පින්වතුනේ, පින්වත් දරුවනේ,

සසර කියලා කියන්නේ මේ සත්වයා ඉපදෙමින් මැරෙමින් ඉන්න ස්වභාවයට. එතකොට මේ ඉපදෙමින් මැරෙමින් ඉන්න ස්වභාවයේ අනතුර මොකක්ද? මේ සත්වයාගේ ඉපදෙමින් මැරෙමින් ඉන්න ස්වභාවයේ තියෙන අනතුර තමයි මේ සත්වයා උපදින්නේ කර්මානුරූපවයි. තම තමන් විසින් කරන ලද කර්මයන්ට අනුවයි. මේකෙ තියෙන අනතුර තමයි සත්වයා කර්මානුරූපව උපදින කොට එක ජීවිතයක මනුස්සයා වෙලා ඉපදිච්ච කෙනා ඊළඟ ජීවිතයේ නිරයේ යනවා. ඊළඟ ජීවිතයේ එක්කෝ තිරිසන් ලෝකයේ උපදිනවා. එක්කො පෙරේත ලෝකයේ උපදිනවා. සතර අපායේ වැටෙනවා.

සමහර විට මනුස්සයා වෙලා ඉපදිච්ච එක්කෙනා බැරිවෙලාවත් පෙරේතයෙක් වෙලා උපන්නොත්, ආයෙ එයාට පින් කරන්න අවස්ථාවක් නෑ. බැරිවෙලාවත් තිරිසන් සතෙක් වෙලා උපන්නොත්, එයාට ධර්මයේ හැසිරෙන්න අවස්ථාවක් නෑ. බැරිවෙලාවත් එයාගේ මොකක් හරි කර්ම විපාකයක් දරුණුවට ඇවිල්ලා එයා නිරයේ ගියොත්, එයාට මේකෙ අවස්ථාවක් නෑ.

මනුස්ස ලෝකෙට ආවත් අපිට කියන්න බෑ එයාට එ් අවස්ථාව ලැබේවි කියලා. මොකද හේතුව…? මනුස්ස ලෝකයේ හිටපු එක්කෙනෙක් මැරිලා ගිහිල්ලා ආයෙ මනුස්සයෙක් වුණත්, එයාට ධර්මයේ හැසිරෙන්න අවස්ථාවක් ලැබෙයි කියලා කියන්න බෑ. ඇයි කියන්න බැරි…? හැම තැන ම ධර්මය කතා කරන්නේ නෑ. කොටින්ම කියනවා නම් චතුරාර්ය සත්‍යය ගැන කතා කරන්නෙම නෑ. ඉතින් එ් නිසා මනුස්ස ලෝකෙට ආයෙ ආවත් අවස්ථාවක් තියෙයි කියලා හිතන්න බෑ.

මනුස්සයෙක් නිරයට ගියොත් ආයෙ කිසිසේත් ම එයාට අවස්ථාවක් නෑ. මේ ජීවිතයේ මනුස්සයෙක් වෙලා ඉන්න කෙනා බුදුකෙනෙකුගේ ධර්මයක් අහන්න වාසනාව නැතුව, ජීවිතාවබෝධයක් කරගන්න කල්පනා කරන්නෙ නැතුව, චතුරාර්ය සත්‍යය ගැන හිත පිහිටුවාගන්නෙ නැතුව, ජීවත් වෙන්නැහේ ජීවත් වෙලා, චේතනා පහළ වෙන විදිහට හොඳ නරක දෙක හැම එකක් ම කරලා, එයා මැරිලා නිරයේ ගියා කියමු. සමහර විට එයා මනුස්ස ලෝකෙට ආයෙ එ්වි කල්ප ගාණකට පස්සේ. අපිට එහෙම හිතෙන්නේ නෑනේ… අපිට දරුවො වෙලා ඉන්න අය මැරිලා යනවා. ආයෙ එ්ගොල්ලො අපිට දරුවෝ වෙන්නේ ආත්මභාව දහස් ගාණකට පස්සෙයි. අපේ ස්වාමියා ආයෙ හම්බවෙන්නේ ආත්මභාව දහස්ගාණකට පස්සෙයි. අපිට ස්වාමියෝ හැටියට වෙන වෙන අයයි හම්බවෙන්නේ… මේ ජීවිතයේ බිරිඳ වෙන කෙනා ආත්මභාව ලක්ෂ ගාණකට පස්සේ තමයි ආයෙ හම්බවෙන්නේ… මේ විදිහටයි මේ සංසාරේ යන්නේ…

මේක පටන් ගත්ත තැනක් පැහැදිලි නැති එකක්. ඉතින් මේ ආපු ගමනේ දී බුදුරජාණන් වහන්සේ වදාළේ සංසාරේ හෙලූ කඳුළු සාගර ජලයට වැඩියි කියලයි. දැන් අපි අපේ ජීවිත ගැන බැලූවත් අපි වැඩිපුර කැමති සැපයටයි.

අපේ ජීවිතය ගත්තොත් අපි වැඩිපුර විඳලා තියෙන්නේ සැපක් ද? දුකක් ද? දුකක්. කායික වශයෙන් අපි වැඩිපුර විඳලා තියෙන්නේ කායික සැප ද? කායික දුක ද? කායික දුක. මානසිකව ගත්තොත් අපි වැඩිපුර විඳලා තියෙන්නේ මානසික සැප ද? මානසික දුක් ද? මානසික දුක්. කායික වශයෙන් වැඩිපුර විඳලා තියෙන්නේ කායික පීඩා ද? කායික සැප ද? කායික පීඩා. මානසිකව අපි වැඩිපුර විඳලා තියෙන්නේ මානසික පීඩා ද? මානසික සැප ද? මානසික පීඩා.

මානසික සැපයක් තියෙනවා අල්ප වශයෙන්. කායික සැපයක් තියෙනවා අල්ප වශයෙන්. එ් අල්ප වශයෙන් ලැබිච්ච සැපය හිත හිතා තමයි අපි මේ සියලූ ම දුක් විඳ විඳ ඉන්නේ. එහෙම තමයි මේක තියෙන්නේ.

මේ දහම් කරුණු ඔබ හැමදෙනාටම උතුම් ධර්මය අවබෝධ කරගැනීම පිණිස දහම් පඬුරක් ම වේවා!

හැම දෙනාටම තෙරුවන් සරණයි!

නමෝ බුද්ධාය!