මේ සම්බුද්ධ ශාසනය අසිරිමත් වූවකි.  කලණ මිතුරන් විසින් සසුන් බර දරා සිටින හෙයින්  ශාසනය කලණ මිතුරන් මත ම පිහිටන්නේ ය. බිනර නවමල් බණ්ඩාරට කලණ මිතුරු වූ
අනන්ත තරුනෙත් බිනර සමඟ එක්ව අප හමුවේ විවර කළ දහම් මඟ පවා කොතරම් නම් සුන්දර ද? ඇතෙක් ගැන තොරතුරක් අපට කියූ කසාවත දසවන ලිපියට පාඨක ඔබගේ ප‍්‍රතිචාර ද බොහෝ විය. මේ ශාසන ප‍්‍රතිපදාවේ මනා කොට යෙදෙන  උතුම් සත්පුරුෂයාණන් වහන්සේනමකගේ මෙත් සිත පෙනෙන – නො පෙනෙන සියලූ ලොවට යහපත උදා කළ හැටි සැබැවින් ම අසිරිමත් ය. එය කියවා බලන්නට අපිදු වාසනාවන්තයෝ වීමු. එ් වාසනාව නො පිරිහී තවමත් අප ළඟ ද? කසාවත එකොළොස් වන දිග හැරුම එ් වග අපට කියනු ඇත…
***********************************************

තුඹස කැඞීම’ සටහන් පොත මා අතට පත් වීම සිහිනයක්දැයි සිතේ. එය කිසිසේත් ම සිදුවිය යුතු ව තිබුණු දෙයක් නොවන බව මම දනිමි. එදින මා සූදානම් වූයේ තවත් මොහොතක් අවදි ව සිට ඉන් පසු නින්දට යාමට යි. එනමුත් නො සිතූ විරූ ලෙස අනන්ත මා වෙත පැමිණියේ ය. ඔහුගේ වදන් නිසා ම මහත් වූ උනන්දුවකින් එ් කුටිය පවිත‍්‍ර කිරීමට මා පිටව යාම සැබැවින් ම දෛවෝපගත සිදුවීමකි.

එ් රාත‍්‍රියේ භාවනා අසපුවේ කන්ද උඩ කුටියේ වැඩ විසූ පින්වත් ස්වාමීන් වහන්සේගේ මේසය අසල සිටගෙන ම එක හුස්මට එ් සටහන් පොත කියවූ අයුරු තවමත් මා හට මැවි මැවී පෙනේ. එ් සටහන් පොත මා කලබලයෙන් නමුත් තැන්පත් කළ තැන තවමත් හොඳ හැටි මතක ය.
***********************************************

ගතින් නිවසට පැමිණියත් සිතින් මා තවමත් කන්ද උඩ කුටියේ ය. බස් රථයේ දී මුණගැසුණු පාසැල් මිතුරෙකුත්, නිවසට පැමිණි විට නිරන්තරයෙන් මා ගැන සෝදිසියෙන් සිටින අක්කාත්, මගේ ඉරියව් අමුතු යැයි පැවසූ බවට මතකයක් තිබේ. ඇත්තෙන් ම එය එසේ නො වුණා නම් පුදුමයකි. උපතින් ම කුතුහලයෙන් පිරුණු සිතකින් යුතු මා හට, එ් දින සටහන් පොත පිටුවක් දෙකක් කියවා තවත් පිටු පනහක් හැටක් මිටිය පිටින් ම තිබිය දී පසෙකින් තැබීමට සිදුවීම නම් වූ අවාසනාව මේ සාංකාවට හේතුව යැයි මම හඳුනාගතිමි.
‘‘එක අතකින්, මට තිබුණේ… අනන්තට ඇත්ත ම කියල පොත ඉල්ල ගන්න විදියක් බලන්න..” ළිඳ අසළට ගොස් සන්ධ්‍යා ජලස්නානයට පෙර දත් මදින අතරේ කෙළ පිඩක් ගැසූ මම මට ම කියා ගත්තෙමි.

‘‘අද මොන ජරාවක් කාල ද මේ…?” අක්කා කළයත් රැුගෙන මා අසලට ම පැමිණ සිටි බව දැනගත්තේ ඇය කතා කරන විට යි.

‘‘ඇයි…? වෙනද කන ජරාව ම තමා…!” ඇඟට පතට නො දැනී මම පිළිතුරු දුන්නෙමි. මා හට කල්පනා වූයේ පෝදා වැඩසටහනේ දී මට අහන්නට ලැබුණු ආහාරයේ පිළිකුල් ස්වභාවය පිළිබඳ දෙසුමකි. නමුත් මගේ ප‍්‍රතිචාරයෙන් අක්කාට නම් කුමක් සිතුණාදැයි නො දනිමි.

ස්පීකරය කනේ බැඳ තිබ්බත් බණක් නො අසන ඇය, පංචසීලයවත් පිළිවෙළින් කීමට නො දනී. එනමුත්, කතාවට වැටුණ විට ඇය තරම් බණ දන්න කෙනෙක් ලොවේවත් නැති තරම් ය. එ් මුඛරිකම ඇයට උරුම වූයේ උසස් පෙළට විෂයක් වශයෙන් හිමිනමකගෙන් ම බෞද්ධ සංස්කෘතිය ඉගෙන ගැනීම නිසා බව මම දනිමි. නමුත් ඇගේ සිතේ කිසිදු ශ‍්‍රද්ධාවක් නොමැති වීමට හේතු වූයේ ද එය ම බව මා දැනගත්තේ පසු කලෙක දී ය. එ් පිළිබඳ ව කිසිදා මෙහි සටහනක් නො තැබේ.

‘‘නෑ මම බලාගෙන…! පැය භාගෙකට කිට්ටුයි දැන් දත් මැදිල්ල. මොනව ද ඔච්චර හිතන්නෙ…?” එවර නම් ඇය පැවසුවේ සත්‍යයකි. ගල මත හිඳගෙන පැය භාගයක්වත් ගත වී ඇතැයි මා හට ද සිහිපත් විය. බණක් භාවනාවක් කර ගනිමින් ජීවිතය වෙනස් අතකට යොමු කරමින් සිටි මගේ දිවිය පිළිබඳ අක්කා නම් කිසිසේත් ම දැන ගත යුතු නැත. එසේ වුවහොත්, බුදුරජාණන් වහන්සේට මාර පරාජය සේ මා හට අක්කා පරාජය කිරීමට සිදු වනු ඇත. ඇය එ් තරම් ම නිවන් මඟට විරුද්ධ ය.

”කෝ… දෙන්න. මම වතුර ඇදල දෙන්නම්…” අක්කා හැකි ඉක්මනින් පිටත් කරවීමේ අදහසින් මම ඇගේ කළය පුරවා දුන්නෙමි. වාසනාවට මෙන් මා සිතූ ලෙස ම අක්කා කළය ද රැගෙන පිටත් ව ගියා ය.

අක්කා ගිය පසුත්, ජල ස්නානය කරන විටත්, නිවසට පැමිණෙන විටත්, කාමරයේ දීත්, ම’සිත වූයේ නිරාමිස සතුටකි. උතුම් සතුටකින් යුතු ව, පින්වත් ස්වාමීන් වහන්සේ ව සිතෙන් මවා ගැනීමට මම උත්සාහ කළෙමි. නමුත් උන් වහන්සේගේ ඡුායාවක්වත් මා හට සිහිපත් නො වේ. අවසානයේ මා හුදෙකලාවේ බවුන් වඩා නිකෙලෙස් වූ බුදුරජාණන් වහන්සේ සිහිපත් කර ගත්තෙමි. අහෝ… ප‍්‍රීතියෙන් සිත පිරී යයි. බුදුරජුන්ගේ ශ‍්‍රාවක සංඝ රත්නය නම් එ්කාන්තයෙන් ම අග‍්‍ර වන සේක… සාදු සාදු සාදු. දොහොත් මුදුන් දී වන්දනා කොට එදින රාත‍්‍රියේ මම නින්දට ගියෙමි.

දින ගණන් සති ගණන් ගෙවී ගියෝ ය. පෙර වූවාටත් වඩා මා කාර්යබහුල විය.

පසුගිය මාසයේ පැවති භාවනා වැඩසටහන් දින දෙකෙහි ම අසපු භූමියට යාමට නො හැකි විය. මා ලද පැවරුම් ප‍්‍රමාණය හිසටත් ඉහළින් ය. එ් සියල්ල හමුවේ නො සන්සිඳෙන දහම් පිපාසය යි, සංඝයා වහන්සේලා බැහැ දැක සිත සනසා ගැනීමට මා සිත තුළ වූ පෙරැත්තය යි දෙගොඩ තලා ගිය දිනෙක, නො සිතූ විරූ දෙයක් සිදු විය.

‘‘අම්මේ…. දිසානායක නැන්දා ඇවිල්ලා…” අක්කා අම්මාට පණිවුඩය දීගෙන ටීවී එක දමා ගත්තා ය.

‘‘ආ… අක්කේ…? මේ ?…!” අම්මා දිසානායක නැන්දා දකින විට ම විමතියෙන් මෙන් විමසුවා ය.

‘‘නෑ නංගි. පොඩි ප‍්‍රශ්නයක්….”

‘‘ඉඳගන්න අක්කෙ… මොකක්ද වෙලා තියෙන්නෙ…”

‘‘හෙට අපේ දානෙ. යන්න හිටපු වාහනේ දැන් පැයකට කලින් ගල් වංගුව ළඟදි ඇක්සිඩන්ට් වෙලා. අපි අද ? ගියෙ නැත්තං හෙට දහවල් දානය පූජා කර ගන්න වෙන්නෙ නෑ. මේ අහල පහළ කිසි වාහනයක් හොයාගන්න නෑ. වාහනයක් හොයාගත්ත ම ඩ‍්‍රැයිවර් කෙනෙක් නෑ…”

‘‘ඉතින් අක්කෙ, අපේ තියෙන්නෙත් කාර් එකක්නෙ. එ්කත් හිටි ගමන් කැඩෙනවා…” එ් අපේ අම්මා ය.

‘‘නෑ නංගියේ. මං ආවෙ වෙන උදව්වකට…” දිසානායක නැන්දා මඳක් පසුබසිමින් පැවසුවා ය. උදව්වක් ඉල්ලීමේ දී ඕනෑම කෙනෙක් පසු බසියි. එ්, අනපේක්ෂිත ලෙස විරුද්ධ පාර්ශවය විසින් එය ප‍්‍රතික්ෂේප කළොත් එය අපහසුතාවයක් වන නිසා ය. විමසන්නාගේ සිත නො රිදවා පිළිතුරු දීමට විශේෂ සිහි කල්පනාවක් තිබිය යුතු ය. අපේ අම්මාට නම්, එබඳු අවස්ථාවක් හැසිරවීමේ හැකියාවක් නැති බව මම දනිමි.

‘‘ඔව් අක්කේ… කරන්න පුළුවන් දෙයක් නම් කරන්න බලන්නං. ළමයින්ගෙ තාත්තත් නෑ අද. බණ්ඩාරවෙල ගිහිල්ලා…”

‘‘පුතා ඉන්නව ද නංගියෙ…?”

‘‘ආහ් ඔය හිටියෙ. කාමරේ අස්සෙ නිධානයක් හාරනව වගේ එ්කෙ ම රිංගගෙන…”

මට තනිය ම සිනහ පහළ විය. ‘නිධානයක් තමයි අම්මෙ හාරන්නේ…’ යැයි මැදින් පැන උත්තර දීමට සිතුණ ද මම සිතත් වචනයත් සංවර කර ගත්තෙමි.

‘‘විමලරත්න මහත්තයගෙ වෑන් එක දෙන්නං කිව්වා. නංගිගෙ පුතා එළෝනව නම් විතරක් දෙන්නම් කියල තමයි කිව්වේ. මේ වෙලාවෙ කිසි කෙනෙක් නෑ නංගියෙ මේ ප‍්‍රශ්නෙ විසඳන්න. නංගිට බැරි ද පුතාව පොඞ්ඩක් දෙන්න. අද ? ගිහින් හෙට හවස් වෙද්දි එන්න පුළුවන්…” දිසානායක නැන්දා සියල්ල එකවර කියා දැමුවා ය.

දැන් කැරකෙන්නේ මා දෙසට ය. ‘යම් දෝ නො යම් දෝ…’ කියා සිතීමට මා හට අවස්ථාවක් නැති බව මම දනිමි. අම්මා කිසිසේත් ම එයට කැමති නොවනු ඇත. තාත්තා නැති දිනවල දී අම්මා අම්පයර් බව අක්කාත් මමත් දනිමු. එබැවින් අද වැනි දිනවල දී අම්මාගේ තීරණය අවසාන තීරණය වන්නේ ය.

‘‘කොහෙද අක්කේ එයාට වෙලාවක්. අර ගැරෙජ් එකෙන් අහල බැලූවෙ නැද්ද…? එතන ඉන්නවනෙ දෙතුන් දෙනෙක් වාහනයක් අරන් යන්න පුළුවන්…”

‘‘නෑ නංගි. අවුරුදු අන්තිමනෙ. කවුරුත් නිවාඩු. වැඩි ඈතකුත් නෑ නංගියේ මේ භාවනා අසපුවට යන්න තියෙන්නෙ…”

‘‘අම්මට හුඩු…!” මට කෑ ගැස්සිණ. සර්පයා මෙන් වැතිරී සිටි ඇඳෙන් පැන ෂර්ට් එකක් දමාගත් මම දොර රෙද්ද අස්සෙන් සාලය දෙස බැලූවෙමි. වාසනාවට මෙන් දෙදෙනා ම මා දැක්කෝ ය.

‘‘ආහ්… මේ ඉන්නෙ පුතා. අනේ පුතේ… ලොකු උදව්වක්…” දිසානායක නැන්දා අසුනෙන් නැගිටින ගමන් ම පැවසුවා ය.

‘‘යමු නැන්දේ… පිනක්නේ…” මම අම්මා දෙස නො බලා ම පැවසුවෙමි. බොහෝ අවස්ථාවල අක්කාටත්, මටත් අවාසි වන පරිදි තීරණ ගන්නා අම්මා අසල්වැසියන් ඉදිරියේ අප අපහසුවට පත් නො කරන්නී ය. එය වාසියක් කර ගත් මම තවදුරටත් කතා කළෙමි.

‘‘මම පාරත් දන්නවා නැන්දේ. එ් හින්දා ප‍්‍රශ්නයක් වෙන එකක් නෑ. අනිද්දා නිවාඩුනෙ. මටත් පාඩුවක් වෙන එකක් නෑ අම්මේ…” අම්මාට කට උත්තර නැති බව මම දනිමි. අවසානයේ දී ඇය කැමැත්ත දුන්නා ය.

දිසානායක නැන්දා පැමිණි ත‍්‍රී වීලරයෙන් ම විමලරත්න මාමාගේ නිවසට ගිය මම ඔහුගෙන් වාහනය ඉල්ලා ගත්තෙමි. ඉතා ම ප‍්‍රවේශමෙන් වාහනය පදවන බැවින් සෑම අවස්ථාවක ම ඔහු බලවත් විශ්වාසයකින් එය මා හට භාර දෙයි. එම විශ්වාසය භංග නො කොට සුරක්ෂිත ව වාහනය නැවත භාර දීමට ද මා දැක්වූයේ බලවත් කැමැත්තකි. ඇතැම් විට මා වාහනය භාරදෙන්නේ හොඳින් සෝදා පවිත‍්‍ර කොට ය. පවිත‍්‍ර වාහනය විමලරත්න මාමා දැක සතුටු වන විට මම හුදෙකලා ප‍්‍රීතියක් අත් විඳිමි.

‘‘පුතා මේකට කැමති වුණේ නැත්තං… මට කර ගන්න දෙයක් නැති වෙනවා ළමයො. හන්දියෙ වාහනයක් කුලියට ගන්න මේ වෙලාවෙ සල්ලිත් නෑ…” ගමන අතර මග දී වාහනය පිටුපස සිටි දිසානායක නැන්දා පවසනු මා හට ඇසිණ.

වාහනය කිටි කිටියේ මිනිසුන්ගෙන් පිරී ගොස් ය. එළෝළු සුවඳත්, පලතුරු සුවඳත් වාහනය පුරා පැතිරේ. විශාල වත්කමක් නැති වුවත්, ඉතා ශ‍්‍රද්ධාවන්ත වූ දිසානායක නැන්දා සැදැහැවත් අසල්වැසියන් සම`ගින් එකතු වී බොහෝ පින්කම් සිදු කරන්නී ය. අපහසුවෙන් එකතු කර ගන්නා මුදලකින් මිලයට ගන්නා වියළි ආහාර සියල්ල පින්වත් ස්වාමීන් වහන්සේලා හට දාන ශාලාවේ පාත‍්‍රය අසලට ම දන් හැන්දකින් උණුසුම් ව ලබා දීම පිණිස, මේ සැදැහැවතුන් විඳිනා දුක් දන්නේ මොවුන් ම පමණි. ඇතැම් විට වසරක් ම මැටි කැටයක එකතු කරන මුදලක් තමන්ගේ දානය වාරයේ දී නිර්ලෝභී ව වියදම් කරතිි. එබැවින් එ් වත්කම සීමා සහිත ය. හදිසි වියදමක් පැමිණි විට ඔවුන් සතු ව මුදල් නැත්තේ එ් නිසා ය. නමුත් ශ‍්‍රද්ධාවෙන් පිරී ගිය සිතකින් සිදු කරන මේ දානමය පින්කම් නිසා මේ දුගී ජීවිත සැප පිරී ගිය සුගති ජීවිතයක් දක්වා ගමන් කරන බව එ්කාන්තයෙන් ම සිදු වන්නකි. බුද්ධ ධම්ම සංඝ යන ත‍්‍රිවිධ රත්නයේ පහළ වීම නිසා, මා ද ඇතුළු ව බොහෝ අසරණ ගිහියෝ පින් කර ගන්නේ පෙර පිනක් නිසා ම විය යුතු ය.

‘‘මම අදනෙ දන්නේ.. දිසානායක නැන්දා භාවනා අසපුවට යනව කියල…” සිතේ කැකෑරී තිබූ තවත් ප‍්‍රශ්නයක් කල් යල් බලා විමසුවෙමි.

‘‘ඔවු පුතේ. ටික කලක් වෙනවා. අවුරුදු දෙකක් විතර. දානයක් අරගත්තේ නං ගිය අවුරුද්දේ. මේ දෙවැනි දානෙ. ලොකු ස්වාමීන් වහන්සේ ටවුන් එකේ භාවනා වැඩසටහන කරද්දි අපේ ගෙවල් ළඟ ආරාමෙ සිල් මෑණියෝ නඩයක් කතා කරගෙන ගියා. ඉස් ඉස්සරවෙලා ම මං ගියේ එදා තමයි. එ් බණ පද තේරෙද්දි මට හැමදේම අමතක වුණා දෙයියනේ… එදා ඉඳන් තමයි මේ.”

‘‘මට හිතාගන්න පුළුවං…” ඇගේ ප‍්‍රශංසාව අවබෝධයෙන් ම මම අනුමෝදන් වූයෙමි. එ් මා භාවනා අසපුව හොඳින් හඳුනන නිසා ය. නමුත්, ආගන්තුකයෙක් නම්, ඇයට බැණ වදිනු ඇත.

රාත‍්‍රී ගමන පුරාවට ම විටින් විට අපි බොහෝ දෑ කතා කළෙමු. ඇය සතු දහම් දැනුමත්, මා ලත් දහම් දැනුමත් – ඇය ශ‍්‍රවණය කළ සූත‍්‍ර දේශනාත්, මා නො ඇසූ අතීත සිද්ධි ආදි රසවත් හරවත් කාරණා රාශියකින් ගමන පිරී ගියෝ ය. විටෙක ඔවහු පිරිත් පොත් පෙරළාගෙන පිරිත් කියන්නාහු ය. තවත් විටෙක නිහඬ ව ම සිටින්නාහු ය. අහෝ කෙතරම් නම් අහිංසක ද! විනෝද චාරිකාවක ඇති කැළඹුණු සිතත්, සංඝයාට දන් දීමට යන ගමනේ දී සිතට නැගෙන ශාන්තියත් අතර වෙනස අත් දකිමින් තවත් මොහොතක් ගෙවී යද්දී, නො දැනී ම භාවනා අසපුවට ළං වී තිබිණ. සිමෙන්ති අකුරෙන් සැකසූ විශාල පුවරුව අඳුරේ වුව ද පසු කරද්දී දැනෙන්නේ පුදුමාකාර සැනසිල්ලකි. තවත් විනාඩි කිහිපයකින් පසු වෑන් රථය දාන ශාලාව අසලට ම ගැනීමට මා හට හැකි විය.

වයෝවෘද්ධ සහ මැදිවියේ මව්වරුන් හට වෑන් රථයේ තිබූ වියළි ආහාර සහ කල් තියා සැකසූ සීනි සම්බෝල බඳුනක් දාන ශාලාවට රැගෙන යාමට මම උදව් වූයෙමි. අනෙකුත් භාණ්ඩ ඔවුන් විසින් ම රැගෙන ආ අතර, දාන ශාලාවේ ඉවුම් පිහුම් කටයුතු ඇරඹීමට අවශ්‍ය සියලූ කටයුතු සූදානම් කොට දී, මාගේ සිහින ලෝකය වෙත පා තැබීම උදෙසා පියවර තැබීමි.‍

ඇඳුම් මල්ල අතට ගත් මම, වෑන් රථයේ අගුලූ දැම්මෙමි. ඇත්තෙන් ම වාසනාවකි. මා හට යා හැකි වූයේ පියවර දහයකටත් අඩු දුරකි. අනන්ත තරුනෙත්, මා ප‍්‍රිය මිතුරා මා ඉදිරියේ ය.

‘‘මට ආරංචි වෙලයි ආවේ. බිනර ආවා කියලා. මං එ්ත් බැලූවා මොකද මේ අවේලාවේ කියලා…”

‘‘හදිසියේ කඩාපාත් වුණ වාසනාවක් අනන්ත. එන්න කියල හිටියට එන්න බැරිවුණානෙ. අන්තිමේ අද ගෙදරට ම ආවා වාසනාව. ඉතින් මාත් නිකං හිටියෙ නෑ…” සිනහමුසු මුහුණින් ම පැවසුවෙමි.

‘‘දන්න කෙනෙක්ගෙ ද දානෙ…?”

‘‘අපේ ගමේ. මමත් අද දන්නේ, එ් නැන්දලා අසපුවට දානෙ දෙන බවක්..! නැන්දගෙ මහත්තයා මැරිච්ච දවසට ගත්ත දානයක්ලූ. එන්න විදියක් තිබ්බෙ නැති නිසා, විමලරත්න මාමගෙ වෑන් එක අරගෙන මට එන්න වුණා. අනන්තට මතක ඇති. මේ වෑන් එකේ තමයි ඉස්කෝලෙ සෙට් එකත් එක්ක අපි හොර්ටන් තැන්නෙ ගියේ. මමයි එදත් එළෙව්වේ. ලයිසනුත් නැති ව. මතක ද?”

මඳ සිනහවකි. අනන්ත වෑන් එක දෙස බලා නැවත මා දෙස බලා සිනහ සී ආපස්සට හැරුණේ ය. මම ද ඔහු පසුපස ගියෙමි.

‘‘වෑන් එක දන්නව ද බිනර ‘මම එදා හෝටන් තැන්නෙ ගියා, අද මම දානෙකට ආවා’ කියල? කවදාවත් වෑන් එකට එහෙම හිතෙන්නෙ නෑ. එ් නිසා වෑන් එක හැම තැන ම තමන්ට අයිති කර ගන්නෙ නැති ව ඉන්න දන්නවා. ආව ගිය ගමන් කිසි දෙයක් මතකයේ තියාගන්නෙ නෑ. එ් නිසා වෑන් එකට හැමදා ම අලූත් ගමනක් ලැබෙනවා. අපි තමයි හිතෙන් අල්ල ගන්නේ… අපි මේ කාලේ මේ ගමන ගියා… මේ විදියට විනෝද වුණා… මේ දේවල් කෑවා… තව කාලෙක තව ගමනක් ගියා කියල අල්ල ගන්නේ සිහි කරන්නේ, සිත සිතා සතුටු වෙන්නේ අපේ සිත යි.

බලන්න බිනර මේ දිවි ගමන…! දැන් බිනර ම කිව්වා එ් අම්මා තමන්ගෙ ස්වාමියාගේ මරණය වෙනුවෙන් පින් දෙන්න දානය දෙන බවක්. මේ විදියට අපේ බිරින්දෑවරු අපි මැරුණ ම කොයි තරම් දන් දීල ඇත්ද? අපි පෙර ජීවිතෙත් මිනිස් ලෝකෙ ම හිටිය නම්, මේ වෙද්දී අපේ පරණ දරු මුනුපුරෝ තවමත් අපේ ඉස්සර නම් කිය කියා පින් කරනවා ඇති.

අවුරුදු 27න් 30න් කසාද බැඳලා, ළමයින්ට අවුරුදු 30ක් වෙද්දි අවුරුදු 60න් එ් තාත්තා මැරෙනවා. ඊට පස්සෙ ස්වාමියාගේ පින්තූරය විතරයි ගෙදර තියෙන්නේ. හැදෙන වැඩෙන ළමයි, මුනුපුරන් දිහා බලාගෙන අම්මත් තව අවුරුදු 10ක් විතර ජීවත් වෙලා ඊට පස්සේ මැරිල යනවා. ඔන්න ඕක තමයි බිනර ජීවිතේ…! ලොකු වාසනාවක් මේ අම්මලාට පින් කර ගන්න හිතුණ එක. නැත්තං මරණින් මත්තේ කිසි සරණක් නෑ. මැරෙන මැරෙන අය යන්නේ පෙරේත ලෝකෙට නැත්තං නිරයට කියල අපේ ගුරුදේවයන් වහන්සේ නිතර ම කියනවා.”

සැබැවින් ම මා හට පිළිතුරු නැත. මාගේ ඕනෑ ම ප‍්‍රමාදයක දී සැණෙකින් සිහි නුවණ ඉපදවීමට අනන්ත එදා සිට ම දක්ෂ ය. එ් නිසා ම වේගයෙන් ධර්මයට පිවිසීමට මා හට වාසනාව ලැබුණි. ඔහු ද මා මෙන් ම, අතීත ජීවිත වර්ණනාවේ යෙදුණේ නම්, අපේ කතාව හිස් කතා ගොඩක් පමණක් නො වේ ද? එසේ වූවා නම්, මා හට ඔබ වෙනුවෙන් ලියා තබන්නටවත් දෙයක් ඉතිරි නොවනු ඇත.

මා නිහඬ වුව ද අනන්ත තව දුරටත් කථා කළේ ය.

‘‘විවාහ වෙලා අවුරුදු 50කට වඩා දෙදෙනා ම ජීවතුන් අතර සිටින ජීවිත කීයෙන් කීය ද තියෙන්නේ? බොහෝ විට, විවාහයෙන් අවුරුදු 50ක් වෙන්නත් පෙර, දෙන්නගෙන් එක්කෙනෙක්ට තමන්ගෙ කයත්, සහකාරියගේ කයත් අතෑරලා මැරෙන්න සිද්ධ වෙනවා. ඕක තමයි ජීවිතේ ඇත්ත තත්ත්වය. හැමදාම ළඟ තියාගන්න බැරි කෙනෙක්ගෙ මරණය ඇස් දෙකෙන් බලන්න ලබාගත්ත අවස්ථාවක් තමයි විවාහය කියන්නේ. දෙන්නගෙන් එක්කෙනෙක්ට අනිවාර්යෙන් ම තමන් ආදරේ කරන කෙනාගෙ මිනිය ඇස් දෙකෙන් ම දකින්න වෙනවා. සාමාන්‍ය හිතක් එදාට කොහොම මුහුණ දෙයි ද? අස‍්‍රැතවත් පෘථග්ජනයෝ නම්, එ් වගේ අවස්ථාවක පපුවේ අත් ගසාගෙන විලාප දෙමින් හඬා වැළපෙනවා කියලයි සූත‍්‍ර දේශනාවල තියෙන්නේ. අස‍්‍රැතවත් පෘථග්ජනයා අනාගත දුකක් වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් දුක් විඳිනවා. අවසානයේ අත්පත් කර ගත් පේ‍්‍රමවන්තයා මැරී වැටෙද්දී හඬා වැළපෙනවා. එ් දුක ඊට වර්ෂ ගණනාවකට කලින් ළං කර ගත්තේ ඔහු ම බව ඔහුට මතක් වෙන්නේ නෑ.

බුද්ධිමත් ශ‍්‍රාවකයා අනාගතයේ දුක් විඳින්න සිද්ධ වෙන දෙයක් සුළු සැපතකට මුළා වෙලා හිතා මතා ම ළං කර ගන්නේ නෑ. නමුත් බුද්ධිමත් ශ‍්‍රාවකයා අනාගත සැපත නම්, හිතා මතා ම ළං කර ගන්නවා. එ් වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් දුක් විඳින්න වුණත් ඔහු ලෑස්තියි. හරියට අපේ බෝසතාණන් වහන්සේ වගේ. තමන්ගේත්, අනුන්ගේත් අනාගත සැපතක් වෙනුවෙන්, සදාකාලික සුවයක් වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් උන් වහන්සේ කටයුතු කළා. එ් නිසා තමයි අපිටත් අනාගත සුවයක් වෙනුවෙන් බලාපොරාත්තුවක් හරි ඉතිරි වෙලා තියෙන්නේ. බුදුවරුන් නැති, බුදු සසුනක් නැති, නිවනක් පිළිබඳ කතාවක්වත් නැති අබුද්ධෝත්පාද කාලයක මිනිසුන්ගේත් සතුන්ගේත් ලොකු වෙනසක් නෑ. ඉපදෙනවා, කනවා, බොනවා, හැදෙනවා, වැඩෙනවා, වර්ගයා බෝ කරනවා, වයසට යනවා, මැරෙනවා. සිත දියුණු කර ගන්න, නිවනට යන්න කිසි ම උපකාරයක් නෑ. ඉතින් එ් කාලෙ වුණ දේවල් මේ කාලෙත් වෙන්න දෙන්න ඕන නෑනෙ. මේ බුද්ධෝත්පාද කාලයක්. නේ ද බිනර…?”

මඳ සිනහවකින් ම දෙස බැලූ අනන්ත, ඊට මා පිළිතුරු නො දෙන බව දන්නා නිසා දෝ, නැවත අප ඉදිරියෙන් අසපු භූමිය තුළට ඇදී යන පෙත් මඟ දෙස බලා නිහඬ විය. දින සති ගණනාවක ප‍්‍රමාදයෙන් ම’සිතේ බැඳී තිබූ කෙලෙස් කසට සෝදා හරින මහ වැස්සක් මෙන්, අනන්තගේ මිහිරි වදන් වැසි මගේ සිත සිසිල් කර වී ය. මෙවන් කලණ මිතුරෙකු මා හට ලැබුණේ ඔහු ද උතුම් තෙරුවන සරණ ගිය නිසා ම ය. උතුම් ත‍්‍රිවිධ රත්නයට නිහඬව ම ප‍්‍රශංසා කළෙමි. නිහඬව ම නමස්කාර කළෙමි.

‘‘ඔන්න අපි කුටියට ආවා. මේ තමයි මගේ කාමරය. බිනර අද ම යි ආවෙ මම හිතන්නේ. මම ස්වාමීන් වහන්සේලාගෙන් අවසරය අරගෙන ම යි ආවේ. අද ? බිනර ව කාමරේ නවත්ව ගන්න…” තැනිතලා පෙත් මඟේ අතරමග තිබූ කුටි පහළවක් විස්සක් පමණ එකට සිටින සේ සැකසූ දෙමහල් කුටි පෙළක යට තට්ටුවේ හතරවැනි කුටියේ දොර අසල නතර වූ අනන්ත, එහි යතුර කරකවමින් මා දෙස බලා එසේ පැවසුවේ ය.

‘‘එක අතකින් වාසනාවක්, අනන්තගේ කුටියේ රැයක් ගත කරන්නට ලැබීම. තවත් අතකින් අවාසනාවක්… හෙට දවල් දානෙන් පස්සේ මේ කුටියෙන් මට යන්න සිදු වීම…!” අසිත තාපසතුමා මෙන් සිනහවත් කඳුළත් අතර දෝලනය වූ ම’සිතේ පැන නැඟි වාක්‍යය එලෙසින් ම මුවින් පිට කළ මම කුටියේ මුල්ලක ගමන් මල්ල තැබුවෙමි.

කාමරයේ වූ භාණ්ඩ හඳුන්වා දුන් අනන්ත, වැසිකිළි ආදිය පවතින ඉසව්ව මා හට පෙන්වී ය. රාත‍්‍රී 12ටත් ආසන්න ව පැවති බැවින් අනන්ත මඳක් භාවනා කොට නින්දට යන බව පවසා බිම එළා තිබූ පැදුර මත ම පළඟක් බැඳ ගත්තේ ය. ඔහුට නිහඬ ව ම සමුදුන් මම, ඉතා ඉක්මනින් මුහුණ කට සෝදාගෙන පහසු ඇඳුමක් ඇඟ ලා ගත්තෙමි. කුටිය තුළට පැමිණි මම එහි වූ ගුරුලේත්තුවෙන් මා සතු වූ හිස් බෝතලයට පැන් ටිකක් පුරවාගෙන පානය කරමින් ම, මා වෙනුවෙන් වෙන් වූ පැදුර මත හිඳ ගත්තෙමි. ඉන් විනාඩි කිහිපයකට පසු අනන්ත දෑස් විවර කළේ ය. ඔහු භාවනාව අවසන් කර ඇති බවක් මට හැඟී ගියේ ය.

‘‘අනන්ත… මම ඔයාගෙන් කාරණයක් අහන්න ද? බාධාවක් නැති නම්…?”

‘‘ඔව් බිනර…!”

‘‘එදා ? අපි කන්ද උඩ කුටිය ශුද්ධ පවිත‍්‍ර කළා මතක ද? අපි දෙන්න ”

‘‘හ්ම්.. ඔව්…!”

‘‘එ් කුටියෙ වැඩ හිටපු ස්වාමීන් වහන්සේ හරි පුදුමාකාර වීරියවන්තයෙක් නේ ද? මම එ් කුටියෙදි එදා උන් වහන්සේගෙ සටහන් වගයක් බැලූවා…” නො දැනී ම මගේ නාස් පුඩු අතරින් ගැඹුරු සුසුමක් පිට විය. එ් අතර අනන්තගේ දෙනෙත් අතරට නෙත් යොමුකළ මා ඔහුගේ ඉරියව් පරීක්ෂා කළේ, මා වරදක් කළ බවක් ඔහුට හැඟී ගියා දෝ යි බියෙනි. නමුත් නැවතත් ඔහුගේ මුවගේ සිනහවකි. මා හට යම් සැනසුමක් දැනෙන්නට විය.

‘‘බිනරත්, පුදුම වාසනාවන්තයෙක් තමයි…” විමසූ දෙයට කෙසේ ගැළපෙන්නේදැයි මා හට සිතාගත නො හැකි ආකාරයේ ප‍්‍රකාශයක් කළ මා ප‍්‍රිය මිත‍්‍රයා මා අත වූ පැන් බෝතලය ගෙන වතුර උගුරක් දෙකක් බිව්වේ ය.

‘‘මම…? මම කොහොම ද අනන්ත වාසනාවන්තයෙක් වෙන්නේ…? ඔයාලානේ වාසනාවන්තයෝ… පින්වන්තයෝ.”

‘‘නෑ බිනර. බිනර පින්වන්තයි. මොකද දන්නව ද? අද හවස මම දැක්කා එ් ස්වාමීන් වහන්සේ අසපුවට වැඩම කරල ඉන්නවා. මම හිතන්නේ හෙට උදේ හෝ දහවල් නැවත වඞීවි. ඉතින්… බිනර කැමති නම්, අපි මුණගැහෙන්න පුළුවන් වෙයි ද කියල බලමු. හැබැයි පැය කිහිපයක් ඉවසන්න වෙනවා. දැන් රාත‍්‍රී වැඩියි. අද දවසට සමුදෙන්න ළං වෙලා තියෙන්නේ. එ් නිසා හෙට දවසේ අපිට පිනක් තිබුණොත්, උන් වහන්සේ ව මුණගැහෙන්න පුළුවන් වේවි…” අනනන්තගේ අවසන් වදන් පෙළ නම් මා හට නෑසුණාක් මෙනි. මුළු මහත් සර්වාංගය ම සිසිල් වී ලොමුදැහැ ගැන්වී ගියේ ය. මා සිටින්නේ කොහිදැයි මා හට අමතක විය. මේ මා නිවසේ දී වෙනදා දකින සිහින මාලාවේ තවත් එක් සිහිනයක්වත් ද?
අනන්ත කුමක් ද එ් පැවසුවේ..! එබඳු වීරියවන්තයෙක් සමඟ මා හට හෙට කතා කළ හැකි වේවි…? දෙවියනේ… අද මා හට අහම්බෙන් මෙන් අසපු භූමියට පැමිණෙන්නට හැකි වූයේ කුමන පිනක් ඵල දී ද???

අහෝ… උතුම් ත‍්‍රිවිධ රත්නයේ නාමයෙන් අද රාත‍්‍රියේ මාගේ මරණය නම් සිදු නො වේවා…! සත්පුරුෂ සේවනය උදෙසා ම මාගේ ආයුෂය සුරැුකේවා…!

මතු සම්බන්ධයි….

ඇඟිල්ලෙන් පෙන් වූ
සඳ දෙස බලන්න.
ඇඟිල්ල දෙස නො බලන්න.
ඇඟිල්ල ගැන නො සොයන්න.
මේ ශ‍්‍රී සද්ධර්මය
ජීවමාන යි…!
එ් බව පමණක් අකුරු කරන්නෙමි.

මහාමේඝ 2015  මැදින් කලාපය
WWW.MAHAMEGHA.LK

මතක සටහන
ජයලත්ගේ බිනර නවමල් බණ්ඩාර

මෙම ලිපිය පිළිබඳ ඔබේ අදහස් අපට කියන්න.
SMS Only – 077 063 08 68