ලෝකයේ ස්මාර්ට් ම හෙවත් කදිම ම මිනිසුන් විසි දෙනා කවුරු කියල ද ඔබ හිතන්නේ? දන්න කියන කවුරුවත් එ් අතරේ ඉන්නවා ද?

ලෝකයේ දැනට ජීවත්ව සිටින ස්මාර්ට් ම මිනිසුන් විසි දෙනා ව නම් කරලා පසුගිය කාලේ එක්තරා වාර්තාවක් නිකුත් කෙරුණා. සාමාන්‍ය බුද්ධිය අන් අයට සාපේක්ෂව ඉහළ වුණ සහ එ් ඉහළ බුද්ධියෙන් ලෝකය වෙනස් කළ මිනිසුන් තමයි මෙයට ඇතුළත් කෙරුණේ.

මේ විසි දෙනා අතරේ ඊශ‍්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුත් සිටිනවා. ලෝකය විසින් ස්මාර්ට් කියලා හඳුන්වන මේ දේශපාලනඥයා මාස කිහිපයකට පෙර පැවති ඊශ‍්‍රායල් මහ මැතිවරණයේ දී එක්තරා ඡුන්ද පොරොන්දුවක් ලබා දීමෙන් ලෝකයේ ම අවධානයත් දිනා ගත්තා. ඔහුගේ පොරොන්දුව වුණේ ඔහු එ් මැතිවරණයේ ජයග‍්‍රාහකයා වුණොත් ඊශ‍්‍රායලය සමග දේශ සීමා අරගලයක යෙදී සිටින පලස්තීනය පොළෝතලයෙන් අතුගාලා දානවා කියන එකයි. මේ පොරොන්දුවෙන් පිනා ගියපු ඊශ‍්‍රායල් ජාතිකයන් ඔහුව මැතිවරණ ජයග‍්‍රාහකයා කරන්නට ඡුන්දය භාවිත කර තිබුණා.

රටක් සහමුලින් ම අතු ගා දමනවා කියලා ජන සංහාරයක් කරන වගට ප‍්‍රසිද්ධියේ කියාපාන මිනිසුන්ටත් ‘කදිම මිනිසුන්’ කියනවා නම්… කිසි ම කිසි දවසක අනුන්ගේ ජීවිතයක් නො නසපු, අඩුම තරමේ නැසීමේ හිතක්වත් පහළ නො කරපු, පණක් නසන්නට කිසිම කෙනෙකුට අල්පමාත‍්‍ර අනුබලයක්වත් නො දීපු, දිවි හිමියෙන් ප‍්‍රාණඝාතයෙන් වැළකී නො බිඳි, නොකිලිටි ප‍්‍රතිපත්තියකින් යුතු වුණු පරම අවිහිංසක මිනිසුන්ට අපි දිය යුත්තේ මොන නම ද???

හිතන්න… මේ ලෝකයේ සංඥ විපර්යාසයක් තිබෙනවා. ආශ්චර්යවත් යැයි නිසැකව ම කිව යුතු, අනුසය වශයෙන්වත් – රහසේවත් රාග සිතක්, ද්වේෂ සිතක්, මෝහ සිතක් නූපදවපු… උතුම් මුනි මෙඟ් පිය නගමින් එ් නිකෙලෙස් පිය සටහන් මත ප‍්‍රඥව පරිපූර්ණ කරවන මිනිසුන් ගැන ලෝකය දන්නේ නැහැ. සොයන්නේත් නැහැ. එ් පිරිස කදිමයි කියා ලෝකය කියන්නේත් නැහැ. එ්ත්… හැබෑවට ම නම් කදිම, අඩු වැඩි වශයෙන් සාමාන්‍ය බුද්ධිය තියෙන මේ මිනිසුන් අතරෙ ම ඉපදිලා අසාමාන්‍ය වූ අපූර්ව වූ ප‍්‍රතිභාවකින් යථාර්ථය අවබෝධ කර ගන්න සම්මා වායාමයේ යෙදෙන මිනිසුන් ම යි… හැබෑවට ම නම් කදිම, ලෝකයේ අධිපති බවින් අග‍්‍ර වූ පවිටු බලවේගය පරාජයට පත් කරන මිනිසුන් ම යි… ”එ් පිරිසට සම කළ හැකි කිසිවෙක් ලොව නැත…!”