රටක අධ්‍යාපනය යනු එම රටෙහි අනාගතයේ තීරණාත්මක අඩිතාලමෙහි එක් ප‍්‍රධානතම ස්තරයකි. එය ඉතා ශක්තිමත් මෙන් ම ඕනෑම පීඩනයකට ඔරොත්තු දෙන ගුණයෙන් යුතු විය යුතු ය. එසේ ම එය පදනමෙහි අනෙකුත් ස්තර හා මනා සම්බන්ධතාවයක් දරන සමබර එකක් විය යුතු ය. එහි ව්‍යුහය කලින් කල රිසි පරිදි වෙනස් කළ නො හැකි ය. නමුදු එහි විකාශය අනාගත ලොව වෙත විවර විය යුතු ය. එසේ නොමැති නම් එය අනාගත ලෝකයේ අභියෝගයන්ට නුසුදුසු වනු ඇත.

එසේ ම අධ්‍යාපනය සකස් විය යුත්තේ එම රට ජාතික වශයෙන් සහ අන්තර්ජාතික වශයෙන් දිනා ගැනීමට බලාපොරොත්තු වන අනාගත ඉලක්කයන් සපුරා ගැනීමට සුදුසු පරිදි ය. එසේ ම එය ගුණ දහමින් සුපෝෂණය වන ආවේණික සංස්කෘතික ගති ලක්‍ෂණයන්ගෙන් ද හෙබි සෑම පුද්ගලයෙකු සහ සෑම ක්ෂේත‍්‍රයක් ම ආවරණය වන පරිදි ස්ථාපනය විය යුතු ය. එය අධ්‍යාපනයෙහි ව්‍යුහය ලෙස හඳුන්වා දිය හැකි ය. (යෝජනාවක් ලෙස ඉදිරිපත් කරනු ලබන්නකි). එසේ ම තම ගුණාත්මක බව රැකගනිමින් නම්‍යශීලී බව තුළ පිහිටා තිබිය යුතු ය. නවීන ලොව තුළ උසස් ගමනක නිරත විය හැක්කේ එවිට ය. එහි විකාශය නව ලොවට අවැසි පරිදි විවර විය යුත්තේ පුළුල් පරාසයක් තුළ හැසිරෙමිනි.

නූතන අධ්‍යාපනයේ ඉලක්කය යාන්ති‍්‍රකයෙක් ද?

අධ්‍යාපනය ලෝකයේ දියුණු වීම සමගින් පුළුල් වේ. සංකීර්ණ වේ. එ් අනාගත අවශ්‍යතාවයන් සපුරාලීමට සුදුසු පරිදි ය. එහෙත් එ් අධ්‍යාපනය තුළ හුදු යාන්ත‍්‍රිකයෙකු පමණක් බිහි නො විය යුතු ය. එහෙත් අවාසනාවකට එය එසේ සිදු නොවන බව දැන් දැන් ඉතා පැහැදිලි ය. ලෝකය විසින් අනාගතය වෙත ප‍්‍රවිෂ්ට වීම සඳහා යාන්ත‍්‍රිකයෙකු පමණක් අපේක්ෂා කරන බව වර්තමාන අධිවේගී ගමන්මග තුළ ප‍්‍රකට වෙමින් පවතී. එය අතිශයින් ම අනතුරුදායක ය. මෙකී යාන්ත‍්‍රිකයා තුළ මිනිස් හැඟීම් දක්නට නැත. ඔහු දකින්නේ ඉදිරිය කෙසේ හෝ ජයගැනීම පමණි. එ් ගමන්මග තුළ ඇති ඕනෑම බාධකයක් නිර්දය ලෙස පරාජයට පත්කිරීම සඳහා ඔහු පුහුණු කොට ඇත.

එ් අනුව අනාගත බාධකය ලෙස ඔහු දකින්නේ තම ගුණධර්ම නම් එය ද බාධකයක් ලෙස හඳුනාගනිමින් ඉවත් කරනු ඇත. වර්තමාන ලෝකය තුළ ප‍්‍රධාන වශයෙන් අධ්‍යාපනය කේන්ද්‍රගත වී ඇත්තේ මුදල් ඉපයීම යන ඉතා පටු ඉලක්කය මත ය. එහෙයින් යාන්ත‍්‍රිකයාගේ සියලූ අරමුණු ඉටුකර ගැනීමට ඇති ප‍්‍රධාන ඉලක්කගත සාධකය මුදල් ම පමණක් වීම නිසා ඔහුට එ් හැරුණු කොට දැකිය හැකි වෙනත් වටිනා දෙයක් නොමැති ය. එය සමාජය තුළ මුල් බැසගත් අදහසක් ලෙස ද අපට හඳුනාගත හැකි ය. බොහෝ දෙනෙකු පවසන පරිදි ”බල්ලො මරල හරි සල්ලි සොයාපන්” යන නින්දනීය කියමන අද සාමාන්‍ය කියමනක් බවට පත්වී ඇත්තේ එහෙයිනි. කෙසේ වෙතත් තවමත් අප රට තුළ අධ්‍යාපනයේ කුමන ස්තරයක සිටින කෙනෙකු වුව ද අවසානයේ තමාට සරිලන වෘත්තියක හෝ ව්‍යාපාරයක, සේවාවක නිරත වෙයි. එය අගය කළ යුත්තකි. එහෙත් ඉදිරිය පිළිබඳ ඇත්තේ ප‍්‍රශ්නාර්ථයකි. එ් අප ද අනාගත ලෝකය වෙත යාමට යාන්ත‍්‍රිකයා ගත් මඟ ගැනීමට එකඟ වීම තුළ ය. ඊට ගෝලීයකරණය වැනි නිර්වචනයක් ලබාදීමට අපට හැකි ය.

යාන්ත‍්‍රිකයා ලොව ගෙන යන තැන…

යළි යාන්ත‍්‍රිකයා වෙත හැරෙමු. ඔහු අධ්‍යාපනයෙන් සම්මතයක් ලෙස උසස් තැනකට පැමිණ දැන් මුදල් උපයමින් සිටී. මුදල් සමගින් අනේක විධ කාමයන් ද ඔහු වෙත පැමිණේ. ඔහුගේ ආධ්‍යාත්මික ගුණදහම් පිරිහී ඇති නිසා හරි වැරැුද්ද තෝරාගැනීමට නො හැක. ඔහු අන්ධයෙකු ලෙස හැසිරෙමින් කාය දුෂ්චරිතයෙන් ද වචී දුෂ්චරිතයෙන් ද මනෝ දුෂ්චරිතයෙන් ද තමා වනසා ගනිමින් ලෝකය වැනසීම සඳහාත් දායකත්වය දෙනු ලබයි. අධ්‍යාපනිකව ඉහළ තලයට ගියා යැයි සම්මත ඔහු එම අධ්‍යාපනයේ ම යම්කිසි අඩුවක් නිසා වැනසී යමින් සිටී. ඔහු ඉදිරියෙහි ඇත්තේ හිස්, අතෘප්තිකර ලෝකයකි. එකිනෙකා පරයා යමින් තරගයක නිරත වන ලෝකයකි. ඔහු ජීවිතය වරද්දාගෙන ඇත. ඉදින් ඔහු මානසිකව පීඩා දරාගැනීමට සුදුසු පරිද්දෙන් ආධ්‍යාත්මික ගුණදහමින් ශක්තිමත් නැත. ප‍්‍රතිඵලය නම් උමතු චර්යාවන්ගෙන් යුතු හා විකෘති දැක්මකින් යුතු මිනිසෙකු බිහිවීම ය.

ඔහු ලෝකය හා ගනුදෙනු කිරීමේ දී ඊට අයත් සියලූ සමාජ තල එකී පැවැත්මේ ගොදුරු බවට පත්වේ. ගැටලූව එවැනි යාන්ත‍්‍රිකයන් එක් අයෙකු පමණක් නො වීම ය. එවැන්නන් සිය දහස් ගණනින් අනාගත ලෝකයට මේ ගමන්මග ඔස්සේ මුදා හැරෙනු ඇත. එසේ නම් කුමක් ද මේ බරපතළ අඩුව? කුමක් ද අපට මග හැරෙමින් ඇති සාධකය වන්නේ? එය විමසා බැලිය යුතු ම ය.

ගුණත් – නැණත් සමබර නො කළහොත්…

සමබරතාවය ඕනෑම දෙයක හෝ සත්වයෙකු තුළ හෝ පවතින විශ්ව සාධාරණ රීතියකි. එකී සමබරතාවය ගිලිහී යාම නියත වශයෙන් ම එකී වස්තුවෙහි හෝ සත්වයාගේ පැවැත්මට අතිශය තීරණාත්මක ය. සමබරතාව ගිලිහී යාම අධ්‍යාපනය තුළ ද දැන් දැන් විද්‍යාමාන වන බව පැවසිය යුතු ය. උගත්කම හා ගුණවත්කම සමබරව පවත්වාගත නො හැකි වුවහොත් අධ්‍යාපනයෙහි පැවැත්ම ද අභියෝගයට ලක්වනු ඇත.

වර්තමාන අධ්‍යාපන ක‍්‍රමය සැකසී ඇත්තේ පෙර පාසැල් අවධියේ සිට ම අනවශ්‍ය පීඩනයක් දරුවා තුළ ගොඩනැගෙන පරිද්දෙනි. තම වයසට වඩා සංකීර්ණ විෂය දහරාවක් ඔවුන් මත පැටවී ඇති අතර වාසනාවකට මින් සැලකිය යුතු කොටසක් නිම කරනු ලබන්නේ එම දරුවන්ගේ දෙමාපියන් විසිනි. දරුවන්ගේ ළමා මනස වර්ධනයට අවැසි සොඳුරු, ළමා අත්දැකීම් සහ ළමා කාලය, විවේකය කලින් ම තරගකාරී අධ්‍යාපනය විසින් දරුවා වෙතින් උදුරාගෙන ඇති අතර ම බාහිර ක‍්‍රියාකාරකම් කිහිපයකින් එම අඩුව පිරවීමට අසාර්ථක ප‍්‍රයත්නයක් දරා ඇත. ගුණදහම්, සිරිත් විරිත්, ආධ්‍යාත්මික සංවර්ධනය වැනි අත්‍යවශ්‍ය පුද්ගල සාධකයක් කෙරෙහි දක්වා ඇති ප‍්‍රමුඛත්වය ඉතා අල්ප ය. එසේ ම දරුවන් හට තම හැඟීම් නිදහස්ව ප‍්‍රකාශ කිරීමේ අයිතිය හා නිදහස සීමා කරමින් ඔවුන් යම් ආකෘතියකට අනුගත කිරීමට උත්සාහ කිරීම තුළ කුඩා කාලය තුළ දී ම ඔවුන්ගේ හැකියාවන්, චරිත ස්වභාවයන් අභියෝගයට ලක්කිරීම තවත් කරුණකි. එසේ ම පූර්ව යෝජනා මගින් ළමා මනසට තරගකාරිත්වය ආරෝපණය කිරීම ද දැකිය හැකි ය. මේ සියල්ල තුළ අධ්‍යාපනය මහත් බරක් ලෙස දැනෙන පරිද්දෙන් කුඩා දරුවන් තුළ හැඟීමක් අත්දැකීමට සලස්වා ඇත. එම පීඩනය ඔවුන් විවිධ ලෙස පිටකිරිමට උත්සාහ ගන්නා අතර ළමා ප‍්‍රචණ්ඩත්වය ඉහළ යාමට එය හේතුවක් වී ඇත. සමහර දරුවන් නොයෙක් මානසික දුබලතාවයන්ගෙන් පෙලීම ද මේ නිසා සිදු වේ.

අප අදහස් කරනුයේ පෙර පාසැල් අධ්‍යාපනය නො තිබිය යුතු ය යන්න නො වේ. එහෙත් පෙර පාසැල යනු ළමා හැඟීම් සහ නිදහස සීමා කරන සිරගෙයක් නො විය යුතු ය. විධිමත් වැඩපිළිවෙළක් තුළින් ළමා මනස තේරුම් ගනිමින් සොඳුරු ළමා විය අත්විඳින ගුණ සම්පන්න අර්ථවත් ජීවිත ආරම්භයකට මග පෙන්වන සරල සොඳුරු අධ්‍යාපන ක‍්‍රමවේදයකට පෙර පාසැල පෙරමුණ ගත යුතු ය. එමෙන් ම ස්වභාවිකව ගොඩනැගෙන ළමා පෞර්ෂය සහ චරිත ස්වභාවයන්ට ගරු කරමින් දරුවා තුළින් ඔහු ගොඩනැගීමට අත දීම තුළ අප බලාපොරොත්තු නොවන තරමේ උතුම් ප‍්‍රතිඵල ලැබිය හැකිවනු ඇත. එසේ ම ලෝකයෙහි උපදින සියලූ මනුෂ්‍යයන් හැකියාවන් හා චරිත ලක්‍ෂණයන්ගෙන් විවිධ ය. එ් විවිධත්වය ලෝකය සුන්දර කරයි. අර්ථවත් කරයි. එ් තුළ ඉදිරිය නිවැරදි කරමින් යහපත්, ගුණවත්, උගත් දරුවෙකු බිහිකිරීම පෙර පාසැල් අධ්‍යාපනයේ ප‍්‍රධාන අරමුණ විය යුතු ය.

පියවරෙන් පියවර ඉහළ යන අසහනය

ඉන් අනතුරුව ප‍්‍රාථමික අධ්‍යාපනය තුළ දී ප‍්‍රධානතම ඉලක්කගත අරමුණ වන්නේ ශිෂ්‍යත්ව විභාගයයි. එ් සඳහා පළමුවන ශ්‍රේණියේ සිට ම ළමුන් සූදානම් කරනු දැකිය හැකි ය. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස ඉතා කුඩා අවධියේ සිට ම අමතර පන්ති කරා දරුවන් යොමුකරනු ලබයි. බොහෝ විට පාන්දර දරුවන් නිදිමතේ සිටිය දී ම ඔවුන් සූදානම් කර ගන්නා මව්වරුන් ඇඳිරි වැටීමට ආසන්න වෙත්දී යළි නිවසට පැමිණෙනු දැකිය හැකි ය. ස්වාධීනව ළමා පෞරුෂය ගොඩනැගීමටද ඔවුන් ඉඩ ලබා දෙන්නේ නැත. අඩුම තරමින් සපත්තුවේ ලේස් පටියක් ගැට ගසා ගැනීමට හෝ දරුවන් හට අවකාශයක් නැත. ඉදින් ඔවුහු තනිව කටයුතු කිරීමට සිදුවූ අවස්ථාවක දී මහත් සේ අසරණ වෙති. ඊ ළඟට පසු දිනට නියමිත පැවරුම් නිමා කිරීමට ද රාත‍්‍රියේ දී ඔවුන්ට සිදු වේ.

මේ සියලූ දේ තුළ දරුවා පත්ව ඇති තත්ත්වය ගැන කිසිවෙකුත් අවධානය යොමු කරන්නේ නැත. ඔහු ඉලක්ක කැමති අවි ආයුධ කරපින්නාගෙන දුෂ්කර කඳුකර මගක් තරණය කරන සොල්දාදුවෙක් වැනි ය. එහෙත් ළමා අයිතීන් සුරකින සංවිධාන එ් ගැන කථා නො කරති. වර්තමාන පාලන ක‍්‍රමයන් යටතේ දරුවන් ගුණ දහම් කරා යොමුකිරීමට උත්සාහ කළ ද මේ පීඩාකාරී අසමතුලිත අධ්‍යාපන ක‍්‍රමය තුළ ඊට සැබෑ ඉඩක් හිමිවන බවක් නො පෙනේ. දරුවන් හට ඇත්තේ මහත් අසහනයකි. එකිනෙකා පරයා යෑම පිණිස දෙමාපියන්ගෙන් එල්ලවන බලපෑම දිනෙන් දින වැඩිවන බව පෙනේ. කුඩා අවධියේ දී ම අධ්‍යාපනික වහල් භාවයකට ඔවුන් පත්ව ඇත. ප‍්‍රතිඵලය නො නවතින මානසික ආතතියයි. එය ඔවුන්ගේ ස්වභාවික සරල සුන්දර ජීවිත පැවැත්ම උඩු යටිකුරු වීමකි. එසේ ම සෑම විභාගයක් ඉදිරියේ දී ම ඔවුන් මහත් බියකට හා අවිනිශ්චිත භාවයකට පත් වේ. එ්, තමා තරගකරුවෙකුව සිටිමින් තමා වටා සිටින පිරිස සතුටු කිරීමට සිදුව ඇති නිසා ය. විශේෂයෙන් සියලූ දෙමාපියන් සතුටු වන්නේ තම දරුවන් සියලූ දෙනා එකවිට ප‍්‍රථම ස්ථානය ලබාගැනීමෙනි. එහෙත් එය ප‍්‍රායෝගිකව සිදු නොවන්නක් බව කිසිදු දෙමාපියෙකු අවබෝධ කර ගැනීමට සූදානම් නැත. මෙවන් විකෘති සහගත සමාජ ආකල්පවල පදනම කුමක්දැයි වටහාගත නො හැක. එය ඉමහත් ඛේදනීය තත්ත්වයකි.

ප‍්‍රාථමික අධ්‍යාපනයෙන් ඉහළට යත්දීත් මෙසේ ම ය. ඊ ළඟ කඩඉම සාමාන්‍ය පෙළ විභාගයයි. ඊට ද නො නවතින වෙහෙසකර ගමනක නිරත වීමට දරුවන්ට සිදුවේ. ඉන් අනතුරුව උසස් පෙළ සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ජය ගත යුතු ය.

අධ්‍යාපනයේ සැබෑ ඉලක්කය කුමක් විය යුතු ද?

මේ ඉලක්කයන් ජයගැනීම ජීවිතයකට අවශ්‍ය ය. අපි එය කිසිවිටකත් නැතැයි නො කියමු. එහෙත් අධ්‍යාපන ක‍්‍රමය සහ විභාග සකස්විය යුත්තේ ශිෂ්‍යයාගේ සහ රටේ අනාගත අභිවෘද්ධිය පිණිස ය. එ් තුළ ඇති සමබරතාවය ගිලිහී යාමෙන් අධ්‍යාපනිකව ලැබිය හැකි උතුම් පරමාර්ථ අපගෙන් ගිලිහී යනු ඇත. අපි එ් පිළිබඳව හොඳින් අවධානය යොමු කරමු. එබැවින් කරුණු සහිතව අපට මේ පිළිබඳව සිතා බැලිය හැකිය.

පළමුව එම අධ්‍යාපන ක‍්‍රමය සහ විභාග කොතරම් දුරට ඉදිරියේ දී ලෝකයට ප‍්‍රායෝගික භාවිතයක් වන්නේදැයි අවබෝධ කර ගත යුතු ය. එය සාමාන්‍ය ලොවට පිවිසි කල සාමාර්ථයක් පමණක් වන්නේ නම් එම අධ්‍යාපන ක‍්‍රමයෙහි අර්ථය කුමක් ද? පවතින අධ්‍යාපනය තුළින් උගත් දේ ලෝකය ජයගැනීම පිණිස සියයට සියයක් ම භාවිතයෙහි යෙදවිය හැකි විය යුතු ය. එසේ නොමැති නම් අධ්‍යාපනයේ සැලකිය යුතු කොටසක් අපගේ මතකයන් තුළ පමණක් ඉතිරිවනු ඇත. අපගේ කාලය සහ ශ‍්‍රමය අපතේ යනු ඇත. එසේ ම අධ්‍යාපනය තුළ අනවශ්‍ය ලෙස විෂය ධාරාව සංකීර්ණ නො විය යුතු ය. එමෙන් ම සියලූ ආකාරයේ අධ්‍යාපනයන් තුළ පවතින සරල හා සංකීර්ණ බව උපක‍්‍රමිකව අවබෝධයට පහසුවන පරිද්දෙන් පෙළගැස්වීමට සහ අධ්‍යාපනය රසවත් අත්දැකීමක් බව පත්කිරීමට කළ හැකි නවමු දේ වෙත යොමු විය යුතු ය. ප‍්‍රමාණවත් කායික – මානසික විවේකය ඉතා සුවිශේෂි අවශ්‍යතාවයකි. තරගකාරිත්වය වෙනුවට විවිධ විෂය දක්‍ෂතා මත කොටස් කරන ලද ශිෂ්‍ය කණ්ඩායම් අර්ථවත් ලෙස ඉදිරියට ගෙන එ්ම, ඔවුන් ඉදිරි අනාගතයේ වෘත්තීමය හෝ ව්‍යාපාරිකමය හෝ සේවාමය අංශයන් වෙත සූදානම් කිරීම සහ සියලූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ආවරණය වන පරිද්දෙන් මේ කටයුතු සිදු වීම විය යුතු ය. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ මනස අවබෝධ කර ගැනීම වැදගත් ය. විෂය දහරාවන් නවීන ලොවට අවැසි පරිදි පර්යේෂණාත්මකව වර්ධනය කිරීම ද අවශ්‍ය ය. එසේ ම ප‍්‍රධානතම කරුණ නම් ගුණදහම් සපිරි නැණවත් – උගත් – දක්‍ෂ පරපුරක් සමාජයට දායාද කිරීමය.

අකාලික මුනි දහමින් අපේ අධ්‍යාපනයට අරුතක්…!

අප රට බුදු දහමින් පෝෂණය වු අසිරිමත් භෞතික – ආධ්‍යාත්මික දියුණුවක් ලබා සිටි රටකි. ලොව විමතියට පත් කරන දේ සිදුකරමින් ලොව ජයගැනීම අපගේ රජදරුවන්ට සුළු කරුණක් වුවේ ය. මහා ථූප, දැවැන්ත වාරි කර්මාන්ත, අදහා ගත නො හැකි වාරි තාක්ෂණය අප ගොඩනැගුවේ බුදු දහමින් ලත් පෝෂණය තුළ ලද භෞතික ආධ්‍යාත්මික ශක්තියෙනි. අද ද අපට එ් නිර්මල ධර්මය අපගේ අධ්‍යාපනයෙහි මුදුන් මල්කඩ බවට පත් කර ගැනීමට හැකි ය. එසේ වුවහොත් අපගේ අධ්‍යාපනයෙහි ඉදිරි ගමන් මග සමබර, අසිරිමත් එකක් වනු ඇත. එසේ ම එහි ප‍්‍රතිඵලය මුළු මහත් ලොවට ම විස්මිත පණිවුඩයක් ලබා දෙනු ඇත. ආධ්‍යාත්මික, භෞතික දියුණුව ඉතා පහසුවෙන් යළි ළඟා කර ගත හැකි වනු ඇත.

එවිට කෙනෙකුට මෙසේ සිතිය හැකි ය.

‘එ් ඈත අතීතයේ සිදුවීමකි. එ්වා වර්තමානයට හා අනාගතයට ගැළපීමට නො හැකි ය. අද නවීන ලොව ජය ගැනීමට නම් යල් පැන ගිය දේ අත් හැරිය යුතු ය’ යනුවෙනි. පිළිතුර නම් භාග්‍යවතුන් වහන්ස්ගේ ධර්මය අකාලික දහමකි. එසේ ම ලෝකයේ යථා ස්වභාවය පෙන්වා දෙන එක ම දහම ය. එසේ ම මේ ධර්මය ප‍්‍රායෝගිකව ජීවිතයට සම්බන්ධ කර ගනිමින්, අර්ථවත්ව ජීවිතය ජයගනිමින් අවබෝධය කරා යා හැකි ය. දියුණු යැයි සම්මත බටහිර ලෝකය අන්ධානුකරණය කරමින් අප අධ්‍යාපනය හදාරත්දි බටහිර විද්‍යාඥයෝ බුදු දහමින් පෝෂණය වු විස්මිත ඉතිහාසගත දියුණුවක් තිබූ අතීතයේ දී පෙරදිග ලෝකයේ සිදුවුයේ කුමක්දැයි සොයති.

එසේ ම එම රටවල අනාගතය වෙනුවෙන් එ්වා යොදාගන්නේ කෙසේදැයි සොයති. වර්තමානය වන විට ඔවුන් බුදු දහම කෙරෙහි ඇති නැඹුරුව වේගයෙන් වැඩි වෙමින් පවතී.

ඔවුන් මානසික ආතතියෙන් මිදීම පිණිස භාවනා ක‍්‍රම අත්හදා බලති. එහෙත් දෙලොව ජයගනිමින් නිවන පිණිස පවතින ආශ්චර්යවත් අකාලික මුනිදහම පිළිබඳ ඔවුන් අවබෝධ කරගෙන නැත. එසේ වූවා නම් ඔවුන්ගේ එක ම ශාස්තෘන් වහන්සේ එ් භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වනු ඇත. ඔවුන් සරණ ගිය එක ම ධර්මය මේ උතුම් ශ‍්‍රී සද්ධර්මය වනු ඇත. සරණ ගිය ශ‍්‍රාවක පිරිස එ් උත්තරීතර ආර්ය මහා සංඝරත්නය වනු ඇත.

නමුත් අප යළි නිවැරදි මාවතට පැමිණෙන්නට ප‍්‍රමාද වන්නේ මන්ද? සමබර අධ්‍යාපනයක හර පද්ධතිය වෙනුවෙන් බුදුදහමේ පිළිසරණ නො සොයන්නේ මන්ද? තවත් ප‍්‍රමාද නො වී නිවැරදි වන්නට
කාලයයි මේ…!

සටහන
රොහාන් ඉන්ද්‍රජිත් එදිරිසිංහ