අපගේ ළඟ ම ඥාතියෙක් හරි, අසල්වාසියෙක් හරි අප අතරින් සමුගෙන මිය පරලොව ගිය වෙලාවට අපට මහත් දුකක් දොම්නසක් ඇති වෙනවා. ඉතින් එ් වෙලාවට අපට හිතෙනවා, මිය ගිය කෙනා වෙනුවෙන් මොනව හරි දෙයක් කරන්නට තියෙනවා නම් කොච්චර හොඳ ද කියලා. මේ කාරණයේ දී ලෝකයේ නොයෙක් දෙස වෙසෙන නොයෙක් අය නොයෙක් දේවල් සිදු කරනවා. මරණයේ ස්වභාවය ගැන යන්තමින්වත් නො තේරෙන උදවියට නම් හඬා වැළපීම ම හැර වෙනත් දෙයක් නැහැ.

මියගිය කෙනාගේ මරණයට හේතු වුණ කෙනෙක් ඉන්නව නම් එ් කෙනාගෙන් පළිගන්නට ක්‍රෝධ සිත් ඇතිව විලාප තියමින් හඬන අයත් ඉන්නවා. තවත් සමහරු වියෝව දරාගන්නට නො හැකිව නොයෙකුත් ආකාරයේ සිහිවටන ස්මාරක ආදියත් නිර්මාණය කරනවා. ටජ්මහල් කියන්නෙක් එ් වගේ එක් උදාහරණයක් තමයි. මේ කරන සෑම දෙයක් ම තමන්ටත්, අනුන්ටත්, මියගිය කෙනාටත් කිසිම ආකාරයකින් ප‍්‍රයෝජනයක් වන, යහපතක් වන දේවල් නම් නො වෙයි. යම් කෙනෙකුගේ මරණයක දී මිය ගිය අයටත්, එ් මැරුනකෙනාගේ සමීපතමයන්ටත්, අන් සියලූ දෙනාටත් යහපත සැලසෙන ප‍්‍රතිපදාවක අප කාටත් නියැළෙන්නට පුළුවනි නම් එ්ක මොන තරම් හොඳ දෙයක් ද?

බුදු දහමින් පෝෂණය වූ අප රටේ නම් යමෙකුගේ මරණයක දී කටයුතු සිදු කරන විධිමත් වැඩපිළිවෙළක් දකින්නට ලැබෙනවා. විශේෂයෙන් ම මිය ගිය ඤතීන්ගේ පරලොව ජීවිත සුවපත් කිරීම පිණිස දන්පැන් දී මියගිය අයට පින් අනුමෝදන් කිරීම බොහෝ දෙනෙක් විසින් ඉතා ඕනෑකමින් සතුටින් සිදු කරන දෙයක්. එ්කෙ දී මිය ගිය අයට වගේ ම දන්පැන් පූජා කරන අයගේ ජීවිතවලටත් බොහෝ පින් රැස්වෙනවා.

එ් වගේ ම අප සමාජයේ තියෙන තවත් උතුම් පින්කමක් තමයි මරණයට නියමව සිටින සතුන්ට අභය දානය දී එම පින් මිය ගිය අයට අනුමෝදන් කිරීම. ඉතින් මෙවැනි කටයුතුවලින් සියල්ලන්ට දෙලොව ම යහපත පිණිස පවත්නා පින්කම් කරන්නට අවස්ථාව උදා වෙලා තියෙන්නෙ එ් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රී සද්ධර්මය තුළින් පන්නරය ලද සංස්කෘතියක්, ජීවන සම්ප‍්‍රදායක් අපට උරුම වූ නිසයි. එ් හෙළ බොදු ජීවන පෙවෙත වඩාත් අරුත් ගන්වමින් මළගියවුන් හා බැඳුණු අපූරු පිළිවෙතක නියැළුන පිරිසක් ගැන අපට අසන්නට ලැබුණේ 2014 වර්ෂයේ නොවැම්බර් මස 18 වනදා. එ් අම්පාර දිස්ත‍්‍රික්කයේ දී. එදා ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වතාවට අමුතු ම ආකාරයේ පින් කටයුත්තක් සිද්ධ වුණා. අම්පාර දිසාපති නීල් ද අල්විස් මහතාගේ සහ දිසා වන නිලධාරී එ්. ආර්. එන්, මුණසිංහ මහතාගේ මූලිකත්වයෙන් යුතුව නොයෙක් අයගේ නමින් මිය ගිය ඥතීන් සිහිපත් කරමින් වන වගාවක් ආරම්භ කෙරුණේ මේ දවසෙදි. තමාගේ මියගිය ඥතීවරයා සිහිපත් කරවන පුවරුවක් ද සමඟින් නොයෙක් වර්ගවලින් පැළ 500ක් පමණ මෙහි දී රෝපණය කරනු ලැබුවා. එ් වගේ ම මෙය නම් කර තිබුණේ ‘සිහිවටන වන වගාව’ ලෙසිනුයි

ඇත්තටම මේ පින්කම නම් බොහෝ කාලෝචිත සහ බොහෝ කොට පින් රැස්වෙන විදිහේ පින්කමක්. මෙකල බොහෝ සෙයින් ස්වභාවික විපත් වර්ධනය වීමට හේතු වී තිබෙන්නේ ද වන සම්පත විනාශ කිරීමයි. ඉතින් මෙවැනි පින්කම් මගින් පරිසරය සුවපත් කිරීම සිදු වනවා. ඇත්තෙන්ම පරිසරය සුවපත් වන විට වඩා සුවපත් වන්නේ පරිසරයෙන් රැුකවරණය ලබන මිනිසුන් වන අප ම යි. මේ වන සම්පත කියල කියන්නේ සත්වයනට දිවා ? දෙකේ ප‍්‍රයෝජන ගන්නට තිබෙන සම්පතක්. එක් අතකින් වායුගෝලය පිරිසිදු වෙනවා. තවත් පැත්තකින් පොළවේ ජල සම්පත සුරැකෙනවා. තවත් පසෙකින් පරිභෝජනයට ඵලවැල ලබාදෙනවා. මෙසේ නොයෙක් අයුරින් ප‍්‍රයෝජන ගන්න ගන්න එ් වගාවට මුල් වූ අයට දිවා ? දෙකෙහි ම අප‍්‍රමාණ පින් රැස්වෙනවා. එය සිහි කරමින් ම දිවා රාත‍්‍රී සතුටින් වාසය කරන්නටත් අවස්ථාව උදාවෙනවා.

මෙසේ බොහෝ දෙනෙක් සුවපත් කරන දිවා රාත‍්‍රී පින් රැස්වන පින්කම් ගැන අපට බුදුරජාණන් වහන්සේගේ වචනවලින් ම අසන්නට ලැබුණා. සක‍්‍ර දේවේන්ද්‍රයා ‘මඝ’ නම් මානවකයෙකුව සිටි කාලයේ නොයෙක් ආකාරයේ මෙවැනි පින්කම් සිදුකළා. පොදු ජනයාගේ සුවපහසුව පිණිස පිරිස එකතු කරගෙන මං මාවත්, ගිමන් හල්, පැන් පොකුණු, වනෝද්‍යාන ආදිය නිර්මාණය කළා. එ් තුළින් දවල් රෑ දෙකෙහි ම බොහෝ පින් රැස්කර ගත්තා.

අපි දන්නවා අප අවට පරිසරය පිරිසිදුව, බොහෝ අයගේ හිතසුව පිණිස සොඳුරු ව පවත්වා ගන්නා විට පොළවවාසී දෙවිවරුන්ගේ උපකාරය ද රැකවරණය ද අපට නිරතුරුව ලැබෙනවා. එවිට ස්වභාවික විපත් අඩුවෙනවා. එ් වගේ ම නිසි කලට වැසි වසිනවා.

කෙනෙක් හිතන්න පුළුවන් ආමිසයෙන් පින් රැස්කරන්නට බොහෝ මිල මුදල් වියදම් කරන්න ඕන කියල. එ්ත් මේ වගේ වන උද්‍යාන පිහිටුවන්නට, මං මාවත් පිළිසකර කරන්නට ඉතා පහසුවෙන් පුළුවනි. මෙහි දී අපට පුළුවන් තවත් බොහෝ පිරිස් එකතු කරගෙන ම මෙවැනි පින්කම් කරන්නට. එවිට එ් කටයුත්ත ඉතා පහසුවෙන් හා මහා පරිමාණයෙන් සිදුකර ගන්න අවස්ථාව සැලසෙනවා.

භාග්‍යවතුන් වහන්සේ වදාළේ පින කියල කියන්නේ දුර ගමනක් යන කෙනෙකුට බත් මුලක් වගේ නිවන් දකින තුරු අපට සුවපහසුව ඇතිකරල දෙන දෙයක් කියලයි. ඉතින් අපට ද මෙවැනි උතුම් පින්කම් හා එක් වෙමින් දිවා රාත‍්‍රී සිත සිතා පින් රැස්කර ගැනීමට සිත් පහළ වේවා!

සටහන
කෝසල සමරසේකර