Author: Mahamegha

මහාවංශය 21

පිරිනිවන් මංචකයේ වැඩසිටි මුනිරාජයාණන් වහන්සේ විසින්, ලක්දිවට හිතසුව පිණිස ලක්දිව පහදවන්නා වූ ගුණයෙන් ප‍්‍රකාශ කරන ලද, ලක්දිවට ශාස්තෘ සමාන වූ ඒ මහා ස්ථවිරයන් වහන්සේ ලක්දිවට වැඩ පිණිස, ලක්දිවෙහි දෙවියන් විසින් පුදනු ලැබුවේ එහි වැඩ හුන් සේක.

Read More

මහාවංශය 22

ලංකාද්වීපය පිහිටුවීමෙහි ලා ශාස්තෘ කෙනෙකුන්ගේ ආකාර ඇත්තා වූ, ලක්දිවට පහනක් බඳු වූ ඒ මහා ස්ථවිරයන් වහන්සේ මෙසේ දෙතැනක දී හෙළදිව බසින් දහම් දේශනා කොට ලක්දිව් වැසියන් සද්ධර්මයේ බැස ගැන්වීම සිදු කළ සේක.

Read More

මහාවංශය 23

රාජ උද්‍යානයේ, ඝන රුක් සෙවණේ නිල් පැහැ ළා තණවලින් වැසීගත් සිසිල් පෙදෙසේ ඒ ආදර සහිත මනුෂ්‍යයෝ තෙරුන් වහන්සේලාට අසුන් පැනවූහ. දකුණු දොරින් නික්මුණු ස්ථවිරයන් වහන්සේ එහි වැඩ සිටි සේක. බොහෝ කුලවත් වූ බොහෝ ස්තී‍්‍රන් ද එහි පැමිණ, උද්‍යානය පුරවාලමින් තෙරුන් වහන්සේට නුදුරුව හිඳගත්තෝ ය.

Read More

මහාවංශය 24

ආලෝකයෙන් බැබළෙන්නා වූ මුනීන්ද්‍රයාණන් වහන්සේව ද එ් ආලෝකයෙන් බැබළෙන්නා වූ පර්වතය ද දැක රජ තෙමේ ද නගර වැසියෝ ද වහා ළඟට පැමිණියෝ ය.

Read More

මහාවංශය 25

ආලෝකයෙන් බබළන්නා වූ එ් මුනීන්ද්‍රයාණන් වහන්සේව ද එ් ආලෝකයෙන් බබළන පර්වතය ද දැක රජු ද නගර වැසියෝ ද සැණෙකින් එහි පැමිණියහ.

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up