ආර්ය උපවාදයක් සිදුවී ඇති කෙනෙක් නම් කළ යුත්තේ ජීවමාන ශාස්තෘන් වහන්සේ බඳු රුවන්මැලි මහ සෑයට ගොස් තෙරුවන් වැඳ “ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, මාගේ වචනයෙන් ද, සිතින් ද, කයින් ද භාග්‍යවතුන් වහන්සේටත්, ශ්‍රී සද්ධර්මයටත් සත්පුරුෂ ආර්ය පුද්ගල ශ්‍රාවක උතුමන්ටත් දැන හෝ නොදැන හෝ සිදුවී ඇති සියලු නින්දා, ගැරහීම්, අපවාද, උපවාදයන්ට මට සමාවන සේක්වා!”යි ජීවමාන බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වැඳ වැටී කියන පරිදි කට ඇර වචනයෙන් පවසා සමාව ගැනීමයි. මින්මතු මෙවැනි දේවල්වලට කිසි ලෙසකින් සම්බන්ධ නොවන බවට වචනයෙන් ප්‍රතිඥා දීමයි.
පින්වත් ස්වාමීන් වහන්ස, අප අතින් දැන හෝ නොදැන ආර්ය උපවාදයක් සිදුවී ඇත්නම් එයින් නිදහස්වීමට කළයුත්තේ කුමක්ද?

Recent Comments