ෆොටෝ එකක් ගන්න පත්තරෙන් ආව කෙනෙක් හෙව්වේ ඉස්සර. මෑතක ඉඳලා කැමරා පහසුකම් තියෙන ජංගම දුරකථන ජනප‍්‍රිය වුණ නිසා තම තමන්ගේ ඡායාරූප තම තමන් ම ගන්න ප‍්‍රවණතාවයක් ඇති වෙලා. ‘සෙල්ෆි’ (Selfie) කියලා හඳුන්වන මේ ගණයේ ඡුායාරූප ඔබ සතුවත් ඇති…!

හැම දවසෙ ම සෙල්ෆියක් ගන්න කෙනෙක් ද ඔබ? බැරි වෙලාවත් ඔබත් එහෙම කෙනෙක් නම් මේ කියන්නේ ඔබ වගේ ම කෙනෙක් ගැනයි. දවස ගානේ අවුරුදු 16ක් පුරා ම සෙල්ෆි මඟින් තමන්ගේ ඡුායාරූප රැුස් කරපු පුද්ගලයෙක් ලෝකයේ ඉන්නවා. ඔහු 1998 වසරේ පටන් 2014 වසර දක්වා තමන්ගේ ඡුායාරූප එකතුව වීඩියෝ නිර්මාණයකට එක් කර තිබුණේ .ඛසඩසබට ඵහ ඛසෙැ ත්‍්ිඑැර. නමින්. මොකද හිතන්නේ? පුදුමාකාර සංකල්පයක් නේ ද මේක?

ඊටත් වඩා පුදුමාකාර ජීවිත හෙළිදරව්වක් මේ වීඩියෝවෙන් දැක ගන්න ලැබෙනවා. එ් තමයි, අපේ ඇහැට නො පෙනෙන සියුම් ආකාරයකින් දවස ගානේ අපේ රූපය වෙනස් වෙන විදිහ… නැසී වැනසී යන ස්වභාවයට අයිති මේ රූපය විපරිණාමයට පත්වන අයුර ලෝකයට ම පෙන්නමින් නිර්මාණය වුණ මේ වීඩියෝව අපට සිහිපත් කළේ ‘‘රුප්පතීති ඛෝ භික්ඛවේ තස්මා රූපන්ති වුච්චතී” යන බුද්ධ භාෂිතය යි. ‘‘නැසී වැනසී යන හෙයින් මෙය රූපය නම් වේ…!”

සෙල්ෆි නො තිබුණාට ඔබ සතුව ඔබේ ඡුායාරූප ඇල්බමයක් ඇති නේ. පෙරලලා බලන්න මොහොතක්…! ‘ළදරු කාලේ ඔබ… ළමා කාලේ ඔබ… පාසල් වයසේ ඔබ… තරුණ වයසේ ඔබ… විවාහ වුණ කාලේ ඔබ… මැදි වයසේ ඔබ…’ හරි ම පටලැවිල්ලක්. දැන් කවුද ඇත්තට ම ඔබ….? හිතන්න…

මේ රූපය ඔබ නො වෙයි! ඔබේ නො වෙයි! ඔබේ ආත්මය නො වෙයි! මේ රූපය අයිති වෙනස් වී නැසී වැනසී යන ස්වභාවයට ම යි…!