ලොව පහළ වූ අසහාය අද්විතීය මනුෂ්‍ය රත්නය වනාහී තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේයි. සෑම මනුෂ්‍යයෙකුගේ ම ජීවිතයේ ඉරණම තීරණය වන්නේ තම තමන් විසින් කරනු ලබන කුසල අකුසල කර්මයන් මතය. එය මෙසේ ය.

කම්මස්සකෝම්හී කම්ම දායාෙදා්, කම්ම යෝනි, කම්ම බන්ධූ, කම්ම පටිසරණා, යං කම්මං කරිස්සාමී කළ්‍යාණං වා පාපකං වා තස්ස දායාෙදා් භවිස්සාමී.

සෑම සත්වයෙක් ම කර්මය දායාද කරගෙන සිටිත්, කර්මය උප්පත්ති ස්ථානය කරගෙන සිටිත්, කර්මය ඤතියා කරගෙන සිටිත්, කර්මය පිළිසරණ කරගෙන සිටිත්. යහපත් හෝ අයහපත් හෝ යම් කර්මයක් කරන්නේ ද ඔහුට පිළිසරණ පිණිස පවතින්නේ එයයි.

නිධිකණ්ඩ සූත‍්‍රයේ පෙන්වා දී ඇති පරිදි සෑම මගඵල ලාභී ශ‍්‍රාවකයෙක් ම බිහිවන්නේ තම තමන්ගේ පුණ්‍ය ශක්තියට අනුවයි. සෑම පසේබුදුරජාණන් වහන්සේනමක් ම පහළ වන්නේ පුණ්‍ය ශක්තියට අනුවයි. එමෙන් ම සම්බුදුරජාණන් වහන්සේනමක් පහළ වන්නේ ද පුණ්‍ය ශක්තියට අනුවයි.

පුණ්‍ය ශක්තියේ අග‍්‍රතම ඵලය වන්නේ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේනමක් පහළ වීමයි.

බුදුරජාණන් වහන්සේගේ එ් අසිරිමත් පුණ්‍ය බලය මෙසේ වෙයි.

මහණෙනි, යම් හෙයකින් තථාගත තෙමේ පූර්ව ජාතියෙහි දී, පූර්ව භවයෙහි දී, පූර්වයෙහි සිටි තන්හි දී, පූර්වයෙහි මනුෂ්‍ය වූයේ ම කුසල් දහම් පිළිබඳ ව නො පෙරෙලෙන ස්වභාවයෙන් යුතු ව, දැඩි ව සමාදන් ව සිටියේ ය. කාය සුචරිතයෙහි, වාග් සුචරිතයෙහි, මනෝ සුචරිතයෙහි යෙදුණේ ය. දන් බෙදීමෙහි, සිල් රැුකීමෙහි, උපෝසථ සිල් රැුකීමෙහි යෙදුණේ ය. මවට උවටැන් කිරීමෙහි, පියාට උවටැන් කිරීමෙහි, ශ‍්‍රමණයන්ට උවටැන් කිරීමෙහි, බ‍්‍රාහ්මණයන්ට උවටැන් කිරීමෙහි යෙදුණේ ය. කුලදෙටුවන්ට උවටැන් කිරීමෙහි යෙදුණේ ය. අන්‍ය වූ අධිකුසල ධර්මයන්හි ද යෙදුණේ ය.

සම්බුදුරජාණෝ බෝසත් අවදියෙහි දී එ් කර්මයන් කළ බැවින්, නැවත නැවත කළ බැවින්, ඉතා බලවත් ව කළ බැවින්, අභ්‍යන්තර වූ හෝ බාහිර වූ හෝ සතුරන් විසින් හෝ විරුද්ධකාරයන් විසින් හෝ රාගය විසින් හෝ ද්වේෂය විසින් හෝ මෝහය විසින් හෝ ශ‍්‍රමණයෙකු විසින් හෝ බ‍්‍රාහ්මණයෙකු විසින් දෙවියෙකු විසින් හෝ මාරයෙකු විසින් හෝ බ‍්‍රහ්මයෙකු විසින් හෝ ලෝකයෙහි කිසිවෙකු විසින් හෝ නො මැඬලිය හැක්කේ වෙයි.

මෙසේ බුදුරජාණන් වහන්සේ කිසිවෙකුට මැඬලිය නො හැකි පුණ්‍ය මහිමයෙන් යුතුව වැඩසිටි සේක. එපමණක් ද නොව මහා පරිවාර සම්පත්තියක් ලබා වැඩසිටි සේක.

මහණෙනි, යම් හෙයකින් තථාගත තෙමේ පූර්ව ජාතියෙහි දී, පූර්ව භවයෙහි දී, පූර්වයෙහි සිටි තන්හි දී, පූර්වයෙහි මනුෂ්‍ය වූයේ ම බොහෝ ජනයාට සැප ලබා දෙන්නේ විය.

සොරුන්ගෙන් වන භය දුරු කොට, අමනුෂ්‍ය භය දුරුකොට, ධාර්මික ආරක්ෂාව සලසනුයේ විය. එමෙන් ම බොහෝ දෙනාගේ සුව පහසුව සලසනුයේ, පිරිවර හා එක් ව දන් දුන්නේ ය. බුදුරජාණන් වහන්සේ එ් කර්මයන් කළ බැවින්, නැවත නැවත කළ බැවින්, ඉතා බලවත් ව කළ බැවින්, මහා පිරිවර ලබන්නේ වෙයි. භික්ෂූහු ය, භික්ෂුණීහු ය, උපාසකයෝ ය, උපාසිකාවෝ ය, දෙවියෝ ය, මිනිස්සු ය, අසුරයෝ ය, නාගයෝ ය, ගාන්ධර්වයෝ ය යනාදී වශයෙන් බොහෝ පිරිවර ලබන්නේ ය.

මහණෙනි, යම් හෙයකින් තථාගත තෙමේ පූර්ව ජාතියෙහි දී, පූර්ව භවයෙහි දී, පූර්වයෙහි සිටි තන්හි දී, පූර්වයෙහි මනුෂ්‍ය වූයේ ම සත්ව ඝාතනය අත්හැර සතුන් මැරීමෙන් වැළකී සිටියේ විය. දඬු මුගුරු අත්හැරියේ විය. අවි ආයුධ අත්හැරියේ විය. සතුන් මැරීමෙහි ලැජ්ජා ඇත්තේ විය. සියලූ ප‍්‍රාණභූතයින් කෙරෙහි දයානුකම්පා ඇත්තේ විය. හේ එ් කර්මය කළ බැවින්, නැවත නැවත කළ බැවින්, ඉතා බලවත් ව කල බැවින්, බොහෝ කල් සිටින දීර්ඝායුෂ ලබන්නේ ය. දීර්ඝ ආයුෂයෙන් පාලනය කෙරෙයි. එ් අතරතුර ජීවිතය සතුරු වූ, විරුද්ධකාර වූ, කිසි ශ‍්‍රමණයෙකු විසින් හෝ බ‍්‍රාහ්මණයෙකු විසින් හෝ දෙවියෙකු විසින් හෝ මාරයෙකු විසින් හෝ බ‍්‍රහ්මයෙකු විසින් හෝ ලෝකයෙහි කිසිවෙකු විසින් හෝ එ් බුදුරජුන් ඝාතනය නො කළ හැක්කේ වෙයි.

මහණෙනි, යම් හෙයකින් තථාගත තෙමේ පූර්ව ජාතියෙහි දී, පූර්ව භවයෙහි දී, පූර්වයෙහි සිටි තන්හි දී, පූර්වයෙහි මනුෂ්‍ය වූයේ ම බොහෝ ජනයා හට දෙලොව යහපතට හේතු වන, කුසල් දහම් වැඞීමට උපකාරී වන වචන කියන ලද්දේ ය. බොහෝ ජනයාට දෙලොව යහපත සැලසුවේ ය. ප‍්‍රාණීන්ට හිතසුව සැලසුවේ ය. ධර්මයාගය කරන්නෙක් වූයේ ය. එ් කර්මයන් කළ බැවින්, නැවත නැවත කළ බැවින්, ඉතා බලවත් ව කළ බැවින්, සියලූ සත්වයන් හට අග‍්‍ර වූයේත් වෙයි. ශ්‍රේෂ්ඨ වූයේත් වෙයි. ප‍්‍රමුඛ වූයේත් වෙයි. උතුම් වූයේත් වෙයි. වඩාත් උතුම් වූයේත් වෙයි.

මහණෙනි, යම් හෙයකින් තථාගත තෙමේ පූර්ව ජාතියෙහි දී, පූර්ව භවයෙහි දී, පූර්වයෙහි සිටි තන්හි දී, පූර්වයෙහි මනුෂ්‍ය වූයේ ම ශ‍්‍රමණයෙකු හෝ බ‍්‍රාහ්මණයෙකු කරා යන හේ කරුණු දැනගැනීම පිණිස විමසන්නේ වෙයි. එනම් ‘ස්වාමීනී, කුසලය යනු කුමක් ද? අකුසලය යනු කුමක් ද? වැරදි දෙය යනු කුමක් ද? නිවැරදි දෙය යනු කුමක් ද? සේවනය කළ යුතු දේ යනු කුමක් ද? සේවනය නො කළ යුතු දේ යනු කුමක් ද? මා විසින් කුමක් කරන ලද්දේ බොහෝ කල් අහිත පිණිස දුක් පිණිස පවතින්නේ ද? මා විසින් කුමක් කරන ලද්දේ බොහෝ කල් හිත පිණිස සැප පිණිස පවතින්නේ ද?’ යනාදී වශයෙනි. හේ එ් කර්මය කළ බැවින්, නැවත නැවත කළ බැවින්, ඉතා බලවත් ව කළ බැවින්, මහා ප‍්‍රඥාව ඇත්තේ වෙයි. පැතිර පවත්නා ප‍්‍රඥාව ඇත්තේ වෙයි. සතුට බහුල ප‍්‍රඥාව ඇත්තේ වෙයි. වේගවත් ප‍්‍රඥාව ඇත්තේ වෙයි. තියුණු ප‍්‍රඥාව ඇත්තේ වෙයි. විනිවිද යන ප‍්‍රඥාව ඇත්තේ වෙයි. එ් බුදුරජුන්ගේ ප‍්‍රඥාවට සමාන වූ හෝ ශ්‍රේෂ්ඨ වූ හෝ කිසිවෙක් සියලූ සත්වයන් අතර නැත්තේ ය.

මහණෙනි, යම් හෙයකින් තථාගත තෙමේ පූර්ව ජාතියෙහි දී, පූර්ව භවයෙහි දී, පූර්වයෙහි සිටි තන්හි දී, පූර්වයෙහි මනුෂ්‍ය වූයේ ම බොහෝ ජනයාට පින්කම් කිරීමෙහි ප‍්‍රධාන වූයේ ය. කාය සුචරිතයෙහිදී, වාග් සුචරිතයෙහි දී, මනෝ සුචරිතයෙහි දී, දන් පැන් බෙදීමෙහි දී, සීල සමාදානයෙහි දී, උපෝසථයෙහි දී, මව්පිය උපස්ථානයෙහි දී, ශ‍්‍රමණ බ‍්‍රාහ්මණයන්ට සැලකීමෙහි දී, කුලදෙටුවන් පිදීමෙහි දී වෙනත් බොහෝ අධිකුසල ධර්මයන් හි දී බොහෝ ජනයාට ප‍්‍රමුඛ වූයේ විය. එ් කර්මය කළ බැවින්, නැවත නැවත කළ බැවින්, ඉතා බලවත් ව කළ බැවින්, මහජන තෙමේ එ් බුදුරජුන්ගේ වචනය අනුව යන්නේ වෙයි. භික්ෂූහු, භික්ෂුණීහු, උපාසකයෝ, උපාසිකාවෝ, දෙවිවරු, මිනිස්සු, අසුරයෝ, නාගයෝ, ගාන්ධර්වයෝ ආදීහු එ් බුදුරජුන්ගේ වචනය අනුව යන්නෝ ය.

මහණෙනි, යම් හෙයකින් තථාගත තෙමේ පූර්ව ජාතියෙහි දී, පූර්ව භවයෙහි දී, පූර්වයෙහි සිටි තන්හි දී, පූර්වයෙහි මනුෂ්‍ය වූයේ ම බොරු කීම අත්හැර, බොරු කීමෙන් වැළකී සිටියේ විය. සත්‍යවාදී වූයේ, සත්‍යයෙන් සත්‍යය ගළපනුයේ, ස්ථිර වචන ඇත්තේ, ඇදහිය යුතු බස් ඇත්තේ, ලොව නො රවටන බස් ඇත්තේ විය. එ් කර්මය කළ බැවින්, නැවත නැවත කළ බැවින්, ඉතා බලවත් ව කළ බැවින්, මහජන තෙමේ එ් බුදුරජුන්ගේ අදහසට අනුව පවතින්නේ වෙයි. භික්ෂූහු, භික්ෂුණීහු, උපාසකයෝ, උපාසිකාවෝ, දෙවිවරු, මිනිස්සු, අසුරයෝ, නාගයෝ, ගාන්ධර්වයෝ ආදීහු එ් බුදුරජුන්ගේ අදහසට අනුව පවතින්නාහ.

මහණෙනි, යම් හෙයකින් තථාගත තෙමේ පූර්ව ජාතියෙහි දී, පූර්ව භවයෙහි දී, පූර්වයෙහි සිටි තන්හි දී, පූර්වයෙහි මනුෂ්‍ය වූයේ ම හිස් වචනය බැහැර කොට හිස් වචනයෙන් වැළකුණේ වූයේ ය. කල් දැන වචන කිව්වේ ය. සිදු වූ දෙය ම කිව්වේ ය. යහපත ම කිව්වේ ය. ධර්මය කිව්වේ ය. විනය කිව්වේ ය. සිතෙහි රඳවා ගන්නට නිසි වචනයක් ම කිව්වේ ය. සුදුසු කල්හී උපදේශ සහිත ව, සීමාවක් ඇති ව අර්ථයෙන් යුතු වචන කිව්වේ ය. එ් කර්මය කළ බැවින්, නැවත නැවත කළ බැවින්, ඉතා බලවත් ව කළ බැවින්, අභ්‍යන්තර හෝ බාහිර හෝ සතුරන් විසින් හෝ පසමිතුරන් විසින් හෝ රාගයෙන් හෝ ද්වේෂයෙන් හෝ මෝහයෙන් හෝ ශ‍්‍රමණයෙකු විසින් හෝ බ‍්‍රාහ්මණයෙකු විසින් හෝ දෙවියෙකු විසින් හෝ මාරයෙකු විසින් හෝ බ‍්‍රහ්මයෙකු විසින් හෝ ලෝකයෙහි වෙන කවරෙකු විසින් හෝ නෙරපිය නො හැක්කේ වෙයි.

මහණෙනි, යම් හෙයකින් තථාගත තෙමේ පූර්ව ජාතියෙහි දී, පූර්ව භවයෙහි දී, පූර්වයෙහි සිටි තන්හි දී, පූර්වයෙහි මනුෂ්‍ය වූයේ ම මිථ්‍යා ආජීවය දුරු කොට සම්මා ආජීවයෙන් ජීවිතය ගත කළේ ය. තරාදියෙන් කරන වංචා, තැටියෙන් කරන වංචා, මිම්මෙන් කරන වංචා, අල්ලස් ගෙන කරන වංචා, අනුන් රැුවටීම, නොවටිනා දේ වටිනා හැටියට පෙන්වා රැුවටීම, අත් පා සිඳීම, වධ දීම, බන්ධන, පැහැර ගැනීම්, ගම් පැහැරගැනීම්, බලහත්කාරයෙන් ගැනීම් ආදියෙන් ජීවිතය ගෙවීමක් ඇද්ද, එයින් සම්පූර්ණයෙන් ම වැළකී ජීවිතය ගත කළේ ය. එ් කර්මය කළ බැවින්, නැවත නැවත කළ බැවින්, ඉතා බලවත් ව කළ බැවින්, පිරිසිදු පිරිවර ඇත්තේ වෙයි. එ් බුදුරජුන්ගේ ශ‍්‍රාවක වූ භික්ෂූහු, භික්ෂුණීහු, උපාසකයෝ, උපාසිකාවෝ, දෙවිවරු, මිනිස්සු, අසුරයෝ, නාගයෝ, ගාන්ධර්වයෝ ආදි පිරිවර පිරිසිදු වෙති.

බුදුරජාණන් වහන්සේ විසින් ම ය දීඝ නිකායෙහි ලක්ඛණ සූත‍්‍රයෙහි බෝසත් අවදියේ දී රැුස්කළ පින ගැන මේ අයුරින් වදාළේ. මෙසේ පිනෙන් අගතැන්පත් සම්බුදුරජාණෝ අග‍්‍රස්ථානයෙහි පිහිටා සම්බුදු සසුන් රුක ස්ථාපිත කළ සේක. කෙතරම් අශ්චර්යය අද්භූත ලෙස සසුන් රුක පිහිට වූවාහු ද යත්, පළමු දම් දෙසුම දේශනා කරන කල්හි අකණිඨා බඹලොව තෙක් ප‍්‍රීති ඝෝෂාව පැතිර ගියේ වෙන කිසිවෙකුට හෝ මේ පවත්වන ලද ධර්ම චක‍්‍රය ආපසු කරකවාලිය නො හැකි ය යන්න සනාථ කරමිනි.

එ්තං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමණේන වා බ‍්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ‍්‍රහ්මුනා වා කේනචි වා ලෝකස්මින්’ති.

අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස ඉසිපතන මිගදායෙහි අනුත්තර වූ ධම්මචක්කය පවත්වන ලදී. එය වනාහී ශ‍්‍රමණයෙකුට හෝ බ‍්‍රාහ්මණයෙකුට හෝ දෙවියෙකුට හෝ මාරයෙකුට හෝ බ‍්‍රහ්මයෙකුට හෝ ලෝකයෙහි වෙන කවරෙකුට හෝ වෙනස් කළ නො හැක්කේ ම යයි කියා අකනිට්ඨ දෙවියෝ දහම් ඝෝෂා පැවැත්තුවාහු ය.
මෙසේ අපගේ සම්බුදුරජාණන් වහන්සේ මනා පුණ්‍යමහිමයෙන් හෙබියේ ගෞතම බුදු සසුනෙහි ඵල ලබනු රිසි සැදැහැතියන් වෙත මනා රැුකවරණය ද ආරක්ෂාව ද සලසා දුන් සේක. එවන් සොඳුරු සම්බුදු සසුනක ඵල ලබනු රිසි සැදැහැතියන් සම්බුදුරජුන්ගේ අසීමිත පුණ්‍ය මහිමය අබියස රොද බඳිත්වා! සැදැහැයෙන් ඉපිල සසුන් රුක්හි ඵල නෙළත්වා! සියලූ දෙනාටම උතුම් සම්බුදු බලයෙන් පසේබුදු ගුණ බලයෙන් රහතුන්ගේ ද තේජසින් සියලූ රැකවරණ වේවා!
ලක්ඛණ සූත‍්‍රය ඇසුරෙනි

මහමෙව්නාව භාවනා අසපුවේ
ස්වාමීන් වහන්සේනමක් විසින් සම්පාදිතයි