Author: Mahamegha

ජාතිය රන් විමනක් වේ ආගම මිණි පහනක් වේ

අප උපන්දා සිට වැඩුණේ මේ රන් දිවයිනේ සාරය උරා බීමෙනි. දෙරණ ලිය දෙන භව භෝග සම්පත් භුක්ති විඳිමින්, මුනි සිරිපා, සිරි දළදා, සිරිමහබෝ, රන්වැලි සෑ දාගැබ් පිසගෙන හමන සුළං රැල් උරමින් අපි හැදී වැඩුණෙමු. එබඳු අනුප්‍රාණයක් ලබා දුන් රටට අප දිවි පෙවෙතින් කොටසක් – එනම් මෙහෙවරක් අප ලබා දිය යුතු ය. එය කළ හැක්කේ ශ්‍රම ශක්තියෙන් හා නැණ නුවණ මෙහෙයා කරන සේවයෙනි.

Read More

පුරාණ වෙස්සන්තර ජාතක කාව්‍යය

ජූජක බමුණාට දරුවන් දෙදෙනා දන් දීම, දරු දුක ඉවසාගත නුහුණු මද්‍රී දේවිය හඬා වැළපුන ආකාරය ජූජකයා සුරතල් දරු දෙදෙනාට තල තලා ගෙන යන ආකාරය අප ඉදිරියේ රඟ දැක්වෙන බිහිසුණු සජීව ජවනිකා මෙන් අපට පෙනෙයි. අපට දැනෙයි. එවිට අපගේ නෙත් කඳුළෙන් පිරෙන්නේ ශෝකය නිසා ම නොව අප මහ බෝසතාණෝ දාන පාරමිතාව කුළු ගැන්වීමෙන් අප ලබන ආධ්‍යාත්මික සුවය නිසා ය.

Read More

සරුංගල් (කෙටි කතාව)

“එඩ්වඩ් මාව ඉක්මනට මැරේවි. එහෙම වුණොත් මගේ අන්තිම කැමැත්ත එයාලට දන්වන්න.” මහල්ලා තුළ ද ජීවත් වීමේ ආශාවක් ඉතිරිව නොතිබිණි. එහෙයින් හෙතෙම නිහඬ ව අසා සිටියේ විය.
“එයාලට කියන්න මං මැරුණට පස්සෙදි මගේ මිනිය හතර පැත්තෙන් එයාලගේ දරු පවුල් එක්ක මිනිත්තු පහක් හිටගෙන ඉඳලා යන්න කියලා. එච්චරයි.”

Read More

කෙළෙහිගුණ නැති මිනිසුන් එක්ක හිත හදාගෙන ඉන්නේ කොහොමද?

බොහෝ දෙනෙකුගේ හිත පෙළන, දුකට පත් කරවන කරුණකි, ‘මේ අයට මෙච්චර කරලත් මතක නෑනේ. කිසි කෙළෙහිගුණයක් නෑනේ’ යන කරුණ. බොහෝ දෙනාට කළ උපකාර, තමාට ලැබුණ පිහිට ඉක්මනින් අමතක වෙයි. දරුවන්ට දෙමාපියන් කළ උපකාර අමතක වෙයි. ඒ නිසා ය හිතුවක්කාර වන්නේ. ස්වාමියාට බිරිඳගේ උපකාර අමතක ව සල්ලාල ජීවිතයක් ගත කරයි. ඇයගේ නුගුණ අන් අයට කියයි.

Read More

පින නහ ගන්න එපා…!

හිස හැරුණු අතේ කොහේ ගියත් මේ භූමියේ දී සම්බුදුරජාණන් වහන්සේගේ පාරිශූද්ධ ජීවිතය හා බැඳී දෙව් මිනිස් ලෝකයාට සැපය, සුවය සලසන උත්තම ධාතූන් වහන්සේනමක් නෙතට අරමුණු වනවා. ඒ, ජාති ආගම් වශයෙන් වෙනස් ව වූවත් මේ බිමේ උපන් කා හටත් උරුම වූවක්.

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up