අමුතුවෙන් හඳුන්වලා දෙන්න උවමනා යුවළක් නම් නෙමෙයි මේ ඉන්නේ. ලොව ම දන්න එලිසබෙත් රැජිණත්, ඇගේ ස්වාමියා වන පිලිප් කුමරුත් තරුණ වියේ සිටිය දී සහ මෑතක දී ලබා ගත් ඡායාරූප දෙකක් තමයි මේ.

හැට වසරක් මුලූල්ලේ බි‍්‍රතාන්‍යය කිරීටය හොබවන අධිරාජිනියගේ මේ ඡායාරූප යුගලය පසු ගිය කාලයේ අන්තර්ජාලය ඔස්සේ බොහෝ සෙයින් හුවමාරු වුණා. මේ සඳහා ලැබුන පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාරත් ප‍්‍රමාණාත්මකව නරක නැහැ. සංසන්දනාත්මකව බලද්දි සුළු සුළු වෙනස්කම් සහිත පසුබිමක, සුළු සුළු වෙනස්කම් පමණක් ඇති ඇඳුම් පැලඳුම් ඇතිව එකම විදිහෙ ඉරියව්වකින් කාල පරාසයන් දෙකක දී එකම පුද්ගලයන් දෙදෙනෙක් ලබා ගත්තු ඡායාරූප දෙකක් නේද මේ? මෙයට ලැබුන ප‍්‍රතිචාර සියල්ලක්ම පාහේ හාස්‍යය මුසු කොට ගෙන තිබුණා. ‘‘තරුණ ජෝඩුව සහ නාකි ජෝඩුව” බහුතරයකට හොඳ කටගැස්මක් බවට පත් වුණා. ඇතමුන් කියා තිබුණේ ඇය තවමත් පුදුම සහගත තරමින් රූමත් කියලයි.

නො දැක්ක නිසාවෙන් හරි, නො දන්න නිසාවෙන් හරි, යථාර්ථය පිළිගන්න හෝ කථා කරන්න තියෙන අකමැත්ත නිසාවෙන් හරි මේ ඡායාරුප දෙකේ ඇහැට පේන්න ම තියෙන ලොකු ම වෙනස ගැන කිසිවෙක් සටහනක් තැබුවේ නැහැ. නො සිතපු, නො දැකපු, නො ලියපු ඒ කථා කළ යුතුම දේ ගැන අපි කථා කරමු.

බලන්න කාලයේ පහර දීම විසින් ඔවුන්ට කර ඇති දේ…..
අක් බඹරු වන් කෙස් හිම වගේ සුදු වෙලා, තැනින් තැන ගැලවිලා ගිහිල්ලා. එක රැල්ලක් වත් නො තිබුන දීප්තිමත් ශරීරය විවිධ ප‍්‍රමාණයන්ගෙන් රැලි වැටිලා. අභිමානයෙන් එසැවුනු ගෙල වක් වෙලා, පහතට නැමිලා. එදා ඇස්වල තිබුන දීප්තිය, කාන්තිය දැන් දකින්න නැහැ. තුරුණු සිහින් සිරුරු කාලය විසින් මහලූ තරබාරු බවකට පත් කරලා. ඔව්…. ඔවුන් සිටින්නේ ජරාවට ගොදුරු වෙලා.

යටත් විජිත ගණනාවක් පුරා අණසක පතුරුවාලූ රැජිණක් වෙලා සිටියත් ඇය ජරාවට ගොදුරු නො වී එයින් ගැලවුණේ නැහැ. රාජකීය මහේශාක්‍ය බව විසින් ඔවුන් මහලූ වීම හෝ ඔවුන්ගේ ඉන්ද්‍රිය දුර්වල වීම වළක්වාලූයේ නැහැ. කවර සුඛ විහරණයන් භුක්ති වින්දත් ඉපදෙන සියළු සත්ත්වයින්ට පොදු වූ එකම දුක් සහගත ඉරණම ම තමයි ඔවුන්ටත් හිමි වෙලා තියෙන්නේ. ඔවුන්ගේ අධිරාජ්‍යයේ පවුරු පදනම් කාලයාගේ දරුණු පහරදීම් වලින් ආරක්ෂා වෙන්න නම් කොහෙත්ම ශක්තිමත් නෑ. කාලය ඔවුන්ටත් හතර වටින් ම පහර දෙනවා. ඒ කාලය ම කිසිම වෙනසක් නැතිව  අපිටත් පහර දෙනවා. අපි දවසින් දවස මොහොතින් මොහොත ළං වෙන්නේ ඒ අකාරුණික පහර දීමේ නියත ප‍්‍රතිඵලයට. ඒ කිව්වේ ජරාවට, ව්‍යාධියට… අවසන මරණයට. අපිත් තවම ඒවාට ගොදුරු වීමෙන් නිදහස් වෙලා නැහැ.

එලිසබෙත් රැජිණගේ බි‍්‍රතාන්‍යය රාජාභිෂේකයේ හැට වන සංවත්සරය බොහෝ රාජ්‍ය තාන්ති‍්‍රකයන් සහ ප‍්‍රභූන් පිරිවරා ගත් අති උත්කර්ෂවත් පි‍්‍රය සම්භාෂණ සහිතව සැමරුණා. අති විශාල ධනස්කන්ධයක් වැය කරමින් ඔවුන් සව් දිය පිරුවා. ඇත්තෙන් ම සුව පහසු ජීවිතයක් ලැබීමත්, දීර්ඝායුෂ ලැබීමත් වාසනාවක්. මනුෂ්‍ය ජීවිතයක සියලූ වාසනාවන් අර්ථවත් වෙන්නේ යළි යළිත් දුකට පත් වීමෙන් නිදහස් වෙන්න ලැබුණොත් විතරයි. නමුත් ඒ විමුක්ති මඟවත් ඇයට මුණ ගැසුනෙ නැහැ. ඒ අතින් බලද්දි නම්….. ‘‘අනේ මහ රැජිණ….!”

ධනය, බලය, නිලය කිසි දෙයක් මායිම් නො කොට ව්‍යාධි, ජරා, මරණ උපන්නා වූ සියලූ සත්ත්වයන් කරා පැමිණෙනවා. අප‍්‍රමාදීව වීර්යය කොට ඒවායෙන් සදහට ම නිදහස් වෙන්න අපට තවමත් ඉඩ තිබෙනවා. රැජිණටවත් නො ලැබුන වාසනාව….
වක්වෙන, කුදු වෙන, දිරන, වැහැරෙන, ගදගහන ශරීර ගැන ආශාවක් තවත් නම් මොකටද?

‘‘කයෙහි තිබෙන ඇත්ත ගැනම පවතීවා නිතර සිහිය ”