ජනිත් අයියා සැලකිය යුතු තරම් හොඳ සිහි කල්පනාවකින් යුතු ව නිවසට හැරලීම පිළිබඳ ව මම බොහෝ සතුටට පත් වූයෙමි. තම සැමියා මා වැනි අයෙකු සමඟ නගරයට ගොස් සතර ගාතයෙන් ම නිවසට පැමිණීම පිළිබඳ ව ඇදහිය නො හැකි තරමේ කුතුහලයක් ප‍්‍රියංකා අක්කාගේ සිත තුළ ජනිත වූ ආකාරය ඇගේ ඉරියව් තුළින් මනා කොට දැකගත හැකි විය. නමුත් මම කරුණු පහදා දීමටවත් රැුඳී නො සිට ඉතා ඉක්මනින් නිවස බලා පිටත් වූයේ ආත්මාරක්ෂාව වෙනුවෙනි.

එදින රාත‍්‍රිය පුදුමාකාර සැහැල්ලූ ගතියකින් මාගේ සිත ප‍්‍රීතිමත් කළේ ය. සිත තුළ වූ විශාල බරක් ඉවත් වී නිදහස් වූවාක් මෙන් පැහැදිලි උද්යෝගයක් දැනෙන්නට විය. අනාගතය පිළිබඳ ව යම් යම් තීරණ රැුසක් ගනිමින් සිටි මා හට පැහැදිලි තීරණයක් ලබා ගැනීමට තරම් පහසුවක් ලැබුණා යැයි සිතෙන්නට විය. නමුත් තවමත් මා හට අවශ්‍ය ම දේ සිදු නො වුණු බව මම දනිමි. එ් සඳහා තවත් කිහිප දෙනෙකු සමඟින් සාකච්ඡුා වට කිහිපයක් පැවැත්වීමට සිදු වනු ඇත.

ලද සැහැල්ලූව තුළ දහම් සටහන් කිහිපයක් කියවන්නට මම තීරණය කළෙමි. ‘කන්ද උඩ කුටියේ’ වැඩ සිටි පින්වත් ස්වාමීන් වහන්සේගේ සටහන් පොතේ තවමත් නො කියවූ, සටහන් රැුසක් ඉතිරි ව පවතී. එ් සටහන් සියල්ල එකවර කියවා දැමීමට මා තුළ අධික ලෝභකමක් හටගෙන තිබුණි. එක සටහනක් කියවූ විට සති කිහිපයක් ම ධර්මය සිහි කිරීමට තරම් උද්යෝගයක් ලැබේ. එය වෙන කිසිවක් නොව දස කතාව නිසා ම හටගත් ධර්ම මනසිකාරයක් බව මා දැනගත්තේ බොහෝ පසුකාලීන ව ය.

ධර්මයේ හැසිරෙන ශ‍්‍රාවකයන් විසින් නිරන්තරයෙන් සිදුකළ යුතු සහ ශ‍්‍රවණය කළ යුතු කතා බස් දහයක් බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දී තිබේ. එ් සියල්ල දසකතා යනුවෙන් ධර්මය තුළ සඳහන් ය. මේ ආකාරයෙන් දස කතාවේ යෙදෙන උතුමන් වහන්සේලාගේ කතා බහ නිරතුරුව ම එම උතුම් තේමා දහය ඔස්සේ ඇදී යයි.

එ් දසකතා අතරේ පළමුවැන්න (අප්පිච්ඡු කථා) ආශාවන් අඩුවෙන් ජීවත් වීම ගැන කතාබස් කිරීම. දෙවැනි එක (සන්තුට්ඨි කථා) ලැබිච්ච දේකින් සතුටුවීම ගැන කතාබස් කිරීම. තුන්වැන්න (පවිවේක කථා) හුදෙකලා ජීවිතය ගැන කතාබස් කිරීම. සිව්වැන්න (අසංසග්ග කථා) නිතර නිතර දකින්නට යාමෙන්, නිතර නිතර කතා කරන්නට යාමෙන්, තමා සතු අනුන් සතු භාණ්ඩ නිතර නිතර හුවමාරු කරගෙන භාවිත කරන්නට යාමෙන් හෝ ශරීර ස්පර්ශයෙන් යන කිසිම ආකාරයකින් බැඳීම් හදාගන්නේ නැති ව සිටීම ගැන කතාබස් කිරීම. පස්වැන්න (විරියාරම්භ කථා) අකුසල් දුරුකිරීමට, කුසල් වැඩුමට වීරිය පවත්වන්න ඕන ආකාරය කතාබස් කිරීම. සය වැන්න (සීල කථා) සීලය ගැනත් සිල් රකින ආකාරය ගැනත් සිල් රැකීමෙන් සිතේ ඇතිවන ප‍්‍රීතිය ගැනත් කතාබස් කිරීම. හත්වැන්න (සමාධි කථා) සමාධිය ගැනත්, සමාධියේ ආනිශංස ගැනත්, සමාධිය වැඞීමෙන් ඇතිවන සැහැල්ලූව ගැනත් කතාබස් කිරීම. අටවැන්න (පඤ්ඤා කථා) ප‍්‍රඥාව ගැනත්, ප‍්‍රඥාව දියුණු වන දහම් කරුණු ගැනත්, ප‍්‍රඥාව දියුණු වීමෙන් ඇතිවන අවබෝධයේ වටිනාකම ගැනත් කතාබස් කිරීම. නවවැන්න (විමුක්ති කථා) දුකින් නිදහස්වීම ගැනත්, එ් සඳහා පවතින වැඩපිළිවෙළ ගැනත්, විමුක්තියේ පවතින නිවීයාම ගැනත් කතාබස් කිරීම. දසවැන්න (විමුක්ති ඤාණදස්සන කථා) දුකින් නිදහස් වීම ගැන ඇති අවබෝධය ගැනත්, බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැනත්, උතුම් රහතන් වහන්සේලා ගැනත් කතාබස් කිරීම.

මේ සියලූ කතාවන්ට ගැළපෙන අයුරින් උන්වහන්සේගේ සටහන් පෙළගැසී තිබුණු බැවින් නිතැතින් ම ධර්ම මනසිකාරය හටගන්නේ ය. එමෙන් ම සෑම විටක ම උන්වහන්සේ මාගේ සිත උන්වහන්සේ වෙත පහදවාගැනීමට උත්සාහ නො කළ බැවින් බුදුරජාණන් වහන්සේ පිළිබඳ ව ම ශ‍්‍රද්ධාව උපදවාගන්නා ආකාරයට දහම් කරුණු කියැවීමට මා හුරු විය. එමෙන් ම මේ සියලූ යහපත උදාවන්නේ එ් සඳහා මූලික ව ගුරු හරුකම් දක්වන කල්‍යාණමිත‍්‍ර ගුරුවරයාණන් නිසා බවත් නිතැතින් ම සිහිපත් වන්නේ ද පින්වත් ස්වාමීන් වහන්සේ විසින් නිවැරදි ව මාගේ ජීවිතය ධර්මය කරා යොමු කළ බැවිනි.
කෘතඥතා පූර්වක ව දහම් සටහන් පොත අතට ගත් මම ඉතාමත් ම ගෞරවයෙන් එහි පිටු පෙරළන්නට වීමි. එ් අතරේ අවසන් වරට කියැවූ සටහන මතින් මා තැබූ සලකුණ මුණගැසුණෙන් ඉන් ඉදිරියට කියවන්නට උත්සාහ කළෙමි.

* * * ** * * ** * * ** * * ** * * ** * * ** * * *
සටහන 11

කල්‍යාණ මිත‍්‍රයා යනු කවරෙක් ද? කල්‍යාණ මිත‍්‍රයා යනු ශ‍්‍රද්ධා රහිත සිත් තුළ ශ‍්‍රද්ධාව උපද්දවන්නා වූ පුද්ගලයා ය. දුස්සීලයින් හට සිල් රැුකීමට උපකාර කරන පුද්ගලයා ය. දහම් දැනුමක් නැති අයට ධර්මය කියා දෙන පුද්ගලයා ය. මසුරු මිනිසුන්ගේ සිත් වෙනස් කොට දන් දීමට හුරු කරන්නා වූ පුද්ගලයා ය. දුෂ්ප‍්‍රාඥයන් ප‍්‍රඥාවන්තයන් කරන්නා වූ පුද්ගලයා ය. සත්පුරුෂ ගුණ උපදවන්නා වූ පුද්ගලයා ය. පින්වතුන් බිහි කරන්නා වූ පුද්ගලයා ය. කුසල් වඩන්නන් බිහි කරන්නා වූ පුද්ගලයා ය. සියලූ ගුණයෙන් හෙබි කල්‍යාණ මිත‍්‍රයින් බිහි කරන්නා වූ පුද්ගලයා ය. යම් පුද්ගලයෙක් විසින් ගුණධර්ම ඇති තැනැත්තා ද නැති තැනැත්තා ද ගුණධර්මවලින් ඈත් කරයි නම් ඔහු ගිහියෙක් වුව ද පැවිද්දෙක් වුව ද පාප මිත‍්‍රයෙක් වන්නේ ය.

කලකට පෙර අසපු භූමියෙන් බැහැර වී හුදෙකලාවේ බවුන් වැඞීමට ගුරු දේවයන්ට ද නො කියා පිට ව ගිය ස්වාමින් වහන්සේනමක් ගිහි භාවයට පත් වූ බව දාන ශාලාවේ සිට පැමිණි මා හට අසන්නට ලැබුණි. එ් සමඟින් ම මාගේ මතකයට පැමිණි සිදුවීමක් උන්වහන්සේගේ විනාශයට හේතු වූවා දැයි සිතෙන්නට විය.

එදින මම දාන ශාලාවට වැඩම කිරීම සඳහා පාත‍්‍රය අතින් ගෙන සිටගෙන සිටිමින් ‘ඨිතෝ වා ඨිතෝම්හීති පජානාති’ යන ඉරියාපථ භාවනා නිමිත්තෙහි සිත රඳවාගෙන සිටියෙමි. මා සිටි අවට වෙනත් කිසිවෙකු නො සිටි අතර දුරකථනය පවතින කාර්යාලය තුළින් යම් සංවාදයක් ඇසෙන්නට විය. එය ත‍්‍රිපිටක පොත් වහන්සේලා ඡුායා පිටපත් කරන ස්වාමීන් වහන්සේ සහ වෙනත් ස්වාමීන් වහන්සේනමක් අතර සංවාදයකි. එකල ත‍්‍රිපිටක පොත් වහන්සේලා බොහෝ දුලභ වූ බැවින් පැරණි පොත් වහන්සේලා ‘ෆොටෝ කොපි’ කොට අපගේ සදහම් පුස්තකාල සඳහා බෙදා දීමේ කටයුත්තක් සිදු විය. මම ද හැකි අවස්ථාවල එ් සඳහා දිවා ? කැප වෙමින් සිටින ස්වාමින් වහන්සේලා කිහිපනමට උදව් වී ඇත්තෙමි. එ් නිසා ම මේ සංවාදය මාගේ සිත තුළ යම් වේදනාවක් ජනිත කරවූ අතර භාවනාවෙන් ද සිත ඉවත් වී ගියේ ය.

‘‘ආහ්.. කොමියුනිකේෂන් එක උදෙන් ම වැඩ වගේ නේ ද?”

එහි පැමිණි ස්වාමීන් වහන්සේ ත‍්‍රිපිටක පොත් ‘පොටෝ කොපි’ කරන ස්වාමීන් වහන්සේ අවඥාවට ලක් කරමින් විමසුවේ ය. නමුත් එ් සඳහා පිළිතුරක් ලබා නො දුන් උන්වහන්සේ තව දුරටත් කාර්යය සිදු කරමින් සිටින බව යන්ත‍්‍රයේ ශබ්දය නො නවත්වා ශ‍්‍රවණය වූ බැවින් මම දැනගත්තෙමි.

‘‘ඔව්වා කර කර ඉඳල හරියන්නේ නෑ. ඔබ වහන්සේ මහණ වුණේ කෑම වේලකට පොටෝ කොපි රස්සාවක් කරන්න ද? ගෙදර හිටියනං ඕකත් කරල පඩියකුත් ලැබෙනවා. දැන් පඩිත් නෑ, භාවනා කරන්න වෙලාවකුත් නෑ, කන්න ලැබෙන ටික විතරයි. කන්න දීල වැඩ කර ගන්න එකට නං ඊජිප්තුව පැත්තෙ හොඳ නමක් කියනවා. ඕකට ද හිමියනේ සම්මා වායාම කියන්නේ…? මට නං තේරෙන්නෙ නෑ මෙව්වා කොහෙන් කෙළවර වෙයි ද කියලා…!!!”
”මං මේක කරන්නෙ සතුටෙන් ස්වාමීන් වහන්ස. වැඩ කරනව කියල මට දැනෙන්නෙ නෑ. මට පොතක් ඉවර කරල පිටකවරය අලවන්නයි, පිටු බඳින්නයි ප්‍රෙස් එකට දෙන දවසට පුදුම සතුටක් තියෙන්නේ. ශ‍්‍රද්ධාවෙන් පැවිදි වුණ පින්වත් ස්වාමීන් වහන්සේලා කී දෙනෙක් නම් මේ පොත් වහන්සේ කියවලා සිත සනසගනී ද කියලා හිතෙද්දී එ් ප‍්‍රීතියට තව පොත් සීයක් වුණත් හදන්න පුළුවන්…”

‘‘ඔය බොළඳකමට පුළුවන් ද නිවන් දක්කන්න..? ඕක ශ‍්‍රද්ධාවෙ වේශයෙන් මතු වුණ වංචනික ධර්මයක්. ඔහොම්ම ම හිත හිත ඉඳල වැඩ කර කර ම අපවත් වෙන්න. කෙහෙල් ගස් පතුරු ගහනව වගේ ලැබෙන දෙයක් නෑ අන්තිමට. මහන්සියයි, වෙලාව නාස්තිය යි විතරයි. කොටි වලිගෙ අල්ල ගත්ත වගේ අතාරින්න ම බැරිවෙන්න දිගින් දිගට ම වැඩ එනව ඊට පස්සෙ. සමාධියක් නැති භික්ෂු ජීවිතේ හිස් දෙයක් ස්වාමීන් වහන්ස. ඔය පොත් කියවන අය හොඳට භාවනා කර ගනීවි ඔබ වහන්සේ කිසි ම ගුණධර්මයක් නැතුව නිරයේ යයි…”

‘‘මම මේ තරම් උතුම් පැවිදි ජීවිතේකට ආවේ බුදුරජාණන් වහන්සේ ගැන ශ‍්‍රද්ධාවක් ඉපදුණ නිසයි. එ් දේ කළේ මගේ ගුරු දේවයන් වහන්සේ. එ් ශ‍්‍රද්ධාවත්, උන්වහන්සේ ගැන ඇති වුණ විශ්වාසයත් තමයි මාව මෙතනට අරගෙන ආවෙ. ශ‍්‍රද්ධාවෙන් තොර ව පිවිතුරු සීලයක් සමාධියක් ලබන්න බෑ ස්වාමීන් වහන්ස. මම මේ දේවල් කරන්නේ වැඩ කරනවා, වහල්කම් කරනවා කියන අදහසකින් නෙවෙයි. මගේ ධර්ම මාර්ගයට ශක්තියක් වෙන්න පින් කරනවා කියන අදහසින්. මම බොහොම අඩු පිනක් තියෙන කෙනෙක්. ජීවමාන බුද්ධ කාලෙත් නෙවෙයි මම මිනිස් ලෝකෙ ඉපදිලා මේ මහණ වුණේ. එ් නිසා මට ඕන මේ මහණකම රැුකගන්න ගමන් ම හොඳ හැටියට පින් කර ගන්න යි. එ් පින් කර ගන්න එකෙන් මට සිල් රකින්න හොඳ හයියක් ලැබෙනවා. පුළුවන් හැටියට මම භාවනාත් කරනවා. මට හෙමින් ගමන සැපයි ස්වාමීන් වහන්ස. පින අතෑරලා පිරිසෙන් වෙන් වෙලා වේගෙන් යන්න මට කැමැත්තක් නෑ. මම මේ හැම දෙයක් ම කරද්දි මේ මොහොතේ සිහියෙන් ඉන්න උත්සාහ කරනවා. ස්වාමීන් වහන්සේගෙ කතාවෙන් වුණත් අකුසල සිතක් ඇතිකර ගන්න මම කැමති නෑ. දැන් දානෙ වෙලාව හරියාගෙන එන්නේ. ස්වාමීන් වහන්සේ දානෙට සූදානම් වෙන්න. මට පිටු පැටලෙනවා කතා කර කර වැඩ කරනකොට…”
ඉතාමත් ම සන්සුන් ව පිළිතුරු දුන් උන්වහන්සේ ඕනෑකමින් ම එම අසත්පුරුෂ පාපමිත‍්‍රයා ව එළවා ගැනීමට උත්සාහ කළේ ය.

‘‘දාන ශාලාවට ගියා ම පැය එකහමාරක් නාස්ති වෙනවා. බණ කියන්නයි සීයකට බෙදනකම් බලන් ඉන්නයි… සීයක් වළඳනකම් බලන්න ඉන්නයි ගියා ම කොච්චර පාඩුවක් ද අපිට. තමා දානෙ වළඳපු ගමන් නැගිටලා යන ක‍්‍රමයක් තිබ්බ නම් කොච්චර පහසු ද සංඝයාට. මම නම් දානෙට යන්නෙ නෑ. මම පිණ්ඩපාතෙ ගියා උදේ ම. එ් දානෙ ඉතිරි ටික දවල්ට වළඳලා භාවනා කරනවා…”

‘‘පිණ්ඩපාතෙ වුණත් ක්ෂණයෙන් ලැබෙන්නෙ නෑනෙ ස්වාමීන් වහන්ස. එ්කටත් වෙලාවක් කැප කරන්න වෙනවා. භික්ෂු ජීවිතේ කියන්නේ අන් අයගේ උපකාරයෙන් යැපෙන දෙයක්. දස ධම්ම සූත‍්‍රයේ තියෙන්නේ… ‘පරපටිබද්ධා මේ ජීවිකාති…’ කියලනේ…! දානය පූජා කරන අය කෙරෙහිත්, දානය වළඳන ස්වාමීන් වහන්සේලා කෙරෙහිත් මෛත‍්‍රියක් කරුණාවක් මුදිතාවක් උපේක්ෂාවක් තියෙනව නම් එවන් කාය කර්මයක් විදියට හරි දාන ශාලාවට ද්වේෂ නො කර සිටින්න පුළුවන්. අසනීපයක් හෝ නො වැළැක්විය හැකි වෙනත් කාරණාවක් නැත්තං දාන ශාලාවට වඩින්න ස්වාමීන් වහන්ස…”

‘‘මට බෑ. මම යනවා..” ත‍්‍රිපිටක පොත් වහන්සේලා පිටපත් කරන ස්වාමීන් වහන්සේගේ කාරුණික දහම් අවවාදය ඉවත ලූ උන්වහන්සේ කුටියට වැඩම කළේ ය. සුළු මොහොතකට පසු පොත් වහන්සේලාගේ කටයුුතු කළ ස්වාමීන් වහන්සේ ද අප සමඟ පාත‍්‍රය ගෙන දාන ශාලාවට වැඩම කළේ ය. දාන ශාලාවේ කටයුතුවලින් පසු ආපසු පැමිණ පාත‍්‍රය පසෙක තැබූ උන්වහන්සේ නැවත ත‍්‍රිපිටක පොත් වහන්සේලාගේ කටයුතු ආරම්භ කරනු මම දුටුවෙමි.

එදිනෙන් පසු, මම ද හැකි විටක නිහඬ ව ම උන්වහන්සේගේ ධර්ම පුස්තක කටයුතුවලට සහය වුණෙමි. එමෙන් ම උන්වහන්සේ මේ සෑම කටයුත්තක් අතරේ දී ම, උදෑසන බුද්ධ වන්දනාව, හීල – දහවල් දානය සඳහා දාන ශාලාවට වැඩම කිරීම සහ සවස බුද්ධ වන්දනාව මෙන් ම පොදු ධර්ම ශ‍්‍රවණය යන කිසිදු කටයුත්තක් මඟ නො හරින බව මම දුටුවෙමි. එ් සියල්ල ද සිදු කරමින් ඉතාමත් ම සමබර ලෙස අනෙකුත් සම්පූර්ණ කාලය වැය කරමින් ත‍්‍රිපිටක පොත් වහන්සේලාගේ කටයුතු සිදු කරන්නට වූ උන්වහන්සේ ඉතාමත් ම සරල දිවි පෙවෙතක් ගත කළහ. අධික ලෙස වෙහෙස වෙන භික්ෂුවක් වුවත් අන් භික්ෂූන් සමඟ හිස් කතාවේ යෙදෙමින් උසුළු විසුළු කරමින් කල් නො යැවූ උන්වහන්සේ නො වෙනස් ව තම පිළිවෙත් රැුකගෙන සිටින බව මම තේරුම් ගත්තෙමි.

කල් යත් ම මම අධික ලෙස වත් පිළිවෙත් කරන භික්ෂුවකගේ රසිකයෙකු වෙමින් සිටියෙමි. එ් වෙන කිසිවක් නිසා නොව, මා උන්වහන්සේ ව සමීප ව ද දුර සිට ද ඇසුරු කරමින් එ් අසීමිත සිව් බඹ විහරණ සිව් ඉරියව්වෙන් ම දියුණු කරන බව දැකගත් නිසා ය.

නමුත්, එදා උන්වහන්සේගේ සිත බිඳීමට පැමිණි භික්ෂුව පසු කලෙක විවේකය අවශ්‍ය යැයි පවසා අසපුවෙන් බැහැර වී වනගත විය. ඊටත් බොහෝ කලකට පසු එම හිමියන් අවාසනාවන්ත ලෙස ගිහි බවට පත් වූ බව අද දිනයේ දැනගන්නට ලැබුණි.

නමුත්, ශ‍්‍රද්ධාව මිණි කිරුළක් සේ හිස මත රඳවාගෙන මෛත‍්‍රී කරුණා මුදිතා උපේක්ෂා දී ගුණයන් වඩමින් ගිහි පැවිදි සියලූ දෙනාගේ හිත සුව පිණිස සිත පැවැත්වූ, කාර්යාලයේ කටයුතු කළ ස්වාමීන් වහන්සේ අදටත් නිරුපද්‍රිත ව සසුන් බඹසර පුරුදු කරමින් වාසය කරන්නේ ය. අද උන්වහන්සේට එදා කළ කටයුතු නැත. නමුත් රැුස් කළ පින අසල ම ඇත. අදටත් උන්වහන්සේ දකින විට මා සිත ප‍්‍රීතියෙන් ඉපිල යන්නේ උතුම් ශ‍්‍රී සද්ධර්මයෙන් උන්වහන්සේ පුරුදු කළ ගුණධර්මයන් වෙත හදවතින් ම ආචාර දක්වමිනිි.

පාප මිත‍්‍ර ග‍්‍රහණයට හසු නො වී ගුණ ධර්ම වඩන සබ‍්‍රහ්මචාරීන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා…!!!

සටහන 12

පාප මිත‍්‍රයා පිළිබඳ ව මා තැබූ පෙර සටහනට සම්බන්ධ ව තවත් සටහනක් තැබීමට සතියක් යාමට මත්තෙන් අවකාශයක් ලැබුණි. එනම්, කල්‍යාණ මිත‍්‍ර සේවනය පිළිබඳ ව යි.

මා විසින් ගුරු දේවයන් වහන්සේ අබියස දී ඇසූ වදනකින් තවත් අයෙකුට උපකාරයක් කොට එය සාර්ථක වූ බව දැනගන්නට ලැබීම නිසා මම බොහෝ සතුටට පත් වීමි. පාප මිත‍්‍රයන් සුලබ ලොවක් තුළ ගුරු දේවයන් හට පින් සිද්ධ වන්න සහෝදර ස්වාමීන් වහන්සේනමක් හට කල්‍යාණ වූ උපකාරයක් කර ගන්නට ලැබුණු බව සිහි වී බලවත් ප‍්‍රීතියක් ඉපදුණි.

එම සහෝදර ස්වාමීන් වහන්සේ වසර ගණනාවකට පෙර බලවත් අර්බුදයකට මුහුණ දී සිටියේ ය. එනම් දිගින් දිගට ම සිදුවන සීල විපත්තියකි. බොරු කියන්නා හට මුසාවාදා වේරමණී නම් වූ සිල් පදය බිඳී යන්නා සේ, ස්වයංවින්දනයේ යෙදෙන උපසම්පදා භික්ෂුවට ‘සංඝාදිසේස’ නම් වූ ශික්ෂා පද බිඳී යාමක් සිදු වේ. පළමු වන සංඝාදිසේස ශික්ෂාපදය ද එය යි. එ් ආකාරයෙන් සංඝාදිසේස ආපත්ති වර්ග දහතුනක් වේ. එම පළමු සංඝාදිසේස ශික්ෂා පදය නිතර ම බිඳගන්නා වූ හිමිනමක් වශයෙන් උන්වහන්සේ කලක පටන් නිතර ම විනය කර්මයන්ට මුහුණ දෙමින් සිටි බව මම දුටුවෙමි. එදින උන්වහන්සේ දුටු මා හට කලකට පෙර ගුරු දේවයන් වහන්සේගේ මුවින් තවත් ස්වාමීන් වහන්සේනමක් අරබයා පිටවූ අවවාදයක් සිහිපත් විය. එනිසා උපකාර කරන අදහසින් උන්වහන්සේ සමඟින් කතා බහක් ඇරඹීමි.

‘‘ස්වාමීන් වහන්ස, මට යමක් සිහිපත් වුණා…” මම පැවසුවෙමි.

‘‘මොකද්ද ස්වාමීන් වහන්ස…?” මා හට වඩා පැවිද්දෙන් වැඩිහිටි උන්වහන්සේ මා දැක නැගිට ගරු සරු ඇති ව පිළිතුරු දුන්නේ ය. එම ශික්ෂාපදය බිඳුනු පසු වරදින් මිදීම උදෙසා වැඩිහිටි බාල උපසම්පදා ස්වාමීන් වහන්සේලා සියලූ දෙනාට ගරු සරු දැක්විය යුතු ය. අවම වශයෙන් දවස් 6ක් වත් පිළිවෙත් සිදු කරමින් සංඝ ගෞරවය උපදවා ගත යුතු ය. උපරිම වශයෙන් එම වරද තමා සඟවා සිටි දින ගණනට සමාන ව පිළිවෙත පිරිය යුතු ය. වරදින් නැගී සිටිය හැකි වන්නේ ඉන් පසුව යි.

‘‘මට මතකයි දවසක් සංඝාදිසේස ආපත්තියට ලක්වුණු ස්වාමීන් වහන්සේනමකට ගුරු දේවයන් වහන්සේ දුන්න අවවාදයක්. මට හිතෙන්නේ ස්වාමීන් වහන්සේට එ්ක ප‍්‍රයෝජනවත් වේවි…”

‘‘හොඳයි ස්වාමීන් වහන්ස. මට එ්ක දැනගන්න ඕන…”

‘‘සංඝාදිසේසයකට හේතු වෙන ප‍්‍රධාන ම දීර්ඝකාලීන හේතුව තමයි සංඝ ගෞරවය රහිත ව වාසය කිරීම. සබ‍්‍රහ්මචාරීන් වහන්සේලා දෙස ප‍්‍රිය ඇසින් නො බලමින් වාසය කිරීම සහ නිතර වැඩිමහල් බාල ස්වාමීන් වහන්සේලා කෙරෙහි ගැටෙමින් වාසය කිරීම. වැඩිමහල් පමණක් නො වේ පැවිද්දෙන් බාල ස්වාමීන් වහන්සේලා ව පවා ඇතැම් අවස්ථාවල පහත් කරමින් වාසය කිරීම අකුසලයක්. තමා සංඝයාට අයිති කෙනෙක් කියල නිතර හිතන්න ඕන. එ් වගේ ම තමා අයිති පිරිසේ අතීත ශ‍්‍රාවකයන්ගේ ගුණ සිහි කරන්න ඕන. වත්මන් සඟ පිරිසේ පවා තියෙන අල්පමාත‍්‍ර හෝ සඟ ගුණයක් කෙරෙහි සිත පහදවා ගන්න ඕන. ගිිහි හාම්පුතෙක් සේවකයන්ට කතා කරන්නා සේ බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවකයන්ට කතා කිරීම අකුසලයක්. එ් නිසා හැකි උපරිමයෙන් ම සංඝානුස්සතිය වඩන්න. තමන් ද එ් සඟ පිරිසට අයිතියි කියල හිතමින් ම සංඝානුස්සතිය වඩන්න. සංඝානුස්සතිය වඩමින් ම එම සඟ පිරිසේ ගුණ දැක මුදිතාව වඩන්න. අන්න එ් විදියට යි ගුරු දේවයන් වහන්සේ අවවාද කළේ ස්වාමීන් වහන්ස…”

‘‘මට වැටහෙනවා. මම බොහෝ අවස්ථාවල ස්වාමීන් වහන්සේලා කරන දේවල් ගැන අධික ව විවේචනය කරල තියෙනවා. විහිළුවටත් ස්වාමීන් වහන්සේලා සම්බන්ධයෙන් අවඥාවෙන් කතා කරල තියෙනවා. සමහර අවස්ථාවල ගුරු දේවයන් වහන්සේවත් අවඥාවට ලක් කරල තියෙනවා.”

‘‘එ්ක තමයි ස්වාමීන් වහන්ස. එ්ක කොච්චර ඇත්තක් ද කියල මට තේරුණේ අංගුත්තර නිකායේ ව්‍යසන සූත‍්‍රය කියවද්දි යි. ආර්ය ගුණ සහිත උතුමන්ට වචනයෙන් උපවාද කරන කෙනාට විපාකයක් වශයෙන් සංඝාදිසේස වගේ බරපතළ ශික්ෂාපද බිඳීයාම් සිද්ධ වෙනවා කියල එ් සූත‍්‍රයේ තියෙනවා. එ් වගේ ම විනය පිටකයේ සංඝාදිසේසයෙන් ගැලවෙන භික්ෂුව විසින් කළ යුතු වන්නේත් වැඩිමහල් බාල භේදයකින් තොර ව සංඝ ගෞරවය උපදවාගැනීමයි…”

‘‘එහෙමයි ස්වාමීන් වහන්ස. මට පැහැදිලියි..”

‘‘පින්වත් ස්වාමීන් වහන්ස, බුදුරජාණන් වහන්සේ විසින් සාරා සංඛ්‍යෙය කල්ප ලක්ෂයක් පෙරුම් දම් පුරලා උපදවපු දෙයක් තමයි බුද්ධ ශාසනය කියන්නේ. එ් වගේ ම දුර්ලභ දෙයක් තමයි භික්ෂූත්වය. සංඝයා කියන්නේ බුදුරජාණන් වහන්සේ විසින් උපදවපු පිරිසක්. බුදුරජාණන් වහන්සේට අයිති දෙයක් තමයි අපි මේ දරාගෙන සිටින පැවිද්ද. අපේ ජ්‍යෙෂ්ඨ භික්ෂූන් වහන්සේලා අතීතයේ දී බුදුරජාණන් වහන්සේගෙන් ‘එ්හි භික්ඛු’ භාවයෙන් ලබාගත්ත උපසම්පදාව නැත්තම් අපිට වුණත් සංඝයාගෙන් ගන්න උපසම්පදාවක් ඉතිරි වෙන්නෙ නෑ. බුදුරජාණන් වහන්සේගෙන් ගෞරවයෙන් ලබාගත් උපසම්පදාවට, පැවිද්දට ගරු කරමින් පෙර පිනකට සංඝයාට ඇතුල් වෙන්න ලැබුණු අවස්ථාව ගැන අනන්ත අප‍්‍රමාණ ලෙස සතුටු වෙන්න ඕන. එ් වගේ ම එ් සඟ පිරිසට ඇතුල් වුණ අනෙකුත් ස්වාමීන් වහන්සේලා ගැනත් අපිට පසුව ඇතුල් වෙන පිරිස ගැනත් අප‍්‍රමාණ ගෞරවයක් සතුටක් ඇති වෙන්න ඕන. වැටි වැටී හරි සඟ පිරිස අතරේ ඉන්න සියලූ ස්වාමින් වහන්සේලා දෙස කරුණාවෙන් බලන්න ඕන. කිසි ම විදියකින් ගරහන්න හොඳ නෑ. පහත් කරන්න හොඳ නෑ. සංඝ ගෞරවය නැති වුණා ම උපාසකයෙක් උපාසක චණ්ඩාලයෙක් වෙනව කියල අංගුත්තර නිකායේ තියෙනවානේ. එ් වගේ ම තමයි භික්ෂුවක් වුණත් තමා සංඝයාට අයිතියි කියල සංඝයාට තියෙන ගෞරවය නැති කර ගන්න හොඳ නෑ. ගොඩක් වෙලාවට මේක වෙන්නේ පැවිද්දෙන් උපසම්පදාවෙන් බාල ස්වාමීන් වහන්සේලා දකිද්දියි. එතකොට මේ උන්නාන්සේලා මට වඩා බාලයිනේ කියල හිතාගෙන ටිකක් රළු ව කතා බහ කරනවා. හරියට විශ්වවිද්‍යාලයක ඉහළ වසරවල ශිෂ්‍යයෝ පහළ වසරවල නවක ශිෂ්‍යයන්ට කතා කරනවා වගේ. මේ හැම දෙයක් ම අකුසල් පින්වත් ස්වාමීන් වහන්ස…”‍

‘‘ඔබවහන්සේ කවමදාකවත් එහෙම කතා කරල නැද්ද නවක ස්වාමීන් වහන්සේලාට…?”

‘‘ඇයි නැත්තේ… කතා කරල තියෙනවා. මේ අවවාදය කනට ඇහුන දවසෙන් පස්සේ මම සඟ ගුණ සිහි කරල ම සංඝ ගෞරවය උපදවා ගත්තා. අලූත පැවිදි වුණ ස්වාමීන් වහන්සේනමක් දකින විට පවා මට සඟ ගුණත්, සාමඤ්ඤ ඵලත් (ශ‍්‍රමණ ජීවිතයේ ආර්ය ප‍්‍රතිලාභත්) සිහිපත් වෙනවා. උන්වහන්සේලාට සුවසේ පැවිද්ද ගත කරන්න ලැබේවා කියල සිතෙන් නිතර ම මම සෙත් පතනවා. මට එ් වෙනස ඇති වුණේ ගුරු දේවයන් වහන්සේගේ එ් අවවාදය නිසයි පින්වත් ස්වාමීන් වහන්ස…”

එම සංවාදයෙන් බොහෝ කලකට පසු එනම් වසර කිහිපයකට පසු එම ස්වාමීන් වහන්සේ සමඟ නැවත කතා බස් කිරීමට සැලකිය යුතු තරම් වේලාවක් මා හට උදා වූයේ ඊයේ දිනයේ ය. උන්වහන්සේ ඉතාමත් ම කෘතඥ පූර්වක ව මා හට පින් දුන් අතර උන්වහන්සේ නිතර නිතර සංඝාදිසේසයන්ට ලක්වන අනතුරෙන් සම්පූර්ණයෙන් ම නිදහස් වී තිබිණ. මා සමඟ සංවාදයෙන් පසු සම්පූර්ණ කාලය ම වැය කොට සංඝානුස්සතිය වැඩූ උන්වහන්සේ සියලූ සඟ පිරිස සමඟ ඕනෑ ම අසීරු අවස්ථාවක දී පවා සතුටින් සිටීමට දක්ෂතාවය උපදවාගෙන සිටියහ. එමෙන් ම උන්වහන්සේ විසින් පැවසූ වදන් පෙළක් මා සිත තුළට තදින් ම කා වැදී ගියේ ය.

”පින්වත් ස්වාමීන් වහන්ස. මම සංඝාදිසේසයට ප‍්‍රතිකර්ම කරන කාලෙදි ම යි සංඝානුස්සතිය වඩන්න ගත්තේ. මම ඉස්සර වත් මානත් කළෙත් බාල ස්වාමීන් වහන්සේනමක් දකිද්දි නැගී සිටියෙත් හරි ම අකමැත්තෙන්. එ් දින කීපය අවසන් වෙනකම් මම ඇඟිලි ගැන ගැන හිටියේ. එ් නිසා හැමදා ම මට දවස අවසානෙ දී ලැබුණෙ පීඩාව පමණයි. නමුත් සංඝානුස්සතිය වඩන්න ගත්තට පස්සේ මේ වත් මානත් සහ සංඝයාට ගරු කිරීම මට පුදුම විදියට ප‍්‍රිය උපදවන්නක් බවට පත් වුණා. ඉස්සර මම සංඝයා සමඟ පෙළට වඩිද්දි මට ඉදිරියෙන් මට වඩා බාල ස්වාමීන් වහන්සේනමක් වැඩියොත් ගොඩක් අමනාප වුණා. නමුත් මම සංඝානුස්සතිය වඩමින් විනය කර්මයන්ට මුහුණ දෙද්දී මට පුදුම සතුටක් දැනුනේ හැමෝට ම පිටුපසින් ගමන් කරද්දී. මොකද මට නිතර ම පේන්නේ සිය ගණනක් සංඝයා වහන්සේලා මට ඉදිරියෙන් වඩිනවා. මම උන්වහන්සේලාට පිටුපසින් වඩිනවා. ‘මමත් සංඝයාට අයිතියි, මමත් සංඝයාට අයිතියි’ කියල මගේ හිත කෑ ගහල කියනව වගේ මට දැනෙන්න ගත්තා. සංඝානුස්සතිය වඩපු නිසා මට එ් දර්ශනය බොහොම ලොකු සතුටක් වුණා ස්වාමීන් වහන්ස…”

‘‘සාදු සාදු සාදු…” මම දොහොත් මුදුන් දී සාදුකාර දුන්නෙමි.

‘‘එ් විතරක් නෙවෙයි ස්වාමීන් වහන්ස. මම ඉස්සර මං වෙනුවෙන් අනිත් අය වත් පිළිවෙත් කරල දෙනවට කැමැති වුණා. අන්තිමට මට සංඝ ගෞරවයත් නැති වෙලා ගියානෙ. ඉතින් මම විනය කර්මයට පෙර කරපු හැම වත් පිළිවෙතක් ම විනය කර්මයෙන් පස්සෙත් කරන්න බොහොම ආසාවෙන් හිටියේ. ඉතින් මම දැන් හැමදා ම අලූත පැවිදි වුණ සාමණේර ස්වාමීන් වහන්සේනමක් වගේ උදේ පාන්දර ම වැඩලා බුද්ධ වන්දනාව කරලා අනිත් ස්වාමීන් වහන්සේලාටත් එක්ක ගිලන්පස හදලා මිදුල ඇමදලා සියලූ වත් පිළිවෙත් කරනවා. සමහර අවස්ථාවල මම වැඩිමහල් වගේ ම මට වඩා බාල ස්වාමීන් වහන්සේලාගේ සිවුරුත් සෝදා දෙනවා. ගිලන්පස සකසා හැමෝට ම පූජා කරනවා. එ්ක කරන්නෙත් ලොකු ගෞරවයකින්. බාල ස්වාමීන් වහන්සේනමක් කියල හිතන්නේ නැති ව මම අත් දෙකෙන් ම යි පූජා කරන දේ පූජා කළේ. මට ඊට පස්සේ මජ්ක්‍ධිම නිකායේ ගෝසිංහ සූත‍්‍ර කියවන්න ලැබුණා. වැඩිමහල් බාල භේදයකින් තොර ව එකිනෙකාට උපස්ථාන කර ගනිමින් අතීත ආර්ය මහා සංඝරත්නය වැඩ විසූ ආකාරය ගැන දැනගැනීමෙන් මට ලැබුණු අවවාදය කොයි තරම් නම් සත්‍යයක් ද කියල මට තේරුම් ගියා. අද මට දැනෙන්නේ සාරාසංඛ්‍යෙය කල්ප ලක්ෂයක් තිස්සේ බොහොම දුක් විඳලා බුදුරජාණන් වහන්සේ විසින් සොයාගත්ත දෙයක් මම දරාගෙන ඉන්නවා වගෙයි. මට මගේ ප‍්‍රතිපදාව ගැන ම ලොකු ගෞරවයක් ඉපදුණා. මේ හැම දෙයක් ම සංඝරත්නයටයි අයිති. බුද්ධ ශාසනේට යි අයිති. මගේ ශ‍්‍රමණ වේසය පවා අයිති ශාසනේට. මේ හැම දේ ම ගෞරවයෙන් රකින්න මට සියලූ ශක්තිය ලැබුණේ එදා ගුරු දේවයන් වහන්සේ විසින් මතු කරපු ධර්මාවවාදය කල්‍යාණ මිත‍්‍රයෙක් වෙලා පින්වත් ස්වාමීන් වහන්සේ මට කියල දුන්න නිසා. මගේ සැහැල්ලූවේ සම්පුර්ණ ගෞරවය හිමිවෙන්න ඕන අපේ ශාස්තෘන් වහන්සේට යි. උන්වහන්සේ තමයි වරදින් හැටිත් වරදින් මිදෙන හැටිත් අපිට දේශනා කළේ. උන්වහන්සේගේ එ් ඥානය නම් විශිෂ්ටයි. උන්වහන්සේ කරන්න කියල වදාළ දේ කළොත් රැකෙනවා ම යි. එපා කී දේ කළොත් වැනසෙනවා ම යි.
ශාස්තෘ ධර්මය නිසාත් කලණ මිතුරු ඇසුර නිසාත් මම බේරුණා පින්වත් ස්වාමීන් වහන්ස…”

බොහෝ අය බොහෝ දෙනාට පාප මිත‍්‍රයින් වද්දී මා හට කලණ මිතුරෙකු වීමට හැකි වුණේ කලණ ඔවදන් ලබා දිය හැකි ගුරු ඇසුරක සිටි නිසා ය. නො එසේ නම්, මෙන්න සංඝාදිසේස වූ භික්ෂුවක් යැයි සිතා මා ද උන්වහන්සේ ව අවඥාවට ලක් කරනු ඇත. බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා වදාළ අකුසලයෙන් මුදවාගෙන කුසලයට ඇද දමන ‘දස කතාව’ නිසා ම අපි සුරැකෙන බව අත්දැකීමෙන් ම තේරුම් ගත්තෙමි.

****************************
සටහන් පොත වසා දැමූ මම දෑස් වසාගෙන භාග්‍යවතුන් වහන්සේගේ ශ‍්‍රාවක සංඝරත්නය සිහිපත් කළෙමි. නවක භික්ෂූන් වහන්සේගේ සිට වෘද්ධ භික්ෂූන් වහන්සේ දක්වා ම මා හට ඇති වූයේ අප‍්‍රමාණ පැහැදීමකි. ගෞරවයකි. සංඝයා වහන්සේලා අතර සංඝ ගෞරවය රැුකගැනීම පිළිබඳ ව මෙතරම් පිළිවෙත් තිබිය දී මෙතරම් ආනිශංස තිබිය දී වැඩිමහල් නවක භේදයකින් තොර ව එකිනෙකා දෙස ප‍්‍රිය ඇසින් බලමින් ඉදිරිපිටදීත් නැති තැනත් මෛත‍්‍රී කාය වාග් කර්ම පැවැත්වීම පිළිබඳ ව මේ තරම් පුහුණුවීම් තිබියදීත්, අඹුවන් සමඟ නිවෙස්වල වසමින් පුහු පාණ්ඩිත්වයක් ආරෝපණය කරගෙන, පුහු විවේචන කරමින් බුද්ධ ශාසනය රකින්නේ යැයි තෙපලමින් සංඝයාට ගරහන ගිහියන්ට අත්වන විපාක පිළිබඳ ව සිතාගත නො හැකි ය.

උතුම් ශාසනික ප‍්‍රතිපදාව පිළිබඳ ව මම බලවත් ව පැහැදුණෙමි. පින්වත් ස්වාමීන් වහන්සේලා විසින් පැවිදි වූ පසු බුද්ධ රත්නය සහ ධම්ම රත්නයට පමණක් නො ව තමා ද අයිති සඟ පිරිසට පවා ගරු සත්කාර කරන බවත්, බුද්ධ ධම්ම සංඝ යන ත‍්‍රිවිධ රත්නය ම සිරසෙහි දරාගෙන ශ‍්‍රද්ධාදී ගුණධර්ම දියුණු කරන බවත් දැකීමෙන් මෙම ආර්ය මාවත පිළිබඳ ව බලවත් විශ්වාසයක් මා තුළ ඇති විය.

මම මාගේ මිනිස් ලොව උපතට බොහෝ ස්තුති කළෙමි. බුද්ධ ශාසනය අතුරුදහන් වූ යුගයක මිනිස් ලොවට නො පැමිණ බුද්ධ ශාසනය සක‍්‍රිය සහ ජීවමාන යුගයක මිනිස් ලොව පැමිණීම ගැන මම බලවත් ව සතුටට පත් වුණෙමි. එමෙන් ම එවන් සසුනක් මගේ දිවියට ළඟා කරදීමට පින්වන්ත කල්‍යාණ මිත‍්‍රයන් සහ කල්‍යාණ මිත‍්‍රයන් වහන්සේලා ද කල්‍යාණ මිත‍්‍ර ගුරුවරයෙකු ද ලැබී තිබීම නිසා හැම අතින් ම මා අප‍්‍රමාදී විය යුතු යි යන්න සිහිපත් කර දෙන්නට විය. මේ සිතුවිලි සියල්ල අතරේ මාගේ ජංගම දුරකථනය නාද විය.

පුදුමයකි. දුරකථන අංකය භාවනා අසපුවේ ය.

‘‘නමෝ බුද්ධාය…! තෙරුවන් සරණයි මේ බිනර ද?”

‘‘නමෝ බුද්ධාය…! තෙරුවන් සරණයි අනන්ත. සඟ ගුණ සිහි කරගෙන හිටපු වෙලාවක අනන්ත කතා කරපු එකට මගේ සතුට දෙගුණ තෙගුණ වුණා…”

මම පිළිතුරු දුන්නේ බලවත් සතුටකිනි.

‘‘බිනරට මතක් කරන්න මම කතා කළේ…”

‘‘ඔව් අනන්ත කියන්න. මොකක්ද…?”

‘‘මට ජීවත් වෙන්න පින තිබුණොත් මැරෙන්න කලින් මගේ ගුරු දේවයන් වහන්සේගෙන් ලබන මාසේ මට ගෞතම බුද්ධ ශාසනේ උතුම් පැවිදි බව ලබාගන්න පුළුවන් වේවි…”

‘‘සාදු සාදු සාදු පින්වත් අනන්ත. මට පුුදුම සතුටුයි…”

‘‘අපේ පැවිදි පිංකමට දින නියම වුණා බිනර. ලබන මාසේ 11 වෙනිදා…”

‘‘මම අනිවාර්යෙන් ම එනවා පින්වත් අනන්ත. මට ඊට වඩා සතුටු දවසක් මගෙ ජීවිතේට ආවොත් එ්කත් එ් වගේ ම දවසක් තමයි…! ඔව්… එ් වගේ ම දවසක් මට ඊට වඩා සතුටක් දේවි…!!”

මඳක් සිනහසුණු අනන්ත ඉතා ඉක්මනින් මා හට ඇඟ කිළිපොලා යන පිළිතුරක් දී සංවාදය අවසන් කළේ ය.

‘‘බිනර… සදාකාලික විමුක්තියෙන් මෙහාට තියෙන කිසි ම දේකින් සතුටු වෙන්න එපා…! පැවිද්ද කියන්නේ ඉලක්කයක් නෙවෙයි. පැවිද්ද කියන්නේ ඉලක්කයකට යන ගමනක ආරම්භයක්. දිනුම් කණුවයි ආරම්භක කණුවයි පටල ගත්තොත් ලොකු අමාරුවක වැටෙනවා. එහෙනම් බිනර මම තියන්නම්.

තෙරුවන් සරණයි…!! නමෝ බුද්ධාය…!!!”

මතු සම්බන්ධයි….

ඇඟිල්ලෙන් පෙන් වූ
සඳ දෙස බලන්න.
ඇඟිල්ල දෙස නො බලන්න.
ඇඟිල්ල ගැන නො සොයන්න.
මේ ශ‍්‍රී සද්ධර්මය
ජීවමාන යි…!
එ් බව පමණක් අකුරු කරන්නෙමි.

මහාමේඝ 2015  වෙසක් කලාපය
WWW.MAHAMEGHA.LK

මතක සටහන
ජයලත්ගේ බිනර නවමල් බණ්ඩාර

මෙම ලිපිය පිළිබඳ ඔබේ අදහස් අපට කියන්න.
SMS Only – 077 063 08 68