වර්තමානයේ අප ජීවත් වන්නේ තාක්‍ෂණික වශයෙන් ශීඝ‍්‍රයෙන් දියුණු වෙමින් පවතින ලෝකයක යි. නොයෙක් කර්තව්‍යයන් සඳහා විවිධ වූ උපකරණ හා සේවාවන් භාවිත වෙනවා. අප දන්නා දශක කිහිපයක අතීතය සමඟ සසඳා බලන විටත් වර්තමාන ලෝකය තාක්‍ෂණික වශයෙන් ශීඝ‍්‍ර පරිවර්තනයකට ලක්ව ඇති බව දකින්නට පුළුවන්.

ජංගම දුරකථනයක් අතේ නො රැඳුන කෙනෙක් අද සොයාගැනීමට අපහසු තරම්. බොහෝ පිරිසක් පරිගණක/ස්මාර්ට් ෆෝන් භාවිතා කරනවා. බොහෝ නිවෙස්වල රූපවාහිනී/ගුවන්විදුලි නිරන්තරයෙන්
ක‍්‍රියාත්මක වෙනවා. ඔරලෝසු, ඇස් කණ්නාඩි වැනි පලඳනාවන් පවා අද වෙනකොට නොයෙක් කාර්යයන් ඉටු කරන, සේවාවන් සපයන තාක්‍ෂණික උපකරණ බවට පත්වෙලා.

කාර්යාලවල, නිවෙස්වල අපේ වැඩ පහසු කරණ උපකරණ බොහෝමයක් දකින්නට තියෙනවා. සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයේත් බොහෝ නවීන උපකරණ භාවිත වෙනවා. දුෂ්කර ප‍්‍රදේශවලට පවා විදුලි බලය ලැබී තිබෙනවා.

මේ ආකාරයෙන් විවිධාකාර වූ ප‍්‍රතිලාභයන් අප ලැබුවත්, එ් හා සම්බන්ධ තාක්‍ෂණික වටපිටාව ගැන අප බොහෝ විට දන්නෙ නැහැ. එ් සම්බන්ධයෙන් අවධානය යොමුවෙන්නෙත් අඩුවෙන්. උදාහරණයක් විදිහට, අපි ජංගම දුරකථනයකින් තව කෙනෙකුට කතා කරනවා, නැති නම් අන්තර්ජාලය හා සම්බන්ධ වෙලා සජීව දර්ශනයක් නරඹනවා යැයි සිතමු. අපට තව කෙනෙක් දුර සිට කතා කරන දේ ඇහෙන්නෙ කොහොම ද? වෙන තැනක සිදුවන දෙයක් සජීව ලෙස අපට පේන්නෙ කොහොම ද? මේ ක‍්‍රියාවලියේ දී ශක්තිය එක තැනක සිට තව තැනකට ගමන් කිරීම සිදු වෙනවා. නමුත් අපට එය දර්ශනය වන්නේ හෝ හැෙඟන්නේ හෝ නැහැ. එ් නිසා ම එ් ගැන අවධානයක් යොමු වන්නේත් නැහැ. මේ ආකාර වූ ශක්ති සම්පේ‍්‍රෂණයන් විවිධ ක‍්‍රම ඔස්සේ සිදු කෙරෙනවා. රැහැන් සහිතව හා රැහැන් රහිතව මේ ශක්ති සම්පේ‍්‍රෂණය සිදුකෙරෙන ක‍්‍රම පවතිනවා. මේ එක් එක් ක‍්‍රියාවලිවල දී වෙනස් සංඛ්‍යාතවලින් යුත් විද්‍යුත් චුම්බක තරංග භාවිත වෙනවා.

ස්වභාවිකව සිදුවන හෝ කෘත‍්‍රිමව සිදුකෙරෙන යම් විද්‍යුත් චුම්බක ක‍්‍රියාවලියක ප‍්‍රතිඵලයක් ලෙස ශක්තිය කිරණ වශයෙන් නිකුත් වීම සිදු වනවා. එය හැඳින්වෙන්නේ විiුත් චුම්බක විකිරණය නමින්. සංඛ්‍යාතය අඩු රේඩියෝ තරංගවල සිට ඉහළ සංඛ්‍යාතයක් ඇති ගැමා තරංග දක්වා මේ විද්‍යුත් චුම්බක වර්ණාවලිය විහිදෙනවා. රේඩියෝ තරංග, ක්‍ෂුද්‍ර තරංග, අධෝරක්ත විකිරණ, දෘශ්‍ය ආලෝකය, පාර ජම්බුල කිරණ, x කිරණ, ගැමා කිරණ, කොස්මික් කිරණ වශයෙන් මේවා වර්ගීකරණය කෙරෙනවා. මේ තරංග සම්පේ‍්‍රෂණයට මාධ්‍යයක් අවශ්‍ය වන්නේ නැහැ.

සූර්යයාගේ සිට පොළවට ශක්තිය සම්පේ‍්‍රෂණය වන්නෙත් විද්‍යුත් චුම්බක විකිරණය මගින්. ප‍්‍රධාන වශයෙන් අධෝරක්ත කිරණ, දෘශ්‍ය ආලෝකය හා පාරජම්බූල කිරණ සූර්යයාගෙන් නිකුත් වනවා. එය අයත් වන්නේ ස්වභාවික විකිරණයට යි (Natural Radiation). වර්තමාන ලෝකයේ මිනිසා මේ සෑම සංඛ්‍යාතයකට ම අයත් විද්‍යුත් චුම්බක තරංග කෘත‍්‍රිමව නිපදවීමට සමත් වී තිබෙනවා. මේවා නොයෙක් කාර්යයන් සඳහා භාවිත කෙරෙනවා. එය අයත් වන්නේ කෘත‍්‍රිම විකිරණයට යි (Artificial/Man-made Radiation). අප කලින් කතා කළ ජංගම දුරකථන සම්බන්ධ සේවාවන්ට යොදාගෙන ඇත්තේ ද මේ කෘත‍්‍රිමව නිපදවන ලද රේඩියෝ හා ක්‍ෂුද්‍ර තරංගයි. මේ විකිරණවලට අප නිරන්තරයෙන් ම නිරාවරණය වීම සිදු වෙනවා. ආලෝකය හා තාප (අධෝරක) විකිරණවලට අප සංවේදී වුවත් සන්නිවේදන ක්‍ෂේත‍්‍රයේ දී බහුල වශයෙන් භාවිත කෙරෙන රේඩියෝ හා ක්‍ෂුද්‍ර තරංග ඇතුුළු අනෙකුත් විද්‍යුත් චුම්බක තරංග අපගේ ඉන්ද්‍රියන්ට ගෝචර වන්නේ නැහැ. නමුත් එ්වාට අප නිරන්තරයෙන් නිරාවරණය වෙනවා. මෙසේ නිරාවරණය වීමෙන් ඇතිවන ප‍්‍රතිඵල ගැන දැනුම්වත් වීමත්, මේවායේ ඇති සෞඛ්‍ය අවදානම ගැන සොයා බැලීමත් සැබැවින් ම වැදගත්. මෙහි දී ස්වභාවික විකිරණයන්ට වඩා කෘත‍්‍රිම විකිරණයන්ට නිරාවරණය වීමෙන් ඇති විය හැකි අයහපත් බලපෑම වැඩි බවයි පර්යේෂකයන්ගේ මතය වී තිබෙන්නේ. එ් නිසා ම, විවිධ රෝගාබාධයන්ට ගොදුරු කරවිය හැකි මේ කෘත‍්‍රිම විද්‍යුත් චුම්බක විකිරණය තාක්‍ෂණික දියුණුවේ අඳුරු පැත්තක් හැටියටයි ඔවුන් හඳුන්වා දී තිබෙන්නේ.

බහුල වශයෙන් අප විද්‍යුත් චුම්බක විකිරණයන්ට නිරාවරණය වන ක‍්‍රම සහ එ්වායේ ඇති සොඛ්‍ය බලපෑම්

මේ සම්බන්ධව බොහෝ රටවල බොහෝ පර්යේෂණ කෙරී තිබෙනවා.

ජංගම දුරකථන භාවිතයේ දී…
ජංගම දුරකථන සන්නිවේදන කුලූණු හා සම්බන්ධ වීමේ දී නිකුත් කෙරෙන රේඩියෝ තරංගවලට නිරාවරණය වීම සහ සන්නිවේදන කුලූණු අතර හුවමාරු වන ක්‍ෂුද්‍ර තරංගවලට නිරාවරණය වීම සිදු වනවා. මේ හා සම්බන්ධ පර්යේෂණවලින් සනාථ වී ඇති කරුණු අනුව ඇති විය හැකි අවදානම් තත්ත්වයන් වන්නේ,

මොළයේ පිළිකා ඇති වීම හා පිළිකා සෛල වර්ධන වේගය වැඩි වීම
කුඩා අවදියේ දී ලියුකේමියාව වැළඳීමේ අවදානම වැඩි වීම
හිසරදය
නින්දේ අක‍්‍රමවත් බව
මතක ශක්තිය අඩු වීම
ස්නායු ආබාධ
රුධිර පීඩනය අඩු වීම ආදිය

පරිගණක හා රූපවාහිනී භාවිතයේ දී…
පරිගණක හා රූපවාහිනී තිරවලින් යම් ප‍්‍රමාණයක x කිරණ සහ අනෙකුත් විකිරණ නිකුත් වනවා. කැතෝඩ කිරණ නල (CRT)  සහිතව නිපදවන ලද එ්වායෙහි මෙය තරමක් වැඩි අතර LCD/LED තිරවල සාපේක්‍ෂව අඩු යි.
දීර්ඝකාලීන භාවිතයේ දී පිළිකා ඇතිවීම සහ ප‍්‍රතිශක්තිකරණ හැකියාව අඩු වීම සිදු විය හැකි බව පර්යේෂණවලින් පෙන්වා දී තිබෙනවා.

x කිරණ යන්ත‍්‍ර ආදි වෛද්‍ය ක්‍ෂේත‍්‍රයේ දී භාවිත වන උපකරණවලින්…
කිරණවලට නිරාවරණය වීමෙන් පසුකාලීනව පිළිකා ඇති වීමේ අවදානමක් පවතින බව පෙන්වා දී තිබෙනවා. නමුත් මේ අවදානම ඉතා ම අඩු බවයි පැවසෙන්නේ.

ක්‍ෂුද්‍ර තරංග උඳුන් භාවිතයේ දී…
ක්‍ෂුද්‍ර තරංගවලට නිරාවරණය වීමෙන් පිළිකා, විකෘති දරු උපත්, ප‍්‍රතිශක්තිකරණ හැකියාව දුබල වීම, බැක්ටීරියා/වෛරස් ආසාදනයන්ට ලක්වීමේ හැකියාව වැඩිවීම ආදි දේ ඇති වන බව පෙන්වා දී තිබෙනවා. මේවා ඇති වන්නේ ක්‍ෂුද්‍ර තරංග උඳුන් භාවිතයෙන් පිසින ලද ආහාර අනුභවයෙන් නො වෙයි. එම තරංගවලට නිරාවරණය වීමෙන්. ප‍්‍රමිතියෙන් තොර උඳුන්වලින් මෙය සිදුවීමේ අවදානමක් තිබෙනවා.

විදුලි රැහැන් මගින්…
අධිබල විදුලි රැහැන් ආශ‍්‍රිතව පවතින විද්‍යුත් චුම්බක ක්‍ෂේත‍්‍රයන්ට නිරාවරණය වීම මගින් ද මොළයේ පිළිකා, ලියුකේමියාව, නින්දේ අක‍්‍රමවත් බව, හදවත් රෝග, පියයුරු පිළිකා ආදිය ඇති වීමේ අවදානමක් පවතින බව දීර්ඝකාලීනව කෙරී ඇති අධ්‍යයනවලින් පෙන්වා දී තිබෙනවා.

– ආරක්‍ෂා වීම සඳහා ගත හැකි පියවර –
ජංගම දුරකථන භාවිතයේ දී
දීර්ඝ වේලා කතා කිරීමෙන් වැළකීම
Hands – Free  භාවිත කිරීම
සංඥා අඩු ප‍්‍රදේශවල දී භාවිත නො කර සිටීම (සංඥ කුලූණේ සිට ලැබෙන සංඥා ප‍්‍රබල නො වූ විට ජංගම දුරකථන මගින් වැඩි ශක්තියකින් යුක්තව සම්පේ‍්‍රෂණය කිරීම සිදු කෙරෙනවා.)
අනවශ්‍ය වේලාවන්වල දී Wi-Fi, Bluetooth  සේවාවන් අක‍්‍රිය කර තැබීම
ප‍්‍රමිතියෙන් තොර ජංගම දුරකථන භාවිතයෙන් වැළකී සිටීම

තවත් ආරක්ෂිත පියවර
ඉතා ආසන්නයේ සිට නැරඹීමෙන් වැළකීම
අත්‍යවශ්‍ය වෛද්‍ය කටයුත්තක දී හැරුණු කොට ඞ කිරණවලට නිරාවරණය වීමෙන් වැළකීම
ක්‍ෂුද්‍ර තරංග උඳුන් ක‍්‍රියාත්මක වන විට එයට ආසන්නයේ සිටීමෙන් වැළකීම
අධිබල විදුලි රැුහැන් ආසන්නයේ නිවාස, කාර්යාල සෑදීමෙන් වැළකීම

මීට අමතරව නවීන උපකරණ නිෂ්පාදනයේ දී එ්වායේ ඇති සෞඛ්‍ය අවදානම අවම වන පරිදි නිර්මාණය කිරීමත් පර්යේෂකයන්ගේ හා නිෂ්පාදකයන්ගේ වගකීමක් වනවා. නිරාවරණය වීමෙන් අවදානම් රහිත යැයි සැලකෙන විද්‍යුත් චුම්බක ක්‍ෂේත‍්‍රයන්හි සම්මත ප‍්‍රමාණයන්ට අනුකූලව නිෂ්පාදන සිදු කිරීමෙන් සියලූ දෙනාටම සිදුවන්නේ යහපතක්.

විද්‍යුත් චුම්බක විකිරණයන්ට නිරාවරණය වීමෙන් වැළකී සිටීමට නො හැකි වන තරමට ම වර්තමානයේ කරුණු සකස් වී තිබෙනවා. නමුත් අපට එ් සඳහා කළ හැකි සුළු හෝ යමක් වේ නම් එ් ක‍්‍රියාමාර්ග අනුගමනය කිරීමෙන් අනවශ්‍ය අවදානමින් මිදීමට අපට හැකියි.

වර්තමානයේ දියුණුව යැයි කියා ගන්නා දේ තුළ තිබෙන්නේ අප විසින් ම ගොඩනගා ගත් සංකීර්ණ බවක්. පහසුව පිණිස අප විසින් සොයාගෙන ඇති, නිර්මාණය කොට ඇති දේ නිසාවෙන් ම අප නොයෙක් අර්බුදවලට මුහුණ දී තිබෙනවා. සෞඛ්‍ය වශයෙන් පිරිහීමක් තමයි ඇතිවන්නේ. ආයුෂ පිරිහීමක් තමයි ඇති වන්නේ. මේ හේතු නිසා අපට අනාගතයේ දී බලාපොරොත්තු විය හැක්කේ සුරක්‍ෂිත බවකට වඩා අනාරක්‍ෂිත බවක්. මේ නිසා නුවණැතියන්ට අප‍්‍රමාදී වීම ම යි වටින්නේ.

මහාමේඝ 2015 වෙසක් කලාපය
WWW.MAHAMEGHA.LK

සටහන
සඳුන් රාජපක්ෂ