මට තවත් කෙනෙක්ව හම්බ වුණා. මේක එයාට පේන එකක්. ආච්චිල ද කොහෙද එ්ගොල්ලන්ගේ හරක් පට්ටියේ හරක් විකුණලා. ඉතින් හරක් ටික අරන් ගිහිල්ලා මස්කඬේ මරලා. එ් හරක් මැරෙන්න කලින් යම්කිසි හරක් පට්ටියක හිටියානේ. හරකගේ හිත තියෙන්නේ එතැන බැඳිලයි. එතකොට මස්කඬේට අරන් ගිහිල්ලා හරක් මැරුවට පස්සේ එක හරකෙක් කෑ ගහගෙන එනවා මෙයාට පේනවලූ. ඇවිල්ලා හැමතැන ම ඇවිදිනවලූ. එතකොට අපට තේරෙනවා, උපතක් ලබන්න වැඩි මොහොතක් යන්නේ නෑ. එක ක්ෂණයෙන් උපදිනවා. එ් කියන්නේ මෙතැනින් චුතවෙන කොට ම උපදිනවා. එහෙම නැතුව ඉපදීමක් නො ලබා එහෙම සැරිසරා යාමක් නෑ. ඔය සැරිසරා යාමේ කතා ඔක්කෝම මහායාන සංකල්ප. මොකද ටිබෙටයේ ‘මළපොත’ කියලා එකක් තියෙනවා. එ්කේ ‘භූතයා සැරිසරයි’ කියලා භූතයාට කතාකරන ක්‍රමයක් තියෙනවා. ඇත්ත වශයෙන් ම එ් සංකල්ප බලාපොරොත්තු නො වෙන ආකාරයට බිඳ වැටෙනවා. එ් සංකල්ප ගෙනියන්න බෑ. සමහර අවස්ථාවල එ් සංකල්ප ඔස්සේ ආත්මවාදයක් ගොඩනැගෙනවා.
උදාහරණයක් හැටියට අපි ටිබෙටයේ ‘දළයිලාමා’ ගැන ගත්තොත් එ් දාහතරවෙනි දළයිලාමලූ. එ් කියන්නේ එකම එක්කෙනා තමයි ඇවිත් ඉන්නේ. එහෙමනේ කියන්නේ. එතකොට ‘කර්මපා’ ගත්තොත් එයා දාහත්වෙනිලූ. එයා මෙයාටත් වඩා ආත්ම තුනක් පරණයි කියනවා. එ් කර්මපාගෙන් තමයි ටිබෙට් සමාජයේ විශ්වාසය කැඩුණේ. එ් තමයි එක කර්මපා කෙනෙක් චීනයේ ඉඳලා ධර්ම ශාලාවට ගියා. ගිහිල්ලා එහේ ඉන්නවා. ඊට පස්සේ දළයිලාමා කර්මපා ගැන පක්ෂපාතීව කතාකළා ‘‘මේකයි.. මේ කර්මපා තමයි හරි..” කියලා සම්පූර්ණයෙන් ම විග්රහ කළා. ‘‘මෙයා හරි.. මෙයා ආත්මභාව දාහතක් ම ආපු එක්කෙනා” කියලා කිව්වා. නමුත් සිකීම්වල තව එක්කෙනෙක් ඉන්නවා, එයත් කියනවා ‘‘එයා නෙවෙයි මමයි දාහත්වෙනි කර්මපා..” කියලා. එතකොට මේ කර්මපා අදහන්නත් කොටසක් ඉන්නවා. අර කර්මපා අදහන්නත් කොටසක් ඉන්නවා. මේගොල්ලන්ගේ පන්සල් සම්ප්රදාය තුළ හම්බකරපු ලොකු බූදලයක්, රත්තරන් වස්තුවක් තියෙනවා. එ්ක තියෙන්නේ සිකීම්වලට අයිති වෙලා. එ් නිසා සිකීම් එක්කෙනා එ්කේ අයිතිය ඉල්ලලා නඩු දැම්මා. එතකොට ටිබෙට් සමාජය තුළ ”කොහොමද එකම කර්මපා තැන් දෙකක උපන්නේ?” කියලා ප්‍රශ්නයක් ආවා. මට මතකයි සමහර විට බුද්ධගයාවේ දී අපිත් එක්ක ටිබෙට් ලාමාවරු කතා කරනවා. කතාකරද්දී එ්ගොල්ලෝ ම එ් ප්රශ්නය මතුකරනවා ”අපි මේ අරගෙන ඉන්නේ වැරදි විශ්වාසයක් නේ ද..?” කියලා.
අවසාන මොහොතේදීත් දහමෙන් ප්‍රයෝජන ගත හැකියි…
ඇත්තෙන්ම ධර්මය දිහා බැලූවා ම පේනවා, වාසනාව තියෙනවා නම් මනුෂ්‍ය ජීවිතයේ අවසාන මොහොත දක්වා ම ප්‍රයෝජන ගත හැකියි. ඔය කර්ම නිමිති, ගති නිමිති කියන එකට උදාහරණයක් දෙන්න පුළුවන් එක සිදුවීමක් තියෙනවා. එ්කේ තියෙන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ මිත්‍රයෙක් මරණාසන්න වෙනවා. එයා සාමාන්‍ය ජීවිතය ගෙවන කාලයේ සාරිපුත්ත මහරහතන් වහන්සේ නිතර අවවාද කළා ”ඔයා ධර්මයට එන්න.. හම්බකරන පැත්ත ගැන විතරක් ම කල්පනා කරමින් ඉන්න එපා” කියලා. එතකොට ‘‘අනේ ස්වාමීනී, මට ඉතින් එහෙම බෑනේ.. වැඩකටයුතු බහුලයි නෙව” කියනවා. ‘‘එහෙම නම් ධාර්මිකව ජීවත් වෙන්න” කිව්වා. එ් වෙලාවට ”මට ඉතින් ධාර්මික කතාවක් නෑ.. මම ඉතින් අහුවෙන විදිහට ජීවත් වෙනවා” කියනවා.
හැබැයි, එ්කෙන් අපට තේරුම් ගන්න පුළුවන්, එයා අවංක කෙනෙක්. අමුතු රඟපෑමක් කළේ නෑ. මෙයා මේ විදිහට ජීවත්වෙලා මරණාසන්න වුණා. නමුත් මෙයාට සාරිපුත්තයන් වහන්සේ ගැන ලොකු පැහැදීමක් තිබුණා. එ් නිසා ‘‘මම හොඳට ම අමාරු වෙලා ඉන්නේ.. ස්වාමීනී වඩින්න” කියලා පණිවිඩයක් ඇරියා. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩියා. ‘‘අනේ ස්වාමීනී, මට ගිනිදැල් පේනවා” කිව්වා. අන්න ගති නිමිති ඇවිල්ලා. වර්තමානයෙත් මනුෂ්‍යයෝ මැරෙන්න කිට්ටුව එ් වගේ පේන අවස්ථා තියෙනවා. ‘‘මට ආච්චි පේනවා..” කියනවා. ‘‘කරුවලයි..” කියනවා. ‘‘මෙන්න භූතයෝ ඇවිල්ලා ඇදගෙන යන්න හදනවා..” කියනවා. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කළා, ‘‘ඔය ගිනිදැල් පේන්නේ නිරයේ.. එ් නිසා නිරයේ ආදීනව මෙනෙහි කරන්න. බ්‍රාහ්මණය, නිරයේ තියෙන දුකට වඩා තිරිසන් අපාය හොඳ නැද්ද?” ‘‘ආ.. එ්ක හොඳයි.” එතකොට බලන්න, සාරිපුත්ත මහරහතන් වහන්සේ එයාගේ සිත නිරයේ ඉඳලා එකපාරට මනුෂ්‍ය ලෝකයට ගත්තේ නෑ. එ් තමයි මහාප්‍රාඥ සාරිපුත්තයන් වහන්සේ කටයුතු කළ ආකාරය. මේවා හරී ලස්සනයි. මේ තමයි දහම් කතාවට මනුෂ්‍යයා ගොඩනගන ක්‍රමය.
‘‘එහෙම නම් තිරිසන් අපායේ හිත පිහිටුවා ගන්න” කිව්වා. එතකොට මෙයාගේ සිතේ අර ගිනිදැල්වලට තියෙන භය නැතිවෙලා ගිහිල්ලා ‘‘මම තිරිසන් අපායට යන්න ලෑස්තියි” කියලා කිව්වා. ඊට පස්සේ සාරිපුත්තයන් වහන්සේ තිරිසන් අපායේ දුක විග්රහ කළා. විග්රහ කරලා කිව්වා, ‘‘තිරිසන් අපායේ විශාල දුකක් තියෙනවා. තිරිසන් ලෝකය තුළ අසනීපයක්, දුකක්, වේදනාවක්, කණගාටුවක් ඇතිවුණොත් කියන්න කෙනෙක් නෑ. කන්න නැත්නම් නෑ. සීතල නම් සීතල.. රස්නේ නම් රස්නේ.. මොකුත් පිළිසරණක් නෑ. මීට වඩා පෙරේතයෙක් වුණොත් නම් වාසියි. අඩුගාණේ තවත් කෙනෙක් දෙන පිනක් හරි අනුමෝදන් වෙන්න පුළුවන්. එ් නිසා පෙරේතයෙක් වෙන එක හොඳයි නේ ද?” ‘‘එ්කත් ඇත්ත තමයි.. ආ.. එහෙම නම් ස්වාමීනී, මට පෙරේතයෙක් වෙන එක හොඳයි” කියලා ඔන්න පේ‍්‍රත ආත්මයට සිත පිහිටුවා ගත්තා. කතාවටත් කියනවානේ ගිලෙන කෙනා මොකක් හරි එකක එල්ලෙනවා කියලා නේ ද?
ඊට පස්සේ සාරිපුත්තයන් වහන්සේ පෙරේත ලෝකයේ දුක ගැන විස්තර කළා. ‘‘පේ‍්‍රත ආත්මයේ සිත පිහිටුවාගෙන කිසි ඵලක් නෑනේ. අනුන්ගේ පිනක් හම්බවුණොත් හොඳයි.. නැත්නම් නෑනේ.. නමුත් මනුෂ්‍යයෙක් වුණොත් නම් තමාට හිතාමතා පිනක් කරගන්න පුළුවන්නේ.. හිතාමතා යම්කිසි දියුණුවක් ලබා ගන්න පුළුවන්නේ. එ් වගේ ම මනුෂ්‍යයෙක් වුණොත් යමක් වෙනස් කරගන්න පුළුවන් නේ.. එ් නිසා මනුෂ්‍යයෙක් වුණොත් නරක ද..?” ‘‘ආ.. එ්කත් හොඳ අදහසක්” කිව්වා. මේ විදිහට සාරිපුත්ත මහරහතන් වහන්සේ එ් එ් ලෝකවල ආදීනව ප්‍රකට කරමින් මෙයාගේ හිත බ්‍රහ්ම ලෝකයට ම ගත්තා. අවසානයේ දී මෙයා මරණින් මත්තේ බ්‍රහ්ම ලෝකයේ ඉපදුණා. එ් කියන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ පංච නීවරණ යටපත් වෙනකල් ම කතාකළා. එතකොට බලන්න, මනසක තියෙන හැකියාව. එයාට එදා සාරිපුත්ත මහරහතන් වහන්සේව මුණනොගැසෙන්න නිරයෙනේ.
මරණය අබියස අසරණ වෙන්නේ ඇයි…?
අද මනුෂ්‍යයන්ට එ් හයිය නෑ. අද ගොඩක් අය මරණය අබියස මානසිකව අසරණ වෙනවා. භය වෙනවා. ගොඩාක් අයට පුරුදු කරපු ශක්තියක් නෑ. නමුත් සමහර අයට හොඳට සූදානම් වෙන්න පුළුවන්කම තියෙනවා. ආත්ම ශක්තිය තියෙන අයට එ්ක කරන්න පුළුවන්. මේ නිසයි මේ ධර්මයේ වටිනාකම තියෙන්නේ. එ්කනේ අපි හැමතිස්සේම කියන්නේ මේ මනුෂ්‍ය ආත්මය දුර්ලභ එකක් කියලා. ඉතින් දුර්ලභ වූ මේ මනුෂ්‍ය ජීවිතය තුළ අපි ලෞකික දේවල් විතරක් ම කතා කරමින් ඉඳලා කිසිම ඵලක් නෑ. අන්තිමට හිස් ලෝකයක අසරණ වෙන එක විතරයි වෙන්නේ.
බුද්ධ දේශනාවේ එ් සඳහා හරි ලස්සන උපමාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ‘‘එ් විදිහට තරුණ වයසේ දී ධර්මයේ හැසිරීම පමා කළොත් වයසට ගියා ම ඉන්න වෙන්නේ මාළු නැති මඩ වළක් දිහා බලාගෙන ඉන්න නාකි කොක්කු කෙකිනියෝ වගෙයි” කියලා. එ් අය ජීවිතයේ අවසාන කාලයේ ඔහේ බලන් ඉන්නවා. අමු ලෞකික ජීවිතය තුළ ම සියල්ල කතා කරමින් ඉන්න හැමෝටම සිද්ධ වෙන්නේ එ්ක තමයි. එ්කට ගිහිපැවිදි කතාවල් නෑ. හැමෝටම සිද්ධ වෙන්නේ ඕක තමයි. හැබැයි, හරී පැහැදිලියි, එ්කෙන් බේරෙන්න නම් මනුෂ්‍යයෙකුට යම්කිසි ලෝකෝත්තර බලාපොරොත්තුවක් වුවමනයි. එ් ලෝකෝත්තර බලාපොරොත්තුවත් එක්ක තමයි, එයාගේ ජීවිතය එ් බලාපොරොත්තුව ස්ථිර වීම පිණිස සකස් වෙන්නේ. ධර්මය තුළ විතරයි එ් ලෝකෝත්තර බලාපොරොත්තුව ඇතිවෙන්නේ.
අපි මුල් දවස්වල සමාධිය වඩන හැටි, ධ්‍යාන ගැන කිව්වා. එතකොට එ්ක ලෞකික ඉලක්කයක් නෙවෙයි. නමුත් එයාට එ් කතාවට ආශාව ඇතිවුණොත් එයා ඊට පස්සේ එ්කට වුවමනා කරන විදිහට ජීවිතය සංවර කරගන්නවා. මොකද, මනුෂ්‍යයෙකුට එ් වගේ ලෝකෝත්තර බලාපොරොත්තුවක් නැත්නම් එයා ජීවත්වෙද්දී සතුට ලබන්න තියෙන හැම විදිහට ම ජීවත් වෙන්න බලනවා. එ් කියන්නේ සාමාන්‍යයෙන් කතාවටත් කියනවානේ ‘‘ජීවිතය කියන්නේ සතුටුවෙන්න තියෙන එකක්..” කියලා. එ් තුළ එයා සැඩපහරට අහුවෙනවා වගේ යනවා. මේකෙන් බේරෙන්න නම් ලෝකයේ නිර්මල ධර්මය කතාකරන්න ඕන. එ් නිර්මල ධර්මය තුළ තමයි, මේ ලෝකයේ තියෙන අනිත්‍ය බව.. අපට මේ ලෝකයෙන් ස්ථිර දෙයක් ලබන්න බැරි බව පෙන්වා දෙන්නේ. අපට එ් දේවල් බාහිර ලෝකයෙන් පෙනුණාට ජීවිතය තුළ එ් අවබෝධය ගොඩනගාගෙන නැත්නම් අපට එ් දේවල් සංවේදී වෙන්නේ නෑ.
අපි ගත්තොත් ඔන්න සුනාමි ආවා. සුනාමියෙන් මිනිස්සු දහස් ගණනක් මැරුණා. එ් අස්සේ සමහර අය මුදු ගන්න මිනිස්සුන්ගේ ඇඟිලි කපන් ගියා. වළලූ ගන්න අත් කපාගෙන ගියා. එ් වගේ සිද්ධිත් වුණානේ. සමහර විට මනුෂ්‍යයෙක් හදිසි අනතුරකට පත්වුණාට පස්සේ බේර ගන්නේ නැතුව එ් මනුෂ්‍යයාගේ මාලේ කඩාගෙන යනවා. මිනිසුන් තුළ මේ වගේ මානසිකත්වයක් ඇතිවෙන්නේ එයාට ලෝකෝත්තර බලාපොරොත්තුවක් සම්බන්ධව පණිවිඩයක් ඇවිල්ලා නැති නිසයි.
එහෙම නම් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යමක් ද, අපි එ්ක සංස්කරණය කරන්නේ නැතුව දරාගන්න ඕන. අපට ඕන විදිහට එ්ක කපලා කොටලා හදන්න අපි කවුද? අපි ශ්රාවකයොනේ. අපි ‘‘බුද්ධං සරණං ගච්ඡාමි” කියලා බුදුරජාණන් වහන්සේ සරණ ගියා. ඊළඟට ‘‘ධම්මං සරණං ගච්ඡාමි” කියලා ධර්මයත් සරණ ගියා. ‘‘සංඝං සරණං ගච්ඡාමි” කියලා ශ්‍රාවක සංඝයාත් සරණ ගියා. එ් කියන්නේ එ් දේවල් සරණ යන එකක් මිස සංස්කරණය කරන එකක් නෙවෙයි. සරණ නො යන දේ තමයි සංස්කරණය කරන්නේ.
නමෝ බුද්ධාය!
Recent Comments