Author: Mahamegha

බීජ උගුල

ආනයනික බීජවලට ප‍්‍රමිතියක් ඇති බවක් හෝ ඒවා පිළිබඳ ව පාලනයක් ඇති බවක් ද පෙනෙන්නට නැත. බීජ ආනයනය කරන සමාගම් තම තමන්ගේ අභිමතය පරිදි ගොවීන් සූරා කෑමට ලක් කරන බව පමණක් පෙනෙන්නට ඇත. බීජ ආනයනය කරන සමාගම් මෙරට කෘෂිකර්මය පාලනය කරන බව පෙනේ.

Read More

දේශීය ගොවිතැන හා පස සුවපත් කිරීම

සුවපත් පසක් යනු ස්වභාව ධර්මයේ ඉහත දැක්වූ නියමයන්ට අනුව සැකසුණු පසකි. මොහොතකට ඔබේ අවධානය ස්වාභාවික වනාන්තරයකට යොමු කරන්න. කෘමි හානි, දිලීර හානි, පස නිසරුවීම්, පස සෝදා යාම වැනි ප‍්‍රශ්න එහි තිබෙනවා ද? භූමියේ ඉහළ ම ඵලදායීතාවය ඇත්තේ වනාන්තරයක නො වේ ද? අප වගා බිම ස්වාභාවික වනාන්තරයකට සම කළ නො හැකි වුව ද, ස්වභාව ධර්මයෙන් අපට ඉගෙන ගැනීමට බොහෝ දේ තිබේ.

Read More

දේශීය ගොවිතැන හා කෘෂි රසායන

කෘෂිකර්මයේ දී භාවිත කරන රසායන ද්‍රව්‍ය අපට දෙආකාරයකට හානි කරයි. රසායනික විෂවලින් දූෂිත වූ කෘෂි නිෂ්පාදන අපට අනුභව කිරීමට සිදු වී ඇත. අප අනුභව කරන සෑම නිෂ්පාදනයක ම කෘෂි රසායන ශේෂයන් එකතු ව ඇත. මේවා අප සිරුර තුළ ද ක‍්‍රමයෙන් ඒකරාශී වේ. කාලයක් යාමේ දී ඇති වන සුව කළ නො හැකි, හඳුනාගත නො හැකි රෝගවල මූලාරම්භය මෙසේ ය. කෘෂි රසායන නිසා ඇති වන සෞඛ්‍ය ගැටලූ‍ ගැන මෑතක දී කරන ලද පර්යෙෂණ ඕනෑ තරම් ඇත.

Read More

ගොවිතැන දැහැමි රැකියාවක් බවට යළි පත් කරමු

රසායනික පොහොර පසෙහි ක්‍ෂුද්‍ර ජීවීන්ටත්, ගැඩවිළුන් වැනි ගොවියාගේ හිතවතුන්ටත් හානිකර පස නිසරු මළ ස්වභාවයකට පත් කරයි. ස්වාභාවික ලෙස පස යළි යථා තත්ත්වයකට පත් වීමේ ඉඩකඩ අහුරා දමයි. පෙනෙන නො පෙනෙන සියලූ සතුන්ට මෛත‍්‍රියෙන් සලකා ඉන් උපරිම ලබා ගන්නා හෙළ ගොවියාට රසායන පොහොර බාධකයක් මිස උපකාරකයක් නො වේ.

Read More

කල් – යල් බලා වගා කිරීම

වර්තමානයේ දී නවීන යැයි කියා ගන්නා ගොවියා දෙසැම්බර් අග හෝ ජනවාරියේ දී වගා කළ ගොයම පීදෙන්නේ, ලංකාවේ රාත‍්‍රී උෂ්ණත්වය වැඩි ම කාලයේ දී ය. අස්වැන්න අඩු වීම පමණක් නො ව සියලූ පලිබෝධ හානිවලට භාජනය වීම මේ අනුව පුදුමයක් නො වේ.

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up