‘‘එ්යි කෙල්ලේ! උඔට ආරංචි නැද්ද..? ආන්න උඹේ මනුස්සයා ආයෙමත් සැවැත් නුවර ඇවිදිල්ලා… ආරංචි විදියට දැන් දෙව්රම් වෙහෙරෙලූ වැඩ ඉන්නේ…. හනේ… හනේ… මේ දරු පැටියට අප්පොච්චා පෙන්නන්ටවත් එක්කරගෙන යන්නේ නැද්ද….”

එ් ඇනුම් පදයට ඇගේ හදවත හොඳට ම රිදුණි. හදවත දවාගෙන ආ කඳුළු බිඳු දෙනෙත් පුරවා ගති. ඔව්! ඈට හොඳට ම මතක ය, විවාහ වී මේ නිවසට පැමිණි අයුරු. ‘මගේ පෙම්බර ස්වාමියා සමඟ මා කොතරම් සතුටින් කල් ගත කළේ…’ එහෙත් එක් දිනක්… ඔහු නිවසට පැමිණියේ වෙනදා මෙන් නො වේ. ඔහුගේ මුළු සිරුර ම නව ජීවයක් ලැබුවාක් මෙන් ප‍්‍රබෝධවත් වී තිබුණු අයුරුත්, ඔහුගේ මුහුණ ප‍්‍රීතියෙන් බැබළුණු අයුරුත් ඈට හොඳින් ම මතක ය. එදින ඔහු තමා දෙස මොහොතක්වත් නො බලා පැවසූ වචන ඇගේ දෙසවනේ තවමත් ෙදා්ංකාර දෙන්නාක් මෙනි.

‘‘සොඳුරියේ, අද මා හට අමෘතය පානය කරන්නට ලැබුණා. අහෝ! කොතරම් අරුත්බර ද එ් වදන්…. බෙහෙවින් දීර්ඝ වූ දුක් සහිත සංසාරයකට යි අපි මේ වැටී තිබෙන්නේ…. මේ ගමනේ ආරම්භයක් නො පෙනේ. ඉදිරියට යාමට ඇත්තේ ද කෙළවරක් නැති දුක් සහිත සංසාර ගමනක යි. සාදු….! සාදු….! එ් සම්බුදුරජුන්ගේ දහම අවබෝධ කළහොත් එ්කාන්තයෙන් ම මේ දුක් සහිත ගමනෙන් නිදහස් විය හැකියි”

‘‘මා ප‍්‍රිය සොඳුරියේ…, මේ මුණගැසුණු ක්ෂණයක වාසනාව අපතේ නො දැමිය යුතු යි. ඔව්….! මේ ගෘහවාසය සම්බාධ බහුල වූවකි. කෙලෙස් වැගිරීම් බහුල වූවකි. එ්කාන්තයෙන් සුෙදා් සුදු පිවිතුරු බඹසරක් මේ ගිහිගෙදර සිට නම් පුරුදු කළ නො හැකි ය. එහෙත් සියල්ල අත්හළ එ් උතුම් පැවිදි ජීවිතය අහස සේ නිවහල් ය. එ්කාන්ත පිවිතුරු බඹසර වසන්නට නම් මා පැවිදි විය යුතු ම ය”

මේ වදන් පැවසූ ඔහු ආසනයෙන් නැගිට්ටේ ය. කිසිවක් වටහාගත නො හැකිව සිටි තමා දෙසට හැරී තිරසර වචනවලින් ය ඔහු ඉන්පසු කතා කළේ.

‘‘ඔව්…! මා හරිහම්බ කළ ධනය ඔබට ජීවත්වීමට සෑහේ. ඔබ කැමති නම් වෙනත් සැමියෙකු හා විවාහ වන්න. එයට කිසිදු බාධාවක් නැත. සොඳුරියේ…, මා එ් ආජානෙය්‍ය වූ පුරුෂෝත්තමයාණන් වහන්සේ සමීපයේ පැවිදි වීමට යන්නෙමි… ඔබට යහපතක් ම වේවා!” යි පවසා තම පෙම්බර ස්වාමියා එදින නිවසින් පිට වී ගියේ යදම් සිඳ බිඳ දමා වනයට දිව යන දැවැන්ත හස්තිරාජයෙකු මෙනි. මෙහෙමත් ඉක්මනින් සියල්ල අත්හළ හැකි පුරුෂයෝ ලොව සිටිත් ද?

‘‘අඹුදරු මා පියන් ගැන
– සිහි නො කරන්නේ
කෙත් වතු නෑ සියන් හැම – අත් හැරලන්නේ
බැහැර කොට කාමයන් – පතාගෙන අම සුව නිවන්
හුදෙකලාවේ ම දිවි ගෙවයි හේ
තනි අඟකින් යුතු කඟවේනෙකු සේ…”
(ඛග්ගවිසාණ සූත‍්‍රය)

ඔහු කුඩා වූත්, මහත් වූත් සියලූ දේපළ අත් හළේ ය. කුඩා වූත්, මහත් වූත් ඥති සමූහයා ද අත් හළේ ය. ආදිච්චබන්ධු වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සමීපයේ උතුම් වූ පැවිදි උපසම්පදාව ලබා ගත්තේ ය. පියාපත් බර පමණක් ඇති හංසයෙකු සේ උන් වහන්සේට ද දැන් ඇත්තේ පාත‍්‍රා සිවුරු බර පමණකි. රාජාභිෂේකයට අපේක්ෂාවෙන් සිටින රජ කුමාරයකු සේ අමා නිවන් සුව ලබනු රිසි හෙතෙමේ දහමට දිවි පුදා පිළිවෙතේ යෙදුණේ ය. උන් වහන්සේ මහා පුණ්‍යවන්තයෙකි. නොබෝ කලකින් ම අමෘතයෙන් අභිෂේක ලත් අරහත් මුනිවරයෙකු බවට පත් වූ සේක. දැන් මේ සැවැත්නුවර දෙව්රම් වෙහෙරේ වැඩ සිටින තම ශාස්තෘන් වහන්සේ දැකබලා වන්දනා කර ගැනීමට වැඩම කොට සිටින්නේ එ් අරහත් මුනිවරයාණන් වහන්සේ ය.

‘‘එක් වී වසන කලට ය – කෙලෙස් බිය හටගන්නේ
නිවසක වසන කලට ය – එ් කෙලෙස් උපදින්නේ
ගේ ෙදාර ද අත් හළ – එක් වීම් හැම දුරු කළ
‘මුනිවරු’ වෙසෙති ලොව – දකින ලොව්තුරු අමා නිවන ම
(මුනි සූත‍්‍රය)

උන් වහන්සේගේ වැඩම කිරීම ගැන දැනගත් අසල්වැසි කාන්තාවකි ගිහි කල බිරිඳට එ් බව සැල කළේ. දැන් ඇයට ඉවසුමක් නැත.

‘‘ඔව්…. මං එයාව කොහොම හරි ආයෙමත් ගෙදරට එක් කරගෙන එනවා ම යි. නැති නම් මේ දරු පැටියා ලොකු වුණා ම කාව ද තාත්තා කියා පෙන්වන්නේ? එයා නිසා දරු පැටියෙක් ලැබෙන්ට සිටි බව දැන සිටියා නම් මං කීයටවත් එයාට මේ ගමන යන්ට දෙන්නේ නෑ. කමක් නැහැ. දැන් හරි කරුණු තේරුම් කරලා දෙන්ට ඕන. එයා නෑවිත් ඉන්න එකක් නැහැ……” යි සිතමින් ඈ ඉක්මනින් ම ලක ලැහැස්ති වූවා ය. සිඟිත්තාව ද රෙදි පටකින් ඔතාගෙන වඩා ගත්තා ය. නිවසේ ෙදාරවත් නො වහා ඈ පිටත් වූවා ය.

මේ සම්බුදුරජුන්ගේ ශ‍්‍රාවක භික්ෂූන් වහන්සේලා දිවා විහරණයෙන් ගත කරන වේලාව යි. ජේතවනාරාම පින්බිමේ සෑම රුක් සෙවණක් ම පාහේ මේ මොහොත බවුන් වඩන භික්ෂූන්ගෙන් පිරී පවතී. එ් එක් රුක් සෙවණක කය ඍජු කරගෙන භාවනා ඉරියව්වෙන් වැඩසිටින තම පැරණි ස්වාමියා හඳුනාගැනීම ඇයට අපහසු නො වී ය. නිවස හැර ගියාට පසු මේ ඇය තම ස්වාමියා දකින පළමු වතාව යි. ‘අහෝ! මේ කුමක් ද සිදුවී තිබෙන්නේ? එ් තෙල් ගා පීරා සකස් කළ දික් වූ කේශ කලාපය දැන් නැත. සිනිඳු වස්ත‍්‍ර හා අභරණින් ගැවසුණු එ් සිරුර දැන් ගොරෝසු කසට වස්ත‍්‍රයකින් වසාගෙන සිටී’ ඇගේ හදවත වේගයෙන් සැලෙන්නට විය. නෙතඟින් කඳුළු ගලන්නට විය. සෙමෙන් සෙමෙන් ඈ රුක් සෙවණ අසලට ම පැමිණියා ය. ඈ පය බැඳි නූපුර හඬින් උන් වහන්සේ දෙනෙත් හැර බැලූහ.

තම ගිහි කල භාර්යාව සොඳුරු වස්ත‍්‍රාභරණින් සැරසී සිඟිත්තෙකු ද වඩාගෙන පැමිණ සිටී. කෙලෙස් දුරු කළ සිත් පුදුම සහගත ය! ඈ පැමිණියා කියා හෝ ඈව දුටුවා කියා හෝ එ් විරාගි සිතේ කිසිදු වෙනසක් ඇති නො වී ය. ඇය සෙමෙන් කොඳුරන්නට වූවා ය.

‘‘ම්… මා ප‍්‍රිය ස්වාමිනී, මේ ඔබ නිසා ලැබුණු දරු සිඟිත්තා. හනේ…., දැන් මේ පුතණුවන්ට පිය සෙනෙහස ඇවැසි ය. දැන් ඉතින් මේ දරුවාව පෝෂණය කළ යුතු නො වේ ද?”
දැන් උන් වහන්සේට එ් පවසන වදන් ඇසීම් මාත‍්‍රයක් පමණි. ස්නේහය හෝ පේ‍්‍රමය හෝ ආදරය හෝ ආලය හෝ රාගය හෝ කෙබඳු දැයි කියාවත් දැන් එ් සිතට අරමුණු නො වේ. එ් සියල්ල වස්ත‍්‍රයකින් සෝදා ඉවත් කළ කහටක් මෙන් සිතෙන් දුරු වී ගිය ක්ලේෂයෝ ය. උන් වහන්සේ නිහඬව ම වැඩ සිටියහ.

එ් නිහඬ බව ඇයව කෝපයට පත් කරයි.

‘‘එ්යි…. මේ ඉන්නේ ඔහේගේ දරුවා… තේරුනා ද? ඔහේගෙ දරුවා ඔහේ ම තියා ගන්නවා. මට එපා! ” කියමින් ඇය දරුවා බිම තැබුවා ය. වේගයෙන් නැගිට ආපසු හැරී යන්නට ගියා ය. දැන් එ් සිඟිති දරුවා මව් උණුසුම නැති නිසාත්, තනිකම නිසාත් බිය වි මහ හඬින් හඬන්නට විය. මේ හඬන සිඟිත්තා දෙස බලා සිටින තෙරුන් වහන්සේගේ සිතට අනුකම්පාවක් ඇති විය.

‘අහෝ! මේ හැඬීම් පමණක් දන්නා මොළකැටි සිඟිත්තා උරුම කරගෙන සිටින්නේ ජරාවත්, ව්‍යාධියත්, මරණයත් නො වේ ද? එහෙත් ඔහු එ් ගැන කිසිත් නො දනී. කවරදාක නම් මේ සත්වයෝ මේ ජරා මරණ දුකින් අත් මිදේවි ද?’

එනමුත් එ් සිතේ සාමාන්‍ය සිතක මෙන් ක්ලේෂ සහගත හැඟීම් අංශුමාත‍්‍රයකුදු හට ගත්තේ නැත.

එ් නිකෙලෙස් මුනිවරයාණෝ දෑස් පියාගත්තාහු ය. අපූරුවට එ් සිත සමාධිමත් කර ගත්හ. එ් සමවත තුළ අමා නිවනේ සුවය විඳින්නට විය. ‘මනුස්සයෙකුට මේ තරම් අකම්පිත සිතක් උපදවා ගත හැකි ද?’ දුරට ගොස් සැඟවී බලා සිටි ඇය ඉක්මනින් ම පැමිණියා ය. තම දරු සිඟිත්තා වඩාගෙන සිප ගත්තා ය. ‘‘එ්යි…! ඔහේ කිසි හිතක් පපුවක් නැති මිනිහෙක්..!” යැයි පවසා ආපසු හැරී යන්නට ගියා ය.

රහතුන්ගේ ස්වභාවය අසිරිමත් ය! මේ සිදුවීම් කිසිවක් එ් රහතන් වහන්සේගේ සිත මොහොතකටවත් පීඩාවට, වෙහෙසට පත් කිරීමට සමත් නො වී ය.

අපගේ ශාස්තෘ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මිනිස් ඇස ඉක්මවා ගිය දිවැසින් මේ සියල්ල බලා සිටි සේක. තම ශ‍්‍රාවක පුතණුවන්ගේ උදාර බව ගැන හටගත් නිරාමිස ප‍්‍රීතිය එ් සම්බුදු මුව මඬලින් උදානයක් ලෙස පහළ වූ සේක.

‘‘ඇය ළඟට එනකොට සතුටක් ඇති වුණේ නෑ. ඇය ආපසු යන කොට ශෝකයක් ඇති වුණෙත් නෑ. රාග, ද්වේෂ, මෝහ, මාන, දිට්ඨි යන සංගවලින් සංගාමජී භික්ෂුව නිදහස් වුණා. අන්න එ් භික්ෂුවටයි මම බ‍්‍රාහ්මණයා කියන්නේ”
(සංග‍්‍රාම සූත‍්‍රය – ඛු. නි.)

එ් සම්බුදුරජුන්ගේ පවා ප‍්‍රශංසාවනට ලක් වූ භික්ෂුව නම් කෙලෙස් යුද්ධය ජය ගත් සංගාමජී මහ රහතන් වහන්සේ ය. මහා වීර බුදු සමිඳුන්ගේ අසිරිමත් දායාදයක් වූ සංගාමජී තෙරුන් ඇතුළු උතුම් රහතන් වහන්සේලා සියලූ දෙනාම එ් කෙලෙස් සංග‍්‍රාමයෙන් ජය ගත්තාහු ම ය. එ් දිනූ සංග‍්‍රාම ඇති රහතන් වහන්සේලාට අපගේ නමස්කාරය වේවා!

මහාමේඝ 2015  බක් කලාපය
WWW.MAHAMEGHA.LK

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේනමක් විසින් සම්පාදිතයි.