පොදු ජනතාවගේ සමාන්‍ය කථා ව්‍යවහාරයේ අසන්නට ලැබෙන ඇතැම් කියමන් නිස්සාර මනස්ගාත ලෙස සලකා බැහැර කිරීම අපේ සාමාන්‍ය සිරිතයි. එහෙත් සාමාන්‍ය නූගත් ගැමියා බැවහර කරන ඇතැම් වැකිවල ගැඹුරු අර්ථ ඇති බව එ්වා දෙස විමසිලි ඇසින් බලන විට පෙනේග නූතන ලෝකයේ දියුණු විද්‍යාවක් ලෙස සලකනු ලබන මනෝ විද්‍යාවේ ඇතැම් සිද්ධාන්තවල සත්‍යතාවට දෙස් දෙන මේ සාමාන්‍ය ව්‍යවහාරවල සැඟවුණු අරුත් විමසා බැලීම ඉතා වැදගත් යයි සිතමිග උදාහරණයක් වශයෙන් මේ කියමන දෙස බලමු.
‘‘මම දන්නෙ නෑ මට මොන යස්සයෙක් වැහුණාද කියල” නූගත් ගැමියෙකුගේ මුවින් පිටවෙන මෙබඳු වැකියක ඇති විද්‍යාත්මක භාවය දෙස විචාරක්ෂියෙන් අපි බලමු. මේ වැකියේ – ‘‘මම” – හා – ‘‘මට” – යන පද දෙකක් යොදා තිබේ. එසේ නම් ‘‘මම” යන පදයෙන් හඳුන්වනු ලබන – ‘‘දෙදෙනෙක්” – මේ පුද්ගලයා තුළ ජීවත්විය යුතු ය. එ් පුද්ගලයන් දෙදෙනාට ‘‘ආත්ම” දෙකක් වශයෙන් ගණන් ගැනීම විද්‍යාඥයන් විසින් බැහැර කරන ලද්දේ මීට ශතවර්ෂ ගණනාවකට ම පෙර දී ය. ලෝකයේ පහළවූ ශ්‍රේෂ්ඨ දාර්ශනිකයන් මෙන් ම මනෝ විද්‍යාඥයන් ද භෞතික විද්‍යාඥයන් ද ආත්ම වාදය නිස්සාර එකක යි ගෙන බැහැර කළ බව අපි දනිමු. එසේ නම් ‘‘මම දන්නෙ නෑල මට මොන යස්සයෙක් වැහුණ ද කියල” යන වැකියෙන් අදහස් කරනු ලබන්නේ කුමක් ද? මනෝවිද්‍යාඥයන්ගේ චිත්ත විග‍්‍රහය දෙස බැලීමෙන් මේ කාරණය පහසුවෙන් ම අවබෝධ කර ගත හැකි ය.
සිත මූලික වශයෙන් කොටස් දෙකකට බෙදිය හැක. එනම්
1. විඥනය
2. උප විඥානය යි
යුං වැනි මනෝවිද්‍යාඥයෝ මේ උප විඥානයට ම අවිඥානය යැයි ද කීහ. මේ හැරුණු විට ෆ්‍රොයිඞ්වාදීන්ගේ චිත්ත විග‍්‍රහයක් ද දක්නට ලැබේ. එනම් සිත කොටස් තුනකට බෙදීමේ න්‍යායයි. මේ විග‍්‍රහය අනුව සිත
1. පියවි
2. ශිෂ්ට
3. විනිශ්චයාත්මක
වශයෙන් කොටස් තුනකට බෙදිය හැකි යග මේ පද මා සිංහලයට සකස් කළේ සිග්මන්ඞ් ෆ්‍රොයිඞ්ගේ මානසික විග‍්‍රහය අනුවයි. සාමාන්‍ය කථා ව්‍යවහාරයේ ඇති මනෝවිද්‍යාත්මක තොරතුරු විමසන්නට කලින් ෆ්‍රොයිඞ්ගේ මේ මානසික විග‍්‍රහය විස්තර කිරීම ප‍්‍රඥාගෝචර යැයි සිතේ.
ඉතාම ආදි යුගයේ විසූ මිනිහාගේ සිත ෆ්‍රොයිඞ් කැලෑවකට සම කරයිග කැලෑවේ වන සත්තු ජීවත් වෙති. එමෙන් ම ආදි යුගයේ ජීවත්වූ මිනිහාගේ සිත සහජ ඉව ආවේග හා උද්වේගවලින් ආකිර්ණව පැවතුණි. උද්වේග කෙළින් ම ප‍්‍රකාශයට පැමිණවීම හා සහජ ඉව ජීවිතයේ දී ප‍්‍රයෝජනයට ගැනීම සාමාන්‍ය වනයේ නීතියයිග එහෙත් මිනිහා අනුක‍්‍රමයෙන් ශිෂ්ට වන්නට පටන් ගත්තේ ය. මේ ශිෂ්ට බවල අර කලින් කී වල් බිහිවූ කැලෑවේ එළි කරන ලද කොටස වශයෙන් සැලකිය හැකි ය. සිතේ මේ කොටස් දෙකට පියවි හෙවත් ප‍්‍රකෘති හා ශිෂ්ට යයි මා නම් කළේ එහෙයිනි. වුවමනා නම් පියවි වෙනුවට අශිෂ්ට යැයි ද කිව හැක. මිනිසාගේ සිතෙහි පවතින පියවි හා ශිෂ්ට යන මේ දෙකොටස අතර සදාකාලික ද්වන්දව යුද්ධයක් හෙවත් අරගලයක් පවතීග ඊට මානසික අරගලය යැයි අපි නම් කරමු. ඇතැම් විට පියවි කොටස ජයගන්නා අතර ඇතැම් විට ශිෂ්ට කොටස විසින් පියවි කොටස මැඩගනු ලැබේ. සිතේ ම ජීවත්වන මේ දෙදෙනාගේ අරගලය දෙස බලා සිතට ම දඬුවම් දෙන කොටස විනිශ්චයාත්මක කොටස යැයි කිව හැකි ය.
උද්වේග නිවාරණය
ක්‍රෝධය – සාමාන්‍ය උද්වේගයකි. එය තිරිසනා තුළ මෙන් ම සාමාන්‍ය මිනිසා තුළ ද ඇතග මෙය ප‍්‍රකෘති ස්වභාවයයිග සාමාන්‍ය කථා ව්‍යවහාරයේ දී මෙයට අපි අශිෂ්ට යැයි කියමු. පාපය – අකුසලය – දුරාචාරය යනාදී විවිධ නම්වලින් අප හඳුන්වන්නේ මේ පියවි සිතේ පහළ වන ක්‍රෝධය, කාමය වැනි උද්වේගයි. තිරිසනා මෙන් ම අශිෂ්ට යැයි සම්මත මිනිසා ද තම සිත තුළ පහළ වන උද්වේග එලෙසින් මල සංවරයෙන් තොරව ප‍්‍රකාශයට පමුණුවයි. මෙය ශිෂ්ට සමාජයේ දී කළ හැක්කක් නො වේග මිනිහා විසින් පසු කලෙක දී සකස් කර ගත් නීතිය හා ආගම වැනි සංවිධානාත්මක ආයතන මගින් මිනිහාගේ නිදහස සීමා කරන ලදී. මේ නිසා නීතියටත් ආගමටත් බියේ මිනිසා නීතියෙන් හා ආගමෙන් තහනම් කරන ලද දේ කි‍්‍රයාවට නො නඟයි. එහෙත් මෙය නියම විනීත භාවයක්වත් හික්මීමක්වත් නො වේ. ආගමට හෝ නීතියට ඇති බිය නිසා ක්‍රෝධය වැනි උද්වේගයක් හෙවත් පාපී චේතනාවක් මැඩගත හැකි නමුත්, එවැනි මැඩගැනීමක් සාර්ථක යැයි කිව නො හැක. එයට හේතුව බියයිග බිය නිසා උද්වේග මැඩ ගැනීමට උද්වේග නිවාරණය යැයි අපි නම් කරමු. මේ අවිඥානක නිවාරණය’ සැබෑ සංවරය නො වේ. නිවාරිත උද්වේගය වතුරේ දමා පයින් මැඩගන්නා ලද රබර් බෝලයක් මෙනි. පය ඉවත් කළ විට රබර් බෝලය මතු පිටට නැෙඟ්ග නීතියට හෝ ආගමට බිය නිසා මැඩගන්නා ලදිනිවාරිත උද්වේගය’ උප විඥනයේ හෙවත් යටි සිතෙහි සැඟවෙයි. එහෙත් පය ඉවත් කළ විට ජලය මතුපිටට නැග එන රබර් බෝලය මෙන් මල අර උප – විඥානයේ සැඟවුණු නිවාරිත උද්වේගය ද අවස්ථාව ලැබුණු විට මතු පිටට නැග එයි. සමහරවිට මේ පැන නැගීම තමාට මෙන් ම සමාජයට ද අහිතකර ය.
එ් නිසා අවබෝධය හෙවත් ආත්මාවබෝධය ඉතා අවශ්‍ය වේ. සැබෑ විනීත භාවය හට ගැනෙන්නේ ආත්මාවබෝධයෙන් පාපී චේතනා බැහැර කළ විට ය. නූතන මනෝවිද්‍යාවේ මෙන් මල බෞද්ධ මානසික විද්‍යාවේ ද මූලික සිද්ධාන්තය මෙයයි.
ශිෂ්ට යැයි සම්මත මිනිහා තුළ ද අර පියවි උද්වේගය පහළ වේග එ් පියවි උද්වේගය සිතේ ඇති ශිෂ්ට කොටස අබිබවා ජය ගතහොත් මිනිහා සමාජ සම්මුතිය අනුව පාපයට හෙවත් දුරාචාරයට පෙළඹෙයි. එහෙත් එය ප‍්‍රකාශයට පත් කළ පසු ඔහුගේ ම සිතෙහි ඇති විනිශ්චයාත්මක කොටස ඔහුට දඬුවම් කරයි. එවිට මිනිහා පසුතැවෙයිග ‘‘මම” – හා ‘‘මට” යන පදවලින් අර මුලින් සඳහන් කළ ගැමියා අදහස් කළ සිතෙහි පියවි කොටසටියස්සයා’ යන නාමය සාමාන්‍ය මිනිහා ව්‍යවහාර කරයි. ස්වභාවික වස්තූන්ට මෙන් ම සිතට ද දේවත්වය හෝ භූතාවේශයක් වීම පැරණි මිනිහාගේ මෙන් ම ඇතැම් නූතන මිනිසුන්ගේ ද සිරිත වේ. සිතේ පියවි කොටසේ ඇත්තේ උද්වේග හා ආවේග නිසාත් එ්වා පාපය – අකුසලයල දුරාචාරය ආදි නම්වලින් හඳුන්වනු ලබන නිසාත්, සිතේ පියවි කොටසල යකෙකුට හෝ රාක්ෂසයෙකුට සම කිරීම පුදුමයට හේතුවක් නො වේ.
‘‘මට මා මතක නැති වුණා” යැයි ඇතැම්හු ඇතැම් විට කියත්ග මෙයින් අදහස් කරනු ලබන්නේ තමාගේ සිතේ ශිෂ්ට කොටස මැඩගෙන පියවි කොටස ජයගත් බවයිග එ් නිසා සිතෙහි තුන්වන කොටස හෙවත් විනිශ්චයාත්මක කොටස සිතට දඬුවම් දෙයි. එවිට මිනිහා තමා කළ මෝඩකම ගැන පසුතැවෙයි. ‘‘මම දන්නවා මා කළේ වැරුද්දක් කියලා. නමුත් එ් වෙලාවෙ මම මොනවා කරන්න ද?” මෙබඳු වැකි බොහෝ විට අපට සමාජයේ දී අසන්නට ලැබේ. නොයෙක් අන්දමේ උස් පහත් අපරාධ කළ උදවියගේ මුවින් මෙබඳු වැකි බොහෝ අවස්ථාවල දී පිට වේග ‘‘මම දන්නව මම කළේ වැරුද්දක් කියල…” මෙතැන දී කථා කරන්නේ සිතෙහි විනිශ්චයාත්මක කොටසයි. බොහෝ විට මිනිහාගේ සිතේ පියවි කොටස ශිෂ්ට කොටසට වඩා ප‍්‍රබල වෙයි. මේ නිසා එ් ප‍්‍රකෘති ස්වභාවය සදාචාරය අබිබවා මතුපිටට නැගේග මෙවැනි අවස්ථා අප හඳුන්වන්නේිපාපයෙහි ගැලීම’ යනුවෙනි. එකම මිනිහා තුළිමම’ යන පදයෙන් හඳුන්වනු ලබන අවස්ථා තුනක් පවතී. එ් අර අප මුලින් සඳහන් කළ සිතෙහි කෙලෙස් තුනයි.
ධර්මය
‘‘හිතට එකඟව කි‍්‍රයා කරන්න” යනුවෙන් වැඩිහිටියන් විසින් කරනු ලබන අවවාදය අපට නිතර ම අසන්නට ලැබේ. එහෙත් සෑම කි‍්‍රයාවක් ම කිරීමට පළමුවෙන් අප සිතිය යුතු ය. එසේ නම් මේ කියමනේ තේරුම කුමක් ද? මෙහි දී සිතට එකඟ ව… යනුවෙන් අදහස් කළේ සිතේ ශිෂ්ට කොටසට එකඟව නොහොත්, සිතේ සදාචාරය පාලනය කරන කොටසට එකඟව යන්නයි. එනිසා සිතට එකඟ ව කි‍්‍රයා කරන්න යන වැකිය නිස්සාර, අර්ථ ශුන්‍ය වැකියක් නො වේ. ‘‘හිතට හොරා බේත් කන්න එපා” යැයි ඇතැම් විට ගැමියා කියයි.
මෙය ද ඉහත කී වැකියට සමාන වැකියකි. හිතට හොරා බේත් කන්න බැරි ඇයි? තමාගේ වරද තමා ම දන්නා බැවිනි. අනික් වචනවලින් කියතොත්, තම පියවි සිතට විරුද්ධව තමා තුළ ම ශිෂ්ට කොටසක් ඇති බැවිනි.
පියවි ලෙස කටයුතු කරන මිනිහාත් තිරිසනාත් අතර වැඩි වෙනසක් දක්නට නො ලැබේ. ඊට හේතුව මේ දෙදෙනා ‘උද්වේග’ හා ‘ආවේග’ විසින් පොළඹවනු ලැබීමයි මිනිහා තිරිසනාට වඩා වෙනස් වන්නේ මිනිහා උද්වේග විසින් ම පොළඹවනු නො ලබන බැවිනි. අනික් වචනවලින් කියතොත් මිනිහාගේ සිතේ ශිෂ්ට කොටසක් ඇති බැවිනිග මේ ශිෂ්ට කොටසට පැරැණියෝ ධර්ම යන්න ව්‍යවහාර කළහග එ් බව මේ ශ්ලෝකයෙන් පෙනේ.
ආහාර නිද්‍රා භය මෛථූනඤ් ච
සාමාන්‍ය මෙතත් පශුභිර්න රානාම්
ධර්මොහි තෙෂාමධිතො විශේෂො
ධර්මෙන භීනාඃ පශු භිඃ සමානාඃ
(හිතෝපදෙශ)
කෑම, නිදාගැනීම, බිය හා මෛථූනය යන කරුණු දෙස බලන විට මිනිහා තිරිසනාට සමාන යග එහෙත් මිනිහා තිරිසනාට වඩා උසස් වන්නේ ධර්මය නිසයි. එහෙයින් ධර්මයෙන් හීන වූවෝ තිරිසනුන්ට සමාන වෙති.
සිත පිළිබඳ මේ තොරතුරු නූතන මනෝවිද්‍යාඥයන් මෙන් ම පැරැණියෝ ද දැන සිටියහ.
සිහින
සිතෙහි මේ බෙදීම මෙන් ම ස්වභාවය ද තේරුම් ගැනීමට නම් ‘ස්වප්න විග‍්‍රහය’ දෙස මඳක් විමසා බැලිය යුතු ය. සිහින තේරීම පිළිබඳ මූලික සිද්ධාන්ත කීපයක් ම ඇත. එ් සිද්ධාන්ත අතුරෙන් ඉතාම ජනපි‍්‍රය සිද්ධාන්තය මෙය යි. ‘‘නිවාරිත උද්වේගයක මානසික ප‍්‍රකාශනය සිහිනය වශයෙන් හඳුන්වනු ලැබේ” මේ සිද්ධාන්තය පිළිගත හොත්, සිත පිළිබඳ සාමාන්‍ය මිනිහාට දුරවබෝධ තොරතුරු රාශියක් ම අපට අනාවරණය වනු ඇත.
විවිධ රටවල පවත්නා තහනම් නීති දෙස විචාරාක්ෂියෙන් විමසා බැලූ මානව විද්‍යාඥයන්ගේ මතය අනුව තහනම් නීති ඇති වී තිබීමෙන් ම, එ් තහනම් කරන ලද දේ කිරීමට මිනිහා තුළ බලවත් ආශාවක් ඇත. එහි ඇත්ත නැත්ත කෙසේ හෝ වේවා, සිහිනයෙන් බොහෝ විට පෙනෙන්නේ දහවල් කාලයේ දී අප සිතන්නට බිය වන ආශාවන් බව අපි පිළිගනිමු. සමහර දෙනා සමහර විට තම කිට්ටු නෑයන් සමග හෝ සොහොයුරු සොහොයුරියන් සමග හෝ මිතුරු මිතුරියන් සමග හෝ සංවාසයෙහි යෙදෙන අන්දම විවිධාකාරයෙන් සිහිනයෙන් පෙනේ. එසේ නම් එ් සිහිනයෙන් පෙනෙන්නේ අප පාපී සිතිවිලි යැයි සිතින් බැහැර කරන්නට තැත් කළ සිතුවිලි විය යුතුයි. සිතෙහි කොටස් දෙකක් ඇති බව නොහොත් සිතෙහි විඥානය හා උප විඥානය යැයි කොටස් දෙකක් ඇති බව මෙයින් මනාව පෙනේ. බිය නිසා හෝ ලජ්ජාව නිසා මැඩගන්නා උද්වේගය උප විඥානයේ සැඟවෙන බව මනෝ විද්‍යාඥයන්ගේ මතය යි. එහෙත් එ් නිවාරිත උද්වේගය සිහිනයෙන් මතුවී පෙනේ. එය එසේ වුව ද, සම්මත සදාචාරය නිසා සැබෑ ජීවිතයේ දී එ් සිතුවිලි නොහොත් උද්වේග අපි කි‍්‍රයාවට පරිවර්තනය නො කරමු. තමා බලාපොරොත්තු වන දේ සිහිනයෙන් පෙනෙන බව නූතන මනොවිද්‍යාඥයන් පමණක් නොව පැරැන්නෝ ද පැවසූහ.
යද්වාඤ්ඡති දිවා මත්‍යෙ
විං ක්ෂ්‍යෙත්වා කරොති වා
තත් ස්වප්නෙපි තදභ්‍යාසාද්
බ‍්‍රෑතෙවාථ කරොති වා
(පඤ්චතන්ත‍්‍ර)
‘මිනිහා දිවා කාලයේ දී බලාපොරොත්තු වන හෝ දකින කරන දේ රාතී‍්‍ර කාලයෙහි සිහිනයෙන් ද කියයිග කරයි” යන්න මෙහි අදහසයි. සිය මිතුරාගේ බිරිඳ කෙරෙහි හෝ මිතුරියගේ සැමියා කෙරෙහි හෝ ගුරුවරයාගේ බිරිය කෙරෙහි කාම චේතනාවක් ඇති කර ගන්නා තැනැත්තේ එ් සිතිවිල්ල මැඩ ගනී, තමාට ම දොස් පවරා ගනී. එමෙන් ම එ් ගැන පසුතැවේ. එහෙත් එ් සිතුවිල්ල ඔහු විවිධාකාරයෙන් කෙළින් ම හෝ සංකේතයන්ගේ මාර්ගයෙන් සිහිනයෙන් දැක තෘප්තියට පැමිණේ.
කරුණාව, දයාව, අනුකම්පාව වැනි ගුණයන්ගෙන් සමන්විත පුද්ගලයා දේවත්වයෙන් සැලකීම, උගත් නූගත් පැරණි නූතන, කාගේත් සිරිතයි. කරුණාව, අනුකම්පාව වැනි ගුණ නොහොත්, ආගමික වශයෙන් නම් කරනු ලබන කුසල නොහොත් සමාජයිය වශයෙන් සැලකෙන සදාචාරය පවතින්නේ මිනිහාගේ සිතෙහි දෙවැනි කොටසෙහි ය, හෙවත් ශිෂ්ට කොටසෙහි ය. මේ කොටස දේවත්වයෙන් සැලකීම ආදි යුගයේ පටන් අද අද දක්වාත් පවතින සිරිතකි. මිනිහා දේවත්වයෙන් සලකනු ලබන්නේ එ් මිනිහාගේ පියවි’ කොටස අබිබවා ශිෂ්ට කොටස නැග සිටින විටයි. තවත් මිනිසෙකුගේ එසේ නැත්නම් තවත් සත්වයෙකුගේ ජීවිතය විනාශ කිරීම ආගම අනුව මෙන් ම නීතිය අනුව ද පාපයෙකි. එහෙත් තවත් රටක් සමග යුද්ධයක් පවතින අවස්ථාවක දී සතුරන් නැසීම යුක්ති සහගත ය. භගවත් ගීතාව වැනි උසස් හින්දු ධර්ම ග‍්‍රන්ථවල පවා සතුරා විනාශ කිරීම ක්ෂති‍්‍රය ‘‘ධර්මයක්” ලෙස සඳහන් වේ. සමහර ආගම්වල නීතිරීති අනුව සමහර තිරිසන් සතුන් මරා දැමීම පාපයක් නො වේ. කිසිදු සතකුගේ මස් අනුභව නො කරන සමහර ආගමිකයෝ යාග හෝම පිණිස සතුන් සිය දහස් ගණන් මරුමුවට පත් කරති. එ් නිසා සදාචාරය පිළිබඳ සදාකාලික සර්වත‍්‍ර ව්‍යාපි එක ම පොදු සිද්ධාන්තයක් පනවා ගැනීම උගහට ය. එය එසේ වුව ද සෑම යුගයක ම, සෑම පෙදෙසක ම, සෑම තරාතිරමක ම, සෑම මිනිසෙකුගේ ම, හොඳ නරක කියා දෙන සිතෙහි කොටස් දෙකක් තිබේ. එමෙන් ම එ් හොඳ නරක පිළිබඳ විනිශ්චය කරන විනිශ්චයාත්මක කොටසක් ද තිබේ. මේ නිසා තමා කරන්නේ හොඳ දෙයක් ද, නරක දෙයක් ද යන වග තමාට ම අවබෝධ වනු ඇත. තමා කරන යම් කිසි කි‍්‍රයාවක් යම්කිසි ආගමක නීති රීති අනුව සුදුසු වූවත්, එය නුසුදුසු කි‍්‍රයාවකැයි තමාටම හැඟේ නම් එබඳු කි‍්‍රයා කිරීමෙන් පසුතැවීමක් මිස සැනසීමක් නො ලැබේ. ‘‘සිතට එකඟ ව කි‍්‍රයා කිරීම හා සිතට විරුද්ධ ව කි‍්‍රයා කිරීම” යන වැකිවලින් මේ කාරණය තව දුරටත් සනාථ වේ. කෙනෙකුට සමහර විට මුළු ලෝකය ම රැවටිය හැකි ය. එහෙත් කිසි ම කෙනෙකුට, කිසි ම විටෙක දී තමා ම රවටවා ගත නො හැකි ය. නරක චේතනාවකින් හොඳ යැයි සම්මත කි‍්‍රයාවක් කොට ලෝකයාගෙන් පැසසුම් ලැබුවත්, මානසික වශයෙන් එබඳු පුද්ගලයා අනුකම්පා සහගත විලාසයකින් පසුතැවෙන්නේ අන්න එ් නිසයි, එහෙයින් තමාගේ සිත ගැනම සොයා බැලීම මානසික වශයෙන් දියුණුවක් බලාපොරොත්තු වන හැම කෙනෙකු විසින් ම කළ යුතු ය. බුද්ධ ධර්මයේ සිතට මුල් තැනක් දී තිබෙන්නේ, බුදුන් වහන්සේ ඓතිහාසික වශයෙන් ලෝකයේ පහළ වුණ පළමුවැනි මනෝව්‍යච්ඡේද විද්‍යාඥයා බැවිනි.
සිත පිළිබඳ කරුණු විචාරක්ෂියෙන් විමසා බලන විට එක කාරණයක් පැහැදිලිව පෙනේ. එනම් මිනිහා පාපයෙන් හෙවත් දුරාචාරයෙන් මෙන්ම අකුසලයෙන් නොහොත් නීති විරෝධී කි‍්‍රයාවලින් වෙන් විය යුත්තේ ආගමට, නීතියට හෝ දඬුවමට ඇති බිය නිසා නොව එ් අකුසල යැයි සම්මත පාපී කි‍්‍රයාවල ආදීනව තත්වඥානයෙන් අවබෝධ කර ගැනීමෙනි. මීට බොහෝ සෙයින් උපකාර වන්නකි ආත්මාවලෝකනය ‘‘අත්ත නෝ‘ව අවෙක්ඛෙය්‍ය” වැනි බෞද්ධ ධර්ම පාඨවලින් ද හඳුන්වනු ලබන්නේත් මේ ආත්මාවබෝධය යි. එ් නිසා අපට පහසුවෙන් ම එක නිගමනයකට බැස ගත හැක. එනම් අවබෝධයෙන් තොර විනීත භාවය සැබෑ විනීත භාවයක් නො වේ යන්නයිග ක‍්‍රෑර මවකගේ හෝ පියෙකුගේ වේවැලට බියේ එළිපිට ධූම පානය නො කරන කුඩා ළමයා රහසිගතව කිසිවෙකුට නො පෙනෙන ලෙස අන්ධකාරයට මුවා වී ධූම පානය කරන්නාක් මෙන්ල දඬුවමට බියේ විනීත ලෙස හැසිරෙන සාමාන්‍ය මිනිසා ද අන්ධකාරයේ තිරයට මුවා වී පාපයෙහි ගැලෙයි. මිනිහා දෙබිඩි ජීවිත ගතකරන්නේ අන්න එ් නිසයි. ‘‘ආගම තිබෙන්නේ පන්සලේ දී” ‘‘යාච්ඤා කරන්නේ පල්ලියේ දී” ‘‘සිල් ගන්නේ පෝයට” වැනි ව්‍යවහාරවලින් ඉතා ගැඹුරු සත්‍යයක් අනාවරණය වේ. එනම් ආගම එකකි. ජීවිතය අනෙකකි. මේ තත්ත්වය තව දුරටත් විග‍්‍රහ කර බැලූවහොත් අපට පෙනෙන්නේ පන්සලේ දී හෝ පල්ලියේ දී සිල් රකින හා යාච්ඤා කරන පුද්ගලයා සැබෑ ජීවිතයේ දී ඊට හාත්පසින් ම වෙනස් අයුරකින් ජීවත් වන බව ය.
මෙයට හේතුව කුමක් ද? ආගමට හෝ නීතියට හෝ දඬුවමට බියෙන් වැරදි යැයි සම්මත දෙයින් මිනිහා වැළකෙන නමුත් එ් වැරදි යැයි සම්මත දෙය පිළිබඳ ව සැබෑ අවබෝධයක් ඔහු තුළ නොතිබීම යි. එ් නිසා සිත හසුරුවා ගන්නට නම් සිත ගැන දැනගත යුතු ය. සිත දෙස විමසා බැලිය යුතු ය. නො එසේ නම් සිත හික්මවා ගන්නේ කෙසේ ද? ‘‘චිත්තං රක්ඛෙථ මේධාවි…” නුවණැත්තා සිත රැකගන්නේ ය” මෙබඳු අනුශාසනා ධම්ම පදය වැනි බෞද්ධ ග‍්‍රන්ථවල නිතර ම දක්නට ලැබේ. එ් නිසා මහා දාර්ශනිකයෙකු හා ශ්‍රේෂ්ඨ මනෝව්‍යවච්ඡේද විද්‍යාඥයෙකු වන බුදුන් වහන්සේගේ ධර්මය අනුගමනය කරන අප මනෝ විද්‍යාව ගැන මීට වඩා සැලකිල්ලක් දැක්විය යුතු ය. එහෙත් අභිධර්ම පිටකයෙහි දැක්වෙන පාලි පාඨ කටපාඩම් කිරීමෙන් ම එ් පරමාර්ථය ඉෂ්ට නොවන බව අවශ්‍යයෙන් ම මතක තබාගත යුතු ය.
මහාමේඝ 2016 නවම් කලාපය
WWW.MAHAMEGHA.LK
1961 වර්ෂයේ පෙබරවාරි මස පළ වූ රසවාහිනී සඟරාවෙන් උපුටා ගන්නා ලද ලිපියකි.
ශාස්ත්‍රාචාර්ය සුගතමුනි ඤාණසිරි විසිනි
Recent Comments