නොදැමුණු පිරිමින් වැරදි අපරාධ කිරීමට නිතර පෙළඹෙන බව අළුත් දෙයක් නොවේ. ආවේනික හැදිදැඩිකම නිසා හෝ වේවා වේගවත් බව නිසා හෝ වේවා දහමේ ආලෝකයෙන් ඈත් වීම නිසා හෝ වේවා සමාජයේ පිරිමින් වැඩි වශයෙන් වරදට පෙළඹෙනු දක්නට ඇතැයි සැළකේ. කෙසේ වෙතත් මිනීමැරුමක් දක්වා බිහිසුණු වන තරමේ අපරාධ කිරීමට කාන්තාවන් ද පෙළඹෙන බව ඇතැම් විට ඔබට නුහුරු නුපුරුදු ආරංචියක් වන්නට ඉඩ ඇත. එක්කෝ තමාගේ වරදින් නැත්නම් අනෙකුගේ වරදින්, එසේත් නැතිනම් කාන්තාවක වූ නිසා ම මුහුණ දීමට සිදුවන අනේක වූ සමාජීය බාධක හේතුවෙන් තමන් අතින් සිදුවන අපරාධ නිසා හිර බත් කන, මරණිය දණ්ඩනයට නියම වුනු අවාසනාවන්ත කාන්තාවන් විශාල ප‍්‍රමාණයක් සිර මැදිරිවල කොටු වී සිටිති. විවිධ තරාතිරම්වල එබඳු කාන්තාවන් අතර නොයෙකුත් වයස් කාණ්ඩවල අය සිටිති. සිර මැදිරිවල කොටු වී දුක් විඳින මහළු කාන්තාවන් මෙන් ම විවිධ අපරාධවලට හසු වූ දැරියන් ද කොතරම් නම් සිත් තැවුලක් විඳිනවා ඇත් ද? ඔවුනට තරුණ ජීවිතයක ලැබිය හැකි ලෞකික සැපයක්වත් දහමේ හැසිරීමෙන් ලබා ගත හැකි අධ්‍යාත්මික සුවයක්වත් ලබන්නට අවකාශ නැත. මේ සියල්ලට ම වඩා අනුවේදනීය පුවතක් වන්නේ සැබවින් ම නිර්දෝශී වූ විශාල පිරිසක් තම සිවිල් අයිතිවාසිකම් සහ ලැබිය යුතු ආදරය අහිමි ව සිරබත් කෑම ය. ඒ අන් කිසිවෙකු නොව බන්ධනාගාර ගත වන කුඩා දරුවන් ය. මේ කුඩා දරුවන් දෙස බලන ඕනෑ ම කෙනෙකුගේ සිත සසළ කරවයි. ඔවුහු නොකළ වරදකට දඬුවම් විඳීමෙන් දේවදූත සූත‍්‍රයේ දී භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ දේවදූතයන් අප හමුවේ ගෙනහැර පාති.
බන්ධනාගාරයේ නිලධාරීන්ගේ අවසරය ඇති ව අද මට කථා කරන්නට ඉඩ ලැබුනු දයාවතිගේ ගම් ප‍්‍රදේශය අනුරාධපුරය යි. කෙසඟ සිරුරකට හිමිකම් කියූ ඇය පිටිසර ගැමි ගෙදරක අහිංසක ලෙස ජීවත් වූ පවුලක සාමාජිකාවක් විය. කලකට පෙර පියා මිය ගියත් අම්මාත්, තම අයියාත් සමඟ එක ම නිවසක කල් ගෙවූ දයාවති සියලූදෙනාට ම කෑම බීම පිළියෙල කර දී ගෙදර දොර වැඩ පල බලා සොයාගත් හිතවත් නැගණිය වූවා ය. ගොවිතැන් බත් කරගෙන දැහැමින් පවුල නඩත්තු කළ දයාසේන සිය නංගි දයාවතීට දැඩි ආදරයක් සහ කරුණාවක් දැක්වූයේ ය. පොත පතේ අධ්‍යාපනය හොඳහැටි කර තිබුනු දයාසේන ලියකියවිලි වැඩට ඉතා දක්ෂ විය. ඒ නිසා ම ගමේ පන්සල මුල් කරගෙන කි‍්‍රයාත්මක වුනු අන්‍යෝන්‍යාධාර සමිතියේ ලේකම් ලෙස කටයුතු කිරීමේ වගකීම දයාසේනට පැවරී තිබුණි. පන්සලේ ලොකු හාමුදුරුවන් වහන්සේ එහි සාභාපති වූ නිසා දයාසේනට නිතර ම ලොකු හාමුදුරුවන් සමඟ සමීප ව කටයුතු කිරීමට සිදු විය. දවල් වරුවේ ගොවිතැන් බත් කිරීමේ කටයුතුවල නියැලෙන දයාසේනට වෙහෙස මහන්සි නොබලා හැන්දැ වරුවේ විහාරස්ථානයට ගොස් සමිතියේ ගණන් හිලව් බැලීමට සිදු විය.
දයාසේනගේ මතු අනාගතය ගැන කල්පනා කළ ඔහුගේ මවත්, නැගණිය දයාවතිත්, යාබද ගමේ ගැලපෙන තරුණියක් සොයා බලා චාම් උත්සවයකින් පසු ව විවාහයක් කර දුන්නේ ය. අළුත් මනාලිය මාලනී විවාහයෙන් පසු ව දයාසේනගේ නිවසේ පදිංචියට පැමිණි අතර තම සැමියාත්, අම්මා සහ දයාවතී සමඟ ඉතා හොඳින් සමඟියෙන් කල් ගෙව්වා ය. කල්යත් ම දයාසේන තමා කෙරෙහි ප‍්‍රමාණවත් අවධානයක් යොමු කරන්නේ නැතැයි මාලනිට වෙනස්කමක් සිතුනේ ඔහු මුළු දවල් වරුවේ ම රැකියාවට යාමත්, රෑ බෝ වනතුරු පන්සලේ ගත කිරීමටත් පුරුදු වී සිටීම නිසා ය. දයාසේන මාලනීගේ මේ නෝක්කඩුව වැඩි පුර ගණන් ගත්තේ නැත. සවස මුහුණ කට සෝදා තේ ටිකක් බී පන්සලට යන දයාසේන රෑ බෝ වී ගෙදර එන තෙක් මාලනී ? කෑම ද නොකා කදුළු සලමින් සිටි අවස්ථා විය. නොබෝ කලකින් මේ නිහඩතාව බිදුණු අතර මාලිනී දයාසේන සමග අඬ දබර ඇති කරගත් අවස්ථා නිතර ඇති විය. මේ හැම අවස්ථාවක දී ම දයාවතී ද තම අයියාගේ පැත්ත ගෙන කථා කරන්නට වුවත් ඇය ද අයියාට ඒ පිළිබඳ වරින් වර අවවාද කළා ය.
එක් දිනක් දයාවතීට තදබල දත් කැක්කුමක් ඇති වූ අතර ඇය වේදනාව උසුලා ගැනීමට නොහැකි තැන හඬමින් කෙඳිරි ගාමින් හැන්දෑව ම ගත කළා ය. දුෂ්කර ගම්මානයක ජීවත් වූ ඔවුන්ට නිසි වෛද්‍ය ප‍්‍රතිකාර ලබාගෙන වේදනාව සමනය කර ගැනීමට හැකියාවක් ද නොවී ය. නොයෙක් තෙල් අත් බෙහෙත් ආදිය තැබුවත් සහනයක් ද නොවී ය. පසු දා උදෑසන ම අනුරාධපුර රෝහලට ගොස් දත් කැක්කුමට ප‍්‍රතිකාර ගැනිමේ අදහසින් සෑහෙන තරම් ඉදිමී තිබුනු කට බදාගෙන රැය පහන් වන තුරු නොඉවසිල්ලෙන් කෙඳිරිගාමින් සිටි දයාවතීට සුළු ශබ්දයක් පවා මහා වේදනා කාරි විය.
දැන් ? 10ත් පසු වී ඇතත් දයාසේන තව ම පන්සලේ ය. එදා රැස්වීමේ දී මතු වූ මත බේදයන් නිසා දයාසේන ගෙදර ඒම බෙහෙවින් පමා විය. ? 10 පසු වත් ම මාලිනි දයාසේනට දොස් පරොස් කියන්නට විය. දයාසේන ගෙදර නැතිවත් එසේ බැනීමෙන් ඇති ප‍්‍රයෝජනය කුමක් දැයි විමසා දයාවතී මාලනීට කෑකෝ ගසන්නේ නැති ව සිටින්නට යැයි අවවාද කළා ය.
එළි පත්තෙන් පිටට ආ මාලිනී නොනවත්වා ම අවලාද කියමින් කෑකෝ ගසන්නට විය. එවැනි කෑගැසීමක් ඉවසා දරන්නට බැරි තරම් දත් කැක්කුමක් ඇති නිසා කෑ මොර දීම නවත්වන ලෙස දයාවතී ඉල්ලා සිටියා ය. තත්වය උග‍්‍ර අතට හැරෙමින් මාලනී දිගින් දිගට ම කෑ මොර දෙන විට ගේ මැද තිබුනු කුප්පි ලාම්පුවේ එලිය හැරුණු විට මුළු ගේ පුරා විසිරි තිබුනේ කළා මැදිරි එළිය පමණි. රාතී‍්‍ර එකොලහමාර පසුවෙලාත් දයාසේන ගෙදර පැමිණියේ නැත. ඉවසන්නට බැරි වේදනාව සමඟ ඇවිලූනු කොපාග්නියෙන් නැගී සිටි දයාවතී දොර පොල්ල රැගෙන මාලනීගේ හඬ සොයා ගොස් පහරක් දුන්නේ කරුවලේ ම ය. පහර වැදුනේ කොතැනකට දැයි වත් දයාවතී නොදැනගත් නමුත් මාලිනිගේ හඬ නිහඬ විය.
මාලිනි වාඩි වී සිටි පැත්තෙන් කිසි හැල හොල්මනක් නොදැනුනු විට දයාවතී කුප්පි ලාම්පුව ගෙනැවිත් මාලිනි සිටි තැන සෝදිසි කළා ය. මාලිනී නිසොල්මන් ව බිම ඇද වැටි සිටි අයුරු දැක දයාවතීට බය සිතුනි. නින්දේ සිටි මහළු මව අවදි කොට මේ වග කියන්නට ඇය තවත් බය විය. සෑහෙන වෙලාවකට පසු ව අයියා ගෙදර ආ විට සිදු වූ සියල්ල දයාවතී පැවසුවා ය. කුප්පි ලාම්පුව ගෙන මාලිනී පෙරලා බැලූ දයාසේනට සැකයක් නැති ව අවබෝධ වූයේ තම බිරිය මෙලොවින් තුරන් ව ගොස් ඇති බවයි. ආ පස්සට හැරුණු දයාසේන වියරුවෙන් මෙන් දයාවතීගේ කොන්ඩෙන් අල්ලා ගෙන ගොස් බිත්තියේ ඇන්නේ ය. දෙදෙනා ම හඬන්නට වූහ. මාලනී මැරීමේ කිසි ම චේතනාවක් ඇයට නොවුනු බවත් මෙය කෙසේ සිදු වුනා දැ යි තමාට හිතා ගන්නටවත් නොහැකි වු බවත් ඇය දයාසේනට කීවා ය. දයාවතී ගේ තුළට ගිය මුත් දයාසේනට ඉස්තෝප්පුවේ වැතිරී සිටින තම බිරිය තනි කොට දමා යන්නට නොහැකි ව හඬා වැලපෙන්නට විය.
බිරියගේ මලකඳ ළඟ හඬමින් දයාසේන කල්පනා කළේ ඊළඟට කළ යුත්තේ කුමක් ද කියා ය. දැන් තම බිරිය ඔහුට නැත. ඇය ආපසු එන්නේ ද නැත. නියමිත නීතිය කි‍්‍රයාත්මක වුවහොත් තමාට ආදරණීය නැඟණියත් අහිමි වී යනු ඇත. පාඩු දෙකක් විඳීමෙන් වැලකීමට උපායක් සිතූ ඔහු තම සොයුරියගේ ද සහය ඇති ව රාත‍්‍රියේ ම මිනිය තම මාමා පදිංචි අල්ලපු ඉඩමේ කොනකට ඔසවාගෙන ගියා ය. මාමාගේ ඉඩමේ පහළ කෙසෙල් පඳුරක් ගලවා ලොකු වලක් හැරූ දයාසේන තම බිරියගේ මල කඳ එහි දැමුවා ය. ඒ මත නැවත කෙසෙල් පඳුරු සිට වූ ඔහු එළිවන්නට පළමු ව සියලූ කටයුතු නිමා කොට ඇඟපත සොදා ගෙන සාමාන්‍ය තත්ත්වයට පත් වන්නට උත්සාහ ගත්තේ ය.
සති කීපයකට පමන පසු ව මාලනී අතුරුදහන් වී ඇති බවට දයාසේන කතාවක් පැතිරවී ය. මාලනීගේ දෙමව්පියන් සහ සහෝදරයන් සමග එක් වී දයාසේන ද මාලිනී සෙවීමේ දැවැන්ත මෙහෙයුමක් දියත් කළේ ය. කිසිදු හෝඩුවාවක් නොලැබුනු නිසා මාලනීගේ දෙමව්පියෝ නොසන්සුන් වූවා පමණක් නොව දයාසේන පිළිබඳව ද සැක සිතන්නට වූහ. ප‍්‍රමාණවත් සාධක නොතිබුනු නිසා ඔවුන්ට කර කියා ගත හැකි දෙයක් නොවී ය. මේ අතර දයාවතී පසු වූයේ ද මහත් කනස්සල්ලකින් සහ සාංකාවකිනි. කොයියම් මොහොතක දී හෝ රහස එළිදරවු වුවහොත් තමා නීතියේ රැහැනට හසුවන බව ඇය දනී.
මාලිනී පිළිබඳව ආරංචියක් නොමැති තැන ඇයගේ දෙමව්පියෝ නොයෙකුත් මන්ත‍්‍ර ගුරුකම් කරන්නට ද පටන් ගත්හ. දේවාල ගානේ ගොස් සෙත්කවි වස්කවි පලි ගැසීම් ආදිය කරන්නට වූහ. මාලනීගේ මව කිසියම් ආනුභාව සහිත යැයි සැලකූ දේවාලයකට ගොස් පලි ගසා ඇති බව ආරංචි වූ විට දයාවතී සැලෙන්නට විය. මහත් සේ බියට පත් වූ ඇය දින ගණනක් නොකා නොබී කල් ගත කොට අල්ලපු ගෙදර මාමාගේ ගෙදර ගොස් වත්ත පිටිය පුරා ඇවිද මාලනී වැලලූ තැන ද බලා ආපසු පැමිණ ඇත. අමුත්තක් නැති ව කෙසෙල් ගස් තිබුනත් ඇය මැරී මැරී උපදින්නට පටන්ගෙන ඇත. දිනක් අවසිහියෙන් මෙන් ඒ ගෙදර නැන්දා හමු වන්නට ගොස් මේ සිද්ධිය ඇයට පවසා ඇත්තේ තම හිත සැහැල්ලූ කර ගන්නට විය හැකි යයි මට සිතේ. තොරතුරු සියල්ල හාරා අවුස්සා දැනගත් පසු නැන්දා තම සැමියාට ද දැනුම් දී මේ වග පොලීසියට දැනුම් දී ඇත. අපරාධයේ සුළමුල දැන් එළි වී ඇත. පොලිස් පරීක්ෂණ සහ මහේස්ත‍්‍රාත් පරීක්ෂණ සාක්ෂි විභාග පැවැත්වුනි. මිනිය ගොඩගැනුන මුත් ඒ වන විට තිබී ඇත්තේ ඇටසැකිල්ලක් පමණි.
වසර ගණනක දීර්ඝ නඩු විභාගයකින් පසු මාලනී මැරිමේ වරදට සහ ඊට සහය වීමේ වරදට ආදී වූ සාමුහික කි‍්‍රයාවට වැරදි කරුවන් වූ දයාවතීත්, දයාසේනත් මරණීය දන්ඩණයට කැප වූහ. ඒ නිසා දයාසේන පිරිමි පැත්තේත් දයාවතී කාන්තා පැත්තේත් සිර මැදිරිවල දුක සේ කාලය ගත කරති. මේ දුක ඉවසා ගත නොහැකි නිසා දෝ ටික කලකින් මව ද මිය ගියා ය. දැන් මුළු පවුල ම විනාශ මුඛයට පත් ව ඇත.
තම සැමියාගේ කටයුතු දෙස මැදහත් ව බලා හැසිරවීමේ හැකියාවක් සහ අවබෝධයක් මාලනීට තිබුනා නම් ඇය තම සැමියා කෙරෙහි උරණ ව කලහ කරන්නට යාමෙන් වැළකී සිටින්නට හැකි ව තිබුනි. තම රාජකාරිය සහ අනෙකුත් කටයුතු මෙන්ම පවුලේ කටයුතුත් සමබර ව තබාගෙන මෙහෙයවීමේ මැදහත් ගුණයක් නොතිබීමේ වරදට දයාසේන දඬුවම් විඳී. ඇවිලෙන කෝප ගින්න සංසිඳවා ගැනීමේ හැකියාවක් නොවීම පිළිබඳ ව දයාවතී තම ජීවිතයෙන් වන්දි ගෙවයි. මේ සියල්ල නිසා මවත් මාලනීත් මේ ලොවින් තුරන් වී ඇත. දයාසේනත් දයාවතීත් මරණිය දඬුවමට ලක් ව ඇත.
අප සිත තබා ගත යුතු තවත් වැදගත් ආදර්ශයක් මේ කතාවෙන් ගම්‍ය වේ. වරදක් කොට කිසි දිනෙක සැඟවී සිටිය නොහැකි බවයි. වරද වරද ම ය. එය කවරදාක හෝ එළිදරවු වනු ඇත. වැරදි අපරාධ සිදුකොට ඒවා කාලයේ වැලි තලාවෙන් සහ උපක‍්‍රමයන්ගෙන් වසා තැබිය හැකියයි බොහෝදෙනා සිතතත් කර්මයන්ගේ විපාක කවදා කොතැනක හෝ විඳින්නට සිදුවන්නේ ම ය. ලෝක ධර්මය එය යි.
කරුණාව, මෛතී‍්‍රය, උපේක්ෂාව වැනි උතුම් ගුණ ධර්ම පෝෂණය නොවන පවුල්වල මෙවැනි ආරවුල් වියවුල් අනන්තවත් දකින්නට අසන්නට ලැබේ. ඒවා කෙළවර වන්නේ කොතැනින් දැ යි ඒ අවස්ථාවට පත්වන පුද්ගලයින්ට නොපෙනී යාම සාමාන්‍ය ස්වභාවය යි. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ පිහිට පතන්නවුනට මෙවන් දුක් ගැහැට විඳින්නට සිදුවන්නේ නැත. අපට ඇතැම් විට දැරීමට අපහසු තරම් පීඩා ඇති වන්නට පුළුවනි. නමුත් ඒවා ඉවසීමෙන් සහ මැදහත් ව ගලපා ගැනීමෙන් විනා අස්වැසිල්ලක් නම් ලබා ගත නොහැක.
(සියලූ නම් ගම් මන:කල්පිත ය.)
සටහන
තරුණ කටයතු අමාත්‍යාංශයේ හිටපු ලේකම්
නීතිඥ සිරිපාල විරිතමුල්ල
Recent Comments