යහපත් ගුරුවර ඇසුරක් තරම් සිසුවෙකුට අත්වන තවත් ලාභයක් නම් නැත. සිසුවාගේ වැරදි නිවැරදි කරවමින් පරම උත්තම ඉලක්කයන් තරණය කරන්නට මඟ කියන්නේ එ් කල්‍යාණ වූ ගුරු ඇසුරයි. නිවන් මඟ ද එසේ ගුරු ගෝල ඇසුරේ ප‍්‍රගුණ කෙරෙන්නකි. දහම් සුව සොයා ගිහිගෙයින් නික්ම ගිය අනන්තත්, ඔහුගේ ඇසුර සොයා ගොස් දහම් ඇසුර ලද බිනරත්, ගුරු – ගෝල අරගලයේ අවසන් තීන්දුව ලෙසින් නිවන සාක්ෂාත් කරන සිසුවෙකු බිහි වීම සහ එය ම ගුරුවරයාගේ විජයග‍්‍රහණය වීම ගැන සොඳුරු ඔවදන් ලද අයුර ‘කසාවත’ පසුගිය ලිපියෙන් අපි කියවූවෙමු. මෙවර කසාවතේ අටවන දිගහැරුම, කාමයේ මස් වැදලිවලින් පීඩිත ජනයාගේ සුවපත් භාවය පිණිස වූ අමා ඔසු තැවරුණකි…
————————————————————————————-

ගුරු සිසු සබඳතාවය පිළිබඳ සුන්දර අවවාදයකින් අපගේ සිත් සැනසූ පින්වත් ස්වාමීන් වහන්සේට සමු දී එදින මම නිවසට ගියෙමි. උතුම් බුද්ධ දේශනා රාශියක් කියැවීමටත්, ගුරුදේවයන්ගේ අනුශාසනා ග‍්‍රන්ථයන් කිහිපයක් කියවන්නටත් පසුගිය මාසය තුළ දී මා හට හැකියාවක් ලැබිණ. නිරන්තර ධර්ම අධ්‍යයනයේ දී බොහෝ දහම් පද ආධුනික වූ මට ආගන්තුක නුහුරු බවක් ඉස්මතු කළ ද එ් සියල්ල එසේ ම තබා දිගට ම කියවිය යුතු බව මේ පොත් අතට ගන්නා විට ම අනන්ත පැවසුවේ ය. ඔහු පැවසුයේ කොයි තරම් සත්‍යයක්දැයි මා හට වැටහුණේ, මා හට නො තේරුණු දහම් පද තවත් තැනක තේරුම් කර දෙන අයුරු කිහිප විටක් ම මුණගැසුනු බැවිනි.

දහම් පොත් කියවීම විනෝදාංශයක් බවට පත් වෙමින් තිබිය දී, පසළොස්වක පොහෝ දින වැඩසටහනට සම්බන්ධ වීමේ අරමුණෙන් ඊට පෙර දින රාත‍්‍රියේ භාවනා අසපුවේ නවාතැන් ගැනීමට මා හට හැකි විය. එ් වෙන කිසිවක් උදෙසා නො වේ. සංඝයා වහන්සේලා ඇසුරු කරමින් ධර්මානුශාසනාවක් ලබා ගැනීමට මා තුළ බලවත් පිපාසයක් වූ බැවිනි.
රාත‍්‍රී ගිලන් පස ශාලාවේ රැුඳී හුන් නවක භික්ෂූන් වහන්සේලා යම් කලබලකාරී ගතියකින් පසුදින පෝය වැඩසටහනට අවශ්‍ය දේවල් සොයා බලන බවක් මම දුටුවෙමි. අනන්ත ද පේන මානයක නැත. ධර්ම සාකච්ඡුාවට නුසුදුසු කාලයක එවන් අපේක්ෂාවක් ඇති කර ගත්තේ දැයි දැන් මා හට සිතේ. පැවිදි අපේක්ෂක සොයුරෙකු හරහා අනන්තට යැවූ පණිවුඩය නිසාවෙන් තවත් මොහොතකට පසු ඔහු මා සිටි අසුන අසලට පැමිණියේ ය.

‘‘අද ටිකක් වැඩ වගේ… මම කරදර කළා ද! මට තිබුණා ධර්ම ශාලාවට ගිහින් නිදාගන්න. අපරාදෙ මම අනන්තට කතා කළේ…” මඳ පසුතැවීමකින් යුතු ව මම පැවසුවෙමි.
‘‘කරදරය කියන්නේ ප‍්‍රමුඛතාවය සම`ග රඳා පවතින දෙයක්. බිනරත් එක්ක කතා කරන එකට වඩා වටිනා දෙයකට ප‍්‍රමුඛතාවය දීලා හිටිය නම් බිනරගේ පැමිණීම මට වදයක් තමයි. මම හිටියෙ මෛත‍්‍රී භාවනාව පුරුදු වෙමින්. බිනර ආවෙ ධර්මයෙන් උපකාරයක් ගන්න. ඉතින් බිනර වෙනුවෙන්, මම මෙතනට ඇවිදගෙන ආව එකත් මෛත‍්‍රියට ම සම්බන්ධයි නේ. ඉතින් මට කොහොමටත් වදයක් නෑ. බිනරට උපකාර කරන එක මට වදයක් වෙන්නේ, මගේ මෛත‍්‍රී භාවනාව මම නවත්තලා ‘ඇයි මේ මනුස්සයා මේ වෙලේ ආවෙ’ කියල පටිඝය තෝර ගත්තොත් තමයි. මම මෛත‍්‍රි භාවනාව නැවැත්තුවෙ නෑ… එ් නිසා මට වදයක් වුණේ නෑ.”‍

‘‘සාදු සාදු අනන්ත. කොයිතරම් උතුම් අර්ථයක් ද මේ ඉස්මතු කළේ…!”

‘‘මම මේ ක‍්‍රමය දැනගත්තේ අපේ පින්වත් ස්වාමීන් වහන්සේනමකගෙන්. උන් වහන්සේ යමෙක් විසින් තව කෙනෙක්ට තරහ යන විදියේ දෙයක් කළොත් එ් හැම දෙයක් ම කැමැත්තෙන් ම ඉදිරිපත් වෙලා විසඳනවා.”

‘‘එ් කිව්වේ… මට තේරුණේ නෑ…”

‘‘සමහර අය පොදු වැසිකිළියට ගිහින්, සම්පූර්ණයෙන් ම වතුර ගහන්නෙ නෑ. අසූචි ඉතිරි වෙනවා. මේක කෙනෙක් තරහ ගස්සන දෙයක්. සමහරු ආහාර ගත්ත පිඟාන ඉඳුල් පිටින් රාක්කයට දානවා. ඕනෑකමින් හෝදන්නෙ නැතිව. තවත් අය සෙම සොටු හෝ බුලත් කෙළ ඉතා ම පිරිසිදු තැනක පහ කරනවා. තවත් වෙලාවක බල්ලෙක් ඇවිත් කවුරුත් යන එන තැනක මළ පහ කරනවා. මේ වගේ දුටු පමණින් ම කෙනෙක්ගේ හිතේ තරහ යන වැඩ තියනවා.

මම කිව්ව මේ ස්වාමීන් වහන්සේ හරි පුදුම කෙනෙක්. උන් වහන්සේ හරි කැමතියි, එ් වගේ දෙයක් දැක්කොත් එ්ක පිරිසිදු කරන්න. පෝය වැඩසටහන අවසන් වුණ ගමන් ම උන් වහන්සේ වැසිකිළිය හෝදන්න යනවා. උපාසකයන් සේදූ භාජන නැවත පරික්ෂා කර බලා නොවුවමනාවෙන් සේ¥ භාජන තිබුණොත් නැවත සෝදනවා. යමෙකුට අතපසු වුණ වතක් පිළිවෙතක් දැක්කොත් කැමැත්තෙන් ම එ්ක භාරගෙන කරනවා. දහවල් බුද්ධ පූජාව පවත්වන්න නියමිත ස්වාමීන් වහන්සේ ප‍්‍රමාද වුණොත් මේ ස්වාමීන් වහන්සේ කැමැත්තෙන් ම එ්ක සිදු කරනවා. වෙනත් කෙනෙක්ට තරහ යන ඕන ම දෙයක් මේ ස්වාමීන් වහන්සේ තමයි විසඳන්නේ. එක ම වරද නැවත නැවත කළත් උන් වහන්සේට වෙහෙසක් නෑ. ඉතින් මම දවසක් උන් වහන්සේගෙන් එ් ගැන ඇහුවා. පින්වත් ස්වාමීන් වහන්සේ මට දුන්නේ ඉතා ම සුන්දර පිළිතුරක්.‍

‘භාවනාව කියන්නේ සියල්ල අතහැරීම. වත් පිළිවෙත් කියන්නෙත් අන්‍යයන් වෙනුවෙන් තමන්ගේ කයින් වචනයෙන් සිදු කරන අතහැරීමක්. එක් අතහැරීමක් සියල්ල අතහරින භාවනාවට බාධාවක් වෙන්නෙ කොහොම ද!

බ‍්‍රහ්මවිහාර භාවනාව කියන්නේ සම්පූර්ණයෙන් ම පරාර්ථකාමීත්වය. වත පිළිවෙත කියන්නෙත් තමන්ගෙ කටයුතු පමණක් කර ගන්න එක නෙවෙයි, සියලූ දෙනාගේම පහසුව පිණිස පොදු කටයුතු උදෙසාත් මහන්සි වෙන එකට යි. එ්කත් පරාර්ථකාමී ක‍්‍රියාවක්. පරාර්ථකාමී ක‍්‍රියා දෙකක් එකිනෙකට බාධාවක් වෙන්නේ නෑ.

උණුසුම් කාලෙක ශරීරයට දාඩිය දාන වෙලාවට වටාපතකින් පවන් ගසමින් ඉන්න මොහොතක හදිසි සුළඟක් ඇවිත් වටාපත බිම වැටෙනවා. එ් විතරක් නෙවෙයි, දාඩියත් සන්සිඳෙනවා. ඉතින් ඇයි අපි සුළඟට වෛර කරන්නේ. සුළෙඟන් සිදු වුණෙත්, මම වෙහෙසක් දරල කරන්න හදපු දේ ම යි. අන්න එ් වගේ මම වෙහෙසක් දරල පුරුදු කරන්න හදන මෛත‍්‍රී භාවනාව තවත් පහසුවෙන් සිදු කරන්න ලැබුණු වටිනා ම අවස්ථාවක් තමයි වත් පිළිවෙත් කියන්නේ. ඉතින් ඇයි මම වත පිළිවෙතට ගැටෙන්නේ.
වත් පිළිවෙත් භාවනාවෙන් වෙන් කර ගන්න එපා. එතකොට එ්ක ඔබට වදයක්. වත් පිළිවෙත් භාවනාවේ ම කොටසක් කර ගන්න. එවිට එය ඔබට සුන්දර අත්දැකීමක් වේවි.’”
”අනන්ත. පුදුම ලස්සන අවවාදයක්…! සාදු සාදු සාදු” මම එය සතුටින් අනුමෝදන් වුණෙමි.

”අපි යමු ස්වාමීන් වහන්සේනමක් මුණ ගැහෙන්න. මේ වෙලාවේ යම් විවේකයකින් පසුවෙන ස්වාමීන් වහන්සේනමක් මට සිහිවුණා.” යැයි පවසමින් නැගී සිටි අනන්ත මා ද කැටුව ගිලන්පස ශාලාවෙන් පිටතට ඇවිද ගියේ ය.

විදුලි පන්දමක උපකාරයෙන් කොන්ක‍්‍රීට් ඇතිරූ පෙත් මඟ දිගේ ගමන් කළ අපි රාත‍්‍රී අඳුරේ වුව ද ඉතා ම ඉක්මනින් කුටියක් වෙත ළඟා වුණෙමු. මෙවර නම් ස්වාමීන් වහන්සේ එළිමහනේ රැඳී නො සිටි අතර අනන්ත අපේක්ෂා කළ පරිදි කුටියේ ද නො සිටියහ. නමුත් ඔහුගේ අදහස වූයේ ‘සුළු වේලාවක් මෙහි රැඳී සිටිමු’ යන්නයි.

එ් අපේක්ෂාව සඵල කරමින් සුළු වේලාවකින් ස්වාමීන් වහන්සේනමක් කුටිය වෙතට පැමිණෙන බව මම දුටුවෙමි. තවමත් තරුණ වියේ පසු වූ උන් වහන්සේ කුටිය අසල දී ම අප වෙත මඳ සිනහවක් පා ආලින්දයේ වූ අසුනේ තැන්පත් වූහ.

‘‘මම හිතුවේ පින්වත් ස්වාමීන් වහන්සේ කුටියේ ඇති කියලා…” ස්වාමීන් වහන්සේලාට වඳින ගාථාව කියා වන්දනා කොට එකත්පස් ව හිඳගත් පසු අනන්ත විසින් පැවසුවේ ඉතා ම ගරුසරු ඇතිවය. එය මා වෙනදා දුටුවාටත් වඩා වැඩි ගරුසරුවක් දැයි මා හට සිතුණේ ද එ් නිසා ය.

‘‘සතියක් වෙනවා අදට. ස්වාමීන් වහන්සේලා කිහිපනමක් සුත්ත නිපාතය පොත් වහන්සේගේ සූත‍්‍ර පැහැදිලි කර ගන්න ධර්ම සාකච්ඡුාවක් පටන් ගත්තා. මටත් ආරාධනාවක් ලැබුණු නිසා කැමැත්තෙන් ම සහභාගි වෙනවා.”

‘‘එහෙමයි ස්වාමීන් වහන්ස…”

‘‘අද හරි ලස්සන වැඩක් වුණා. පහළ ගිලන්පස ශාලාවේ සිටි වෙලාවේ, ආගන්තුකයන් භාර ස්වාමීන් වහන්සේ විසින් හදිසියේ ම පැමිණි පුතෙක් ව මා වෙත යොමු කළා. එ්ක ලස්සන කතාවක්.”

‘‘එහෙමයි ස්වාමීන් වහන්ස. මමත් දැක්කා. මූණ ඉදිමිණු තරුණයෙක් ස්වාමීන් වහන්සේ එක්ක කතා කරමින් සිටියා. අපිත් කැමතියි එ් සිදුවීම දැනගන්න.”

‘‘ආදරවන්තයෙක්. තවත් විදියකින් කියනව නම් එ්ක පාර්ශවික ආදරයක්. තවත් විදියකින් කියනව නම් තමන්ගෙ හිත ගිය තරුණිය ව තමන්ට කැමති කර ගන්න දහ දුක් විඳිමින් සිටි කෙනෙක්. මේ ළමයා මගේ ළඟින් ඉඳගෙන කඳුළු පුරවගෙන ම මට කතා කළා.

‘‘අනේ හාමුදුරුවනේ.. මට බණ ටිකක් කියන්න. මම අද ?ට දිවි නසාගන්න යන්නේ. මම කැමතියි බණ ටිකක් අහල ම මැරෙන්න.”

‘‘හොඳයි. මේ පුතාට තියෙන ප‍්‍රශ්නය මොකක්ද?”

‘‘මම ගෑනු ළමයෙක්ට ආදරය කළා. බස් එකේ, මහ පාරෙ, උදේ දවල් හැම වෙලේ ම එයා යන පස්සෙන් ම ගියා. පස්සෙ මට දැණුනා තවත් පිරිමි ළමයි එයාගෙ පස්සෙන් එයාව කැමති කරවගන්න පොරකන බවක්. එ් අය මේ ළමයා එක්ක කතා කරනවටවත් මම කැමති වුණේ නෑ. මගේ පපුව දනව වගේ ඉරිසියාවක් ආවා. එ්ත් එ් ළමය කිසිම පිරිමි ළමයෙකුට කැමැත්ත දෙන්නෙත් නෑ. යාළු වෙන්නෙත් නෑ. මටත් හිනා වෙනවා. අනිත් අයටත් හිනා වෙනවා. එ් පිරිමි ළමයි එකිනෙකාට ගොඩක් වෛර කළා. ඉරිසියා කළා. බැණ ගත්තා. තර්ජනය කර ගත්තා. එ් ගෑනු ළමයගේ ආදරය අපේක්ෂාවෙන් ඉන්න පිරිමි ළමයි ප‍්‍රමාණය අඩු කරන්න තමයි හැමෝ ම එහෙම කළේ.

මේ අතරේ මම ගෙදරිනුත් සල්ලි හොරකම් කරලා යාළුවන්ගෙනුත් ඉල්ලගෙන රුපියල් පනස් දාහක විතර රත්තරන් මාලයක් අරන් දුන්නා. මේ මාලය මේ ළමයා ගත්තා. මාලය ගත්තත් එයා මා එක්ක යාළු වුණේ නෑ.

එ්ත් හාමුදුරුවනේ, මේ සිද්ධිය අර අනිත් පිරිමි ළමයිට ආරංචි වුණා. එ් අය මාව ටවුන් එකේ පෙට‍්‍රල් ෂෙඞ් එක ළඟදි අල්ලගෙන හොඳට ම තඩි බෑවා. එ් ගෑනු ළමය දිහා බැලූවොත් මරණවා කිව්වා. මට ගහල ගහල කුණු කාණුවට තල්ලූ කරල තමයි එ් අය ගියේ. මේ සිද්ධිය වුණේ ඊයෙ. මට ජීවත් වෙලා වැඩක් නෑ හාමුදුරුවනේ. මගේ ආදරය මට ලැබෙන්නෙත් නෑ. මට උන් එක්ක හැප්පෙන්නත් බෑ. මට එයා නැති ව ජීවත් වෙලා වැඩකුත් නෑ. මම මැරෙන්න තීරණය කළා. මම දැනුත් ටිකක් බීලා ඉන්නේ මත්පැන් ටිකක්. එ්කට මට සමාවෙන්න ඕන. එ්ත් මට මැරෙන්න කලින් බණ ටිකක් අහන්න හිතුණ නිසයි භාවනා අසපුවට ආවෙ. හාමුදුරුවො දැන් මට බණක් කියන්න ඕන…”

‘‘හොඳයි හොඳයි. අපි කවුරුත් ඉතින් කවද හරි මැරෙණවනෙ. දැන් ඉතින් මහන්සියිනෙ. හෙට පෝය. පෝයක් අල්ලලා මැරෙන්න හොඳත් නෑනෙ. දැන් පුතා ටිකක් නිදා ගන්න. අපි හවසට කතා කරමුකො. පස්සෙ බැරියැ මැරෙන්න.”

මෙහෙම කිව්වට පස්සේ මේ ළමයා ටිකක් කීකරු වෙලා ගිහින් අපි වෙන් කළ තැනක හොඳට ම නිදාගත්තා. හවස 3ට විතර අවදි වෙලා ඉන්නවා දැකල මම කතා කරන්න ගියා. එ් වෙද්දි මත්පැන්වල සැර හොඳට ම අඩු වෙලා. එ් නිසා ම මට ටිකක් කතා කරන්න පුළුවන් වුණා.

එ් කතාවෙන් පස්සේ දැන් සිය දිවි නසා ගන්න අදහස මාසයකට කල් දාලා හෙට ඉඳන් අසපුවේ නැවතිලා වත් පිළිවෙත් කරගෙන දවස් තිහක් භාවනා කරන්නයි, බණ අහන්නයි පොරොන්දු වෙලා ඉන්නේ.”

‘‘එහෙමයි ස්වාමීන් වහන්ස… එයාගෙ පෙර පිනකට මේ පැත්තෙ ඇවිත් තියෙන්නේ.” අනන්ත පිළිවදන් දිණ.

‘‘එ්ක තමයි අනන්ත. ඔය ප‍්‍රශ්නය නම්, මේ අසපුවේ කඩුල්ලෙන් එපිට තියෙන ලෝකෙ ජීවත් වෙන තරුණයන් බහුතරයකට තියෙනවා පින්වත් ස්වාමීන් වහන්ස… බහුතරයක් ඉන්නේ ඔය වගේ ම තරගයක. දිනුවත් දිනපු කෙනාට වුණත් නිදහසක් නෑ. දිනපු ආදරය රැකගන්න ආදර තරගය තිබුණ කාලෙටත් වඩා වෙහෙසෙන්න වෙනවා.” මෙවර හඬ අවදි කළේ මා ය. එ් සියලූ තරුණයන් වෙනුවෙනි.

‘‘මස් කෑල්ලට පොර කෑම…!” ස්වාමීන් වහන්සේ විසින් ඉතා ම සීරුවෙන් සහ සෙමෙන් පිළිතුරු දී මඳ සිනහවක් පෑවේ ය. ඉන් අනතුරු ව ඉතා ම කරුණාවෙන් තව දුරටත් කතා කරන්නට විය.

‘‘පුතා… සුන්දර අඟ පසඟ සහිත, කියන්න තරම් අඩුවක් නැති, ලස්සනට අඳින පලඳින, මිහිරි තෙපුල් ඇති, බුහුටි පැවතුම් ඇති ස්ත‍්‍රිය කියන්නේ ඉතාමත් ම රසවත් සුවඳවත් පෙනුමෙනුත් කටට කෙළ උණන මස් කැබැල්ලක් වගේ. එ් මස් කැබැල්ල කුරුල්ලෙක් ඩැහැගෙන ඉගිලූනොත් එ් කුරුල්ලා එ් ඩැහැගත්තේ අනතුරක් බව එ් සතාවත් දන්නෙ නැ. එ් කුරුල්ලා හිතන්නේ තමන් දිනුවා කියල. නමුත් එ් මස් කෑල්ලට වහ වැටිලා හඹා එන ගිජු ලිහිණියන්, කපුටන්, උකුස්සන් වැනි පක්ෂීන් අර මස් කැබැල්ල වෙනුවෙන් කුරුල්ලාට කොටලා තුවාල කරල දානවා. අනතුරෙන් බේරෙන්න කුරුල්ලා සාමාන්‍යයෙන් කරන්නේ මස් කෑල්ලත් අරගෙන පුළුවන් තරම් වේගයෙන් පියාඹන එකයි.

අන්න එ් වගේ දෙයක් තමයි අධි සුන්දරත්වයක් සහිත ස්ත‍්‍රියක් සමග හාද වීමත්. සෑම විට ම එ් පුරුෂයා සිටින්නේ බියෙන්. ස්ත‍්‍රිය නොමඟ නො ගියත්, වෙනත් පිරිමින් විසින් එ් ස්ත‍්‍රිය ව ඩැහැ ගනීවි, බලහත්කාරකම් කරාවි කියා බියෙන් සැකයෙන් පසුවෙනවා. එ් විතරක් නෙවෙයි… එ් ස්ත‍්‍රිය ව අයිති කර ගන්න යුද්ධ කරනවා. ගහ මරා ගන්නවා. පොර කනවා.
අතීතයේ අධිරූමත් ස්ත‍්‍රීන් නිසා රාජ්‍යයන් අතරේ කොයි තරම් නම් යුද්ධ ඇති වුණා ද! සහෝදරයන් සහෝදරයන් කොයි තරම් නම් ගහ මරා ගෙන ඇත්ද! මිත‍්‍ර භේද වෙලා ඇත්ද! කාම වස්තුව කියන්නේ ඇස් කන් නාසා දිව ශරීර තියන සියලූ දෙනා ආශා කරන දෙයක්. එ් ලස්සන තමන් දැකල සතුටු වෙනව වගේ ම අනිත් අයත් දැකල සතුටු වෙනවා. ආශාවක් ඇති කර ගන්නවා. අයිති කර ගන්න හිතනවා. ප‍්‍රිය මනාප කාම වස්තූන් සර්ව සාධාරණයි. හැමෝම කැමතියි. එ් තරුණයාටත් මුහුණ දෙන්න වුණේ එ් ඛේදාන්තයට යි. කවුරුත් ආශා කරන ප‍්‍රිය මනාප කාම වස්තුවක් වූ අධි රූමත් තරුණියක් පසු පස ආදරය අපෙක්ෂාවෙන් ගිහින් මස් කැබැල්ලට හොට තිබූ සැණින් ම ගිජු ලිහිණියන් කපුටන් උකුස්සන් වටවෙලා පහර දුන්නා වගේ අවාසනාවකට තමයි ඔහු මුහුණ දුන්නේ. දැන් ඔහු මස් කැබැල්ල නො ලැබෙන දුකට දිවි නසා ගන්න හදනවා. නිවැරදි විසඳුම එය නෙවෙයි.”
‘‘එහෙමයි ස්වාමීන් වහන්ස. නිවැරදි විසඳුම කුමක් ද එහෙනම්…” මම විමසුවෙමි.

‘‘මස් කැබැල්ල අත හරින්න. අලූත් මස් කැබලි සොයන්නත් එපා. මස් කන ආශාව අත හරින්න. මස් නො කා සතුරන් ද ඇති නො වී ජීවත් වෙන්න පුළුවන් ආහාරයක් සොයා ගන්න. එ් ආහාරයෙන් සදාකාලික සතුටක් ලබන්න.

තවත් විදියකින් කිව්වොත්, මස් කියන්නේ ප‍්‍රිය මනාප කාම වස්තූන්ට කියන නමක්. අන්න එ් ප‍්‍රිය මනාප කාම වස්තූන් අතහරින්න. අලූතින් ප‍්‍රිය මනාප කාම වස්තූන් සොයන්නත් එපා. ප‍්‍රිය මනාප කාම වස්තුන් සේවනය කරන්න තියෙන ආශාව අතහරින්න. ප‍්‍රිය මනාප කාම වස්තුන් සේවනය නො කර විතර්ක විචාර ඇතිව හෝ නැතිව හෝ එ්කාග‍්‍රතාවය සහිත මනසක අත්විඳිය හැකි නිරාමිස පී‍්‍රතිය සහ සුඛය සිත් සේ විඳින්න. කිසිදා පෙනෙන – නො පෙනෙන කිසිදු සතුරෙකුට රිංගා පැහැර ගන්නට බැරි එ් ආර්ය වූ නිර්මාංශ (කාමයෙන් තොර* ආහාරයෙන් සතුටු වෙන්න.

යම් දිනක සදහට ම කාමයන් ගෙන් නිදහස් වෙලා අනාගාමී ඵලය සාක්ෂාත් කළොත් එ් සතුට සදාකාලික ව ම භුක්ති විඳිය හැකියි. අන්න එවිට ඔබ නිදහස්… සදහට ම මස් කෑමෙන් නිදහස්.

මංසපේසූපමා කාමා යනුවෙන් බුදුරජාණන් වහන්සේ වදාළ උපමාවක් තමයි මම මේ විස්තර කළේ. බුදුරජාණන් වහන්සේ විසින් කාමයන් මස් වැදැල්ලකට උපමා කළා. සැබෑ ම නිර්මාංශ වීම කියන්නේ කාමයන්ගෙන් නිදහස් වීමයි කියා කෙනෙක් කීවොත් එ් කාරණාව මේ දහම් කරුණට හොඳින් ම ගැළපෙනවා. එ් නිර්මාංශ වූ කෙනා භුක්ති විඳින නිර්මාංශ ආහාර මොනව ද කියල විමසුවොත් එ් තමයි නිරාමිස ප‍්‍රීතියත් සුඛයත් සහිත ධ්‍යාන සමාපත්තීන් යැයි පැවසුවොත් එයත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ගැළපෙනවා…”
‘‘සාදු සාදු සාදු… එහෙමයි ස්වාමීන් වහන්ස…!”

‘‘පෙනුමෙනුත් විරූපී, කටහඬිනුත් අප‍්‍රිය, ශරීරයෙනුත් දුගඳක් හමන, පහසෙනුත් සැපයක් නැති ස්ත‍්‍රියක් විවාහ කර ගන්න කිසි කෙනෙක් කැමති වෙන්නෙ නෑ. නමුත් එ් ස්ත‍්‍රිය බොහොම ගුණවත් සිතක් සහිත තැනැත්තියක් වෙන්නත් පුළුවන්. එ් වගේ ම ඇය ව ප‍්‍රවේශම් කර ගන්න වද වෙන්නත් අවශ්‍ය නෑ. ඇයට කවුරුත් කැමතිත් නෑ. කාම වස්තුන් සොයන අයගේ ඉලක්කයක් නෙවෙයි ඇය..! ඉතින් එබඳු ස්ත‍්‍රියක් විවාහ කරගෙන මේ පොර බැඳීමෙන් ගැලවෙන්න කෙනෙක් උත්සාහ කරන්න පුළුවන්. නමුත් එපමණකින්වත් එ් ප‍්‍රශ්නය විසඳෙන්නෙ නෑ.

කිසිදු කාම වස්තුවක් නො ලැබුණ කාම පිපාසිතයෙකුට මරණාසන්න වැහැරුණු ස්ත‍්‍රියක් වුණත් දූෂණය කරන්න පුළුවන්. එ් තරම් ම මේ කාම තෘෂ්ණාව තුච්ඡුයි. එ් නිසා එවන් විරූපි දුගඳ හමන කටුක පහසක් ඇති ස්ත‍්‍රිය වුණත් තවත් කාම පිපාසිතයෙකුගේ ගොදුරක් වෙන අවස්ථාවකුත් උදා විය හැකියි. එ් නිසා කාම වස්තුවේ ප‍්‍රබලතාවය උස්පහත් කරලවත් මේ පොරකෑමෙන් බේරෙන්න බෑ. බඩගින්න වැඩි වුණා ම කුණු මස වුණත් කනවනේ. අන්න එ් වගේ තමයි.

එහෙනම් අපිට තියෙන හොඳ ම විසඳුම තමයි, රසවත් මසත්.. කුණු මසත්… යන සියලූ ම මස් වර්ග අත හරින එක. එ් රසවත් මස නම් වූ ප‍්‍රිය මනාප කාමය මිනිස් ලෝකයේ පවතින්නක් වෙන්නත් පුළුවන්. දිව්‍ය ලෝකයේ පවතින්නක් වෙන්නත් පුළුවන්. කුමන තැනක පැවතුණත්, පොරකෑමෙන් සහ අන්‍යන්ගේ බැල්මකින් පවා පරිස්සම් කර ගන්න පහසු වෙන්නෙ නෑ.

ඇතැම් ආගම්වල ස්ත‍්‍රිය සම්පූර්ණයෙන් ම ආවරණය කරන්නෙත් බැල්මෙන් පවා තවත් පිරිමියෙකුගේ සිත ස්ත‍්‍රියට බැඳී යාම නවත්වන්නයි. නමුත් එපමණකින් ම ස්ත‍්‍රිය රැුකගන්න ලැබුණෙ නෑ. නිවසේ වෙසෙන ඥාති සොයුරන් අතින් හෝ එ් වරද සිදු වෙනවා. ස්ත‍්‍රියගෙ කැමැත්තෙන් හෝ වරදේ බැඳෙනවා. බලහත්කාරයෙන් හෝ ඇය ව දූෂණය වෙනවා.
එ් නිසා හොඳ ම දේ… ප‍්‍රිය අප‍්‍රිය සියලූ කාම වස්තූන් අත්හරින්න පුරුදු වෙන එකයි. එ් අත්හැරීම මහත් වූ සැපයක්. මහත් වූ නිදහසක්. මහත් වූ අස්වැසිල්ලක්. එ් වගේ ම එ් අතහැරීමත් සමගින් ම නිරාමිස ප‍්‍රීති සුඛ තුළ හිත පිහිටුවා ගන්නත් ඕන. ධ්‍යානයක පවතින නිරාමිස ප‍්‍රීති සුඛවලටත් වඩා අධිකතර සැපයක් පවතින, අසමසම සැපයක් පවතින නිබ්බාන සුඛය තුළත් සිත පිහිටුවා ගන්න ඕන. යම් දිනක එ් නිබ්බාන සුඛය නම් වූ නිර්මාංශ ආහාරයත් සතුරන්ගෙන් නිදහස් වූ කේෂ්ම භූමියේ පිහිටා සුවසේ වළඳන්නත් ඕන.
මේ ඉලක්කයට යන්න පුළුවන් නම්, කවද හරි වයසට ගිහින් අප‍්‍රාණික වෙලා මැරිල යන ස්ත‍්‍රියක් වෙනුවෙන් පොරකාලා මෝඩ කොල්ලන්ගෙන් ගුටි කාලා කාණු පල්ලේ වැටිලා දහ දුක් විඳලා දිවි නසා ගැනීම වගේ අනුවණකම්වලින් පිරුණු මේ තුච්ඡු සංසාරයට නැවතීමේ තිත තියන්න පුළුවන්… සදහට ම!

මේ ලෝකයේ සෑම අරමුණක් ම සෑම දෙයක් ම අප ඉදිරියේ අප අසලින් ම තියනවා. නමුත් එ් කිසිවක් අපිට අයිති නෑ. අයිති කර ගන්න ගියත් පොරබදන්න වෙනවා. පොරබදල අයිති කර ගත්තත් එ් කිසිවක් අපි ළඟ රැුඳෙන්නෙ නෑ. අයිති කර ගත් තරුණියගේ තරුණකමවත් අපි ළඟ රැුඳෙන්නෙ නැතිව නිවසේ දී ම මහලූ කාන්තාවක් බවට පත් වෙලා ලෙඩ ඇඳට වැටිලා ඇඳේ ම මළ පහ වෙලා මියෑදෙනවා.

නමුත් ඔබ මේ සියල්ල අතහැරලා නිර්වාණය සාක්ෂාත් කළොත්! එදාට, ඔබට කිසිවෙක් අයිති නෑ. නමුත් කිසිවෙකුට අයිති කර ගන්න බැරි සදාකාලික සැපයක් ඔබ භුක්ති විඳිනවා… සදහට ම!!

ඔව්… සදහට ම!!!”

මතු සම්බන්ධයි….

ඇඟිල්ලෙන් පෙන් වූ
සඳ දෙස බලන්න.
ඇඟිල්ල දෙස නො බලන්න.
ඇඟිල්ල ගැන නො සොයන්න.
මේ ශ‍්‍රී සද්ධර්මය
ජීවමාන යි…!
එ් බව පමණක් අකුරු කරන්නෙමි.

මහාමේඝ 2014 උඳුවප් කලාපය
WWW.MAHAMEGHA.LK

මතක සටහන
ජයලත්ගේ බිනර නවමල් බණ්ඩාර

මෙම ලිපිය පිළිබඳ ඔබේ අදහස් අපට කියන්න.
SMS Only – 077 063 08 68