Author: Mahamegha

මහාවංශය 11

ධර්මපාලා යැයි ප‍්‍රසිද්ධ වූ මෙහෙණි තොමෝ සංඝමිත්තා කුමරියට උපාධ්‍යාය වූ අතර ආයුපාලා නම් මෙහෙණි තොමෝ ආචාර්ය විය. ඒ සංඝමිත්තා මෙහෙණියෝ ද නිසි කාලයේ දී ආශ‍්‍රව රහිත කොට අරහත්වයට පත් වූවා ය.

Read More

මහාවංශය 12

ඒ මොග්ගලීපුත්ත තිස්ස ස්ථවිරයෝ ශ්‍රේෂ්ඨ වූ, මනෝඥ වූ ඒ බ‍්‍රහ්ම විමානය ද හැරපියා ශාසනය හේතු කොට ගෙන පිළිකුල් සහගත වූ මනුලොවට අවුත් කරන ලද කටයුතු ඇත්තේ ශාසන කෘත්‍යය ද සිදු කළෝ ය.
ඉඳින් අන් කවරෙක් නම් ශාසන කෘත්‍යයෙහි ලා ප‍්‍රමාද වනු කැමැත්තෝ ද?

Read More

මහාවංශය 13

ලාට රට පිහිටි පෙදෙසේ දී සිංහයෙක් මේ වෙළඳ පිරිස දෙසට දිව ආවේ ය. එවිට පිරිස හිස හැරුණු හැරුණු අත දිවයන්නේ අන්සියල්ලෝ වෙනත් දිශාවන්ට දිව ගිය අතර කුමරිය සිංහයා පැමිණි දිශාවට දිව ගියා ය.

Read More

මහාවංශය 14

පොකුණු බඩ තැබූ පියවර සටහන් ද ඒ තවුසිය ද දුටු හෙතෙමේ, ‘කිමෙක් ද? මේ තැනැත්තිය විසින් මාගේ භටයන් අල්ලා ගනු ලැබුවේ ද?’ යැයි සිතා, ‘‘පින්වතිය, ඔබ මාගේ භටයන් දුටුවේ නැති ද?” යැයි ඇයට පැවසුවේ ය. යකිනි තොමෝ, ‘‘රාජ පුත‍්‍රය, භටයන්ගෙන් කවර ඵලක් ද? පැන් බොනු මැනව. ස්නානය කරනු මැනව.” යැයි කීවා ය.

Read More

මහාවංශය 15

නැවෙන් ගොඩ බැස්සා වූ ඒ විජය කුමරු ප‍්‍රමුඛ පිරිස වෙහෙසට පත්ව, ක්ලාන්තව ගිය නිසාවෙන් අත්ල බිම ගසා හිඳ ගත්තෝ ය. යම් අයුරකින් එයින් අත්ල තඹපැහැ ගත්තේ ද ඒ නිසාවෙන් ම ඒ දේශයත්, දිවයිනත් තම්බපණ්ණී නම් විය.

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up