සීල සංවරයේ හික්මෙන කෙනෙක් තුළ යහපත් ඇවතුම් පැවතුම් වර්ධනය කර ගන්නා ආකාරය තුළ දකින්නට ලැබෙන්නේ සුන්දර ජීවිත පරිවර්තනයක්. එය සිදු කර ගන්නා ආකාරය අපට පෙන්වා දෙන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයෙන්. යම් ආකාරයක කායික, වාචසික ඇවතුම් පැවතුම් සේවනය කරද්දී අකුසල් දහම් වැඩෙයි නම්. කුසල් දහම් පිරිහෙයි නම්, අන්න එවැනි ඇවැතුම් පැවැතුම් සේවනය නො කළ යුතු බව භාග්‍යවතුන් වහන්සේ අපට කියා දෙනවා. එ් වගේ ම යම් කායික, වාචසික ඇවැතුම් පැවැතුම් සේවනය කරද්දී කුසල් දහම් වැඩෙයි නම්, අකුසල් දහම් පිරිහෙයි නම් එබඳු වූ ඇවැතුම් පැවැතුම් සේවනය කළ යුතු බවත් කියා දෙනවා.
කුසල් වැඩෙන ඇවතුම් පැවතුම් මොනවා ද යන්න තෝරා බේරා ගැනීමට අපට උපන් හැකියාවක් තියෙනව ද? ඇත්තෙන්ම නැහැ. කාම ලෝකයේ ජීවත් වීමේ පහසුවට ‘මේ මේ දේ කළ යුතුයි, මේ මේ දේ නොකළ යුතුයි’ කියල පාසල් කාලෙ ඉඳන් උගන්වනව නේ ද? එ් උගන්වන දේත් අපි කරමින් තමයි හැකියාවන් දියුණු කර ගන්නෙ. ඉන් එහාට දෙයක් තියෙනව කියල අපට වටහා ගැනීමේ නුවණක් තිබුණේ නැහැ නේ ද? කායික වාචසික ක්‍රියා කරන විට මේ මේ කුසලය නිසා සිත පිරිසිදු වෙනවා, මේ මේ අකුසලය නිසා සිත අපිරිසිදු වෙනවා යන්න පෙන්වා දෙන්නෙ භාග්‍යවතුන් වහන්සේනමක් විසින් ම යි.
බලන්න, මේ ආකාරයෙන් කුසල් අකුසල් හඳුනාගැනීමට උපදිනකොට ම අපට වැටහීමක් නැති නිසා පවත්වන්න ඕන උතුම් ඇසුරක් තමා කල්‍යාණ මිත්‍ර ඇසුර කියන්නේ. කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කිරීමෙන්, එ් ධර්මය ඇසීමෙන් තමයි මේ වැටහීම කෙනෙක්ට උදා වෙන්නෙ. භාග්‍යවතුන් වහන්සේ කියා දෙනවා. ‘‘ඇසුරු කළ යුත්තේ යහපත පෙන්වා දෙන නැණවත් සත්පුරුෂයන්වයි. ඔවුන්ගේ නුවණ ඉතා ම සියුම්. නො පමාව දහමේ හැසිරෙන, එ් නුවණැති සත්පුරුෂයන් අවබෝධ කරගෙන තිබෙන්නේ පරම ගම්භීර වූ දැකීමට දුෂ්කර වූ සූක්ෂම අර්ථය වන චතුරාර්ය සත්‍යය යි.” කියල. වැරදි ඇසුරක් නිසා සංසාරයේ අපි වින්ද දුක්, මේ විඳිමින් ඉන්න දුක් ගැන හිතා බලන්න. ලෝකය අපට කියා දුන්න ආකාරයට අනුව එ් එ් තැනදි එ් එ් වචන කතා කරන්නත් එ් එ් ක්‍රියා කරන්නත් විතරයි අපි දන්නෙ. එහි කුසලයක් අකුසලයක් තියෙනවා කියන වැටහීම ඇති කරල දෙන්නෙ මේ ධර්මයෙන්. එ් වැටහීම විස්තර කර කර දෙන්නෙ කල්‍යාණ මිත්‍ර ඇසුරක් ම යි. භාග්‍යවතුන් වහන්සේ මෙසේ අනුශාසනා කරනව.
‘‘මිත්තේ භජස්සු කල්‍යාණේ – සුද්ධාජීවේ අතන්දිතේ
පටිසන්ථාරවුත්ත්යස්ස – ආචාරකුසලෝ සියා
තතෝ පාමොජ්ජබහුලෝ – දුක්ඛස්සන්තං කරිස්සසි”
‘‘සදහම් පිළිසඳරෙහි යුක්ත වෙන්න. ඇවතුම් පැවැතුම්වල දක්ෂ කෙනෙක් වෙන්න. එ් තුළින් ප්‍රමුදිත භාවය හොඳින් ඇතිකරගෙන මේ දුක අවසන් කරන කෙනෙක් වෙන්න. එ් වගේ ම පිරිසිදු ජීවිකාව ඇති, කම්මැලි නැති කල්‍යාණ මිත්‍රයන්වත් ඇසුරු කරන්ට ඕනෙ.”
(ධම්ම පදය – භික්ඛු වග්ගය)
සැබෑ කල්‍යාණ මිත්‍ර ඇසුරේ දී යහපත් ඇවතුම් පැවතුම් ඇති කර ගන්නට අපට අවස්ථාව උදා වෙනවා. ‘‘මේක අකුසල් සහගතයි කියල භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දී තියෙනව නෙව” කියල කල්‍යාණ මිත්‍රයන්ගෙන් අහන්න ලැබෙනකොට අපි සිත අපිරිසිදු වන එ් ක්‍රියාව අත් හරිනව. ”මේක කුසල් සහගතයි කියල භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දී තියෙනව නෙව” කියල අහන්න ලැබෙනකොට එ් ක්‍රියාව බහුල වශයෙන් පුරුදු කරන්න අපි කැමති වෙනවා. සාමාන්‍යයෙන් අපේ හිත අනුන් කියන දේ අහන්න, අනුන් කියන නීතිවලට යටහත් පහත් වෙන්න කැමති නෑ. එ් උපන් කැමැත්ත නැති නිසා නේ ද රටේ ලෝකෙ නීති තියෙන්නෙ? එ් වගේ ම පොලිසිය හමුදාව වැනි නීතිය ආරක්ෂා කරන ස්ථාන තියෙන්නෙ? පිරිසක් එක්ක කටයුතු කරද්දී සංවරයෙහිලා අපට උපන් හැකියාව නැති නිසා ”පාසලේ දී, රැුකියා ආයතනයේ දී, මඟතොටේ දී මේ මේ විදිහට හැසිරෙන්න” කියල සමාජ සම්මතයන් හා නීති ඇති කර ගන්නෙ එකිනෙකාගේ පහසුවට ම යි. එ්ත් අපි එ් පැනවීම් පිළිපදින්නෙ නීතියට බයෙන්, දඬුවමට බයෙන් නේ ද? සසර දුකෙන් නිදහස් කරන මේ ධර්මයේ හික්මෙන ශ්රාවකයාට බයකින් හික්මවන ධර්මයක් ඇසුරු කරන්න ලැබෙන්නේ නැහැ. ඔහුට උපදින්නේ කල්‍යාණ මිත්‍ර අවවාදයට ගෞරවයක් ම යි. ”මේ මේ ආකාරයෙන් ඇවතුම් පැවතුම් සංවර කර ගන්න කියන අවවාදය ලැබෙන්නේ තමාගේත්, අනුන්ගේත්, සියලූ දෙනාගේත් සිත පිරිසිදු වන කායික වාචසික ක්‍රියා උපදවා ගැනීමට හේතුවන නිසා ම යි.” කියන වැටහීම ඔහුට තිබෙනව. අන්න එ් හේතුවෙන් අපට සීල සංවරය තුළ සිත වඩන්නට අවස්ථාව උදා වෙනවා.
මේ සඳහා තමයි නිති කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුර අවශ්‍ය ම කාරණයක් වෙන්නේ. කල්‍යාණ මිත්‍ර ඇසුරට හිත නැමෙන්නෙ ශ්රද්ධාවන්ත චරිතයකට පමණයි. අන්න එයා යහපත් අවවාදයට කීකරු වෙනවා. භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනව.
‘‘තව ද සුභූති, භික්ෂුව කීකරු වූයේ වෙයි. කීකරු බව ඇතිකරන ගුණ දහමින් යුක්ත වූයේ ද වෙයි. ඉවසීමෙන් යුක්ත වූයේ වෙයි. අවවාදයන් ලැබෙන විට පැදකුණු කොට ගරු බුහුමන් සහිතව පිළිගන්නේ වෙයි. සුභූති, යම් හෙයකින් භික්ෂුව කීකරු වූයේ වෙයි ද කීකරු බව ඇතිකරන ගුණ දහමින් යුක්ත වූයේ වෙයි ද ඉවසීමෙන් යුක්ත වෙයි ද අවවාද ලැබෙන විට පැදකුණු කොට ගරු බුහුමන් සහිතව පිළිගන්නේ වෙයි ද නම්, මෙය ද සුභූතියෙනි, සැදැහැවත් භික්ෂුවකගේ ශ්‍රද්ධා චරිතාපදානයෙකි.”
(සුභූති සූත්‍රය – අං. නි. 6)
එ් ආකාරයට කීකරු බව ඇතිකරන ගුණ දහමින් යුක්ත වන කෙනාට, ඉවසීමෙන් යුක්ත වන කෙනාට, අවවාදයන් ලැබෙන විට පැදකුණු කොට ගරු බුහුමන් සහිතව පිළිගන්නා කෙනාට, මනා කොට කලණ මිතුරන්ගේ ඇසුරට නැඹුරුව වාසය කිරීමේ ලාභය උදා වෙනවා. මේ ආකාරයට ශ්‍රද්ධා සම්පන්න චරිතයක් විසින් කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා පෙන්වා දෙන යහපත් ඇවතුම් පැවතුම් පැදකුණු කොට ගරු බුහුමන් සහිතව පිළිගෙන එ් තුළ හික්මෙනකොට, ඔහුට ම වැටහෙනවා ‘‘මගේ සිත පිරිසිදු වෙනවා” කියන කාරණය.
ආචාර ගෝචර සම්පන්න භාවය පුරුදු කර ගැනීමට බුදුරජාණන් වහන්සේ විසින් ස්වාමීන් වහන්සේලාට ‘සේඛියා’ නම් වූ සිල්පද හැත්තෑ පහක් හඳුන්වා දී තිබෙනවා. සේඛියා කියන්නෙ මොනවා ද? සේඛ කියන්නෙ හික්මෙනවාට යි. බුදුරජාණන් වහන්සේ විසින් තම ශ්‍රාවකයන්ට පැවිදි ජීවිතය හික්මීම පිණිස පැනවූ සිල් පදවලටයි සේඛියා කියන්නේ.
සිවුරු හැඳීම පෙරවීම ගැන සිල්පද හතරකුත්, ආහාර වැළඳීම ගැන සිල්පද තිහකුත්, ගමේ දී හැසිරීම ගැන සිල්පද විසි දෙකකුත්, දහම් දෙසීම ගැන සිල්පද දහසයකුත්, මලමූත්‍ර පහකිරීම ගැන සිල්පද තුනකුත් තමයි මෙහි දී භාග්‍යවතුන් වහන්සේ විසින් පනවා තිබෙන්නේ. අන්න එ් ආකාරයට පරිහරණය කරන ඇඳුම් පැලඳුම් ගැන, පිළිවෙලිව් ආහාර ගැනීම ගැන, එ් එ් තැන යහපත්ව හැසිරීම ගැන අපට වැටහීමක් තිබිය යුතුයි. ගිහි ගෙදරදි පැවැත්විය යුතු යහපත් ඇවතුම් පැවතුම් මොනවා ද? එ්වා සීලය සඳහා උපකාර වන ආකාරයට පවත්වා ගන්නේ කෙසේ ද? කියන කාරණය සීල සංවරය තුළ හික්මෙන ශ්රාවකයා හොඳින් අවබෝධ කර ගත යුතු වෙනවා.
අපි කතා වුණ පරිදි කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කරමින්, සේඛ ධර්මයන් පුරුදු කරමින් නිවන් මඟට මුල් වන ශික්ෂා පද තුළ සංවර වෙලා, යහපත් ඇවතුම් පැවතුම්වලින් යුක්ත වෙන කෙනාට වීරිය හොඳින් වැඞී යන බව අපි දැනගත්තා. අන්න එයාට ධර්මය තුළ සිහිය පිහිටනවා. එ් වීරියෙන් යුතු, එ් සිහියෙන් යුතු කෙනාට ඉතා ම කුඩා වරදේ පවා බිය දකිමින්, සමාදන් වී සිටින ශික්ෂා පද තුළ හික්මෙන්න වාසනාව උදා වෙනවා. කොහොමද එහෙම වෙන්නෙ? එයාට සෑම ක්‍රියාවක ම කුසලය අකුසලය වැටහෙන නුවණක් පිහිටල තිබෙන නිසා යි.
බලන්න. ශ්‍රද්ධා සම්පන්න ශ්රාවකයා ඇවතුම් පැවතුම් තුළ සංවර වෙන්න වෙන්න ඔහුට තමා කරන ක්‍රියා තුළ කුසල් අකුසල් දකින නුවණ උපදවා ගන්නා ක්‍රමයත් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දී තිබෙනව. එතකොට එ් ශ්‍රාවකයාගේ වැඩෙන්නෙ මොකක්ද? සම්මා දිට්ඨිය නේ ද? ඔහු ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙන ප්‍රතිපදාවේ නේ ද ඉන්නෙ? අන්න එ් වැටහීම තමයි ඔහුගේ නිවන් මඟ පරිපූර්ණ වෙන්නට හේතු වෙන්නේ.
බුදුරජාණන් වහන්සේ සීලය විස්තර කරන ආකාරය පුදුම සහගතයි. එතකොට බලන්න එදිනෙදා ජීවිතයේ දී අපි එ් එ් කටයුත්ත කරන කොට කලින් සැලසුම් කරගෙන, කෘති‍්‍රම උත්සාහයකින් කායික වාචසික ක්‍රියා සිදු කරන්න ඕනැකමක් නැහැ නේ ද? එහෙම ක්‍රමයක් ලෝකයේ තියෙනව. එ් තමයි තමා ජීවත්වන පරිසරයේ පනවපු නීති රකින ක්‍රමය. පැනවූ නීතියක් රකින්න අණ කිරීමක් තමයි ලෝකයෙන් තියෙන්නෙ. නමුත් ධර්මය පුරුදු කරන ශ්රාවකයා අනුගමනය කරන්නෙ නීති නෙවෙයි, අපි කතා වුණ පරිදි ප්රතිපදාවකයි හික්මෙන්නේ. යම් කෙනෙක් නීතියක් රකිනකොට එ්ක රකින්නෙ අණ කිරීමට බයෙන්. එ්ත් ප්‍රතිපදාවක් රකින්නෙ බයකින් ද? නැහැ නේ ද? අපි ප්‍රතිපදාවක් රකින්නෙ එ් ප්‍රතිපදාවට ආදරයෙන්. අපිව රකින පවුරක් යන හැඟීමෙන්. අන්න එ් වැටහීම දකින ශ්රාවකයාට බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වුණු ඉලක්කය කරා ගමන් කරන්නට හැකි වෙනවා.
Recent Comments