මෙවර අප අවධානය යොමු කළේ බොහෝ දෙනෙක් හදුනන තවත් යෝගාසන දෙකක් පිළිබඳව යි. එනම් සුඛාසනය සහ වීරාසනය පිළිබඳව යි. එම ආසන මනාව පුහුණු වන ආකාරයත් සැලසෙන ප‍්‍රයෝජනත් සලකා බලමු.

සුඛාසනය

ඉහිල්වීමේ ඉරියව්වකි. මෙය පහසු  ඉරියව්වක් වන අතර භාවනා කිරීමට අපේක්ෂිතව ඉහිල්වීම සඳහා ද භාවිතා  කෙරෙන ආසනයකි. එමෙන්ම ශාස්ත‍්‍රීය භාවනා ඉරියව්වකි.

1. සමතලා බිමක වාඩි වෙන්න.
2. රූපයේ පරිදි දණහිසට පහළින් පාද සිටින සේ පාද එකිනෙක මත හරස්ව තබා ගනිමින් පිහිටුවා ගන්න.
3. දණහිස් තදින් අල්ලා ගන්න.
4. ඔබේ හිස සහ ශරීරය ඍජුව පිහිටුවා ගන්න.
ආරම්භයේ දී මෙම ආසනය ඝනකම්  කොට්ටයක් මත පහසුවෙන් පුහුණු විය හැක.
ආසනය පුහුණු වීමෙන් ලැබෙන ප‍්‍රයෝජන:
1. අභ්‍යන්තර සන්සුන් බව
2. කොඳු ඇට පෙළ ශක්තිමත් වීම
3. උකුල විවෘත වීම
4. පරිවෘත්තිය වේගය අඩු කිරීම
5. වෙහෙස දුරු වීම.
සීමා:
දණහිසේ තුවාල ඇති විට නුසුදුසු ය.

වීරාසනය

මූලික ආසන ඉරියව්වකි. භාවනා කිරීම සඳහා ද යෝග්‍ය ආසනකි.
1. රූපයේ පරිදි ඔබගේ දෑත සහ දණහිස් උකුලේ පළලට ඈත් කර පොලව මත (සමතලා බිමක) තබා ගන්න. නමුත් පාද උකුලේ පළලට වඩා සුළු ප‍්‍රමාණයකින් වැඩි වන පරිදි ඈත් කර තබා ගත යුතුයි. තවද පාද පිටුපසට එල්ල වී පැවතිය යුතුයි.

2. ඔබගේ දෑත ද ආධාර කර ගනිමින් පාද අතර වාඩි වෙන්න. ඉන් පසු උකුල සෙමෙන් පොලව වෙතට පහත් කරන්න. මේ ක‍්‍රමයට ඔබට පහසුවෙන් වාඩි වී සිටිය නොහැකි නම් හෝ මෙසේ වාඩි වී සිටින විට දණහිස් වේදනා හට ගනී නම් කිහිප වරක් නමන ලද බ්ලැන්කට්ටුවක් මත මෙම ආසනය  පුහුණු කරන්න.  සමහර විට මෙම ආසනයේ පහසුවෙන් රැුදී සිටීමට මාස කිහිපයක් පුහුණු වන්නට සිදු වනු ඇත. පසුව ඔබට පාද අතර නිතඹ තබා පහසුවෙන් ස්ථාවරව පොළව මත අසුන්ගතව සිටිය හැකි වනු ඇත.

3. ඉන්පසුව උදරය පසුපසට කර උකුල යෝග්‍ය ලෙස පිහිටුවා ගෙන මනා ලෙස සිරුරේ කේන්ද්‍රය පවත්වා ගත යුතු යි. එවිට ඔබගේ උකුල කලවය සමග ලම්බකව පිහිටයි. අනතුරුව ඔබගේ දෑත උකුල මත හෝ කලව මත හෝ විවේකිව තබා ගෙන දෑස වසා ගන්න. උරහිස් කනට පිටුපසින් සහ පහළට සිටින සේ සැහැල්ලූ‍වෙන් තබා ගන්න. ඉන්පසු හිසට සම්පූර්ණ සමතුලිත බවක් දැනෙන තුරු නිකට ඔසවා හෝ පහත් කර පිහිටුවා ගන්න.

ආසනය පුහුණු වීමෙන් ලැබෙන ප‍්‍රයෝජන:

1. දණහිස්, වළලූ‍කර, කලව දිගැදෙයි.
2. කපාට ශක්තිමත් කරයි.
3. ආහාර දිරවීම වැඩි දියුණු කරන අතර වායු මුදා හැරීමට උපකාර වෙයි.
4. ආර්තවාභාවය නිසා ඇතිවන විවිධ රෝග ලක්ෂණ දුරු කරයි.
5. අධි රුධිර පීඩනය සහ ඇදුම සඳහා ප‍්‍රතිකාර ක‍්‍රමයකි.
සීමා:
1. හෘදයේ ගැටළු පවතින පුද්ගලයන් මෙම ආසනය පුහුණු වීම නුසුදුසු ය.
2. හිසරදයෙන් පෙලෙන අවස්ථාවල පුහුණු වීමේදී පසුපස, ආධාරකයක තබා ගන්න.
3. දණහිස හෝ විලූ‍ඹ තුවාල වී ඇති අවස්ථාවල දී ද මෙම ආසනය පුහුණු වීම නුසුදුසු ය.
මෙම ඉරියව්වේ දී පාදයේ වළලූ‍කරට වේදනාවක් දැනේ නම් අසුන් ගැනීමට පෙර නමන ලද තුවායක් වළලූ‍කරට යටින් තබා ගන්න.

මහාමේඝ 2011 බක් කලාපය
WWW.MAHAMEGHA.LK

සටහන
පියුම්නිල් ගමගෙදර