highlights of the week
Home » අක්මුල් සොයා » අක් මුල් සොයා…

අක් මුල් සොයා…

ඈත අතීතයෙ ඉඳලා ම අපේ රටට ධර්මද්වීපය කියන විරුදාවලිය ලැබිල තිබුණා.

එ් විතරක් නෙවෙයි; අපේ රටේ අතීතය ගැන කතාකරද්දි මුතු මැණික්, කුළුබඩු, ඵලින් බර තුරුවදුලූ, ගලා හැළෙන දිය ඇලි, සාගර පරයන වැව්, සුන්දර වෙරළ තීරයන්, නිල්ල පිරුණු කෙත් වතු, අහස සිඹින මහ දාගැබ්, නිල්වන් තැනිතලා, රිදී කඳන් ගලා යන ගංගා, සතා සීපාවා නිදැල්ලේ සරන වන රජදහන්… එ් කතා අතර ඉහළින් ම වැජඹුනා…

අතීතයේ මේ රටේ ජීවත් වුණ මිනිසුන් ගැන කතා කරද්දි මහා තේජවන්ත රජවරු, මහා ශක්තිවන්ත යෝධයන්, නිරෝගී සම්පන්න – ආගන්තුක සත්කාරයට ලැදි, නිතර මුව’ග සිනහව රැුඳි කාරුණික මිනිසුන් ගැන තමයි කතා වුණේ… මේ නිසා වගේ ම රටේ සෞභාග්‍ය සම්පන්න යසස නිසා ම යි එ් අසිරිමත් දිවයිනට ‘ඉන්දියන් සාගරයේ මුතු ඇටය’, ‘පෙරදිග ධාන්‍යාගාරය’ කියන නම් පටබැඳුනේ….

එ්ත් අද අපේ රට ගැන, එහි හැදෙන මතු පරපුර ගැන අනාගතයෙදි අපිට ආඩම්බරයෙන් කතා කරන්න පුළුවන් වෙයි ද? අපට මතක අපේ අතීතය ගැන, අපේ ළමා කාලය ගැන මෙනෙහි කරද්දී අපට සිහිවෙන්නෙ මොනව ද? වෙල් එළිවල දුවපැන්න හැටි, ඇල දොළවල බැහැල සිත්සේ දිය කෙළපු හැටි…, ගඩා ගෙඩි කඩාගෙන සිත්සේ රස වින්ද හැටි, කුඹුරුවල අස්වැන්න කැපෙන කාලෙට කමතට වෙලා රැය පහන් වෙනතුරු ගොයම් පාගනවා බලපු හැටි…., කුඹුරු යාය හාද්දී එ් හීයේ අඬහැරයට සිත නතු කරගෙන කුඹුක් හෙවණෙ ගල්පොත්ත උඩ වාඩි වෙලා ඇඹුල රස වින්ද හැටි, හැන්දෑ යාමේ මිදුලට වෙලා කුරුල්ලන් කැදලිවලට පියාඹා යන අසිරිය රස විඳපු හැටි… පෝයදාට පායන හඳහාමිගෙ හැඩ බලමින් වැලි මිදුලේ පයින් අම්බිලියෝ ඇන්ද හැටි…, හැන්දෑ යාමේ ආච්චි සීයා ළඟට වෙලා අතීත කතන්දරවලට, පන්සිය පනස් ජාතකයෙ කතාවලට සවන් දුන්න හැටි…. ?ට හුළු අතු බැඳගෙන ගමන් බිමන් ගිය හැටි…. තව මොනතරම් නම් සුන්දර අහිංසක ළමා කාලයක් අපට සිහිකරන්න පුළුවන් ද? එ්ත් අපේ දරු පරපුරට අද එ් හැම දෙයක් ම අහිමි වෙලා…. මේ ගැන හිතනකොට වෙලාවකට මට හිතෙනව මේ කලියුගය ආරම්භයට පෙර ඉපදුණ අවසන් පරපුරේ පිරිසක් ද අපි කියල… 70 ගණන්වල, හරි ඊට පෙර හරි ඉපදුණ අයට නම් මේ මම කියන දේ හොඳට වැටහෙනව ඇති.
වර්තමානයේ අපේ දරු පරපුරට අහිමි වී ගිය මේ හිඩැස පුරවන්නේ මොනවායින් ද? රූපවාහිනියේ කාටුන්වලින්, විජාතිකව නිර්මාණය වුණ බාල මෙගා ටෙලි නාට්‍යවලින්…, ත්‍්ජැඉදදන එකෙන්, පරිගණක ක‍්‍රීඩාවලින්, ඇන්ඩ්‍රොයිඞ් දුරකතන, ටැබ්ලට් පරිගණක තිරවලින්…. රසකාරක යෙදූ කෘත‍්‍රිමව නිර්මාණය කළ ආහාරවලින්……

අපි කලින් කතා කළ, අපේ රටේ තිබුණ එ් අතීත සුන්දරත්වය – අතීත ශ‍්‍රී විභූතිය අතීතයට ම සීමා වෙලා යද්දි අපිට ම තේරුම් ගන්න බැරි අමුතු ම සංස්කෘතියක් විසින් අපිව ම ගිලගෙන හමාරයි..

පෙර කිවුව අතීතයේ අසීමිත නිදහසත් එක්ක දැවටුන, ස්වාභාවික සුන්දරත්වයෙන් පෝෂණය වුණ දිගු ළමා කාලයක් අපට තිබුණා…එ් තුළින් එදා දරුවන්ගේ ජීවිතයට එකතු වුණ දේ මේ නව තාක්ෂණික ලෝකයෙන් කවදාවත් සපිරෙන්නෙ නෑ… හැබැයි එ්කෙ ප‍්‍රතිඵල තවම බොහෝ දෙනෙකුට වැටහෙන්නෙ නැති වුණාට හරි ම සංකීර්ණයි, හරි ම භයානකයි….

මෙහෙම වුණේ ඇයි…? මේ විදියට ඉදිරියට ගියොත් අපිට මොකද වෙන්නේ….? මේක අපි හිතනවට වඩා මහ බරපතළ කාරණයක්.. මෙහෙම ගියොත් තව අවුරුදු 25ක් යනකොට මේ රටේ ධර්මයේ හැසිරෙන – ධර්මය අවබෝධ කරන පරිසරයක් ඉතිරි වෙනවා කියන එක තබා සාමාන්‍ය වශයෙන් මනුස්සකමක් ගුණධර්මයක් ගෑවුන චරිතයක්වත් ඉතිරි වෙනවා කියන එකත් හරි දුර්ලභ කාරණයක් වේවි. එ් විතරක් නෙවෙයි අවුරුදු 20 – 25 වයසේ තරුණ පරපුර කායික මානසික වශයෙන් බෙලහීනයන් වෙලා බෙහෙත් මත, වෛද්‍ය පරීක්ෂණ මත යැපෙන යුගයක් උදාවෙන එක නම් වළක්වන්න බෑ. එ් විතරක් නෙවෙයි; අද වසරකට ටොන් ගණන් යොදන කෘෂි රසායන හින්ද මේ රටේ මහ පොළව – ගහ කොළවත් ඉතුරු වෙන්නෙ නෑ..

අපිට වැරදුන එක තැනක් තමයි විද්‍යාවේ හා තාක්ෂණයේ දියුණුව නැමති චණ්ඩ මාරුතයට අපි සීමා රහිතව විවෘත වුණ එක. බටහිරින් හමා එන්නෙ සිත ගත නළවන සීත පවන් රැලි කියල හිතාගෙන අපි එ්කට අපේ ගෙවල් ඇතුළට ම එන්න දොර ජනෙල් ඇරියේ සීමා රහිතව යි… එ්කෙන් මුලින් ම වුණේ අපේ නිවහන් තුළ වසර දෙදහස් ගණනක් සුරැකිව තිබුණ වටිනා සම්පත් ආයෙත් අහුලගන්න බැරි විදියට ඈතට ම ගසාගෙන ගිය එකයි. අන්තිමට එ්ක සුළිසුළඟක් වෙලා අපත්, අපේ දරු පරපුරත් දෙපා ඉදිරී උඩුකුරුව බිම වැටෙනකල් ම අපිට මේක තේරුම් ගන්න බැරිව ගියා..

මේ සෝදාපාළුව සිදු වුණේ එක දේකට නෙවෙයි. ආච්චි, සීයා, නැන්දා, මාමා, බාප්පා, පුංචි අම්මලා වට කරගෙන හැදුන අපේ විස්තාරිත පවුල් පරිසරය අපට අහිමි වෙලා පර්චස් කීපයක තාප්පයකින් වට වුණ නිල නො ලත් සිපිරි ගෙයකට අපි කොටු වුණා, අපේ සාරධර්ම අපෙන් ඈත් වෙලා ගියා, අපිට අනන්‍ය වූ අපේ වෙදකම, අපේ ගොවිතැන, රෝගවලට ඔරොත්තු දීමේ හැකියාවෙන් යුතු අපේ සරු බීජ, අපේ අධ්‍යාපනය, අපේ ආර්ථිකය ආදි අපට අනන්‍ය වූ හැම වටිනා සම්පතක් ම වගේ අපෙන් ගිලිහිලා ඈතට ගියා..

එ් වෙනුවට අපිට ලැබුණා හරියට කන කොට ඉතා මිහිරක් දැනෙන, එ්ත් කෑවට පස්සෙ දිරවන්නෙ නැති, වස මිශ‍්‍ර ආහාරයක් වගේ මොකක්දෝ එකක්…. එ් රසයට වසඟ වෙච්ච මේ යුගයේ අපි කවුරුත් දැන් එ්ක අඩු වැඩි වශයෙන් කාලා ඉවරයි. කලාතුරකින් කෙනෙකුට තමයි තේරෙන්නෙ අපි වැරදි දෙයක් කාලා දැන් අකාලයේ මියැදෙමින් ඉන්නෙ කියල… වැඩි දෙනෙකුට එ්ක තේරෙන්නෙත් නෑ… හරියට ලිප ගිනි මෙළවෙන තෙක් හැළියේ ඉන්නා කකුළුවන් වගේ ප‍්‍රීති ප‍්‍රමෝදයෙන් ඉන්නෙ.

මේ අනාගත ව්‍යසනයෙන් මේ රට මුදාගන්නට නම් මේකට හේතු සොයල එ් හේතුවලින් ඈත් වන්නට අපට සිදුවනවා ම යි. මේක ජාතික මෙහෙවරක් කියල හිතල, සිදුවෙන්න යන මේ ව්‍යසනයෙන් මුළු මහත් ජාතියක් ගලවගන්න පුළුවන් වුණොත් එ්ක මහ පිනක් කියලත් හිතලයි මේ පිළිබඳව තවදුරටත් යම් ගවේෂණයක යෙදිල ඔබට මේ පිළිබඳව යම් අවබෝධයක් ලැබිය යුතු මාතෘකා කීපයක් ඔස්සේ කතා කරන්න අපි කල්පනා කළේ…

විශිෂ්ට ජීවන සම්ප‍්‍රදායක අක් මුල් සොයා අප යන මේ ගමනෙදි මේ සම්බන්ධයෙන් පළමුවෙන් ම කතා කරන්න අදහස් කළේ අප සතුව චිරාත් කාලයක් තිබුණ අපේ පාරම්පරික දේශීය ඥානය ගැනයි. මොකද, අපි පෙර කතා කරන්නට යෙදුණ හැම ඉසව්වක ම තොරතුරු ගැබ් වුණේ පරපුරෙන් පරපුරට ආව මේ දේශීය ඥානය තුළයි.. අපි බටහිරින් ආව අපරිපූර්ණ විද්‍යාව හිස මතට අරගෙන මේ දේශීය ඥානයට පයින් ගැහුවෙ යම් දවසක ද එදා ඉඳලා තමයි අපට චිරාත් කාලයක් අප සතුව තිබුණ හැම වටිනාකමක් ම අහිමි වෙන්න පටන් ගත්තේ..

මේ සම්බන්ධයෙන් පළමුවෙන් ම කතා කරන්න අපි කල්පනා කළේ ‘සොබාදහම් ගොවිතැන’ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්, එ් වාගෙ ම ‘ජාතික ගොවි සමුළුවේ’ සභාපති පරිසරවේදී තිලක් කන්දෙගම මහතා සමගයි..
එතුමා චිරාත් කාලයක් කෘෂි ආර්ථිකයක් මත ගොඩනැගුණු අපේ රටේ වැළලී ගිය එ් අතීත ගොවි ක‍්‍රම යොදාගෙන කිසිම කෘමිනාශකයක් නො යොදා ඉතා සාර්ථකව වගා කරන්න පුඵවන් බව ප‍්‍රායෝගිකව ම ඔප්පු කරපු සුන්දර මිනිසෙක්. එ්ත් එතුමා සමග කථා කරද්දි මට හිතුණෙ එතුමා තුළ එක් රැුස් කරගෙන තියෙන, හැම ක්ෂේත‍්‍රයකට ම අදාළ මේ පාරම්පරික ඥානය මිල කළ නො හැකි නිධානයක් වගේ කියල. එ් හින්ද සොබාදහම් ගොවිතැන ගැන කතා කිරීම දෙවෙනියට තියල මම මුලින් ම කල්පනා කළා මේ පාරම්පරික ඥානයේ තිබෙන වටිනාකම පිළිබඳව පළමුව කතා කරන්න…

‘‘කන්දේගම මහත්තයා අපිට පැහැදිලි කරල දෙන්නකො මොකක්ද මේ පාරම්පරික ඥානය කියන්නෙ?”

‘‘සුදර්ශන මහත්තයා… ඉස්සර අපේ රටේ පිය පරපුරෙන් පරපුරට ආපු, අපට ම ආවේණික වුණ අපූරු දැනුම් සම්භාරයක් එක්රැුස් වෙලා – ආරක්ෂා වෙලා තිබුණා. මේකට තමයි අපි කියන්නේ පාරම්පරික ඥානය කියලා. පියාගෙන් පුතාට, පුතාගෙන් තම පුතාට වශයෙන් හැම පරම්පරාවක් ම ඔස්සේ මේ අපූරු දැනුම් සම්භාරය ඉදිරියට ගලාගෙන ආවා… එ් යුගයේ දී අපේ වැඩිහිටියන්ට සමාජය තුළ විශාල ගෞරවයක් තිබුණා…මොකද එ් වැඩිහිටියො සඳුන් අරටු වගේ මහ ගුණයකින්, මහ දැනුමකින් සන්නද්ධ වෙලා හිටිය බව එ් යුගයේ තරුණ පරපුර දැනගෙන හිටියා.. එ්ත් පසු යුගයේ දී බටහිර චින්තනයෙන් හිස උදුම්මාගත්ත අපේ නූතන පරපුර කොයිතරම් පිරිහුනා ද කියන්නේ මේ පාරම්පරික ඥානයට පයින් ගහල එ් වැඩිහිටියන්ට බොහොම අපහාසාත්මක වචනවලින් නම් පට බඳින්න පවා පෙළඹුන බව ඔබට අමතක නැතුව ඇති.

එ්ත් එ් කාලෙ තරුණයො දැනගෙන හිටිය මේ වැඩිහිටියන්ට ගරු නො කොළොත් අපිට මේ දැනුම නැතිව යනව. එහෙම වුණොත් අපි අමාරුවෙ වැටෙනව කියල.

උදාහරණයක් කියන්නම්. අපිට වගා කරන්න නම් අපිට වැස්ස පිළිබඳ ව නිවැරදිව තොරතුරු ලබාගන්න ඕනෙ. එ්ත් අපි දන්නෙ නෑ හරියට ම වහින්නෙ කවද ද කියල. වැස්සත් එ් වැස්ස කොච්චර ප‍්‍රමාණයක් වහිනව ද කියල.

කාලගුණ විද්‍යා ආයතන නො තිබුණ එ් යුගයෙ මේ පිළිබඳ ව නිවැරදිව ම හෝඩුවාවල් ලබාගැනීමේ අපූරු අත්දැකීම්වලින් අපේ පැරැුන්නො පොහොසත් වෙලා හිටියා. මේ නුවණ ඔවුන් සතු වුණේ පරිසරයත් එක්ක පරම්පරා ගණනාවක් ජීවත්වෙලා ලබාගත්ත අත්දැකීම් හරහායි.

එ් අය දැනගෙන හිටිය දලූක් ගහ දිහා බලාගෙන ඉඳල මේ අනාවැකිය හරියට ම කියන්න. දලූක් ගහ කියන්නෙ දල්ල උල් අතට හැදෙන ගහක්, මේ දලූක් ගගේ දල්ල වේගයෙන් උල් අතට ඇදෙනව නම් එ් අය දන්නව ඔන්න නියඟයක් එනව කියල, දල්ල ඇදීම හිටි හැටියෙ නැවතුණා නම් එ් කියන්නෙ වැස්සක් ළඟ එනව කියන එක…, දලූක් ගහේ පහළින් අතු ලියලන්න ගත්තොත් එ් කියන්නෙ අව්වයි වැස්සයි දෙක ම එනව කියන එකයි.

මේක බොහොම සියුම් ව නිරීක්ෂණය කරල හරියට ම දින වකවානු කියන්න පවා මේ උදවිය සමත් වුණා.

එ් කාලෙ හේනක් කොටන්න ලෑස්ති වෙන තරුණයො ටික ගමේ පැරැුන්නන්ගෙන් අහනව, ‘සීයෙ කවද ද වැස්ස එන්නෙ? මොන වගේ බෝග ද අපි හිටවන්න ඕනෙ?’ කියල

නියඟ කාලෙට පොළව යට හැදෙන අලයක් තමයි නියඟ අල. අපි නියඟලා කියන්නෙ. ඔන්න වැස්ස එන්න සතියක් විතර තියල මේ අලෙන් පොළව මතුපිටට දළු දෙකක් මතු වෙනව. පොළවෙන් නියඟලා දළු මතු වෙන කොට පැරණි උදවිය දන්නව ඔන්න තව සති දෙකකින් වහිනව කියල.

වැස්සෙ ප‍්‍රමාණෙ හොයාගත්තෙ මෙහෙමයි. ඔන්න නියරෙ ඉන්න කක්කුට්ටෙක් දිහා බලනව. කක්කුට්ට නියරෙ උමඟ හදන්නෙ ඉංග‍්‍රීසි යූ හැඩයේ ආකාරයට. එ්ක හාරන්නේ තෙතමනය හොයාගෙන. කොයිතරම් යටට මේ උමඟ යනව ද එ් කියන්නේ එ් අවුරුද්දේ පොළව වේළෙන ප‍්‍රමාණය තමයි එ්…

එ් වාගෙ ම වැස්සත් එක්ක ම මේ උමෙඟ වතුර පිරෙන බවත් ඌ දන්නව. එතකොට ඌ ජීවත් වෙන්නෙ යූ අකුරෙ අනිත් පැත්තෙ ඉහළ කෙළවරේ. එ් කියන්නෙ එ් අවුරුද්දෙ වැස්ස ලැබෙන උපරිම ප‍්‍රමාණය අනුව තමයි මේ යූ අකුරෙ ගැඹුර තීරණය වෙන්නෙ… ඉතින් මේ බව දන්න පැරැන්නෝ එ් අවුරැද්දේ පායන ප‍්‍රමාණයත්, වැස්සෙ ප‍්‍රමාණයත් හරියට ම කියන්න දැනගෙන හිටිය. එ් විතරක් නෙවෙයි; දිග ඉඩෝරයක් කෙටි වැස්සක් ද – ලොකු වැහි කාලයක් කෙටි ඉඩෝරයක් ද කියන එක පවා හරියට ම කියන්න දැනගෙන හිටිය.

තව එකක් කියන්නම්.. කිරලා වැව් පිටියෙ මඩකණුව (දිය කඩිත්ත) ආසන්නයේ ම බිත්තර දානව නම් එ් කියන්නෙ වැස්සක් ළඟ නෑ… ඌ වැව් පිටියෙ ඈත කෙළවරට වෙන්න නම් බිත්තර දාන්නෙ වැව පිරෙන්න වැස්ස වහිනවා…

අද මිනිස්සු විසින් නිර්මාණය කරපු, මිනිස්සු විසින් මෙහෙයවන මොන කාලගුණ උපකරණ තිබුණත් සත්තුන්ට තරම් මේ ගැන ඉවක් එ්වට නෑ… හොඳ ම උදාහරණය තමයි සුනාමිය… සුනාමියට පැය ගණනාවක් තියෙද්දි යාල කැලේ සත්තු ඔක්කොම උස් බිම්වලට ගියා. කුරුල්ලො පවා පියාඹල ගියා.. මූද ඇතට යනව දැකපු මිනිස්සු මොකද කළේ? මූද පැත්තට ම ගියා…

‘හිරු පෙරට මෝරුන් මීමුන් වැනි වලා පෙනේ නම් සතියෙන් වහී…’ කියල පැරණි කියමනක් තියෙනව. එ් කියන්නෙ උදේට නැගෙනහිර ආකාසෙ කළු පාට වලාකුළු පේන්න තියෙනව නම් සතියක් ඇතුළත වැසි ලැබෙනව කියන එකයි.

මේ කාලගුණය ගැන අපූරු අනාවැකි කියන්න සත්තුන්ට පුළුවන්. වැහිලිහිණියා පියාඹන්නේ වාතයේ තෙතමනය තියෙන ඉසව්වෙයි.. එතකොට උන් පියාඹන්නෙ ඉහළ ආකාසෙ ද පහළින් ද කියල බැළුවහම එ් ගැන කියන්න පුළුවන්.

ඉතින් වැස්සක් ළඟ එනව නම් උන් එ් ඉසව්වෙ කැරකි කැරකි සතුටින් කෑ ගහනව. මේව දිහා බලල හරියට ම, ටක්කෙකට ම කාලගුණය ගැන අනාවැකි කියන්න පුළුවන් වුණා…

තවත් එකක් කියන්නම්. වඩු කුරුල්ල කියන්නෙ සීතලට කැමති සතෙක්. ජලාශයට කිට්ටුවෙන් තියෙන අතුවල ඌ කූඩු හදනව නම්.. එ් කියන්නෙ එ් අවුරුද්දෙ වැස්ස අඩුයි… ජලාශයට ඉහළ අතුවල නම් කූඩු හදන්නෙ, එ් කියන්නෙ මහ වැසි ලැබෙන කාලයක් ළඟ එනව. මැද හරියෙ හදනව නම් මධ්‍යස්ත කාලගුණයක්.

හැබැයි මේ කිසි දෙයක් පොත් පත්වල නෑ…!

මේ සියලූ ඥානය දුන්නහම මේ නව පරපුර අමාරුවෙ වැටෙන්නෙ නෑ. අද කිසිම කාලගුණ විද්‍යා ආයතනයකට දෙන්න බැරි මේ අනාවැකි හරියට ම කියන්න අපේ පැරැුන්නො දැනගෙන හිටිය… ඉතින් මේ පාරම්පරික ඥානයට පයින් හැහුවම අපිට මොකද වෙන්නෙ…? මම මේ කිව්වෙ එක පුංචි දෙයක් විතරයි. හැම ක්ෂේත‍්‍රයට ම අදාළව වසර දහස් ගණනක් අපේ පැරැුන්නො රැුකගෙන ආව මේ ඥානය එක් රැස් කරල අනාගත පරපුරට දෙන්න පුළුවන් ක‍්‍රමයක් ගැන අපි හිතන්න ඕනෙ. එහෙම නො කළොත් එ්ක විශාල අපරාධයක්.

අපේ රටට අදාළ මේ නුවණ නැතිව අපි බටහිරින් ආපු අපිට නො ගැළපෙන ක‍්‍රමවේද භාවිත කරන්න ගිහිල්ල තමයි මේ අවුරුදු තිහ හතලිහක කාලෙදි හැම අතින් ම පිරිහුන ජාතියක් වුණේ.

මේ දේශීය ඥානය ගැන කතා කරන කොට නූතන පරපුර අහනව ඕව විද්‍යාත්මකව ඔප්පු කරන්න පුළුවන් ද කියල. මම කියනව ‘ඔව් පුළුවන්… එ්ත් හැම එක ම බෑ…’ කියල. එහෙම බැරි වෙන්නෙ මොකද දන්නව ද? විද්‍යාව එ් තරම් දියුණු වෙලා නැති හින්ද…

අප මුහුණ දී සිටින සත්‍යය මෙය යි… මේ වෙනුවෙන් අද යමක් නො කළොත් හෙට ඉතිරිවෙන්නෙ පසුතැවිල්ල පමණක් බව සැක නැහැ. ඔබ වෙනුවෙන්, ඔබේ දරුවන් වෙනුවෙන් වගේ ම ඔබේ දරුවන්ගේ දරුවන් වෙනුවෙනුත් යහපත් ජීවන සම්ප‍්‍රදායක් දායාද කරන්නට මහාමේඝ ගන්නා මේ ව්‍යායාමය සමඟ ඔබ අත්වැල් බැඳ ගනීවි කියලා අපි විශ්වාස කරනවා. ඉතින්, එන්න ඔබත් අපත් සමඟ ම, අපට මඟහැරුණු උත්කෘෂ්ට ජීවන සම්ප‍්‍රදායක අක් මුල් සොයා යන්නට…

ප්‍රවීණ පරිසරවේදී තිලක් කන්දේගම මහතා සමගින් සිදු කරනු ලබන සංවාදමය ලිපි පෙළෙහි තවත් කොටසක් මී ළඟ කලාපයෙන්…

මහාමේඝ 2015 අධි ඇසළ කලාපය
WWW.MAHAMEGHA.LK

සටහන
සුදර්ශන ශ‍්‍රී විජේසිංහ

ඔබේ අදහස් අපට කියන්න. අක්මුල් සොයා යන ගමනට අපිත් එක්ක එකතු වෙන්න.
076 771 76 44
akmulsoya@gmail.com 

Leave a Reply

Your email address will not be published.

x

Check Also

දැයක් පුබුදු කළ සුභාවිත ගීතය

ගීතය කියන්නේ අපූරු දෙයක්... එක තාලයකට ගැළපෙන පද මාලාවල් එකතු වුණා ම හරි ලස්සනට ඒ කියන දේ හදවතට කිඳා බහිනවා....