර යුගයේ බෞද්ධ කලාශිල්පවල විද්‍යාමාන වන විශේෂිත ගුණයක් නම් සෑම නිර්මාණයක් ම බුදුහමේ ඉගැන්වීම්වලට අනුව උතුම් පණිවුඩයක් ඉදිරිපත් කිරීම අරමුණු කොට ඊට ගැළපෙන ස්ථානයන්හි ඉදිකොට තිබීමයි. මේ සඳහා දිය හැකි හොඳ ම නිදසුන වනුයේ මේ ලිපියට ප‍්‍රස්තුත වූ සඳකඩපහණ යි.

අනාදිමත් කාලයක් මුළුල්ලේ සිංහල බෞද්ධ ජනකායගේ ආගමික හැඟීම් වර්ධනය කරගැනීමට ‘සඳකඩපහණ‘ හේතුවූවා මෙන් ම සෞන්දර්ය රුචිය නැංවීමට ද එය ඉවහල් විය. ලක්දිව පුරා විසිරී පවත්නා බොහෝ විහාර මන්දිරවලට පිවිසෙන දොරටු අබියස අඩුවැඩි වෙනස්කම්වලින් යුතුව සඳකඩපහණේ අනුරූ කැටයමක් දක්නට ලැබේ. එසේ ම පසුකාලීන බොහෝ කැටයම් ඇතුළු කලා නිර්මාණ සඳකඩපහණින් අලංකාරවත් විය. එපමණක් නොව නූතන යුගයේ සුභාවිත ගීතයන් ද සඳකඩපහණේ සෞන්දර්යාත්මක ගුණයෙන් පෝෂණය වී තිබේ.

ආවාර්ය ඩබ්ලියු. එ්. අබේසිංහයන් ලියූ ‘සඳකඩපහණේ මුදු රැළි අතරේ තිසර ලතාවයි’ යන්න ද සතිශ්චන්ද්‍ර එදිරිසිංහයන් ලියූ ‘සඳකඩපහණක කැටයම් ඔපලා පාවෙන දේදුනු ලැඟුම් ගනී’ යන පද මාලාව ද ඊට දිය හැකි නිදසුන් දෙකකි. සඳකඩපහණේ සෞන්දර්යාවේශය සිතින් පමණක් නො ව හදින් ද ස්පර්ශ කළ, ආචාර්ය අජන්තා රණසිංහයන් ලියූ පහත දැක්වෙන ගී පදවැල එ් විශිෂ්ට නිර්මාණය බිහිකළ අනුරපුර පැරණි කලාකරුවාට පිදූ උසස් ම උපහාරයක් ලෙස සැලකිය හැකි ය.

සඳකඩපහණේ රූසිරු වරුණේ
දුටුවෙමි ඔබගේ පුතිභා ප‍්‍රභා
සිහල කලාකරුවාණනේ
මනසේ පිළිසිඳි සිත්කලූ සිතුවම්
ගල්කුළු මතුපිට එදා නිදන් කොට
කලා නිධාන සනාතන කරවූ
සිහල කලාකරුවාණනේ
ඔබගෙන් මා ලද යශෝප‍්‍රවාහය
දෙරණ පිටාරා ගලා බසින්නට
උදාර ශිල්ප කලා මට දුන මැන
සිහල කලාකරුවාණනේ…..

ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගේ සුගායනීය කටහඬින් අබිසෙස් ලැබූ මේ වටිනා ගීතය, සඳකඩපහණ නිර්මාණය කළ පැරණි කලාකරුවා දැයට දායාද කළ එ් මහා කලා නිධානයේ අධ්‍යාත්ම උරුමය යළි වත්මන් පරපුර වෙත ළඟා කරගැනීම සඳහා කළ ආයාචනයක් වැන්න.

සටහන
මාටින් වික‍්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පරිපාලන ලේකම්
දයාපාල ජයනෙත්ති