මේ පළවන්නේ කසාවත නවකථාවේ ෙදාළොස්වන කොටසයි. වසරක් මුළුල්ලේ මහාමේඝ පුවත් සඟරාව තුළ අමා සිසිලස දන් දුන් කසාවත ලිපි පෙළ බොහෝ දෙනෙකුගේ ජීවිත තුළ සුන්දර වෙනසක් ඇති කරවන්නට උපකාරී වූ අයුර අප වෙත ලැබෙන ප‍්‍රතිචාරයන්ගෙන් පෙනී යයි.
ඇතෙක් ගැන තොරතුරක් කියූ කසාවත දසවැනි ලිපියෙන්, ‘තුඹස කඩන්නට’ උත්සුක වූ යතිවරයෙකු බිනරට ද අපට ද මුණ ගැසිණි. කසාවත එකොළොස් වැන්න අපට සිහිපත් කළේ එ් උතුම් යතිවරයාණන් වහන්සේ සම්මුඛ වන්නට වාසනාව බිනරට ද; එනිසා ම අපට ද උරුම වන බවයි. කසාවතේ මේ දොළොස්වන දිග හැරුම කෙලෙස් යුද්ධයට බට එ් යුද සෙබළා පිළිබඳ තතු අපට හෙළි කරයි.
**********************************************************

රාත‍්‍රිය නිමා වන්නට ආසන්න වී ඇත. පුල පුලා බලා සිටි එ් දිනය අරඹා හිරු උදා වන්නට ඉතිරිව ඇත්තේ තවත් පැය දෙකක් පමණි. අලූයම 4ට පමණ අවදි වූ මම කඩිසර ව මුහුණ කට සෝදාගෙන නිවසේ සිට ගෙන ආ සුදු පැහැ කමිසයත්, කලූ පැහැති කලිසමත් හැඳ ගතිමි. එ් අතරේ නා නා ප‍්‍රකාර වූ සිතිවිලිවලින් ම’සිත පිරී යමින් තිබිණ. එ් සියල්ලට හේතු ව පරිපූර්ණ නිවන් මඟ හඳුනාගැනීම කෙරෙහි මා සිත තුළ වූ පිපාසය යි.

‘‘නමෝ බුද්ධාය…! තෙරුවන් සරණයි බිනරට…!”

මුහුණ සේදීම සඳහා කුටියෙන් බැහැර වී සිටි අනන්ත දොර විවර කරගෙන පැමිණෙන අතරේ මා දෙස බලා සෙත් පැතුවේ ය.

‘‘නමෝ බුද්ධාය…! තෙරුවන් සරණයි අනන්තට…!”

ඔහු අනුගමනය කරමින් මම ද පෙරළා සෙත් පැතීමි. සැබැවින් එය සුන්දර ආචාර සමාචාරයකිි. ගිහි ජීවිතයේ දී අපට හුරු ‘ගුඩ් මෝනින්ග්’ හෝ තනිකර ‘මෝනින්ග්’ යන්න පමණක් වන අතර උදෑසන පමණක් සුභ වේවා යන්න පැතීම කොයි තරම් නම් පටුදැයි තේරෙන්නට පටන් ගත්තේ ඊට වඩා අරුත්බර වදනක් මුණගැසුණු විට යි. එක් අතකින්, ඉඳහිට හෝ භාවිත කරන ‘ආයුබෝවන්’ යන්න ගුඞ් මෝනින්ග් යන්නට වඩා බොහෝ අර්ථවත් ය. නමුත් එ් තුළ, තමන්ගේ ශාස්තෘන් වහන්සේ සිහිපත් කිරීමක් සිදු නො වේ. ත‍්‍රිවිධ රත්නය සිහි කිරීමක් සිදු නො වේ. එය හුදෙක් ජීවිත කාලය දිගු වේවා යන අරුත පමණි. නමුත් එසේ පැතීමෙන් එ් කිසිවක් සාක්ෂාත් නො වේ. යමෙක් තෙරුවන් සරණ යාමෙන් ජනිත වන ශ‍්‍රද්ධා සීල සුත චාග ප‍්‍රඥා ආදි සේඛ බල ධර්මයන් නිසා නම්, අධිෂ්ඨානයන් සඵල වන බව මා අසා දැන ගෙන ඇත.

කරුණු එසේ තිබිය දී, දෙදෙනෙකු මුණ ගැසුණු විට, ඔවුන්ගේ සාමාන්‍ය කතා බහ ඇරඹීමටත් පෙර ‘නමෝ බුද්ධාය’ කියා බුදුරජාණන් වහන්සේට නමස්කාර කිරීමත්, ‘තෙරුවන් සරණයි’ කියා ත‍්‍රිවිධ රත්නයේ සරණ ලැබේවායි පැතීමත් සැබැවින් ම අර්ථවත් ය. උතුම් තෙරුවන් සරණින් තම අමුත්තාට සෙත්පතා යම් සල්ලාපයක් ආරම්භ වන්නේ ද, එ් තරම් සුන්දර ඇරඹුමක් අන් කිසි දේශයක තිබේ ද! සිත නිවී තවදුරටත් නිවීම පිණිස ම හේතු වන දේ කතා බස් කිරීමට හැකිවන ආකාරයේ මධුර ආචාර ක‍්‍රමයක් වූ එ් පිළිබඳ ව මා හට ඇත්තේ අති විශාල සතුටකි. යම් උතුම් දෙයක් සඳහා හුරු වීමට කෙනෙක් අකමැති නම්, එය ඔහු තුළ ඇති උපක්ලේශයක් මිස වෙනත් සාධාරණ කරුණක් නොවන බව අනන්ත දවසක් කීවා මා හට මතක ය. එබැවින් මෙවන්, වනගත අසපු තුළ ඇති සුන්දර වාග් විලාශයන් හුරුකර ගැනීම කාට කාටත් යහපත පිණිස පවතින්නකි.

අලූයම 4.30ට පමණ සියලූ භික්ෂූන් වහන්සේලා දෛනික වත් පිළිවෙත් ආරම්භ කරති. අසනීප තත්වයක දී හෝ අත්‍යාවශ්‍ය කාරණයක දී හැරෙන්නට එ් සඳහා සියලූ නේවාසික ආවාසිකයින්ගේ සහභාගී වීම අනිවාර්ය බවක් පෙනෙන්නට තිබිණ. විහාර මන්දිරය වෙතට යන විට භික්ෂූන් වහන්සේලා බොහොමයක් එ් වෙත වැඩම කොට සිටියෝ ය. පැන් පාත‍්‍රා සූදානම් කරමින්, සූර්යෝදාවටත් පෙර බුදුරජුන්ට පැන් පූජා කිරීම සඳහාත්, අලූයම බුද්ධ වන්දනාව සඳහාත් සියලූ දෙනා වහන්සේලා සමඟියෙන් කටයුතු කරනු දැක ගත හැකි විය.

‘‘වැඩිහිටි ස්වාමීන් වහන්සේලාත්, නවක ස්වාමීන් වහන්සේලාත් සියලූ දෙනා ම වැඩම කරලා නේ ද අනන්ත..?”

මා අනන්තගේ කනට කොඳුරා විමසුවේ, කිසිසේත් ම මාගේ හඬ භික්ෂූන් වහන්සේලාට නෑසිය යුතු බැවිනි.

‘‘බිනර කොහොමද දන්නෙ මෙතන නවක ස්වාමීන් වහන්සේලා ඉන්න බවක්…?”

‘‘මල් ආසනය පවිත‍්‍ර කරන ස්වාමීන් වහන්සේලා දෙනම උසුලූ විසුලූ කරනව මම දැක්කා…”

‘‘බිනරගෙ ඇස් බොහොම තියුණුයි නෙ!”

සිනහ මුසු මුහුණින් පැවසූ අනන්ත, තව දුරටත් කතා කළේ ය.

‘‘පැවිද්දෙන් කොයි තරම් වැඩිමහල් වුණත්, කයෙන් වචනයෙන් සිතෙන්, ශ‍්‍රමණ චර්යාවට පැමිණීම ප‍්‍රමාද නම්, උන් වහන්සේගෙන් මතුවෙන්නේ ගිහි ස්වභාවය ම යි. එ් ශ‍්‍රමණයන් වහන්සේ අපවත් වන තුරු ම නවක පැවිද්දෙක්. එහෙමත් නැත්නම්, හරියට පැවිදි වුණේ නැති කෙනෙක් කියල දවසක් ගුරු දේවයන් වහන්සේ අවවාද කළා මට මතකයි බිනර. ඉතින් බිනර දැක්කේ, එ් අවවාදයට අනුව තවමත් ශික්ෂණය සම්පුර්ණ කර ගත නො හැකි වූ ස්වාමීන් වහන්සේලා දෙනමක්. නෙලූම් විල දිහා බලද්දි අපි සතුටු වෙන්නෙ නෙලූම් කැකුළට නෙවෙයි. පිපුණු නෙලූම් මලට යි. හැබැයි පිපුණු නෙලූම් අතරේ නො පිපුණු මලූත් තියෙන බව දකින්න ඕන. අපි නො දන්න යම් දවසක එ් මල් ටිකත් පිපෙන්න පුළුවන්. එදාට අපිට සතුටු වෙන්න පුළුවන් වෙන්නේ, නෙලූම් විලක ස්වභාවය අවබෝධ කරගෙන බලාපොරොත්තු තබා ගැනීමෙන් පමණයි. එ්කට ඉතින් ලොකු ඉවසීමක් ඕන. මොකද අපිට ඕන වෙලාවට නෙලූම් කැකුළ පිපෙන්නෙ නෑ. එහෙම නේ ද බිනර…?”

‘‘අනන්ත නිවැරදියි. ඕන ම පුහුණුවක ආධුනිකත්වයක් සහ අදක්ෂතා පිළිබඳ සම්මිශ‍්‍රණයක් දැක ගත හැකියි. නමුත්, එය ඉගැන්වීමවත්, ගුරුවරයාවත් නින්දාවට ලක් කරන්නේ නැහැ. තව විදියකින් කීවොත්, බොල් වී ඇටය කිසි දා ගොවියා ව නින්දාවට ලක් කරන්නේ නෑ. මට එ් ගැන තේරුම් ගන්න පුළුවන් අනන්ත…”

ඉතා ම මධ්‍යස්ථ ව කරුණක් විමසා බැලීමට මා ඉගෙන ගත්තේ ශ‍්‍රී සද්ධර්මයෙනි. බොල් වී ඇටයේ නොහැකියාවට සරු බීජ බැණුම් ඇසීම සාමාන්‍ය සිරිත යි. දේවදත්තගේ වැරදිවලට අග‍්‍ර ශ‍්‍රාවකයන් කෙතරම් නම් බැණුම් අසන්නට ඇත් ද! නමුත්, ප‍්‍රඥාවන්තයා සෑම විට ම නිවැරදි දේ තෝරා ගැනීමට දක්ෂ විය යුතු ය.

වැඩිහිටි ස්වාමීන් වහන්සේ විසින්, සිසිල් පැන් පාත‍්‍රය පූජා කළ අතර, මල් පහන් පුදා පැදුරේ එළා තබා තිබූ ආසන මත වැඩ හුන්හ. ඉන් පසු පිළිවෙළින් බුද්ධ වන්දනා ගාථා ආරම්භ වූ අතර, මම ද උන් වහන්සේලා සමඟින් සජ්ඣායනා කළෙමි. සැබැවින් ම එ් සජ්ඣායනාව මාගේ දෙතොලතරේ රැඳුනේ මඳ වෙලාවකි. එ් සජ්ඣායනා ස්වරයට සවන් දී සිටීම ඊටත් වඩා සුන්දර බව මා හට වැටහිණ. විහාර මන්දිරයේ දෝංකාර දෙන පාලි ගාථා ස්වරයන්ට සවන් දී සිටීම මාගේ සංවේදන සහිත සෑම ඉන්ද්‍රියකට ම සුවපහසුවක් සේ දැනිණ. අවසානය දක්වා ම මා ශ‍්‍රාවකයෙක් වූයේ එ් නිසා ය. බුද්ධ වන්දනාව අවසන් වූ පසු පුණ්‍යානුමෝදනා ගාථා පමණක් සජ්ඣායනා කළ මම පින්වත් ස්වාමීන් වහන්සේලාගේ සජ්ඣායනා ස්වරයේ රසය සිත්සේ විඳ අනෙකුත් ගිහි පින්වතුන් සමඟින් උන් වහන්සේලාට වන්දනා කළෙමි. එයින් බුද්ධ වන්දනාවේ කටයුතු අවසන් විය.

ඉන් පසුව එළැඹියේ ගිලන්පස වේලාව යි. අනන්ත සමඟින් එක් වූ මම පින්වත් ස්වාමීන් වහන්සේලා වෙතට ගිලන්පස පිළිගැන්වුයෙමි. එය ඉතා ම සතුටුදායි මොහොතකි. හිමිදිරි උදෑසන, කුරුල්ලන්ගේ නාද රටා මැද භික්ෂූන් වහන්සේලාට ගිලන්පස පිළිගැන්වූ මොහොත තවමත් සිනමාවක් සේ ම’සිතේ මැවි මැවී පෙනේ. එ් අතරේ ඇතැම් භික්ෂූන් වහන්සේලා, මිදුල අමදිති. තවත් පිරිසක් ගිලන්පස ශාලාව අමදිති. තවත් පිරිසක් පාත‍්‍රා දොවමින් පිණ්ඩපාතය සඳහා සූදානම් වෙති. තවත් කිහිපනමක් දානය සඳහා වේලාව පැමිණෙන තෙක් ගිලන්පස ශාලාවේ සක්මන් භාවනාවේ යෙදෙති. එ් අතරතුරේ මම ද බොහෝ පින් රැස් කර ගත්තෙමි. පැවිදි අපේක්ෂක සොයුරන් සමඟින් කඩිසර ව වත් පිළිවෙත් සිදු කළ මම ද මොහොතකට උන් වහන්සේලාගේ ම කෙනෙක් ලෙස හැසිරුණෙමි. සිතින් මා භික්ෂුන් වහන්සේලා අතරේ ම කෙනෙක් විය. විටෙක මා මෙහි නේවාසිකයෙක් මෙන් වඩාත් විශ්වාසනීය ලෙස කටයුතු කළෙමි. වත් පිළිවෙත්වල දී පැවිදි අපේක්ෂක සොයුරන් සමඟින් බොහෝ දෑ දක්ෂ ලෙස සිදු කර ගැනිීමෙන් එ් සිතිවිල්ලට ප‍්‍රාණ වායුව ලැබෙන්නට විය. එ් අතරේ විටින් විට දකින ස්වාමීන් වහන්සේලා කිහිපනමක් මා හඳුනාගෙන සිනහ සී ‘‘නමෝ බුද්ධාය” කියා වැඩම කරද්දී, මා අසපුවාසී පින්වතෙක් ම යැයි සිතෙන සිතිවිල්ලට හදගැස්ම ද ලැබිණ. ආරාමිකයෙකුගේ ජීවිතයට ආරූඩ වෙමින් සිටි යම් උච්චත ම අවස්ථාවක දී මා ප‍්‍රිය මිත‍්‍ර අනන්ත පැමිණ මාගේ දකුණු උරහිස තදින් අල්ලා සෙලවූයේ ය.

‘‘බිනර… බිනර…! ස්වාමීන් වහන්සේ වැඩම කළා. අර පාත‍්‍රය මේසය උඩින් තියල, බෙහෙත් කබඞ් එක ළ`ග තියෙන බංකුවේ වැඩ හිඳ ගත්තේ උන් වහන්සේ තමයි. බිනර දකින්න කැමැත්තෙන් හිටියේ…!”

මගේ සිරුර කිළි පොළා ගියේ ය. භික්ෂූන් වහන්සේලා කිහිපනමක් අතරින් නෙතු සර හැසිරවූ මා හට අනන්තගේ මඟ පෙන්වීමෙන් උන් වහන්සේ දැකගත හැකි විය. ගිලන්පස ශාලාවේ කොණකට වන්නට තිබූ ආසනයක වැඩ හුන් උන් වහන්සේ කිසිදු අපේක්ෂාවකින් තොර ව එහි සිටියි. පුදුමයකි. උන් වහන්සේ තරුණ භික්ෂූන් වහන්සේනමකි. සුන්දර රූපයකින් යුතු, ශාන්ත ඉඳුරන් ඇති, සැහැල්ලූ සිරුරක් ඇති භික්ෂූන් වහන්සේනමකි. උන් වහන්සේගේ මුවගේ රැුඳී තිබුණේ ප‍්‍රභාවකි. එය යම් සතුටක් සේ මා හට පෙනිණ. සැබැවින් ම උන් වහන්සේ සතුටකින් සිටින බව මට හැෙඟ්. නමුත්, එ් කිමෙක් දැයි සිතා ගත නො හැකි ය.

‘‘යමු… අපි වන්දනා කරමු…”

අනන්ත මා ඇදගෙන යන තෙක් මී ළඟට කළ යුත්තේ කුමක් දැයි කියා මට තේරුම් ගියේ නැත. පත්කඩය සීරුවෙන් බිම එලූ අපි, උන් වහන්සේ පා මුල වැඳ වැටුණෙමු. ස්වාමීන් වහන්සේලා වන්දනා කරන පාළි ගාථාව සජ්ඣායනා කරමින් මම ද උන් වහන්සේව වන්දනා කර ගත්තෙමි. එය ඉමහත් සතුටක් වුව ද පැවසිය නො හැකි චකිතයකින් ම’සිත ගැහෙමින් තිබේ. ගාථාව පුරාවට ම මා හට සිහි වූයේ උන් වහන්සේ ලියූ සටහන් හා ඊට අනුව ම’සිතේ ඇඳුනු රූ රටා ය. දැන් එ් රූ රටාවන් සඳහා චරිතය ලැබී තිබේ. අදින් පසු, උන් වහන්සේගේ හැඩ හුරුකම් ද සහිත ව සියල්ල පෙළගැසෙනු ඇත.

‘‘අපිට ස්වාමීන් වහන්සේ එක්ක කතා කරන්න පුළුවන් ද?”

පෙර සේ ම මා ප‍්‍රිය මිත‍්‍ර අනන්ත උන් වහන්සේ සමඟ සිදු වීමට යන සාකච්ඡාවට මූලාරම්භය ගත්තේ ය. එ් අතරේ ස්වාමීන් වහන්සේ වෙත, වෙනත් පැවිදි අපේක්ෂක දරුවෙකුගෙන් කැඳ කෝප්පයක් ලැබුණි. එය පිළිගත් උන් වහන්සේ, ඉන් උගුරක් වළඳා කෝප්පය පසෙකින් තබා, මඳ සිනහවකින් අප දෙදෙනා දෙස ම නෙත් සැලූහ.

‘‘මාත් එක්ක….! අනේ එ් මොකට ද?”

අනන්ත මා දෙස බැලූවේ ය. මේ කතා බහේ වැඩි බරක් මා සතු ව ඇති බව ඉන් මා හට හැඟී ගියේ ය. එය සනාථ කරමින්, අනන්ත උන් වහන්සේට මා හඳුන්වා දුන්නේ ය. අවසානයේ වදන් ගළපා උන් වහන්සේ සමඟ දොඩමලූ වන්නට මම තීරණය කළෙමි.

‘‘පින්වත් ස්වාමීන් වහන්ස. මට ප‍්‍රශ්නයක් තියෙනවා. මේ සිත හරි ම පීඩාවක් වෙලාවකට. සුන්දර ස්ත‍්‍රී රූපයක් දැක්ක ම තව තවත් බලන්න හිතෙනවා. එ් රූපය රස විඳිනකොට තවත් රූපයක් දැක්කොත් එ්කටත් සිත යනවා. මේ ලෝකෙ කෝටි ගාණක් ස්ත‍්‍රීන් ඉන්නවා ස්වාමීන් වහන්ස. මම දන්නවා, එ් අයගෙන් වැඩි දෙනෙක් ම මගේ සිත පැහැර ගන්න තරම් දක්ෂ අඟ පසඟවලින් යුක්තයි. දැකල දැකල එපා වෙන්නෙත් නෑ. විඳල විඳල ඇති වෙන්නෙත් නෑ. එ් නිමිති අනු නිමිතිවලින් සිත බේරගන්නෙ කොහොම ද ස්වාමීන් වහන්ස…?”

‘‘බිනර… නේ ද නම?” මා දෙස බැලූ උන් වහන්සේ කාරුණික ව විමසූහ.

‘‘එහෙමයි ස්වාමීන් වහන්ස…”

‘‘ලස්සන ස්ත‍්‍රී රූපයක් පුරුෂයෙකුගෙ සිත රාගයෙන් යට කරල දානවා. ආකර්ෂණීය පුරුෂ රූපයක් ස්ත‍්‍රියකගේ සිත රාගයෙන් යට කරල දානවා. මේ ප‍්‍රශ්නය සතර අපායේ ඉඳන් මිනිස් ලෝකත්, දිව්‍ය ලෝකත් කියන හැම තැන ම තියෙනවා. බ‍්‍රහ්ම ලෝක තලයේ පමණයි නැත්තේ. කාම ධාතුවේ උපත ලැබුව ම තියෙන දුකක් තමයි එ්. එ්ත් එ්ක වැටහෙන්නෙ නෑ. ලේසියෙන් සිත වසඟ වෙලා යනවා. ඇත්තට ම මෙතන තියෙන්නේ ස්ත‍්‍රී ලාලිත්‍යයේවත්, පුරුෂ පෞරුෂත්වයේවත් ප‍්‍රශ්නයක් නෙවෙයි. මෙතන තියෙන්නේ තමන් එ් දේ විඳින සහ හඳුනගන්න ආකාරය පිළිබඳ ප‍්‍රශ්නයක් පමණයි…”

‘‘එහෙමයි ස්වාමීන් වහන්ස…”

‘‘පිරිපුන් අඟ පසඟ ඇති සුන්දර ස්ත‍්‍රී රූපය, සල්ලාලයෙකුට නම්, කාමුක අරමුණක්. කොටියෙකුට මස් වැදැල්ලක්. එ්ත් භාවනා කරන භික්ෂුවකට නම් එය, ගසක කොළයක්, පිපෙන මල් පොකුරක් තරම්වත් වටින්නෙ නැති, දුර්ගන්ධ වායුවලින් පිරී ගිය, රත් වුණ තෙත බරිත අසූචි වර්ග තිස් දෙකක් පමණයි…”

‘‘සාදු සාදු සාදු…. පින්වත් ස්වාමීන් වහන්ස…! මට කටපාඩම් කර ගන්න හිතුණා එ් වාක්‍යය. පුදුම සුන්දරයි. මුළු මහත් අසුභ සඤ්ඤාව ම ඔබ වහන්සේ තත්පර කීපයකින් කියල දැම්මා…”

සැබැවින් ම, මාගේ ඉහ මොළ රත් වී ගියේ උන් වහන්සේ එය ගැළපූ ආකාරයට යි. මා නිරායාසයෙන් ම මා තුළ පැන නැඟි නිරාමිස ප‍්‍රීතිය ප‍්‍රකාශ කළේ එ් නිසා ය.

‘‘නේතේ කාමා යානි චිත‍්‍රානි ලෝකේ…’ කියලයි බුදුරජාණන් වහන්සේ වදාළේ. මේ ලෝකයේ පවතින රූප, ශබ්ද, ගන්ධාදී අරමුණු තුළ කාමය සිතුවම් කරල නෑ. ‘සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ….’ මේ කාමය පුරුෂයා තුළ හට ගන්න සංකල්පයක් විතරයි. තමන් එය දකින විදිය අනුව, සිතන ආකාරය තමයි කාමය ජනිත කරවන්නේ. ස්ත‍්‍රියක් පුරුෂයෙක් ගැන සිතන විට වුණත් මේ ආකාරයට ම යි නුවණින් විමසන්න ඕන…”

තවදුරටත් පැහැදිලි කළ උන් වහන්සේ මඳක් නිහඬ වී සිහියෙන් යුක්ත ව කැඳ උගුරක් වැළඳූහ.

‘‘කොහොම ද ස්වාමීන් වහන්ස, අපි මේකෙන් බේරිල ඉන්නෙ..? සමහර වෙලාවට අකුසලය ඇතිවෙලා බොහෝ වේලා ගියා ම යි දැනගන්නේ අපිට වැරදුණ බව…!”
නිහඬතාවය බිඳිමින්, මම මුලින් ම විමසූ ප‍්‍රශ්නයේ තවමත් පිළිතුරු නො ලැබුණු කොටස ඉස්මතු කළෙමි.

‘‘මුරකාරයා නැති දොරක්….! මුරකාරයා තමයි සිහිය. සසර පුරා ම අපිට තිබුණේ මුරකාරයා නැති දොරටුවක්. ඉතින් හිතේ හැටියට අකුසල් ඇතුල් වුණා. අකුසල් නිසා විනාශයක් සිදු වුණා ම තමයි කල්පනා වෙන්නේ අකුසල් ඇතුල් වුණ බව. එ් නිසා, සිහිය නම් වූ මුරකාරයා සේවයට බඳව ගන්න. අද ම ඔහුට රාජකාරි පවරන්න. එ් රාජකාරි තමයි, රාගය හඳුනගෙන රාගයට විරුද්ධ ව අසුභ සඤ්ඤාව භාවිත කිරීම. ද්වේෂය හඳුනාගෙන ද්වේෂයට විරුද්ධ ව මෛත‍්‍රී කරුණා මුදිතා උපේක්ෂා කියන සතර බ‍්‍රහ්ම විහාර භාවිත කිරීම. මෝහය හඳුනාගෙන මෝහයට විරුද්ධ ව අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය සිහි කිරීම. මේ සියල්ල සිදුවෙන එක ම ධර්මයක් තියෙනවා. එ් තමයි සතර සතිපට්ඨාන භාවනාව. යමෙක් සතර සතිපට්ඨාන භාවනාව අඛණ්ඩ ව සිදු කරනව නම්, ටික දවසකින් ම මුරකාරයා රාජකාරි පටන් ගන්නවා. තවත් කාලයකින් රාග ද්වේෂ මෝහාදී අන්ධකාර අකුසලයන්ගෙන් පීඩාවක් අපිට එන්නෙ නෑ. කෙටියෙන් කීවොත්, හැම ප‍්‍රශ්නයකට ම විසඳුම, සතර සතිපට්ඨාන භාවනාව යි. එ් තුළ හොඳින් ම සිහිය පිහිටුව ගන්න ඕන…”

‘‘එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස. අවසරයි… මට නම් හිතෙන්නේ… අරහත්වයට කැමති කෙනෙක් කැලේ ම වාසය කරන්න ඕන කියල. වනගත වාසය කෙලෙස් දමනයට පහසුයි නේ ද? ග‍්‍රාමවාසී සෙනසුන්වල හෝ ජනාකීර්ණ නගරබද සෙනසුන්වල වාසය පැවිද්දට අනතුරක් නේ ද? ස්වාමීන් වහන්සේගේ අදහස මොකද්ද එ් ගැන…?”

‘‘පැවිද්ද තියෙන්නේ ධම්මවිහාරයත් එක්ක යි. වනය යනු කාලය ඉතිරි කිරීමේ සහ ගැඹුරු ධ්‍යානයන් ඇසුරු කරන යෝගීන්ට බාධා අවම කර ගැනීම පිණිස පවතින උපක‍්‍රමයක් පමණයි. කැලේ දී ආරම්භ කරන්න බෑ. කැලේ දී ආරම්භ කළ දෙයක් පවත්වන්න පුළුවන්. බෝසතාණන් වහන්සේ වුණත්, අභිනිෂ්ක‍්‍රමණය කරල සොයාගෙන ගියේ වනාන්තරය යි කියල ඔබට හිතෙන්න පුළුවන්. නෑ… එ්ක වැරදියි. උන් වහන්සේ සොයා ගියේ නිවනත්, නිවන් මාර්ගයත් දන්නා ගුරුවරුන් ව යි. නිවනට කැමති කෙනා වනාන්තරය නෙවෙයි සොයා යා යුත්තේ, නිවනත් – නිවන් මාර්ගයත් පැහැදිලිව දේශනා කරන ගුරුවරයා ව යි. එ් ගුරුවරයා කොයි ඉසව්වක හිටියත්, එ් වෙත ගොස් වාසය කරමින් නිවන් මාර්ගය ඉගෙන ගෙන දහමේ හැසිරෙන ශිෂ්‍යයා තමයි දවසක හුදෙකලා වනවාසයට සුදුස්සෙක් වෙන්නේ…”

‘‘එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස….”

‘‘හුදෙකලා වන වාසයට පෙරාතුව, භික්ෂු සංඝයා ඇසුරේ පුහුණු කර ගත යුතු කාරණා පහක් මේඝිය සූත‍්‍රයේ තියෙනවා. එ් තමයි කල්‍යාණ මිත‍්‍ර සේවනය, අනුමාත‍්‍ර වරදේත් සංවර වෙමින් ප‍්‍රාතිමෝක්ෂ සීලයේ සංවර වීම, සමථ විදර්ශනාවට උපකාරයක් වන දස කථාවේ ම යෙදී වාසය කිරීම, අත්නොහරින සේ බලපැවැත්විය හැකි අකුසල් ප‍්‍රහාණය කරන කුසල් උපදවන වීර්යය සහ සංස්කාර ධර්මයන්ගේ හටගැන්ම වැනසීම දකිනා ප‍්‍රඥාවක් සකසා ගැනීම. මේ ගුණ ධර්ම පහ නොමැති ව වනගත වාසයට යන භික්ෂුව ඉක්මනින් ම විනාශ වෙලා යනවා. මේ සියල්ල සකස ගන්න තියෙන්නේ භික්ෂු සංඝයා ඇසුරේ. ඉස්සර නම්, ආචාර්ය උපාධ්‍යායන් වහන්සේ ඇසුරේ එක දිගට වසර පහක්වත් සිටිය යුුතු යි. එ් බුදුරජුන් සහ ජීවමාන රහතුන් වැඩ සිටි, මාර බලය අවම වූ කාලයේ. අද ජීවමාන බුදුන් නැති, පෙර පින් අඩු යුගයක්. එ් නිසා අපි අපේ ගුරු දේවයන් වහන්සේ ඇසුරේ ම මිය යන තුරු හිටියත් පාඩුවක් වෙන්නෙ නෑ.”

‘‘එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස. එ්ක ඇත්ත…! පින්වත් ස්වාමීන් වහන්ස, මම කැමතියි ස්වාමීන් වහන්සේ ව මගේ ගුරුවරයා කර ගන්න. ස්වාමීන් වහන්සේට උපස්ථාන කරමින් අවශ්‍ය දෑ පූජා කරමින් මට පුළුවන් ස්වාමීන් වහන්සේටත් පහසුවක් සලසා දෙන්න. එ් සඳහා මා හට අවසර ලබා දෙන සේක්වා…”

මම සෘජුව ම උන් වහන්සේගෙන් ඉල්ලා සිටියෙමි. උන් වහන්සේ තවමත් ඉතා ම සරල හැඟීමකින් සිටියි. සෑම මොහොතක ම එය මා හට විමතිය ඉපදවූයේ ය. මා අවසන් වර විමසූ දෙයින් අනන්ත මඳක් තැතිගත් ස්වභාවයක් පෙන්නුම් කළ ද උන් වහන්සේ නම්, තවමත් මුලින් සිටි සැහැල්ලූ ඉරියව්වේ ම ය. යමෙක්ට උපතින් ම හටගත් පූර්ණ ශ‍්‍රවණ ආබාධයක් පවතී ද ඔහු කිසිදා ඇනුම් පද නො හඳුනන්නා සේ උන් වහන්සේ ද මා පවසන කිසිවකට සලිත වන බවක් පෙනෙන්නට නො තිබිණ. එ් විස්මිත සැහැල්ලූ ඉරියව්වේ සිට ම උන් වහන්සේ තම හඬ අවදි කළහ.

‘‘මම සෙබළෙක් පමණයි. ඇයි ඔබ යුද පිටියේ සිටින සෙබළෙකුගෙන් යුද පුහුණුව පතන්නේ…?”

‘‘පින්වත් ස්වාමීන් වහන්සේ සිතන විදිය හරි ම විස්මිතයි. මට හිතෙනවා එ් ක‍්‍රමය සමඟ කාලයක් ඇසුරු කළොත් මගේ ජීවිතෙත් ලොකු වෙනසක් වෙයි කියලා…”

‘‘ඔබ පැහැදී සිටින්නේ මා ලද යුද පුහුණුවට ද? මා සටන් කරන විදියට ද?”

‘‘දෙකට ම ස්වාමීන් වහන්ස. එ් දෙක ම මටත් ඕන…!”

‘‘එ් දෙක ම මට අයිති නෑ. එ් දෙක ම මම ලබා ගත්තේ ගුරු ඇසුරෙන්. ඉතින් මම කොහොම ද එ් දෙක ඔබට දෙන්නෙ…? එය අයිති ශ‍්‍රී සද්ධර්මයට. මං උපදවාගත් ශ‍්‍රද්ධා, වීර්ය, සති, සමාධි, ප‍්‍රඥා තව කෙනෙක්ට දෙන්න විදියක් මම දන්නෙ නෑ. එ් නිසා ඔබට දෙන්න දෙයක් මං ළඟ නෑ.”

‘‘මටත් එ් ගුණධර්ම උපදව ගන්න ඕන පින්වත් ස්වාමීන් වහන්ස… ස්වාමීන් වහන්සේ යුද්ධය දිනුවට පස්සෙ මට උපකාර කරනව ද?”

‘‘යම් සෙබළෙක් යුද්ධයක් දිනුව නම්, එහි වැඩි ම ගෞරවය හිමි වෙන්නේ, තනිකර ම ඔහුට පමණ ද? නැත්නම් ඔහු යුද පුහුණුව ලත් පුහුණු පාසැලටත් හිමි වෙනවා ද?”

‘‘පින්වත් ස්වාමීන් වහන්ස. යමෙක් මවු කුසෙන් බිහිවන විට සාමාන්‍ය මනුෂ්‍යයෙක් මිස යුද සෙබළෙක් නෙවෙයි. ඔහු ව දක්ෂ සෙබළෙක් බවට පත් කරන්නේ යුද පුහුණු පාසැල යි. සෙබළාගේ ජයග‍්‍රහණයෙන් ඔහුත් යම් කීර්තියක් ලබනවා වගේ ම ඔහුගේ පුහුණු පාසැලත්, පුහුණුකරුවනුත් කීර්තියක් ලබනවා…”

‘‘එහෙනම්, ඔබ කළ යුත්තේ සෙබළා පසුපසින් ගොස් ඔහුගෙන් යුද පුහුණුව ලබා ගැනීම නෙවෙයි. එ් සෙබළා ද බිහි වූ යුද පුහුණු පාසැලට ගොස් ආරක්ෂා සහිත ව සම්පූර්ණ ශික්ෂණය ලබා ගැනීමයි. මම කරුණාවන්ත නම් කියන්න ඕන දේ තමයි එ්. ඔබ අපේ ගුරු දේවයන් වහන්සේ ඇසුරු කරන්න. ගුරු දේවයන් වහන්සේවත්, මේ කල්‍යාණ මිත‍්‍ර අසපුවවත් නැත්නම්, මම අද සෙබළෙක් නෙවෙයි. වහලෙක්…!

ඔබ මේ ගැන මොකද හිතන්නේ…? යුද සෙබළෙක් සටන් කරන අතරේ ඔහුගෙන් යුධ පුහුණුව ලබාගන්න යමෙක් පැමිණෙනවා. සෙබළා ඔහුව ළඟින් තියාගෙන සටන් ශිල්ප නො දත් ආධුනිකයාවත්් ආරක්ෂා කරගෙන සටන් කරන්න පටන් ගත්තොත්, සෙබළාගේ ආත්මාරක්ෂක ශක්තිය අර්ධයකින් පහළ බහිනවා. එ් විතරක් නෙවෙයි අර පුහුණු වෙන්න ආව කෙනාට ඉන් පසු කරන්න සිදුවන්නේ, සෙබළාට දර දිය අදින එක විතරයි. සෙබළා ඊට හුරු වුණොත් ඔහුටත් ආධුනිකයා නැති ව බැරි වෙන්න පුළුවන්. අවසානයේ දී පුහුණුව සොයා ආ ආධුනිකයා, සෙබළාගේ වහලෙක් පමණයි.

එ් නිසා, සෙබළා පසුපස නො ගොස්, පරිපූර්ණ යුද ශිල්පය නම් වූ නව ලෝකෝත්තර ශ‍්‍රී සද්ධර්මය සොයා යන්න ඕන. එ් සඳහා කළ යුත්තේ සෙබළාගේ ගුරුවරයා ඇසුරු කිරීම යි. බුද්ධ දේශනාවල දී ඔබට මුණ ගැසේවි, යම් ශ‍්‍රමණයෙක් වෙත අයෙක් පැහැදුනහොත් ඔහු මුලින් ම විමසන්නේ ඔබේ ගුරුවරයා කවුද? කියලා. උපතිස්ස පරිබ‍්‍රාජකයා එය අස්සජි රහතුන් ගෙන් විමසුවා. අශෝක අධිරාජයා එය නීග්‍රෝධ සාමණේරයන් වහන්සේගෙන් විමසුවා. තවත් එ් වගේ සිදුවීම් සොයා ගැනීමෙන් මා කී දේ ඔබට සනාථ කර ගත හැකියි.
ඔබත් එ් අයුරින් කටයුතු කළොත් තමයි, දවසක මේ සටන් බිමේ ඉදිරි පෙළක දී මා හට ඔබව හමුවන්නේ. එදාට ඔබට මා මුණ ගැසෙන්නේ සබ‍්‍රහ්මචාරියෙකු (එකට නිවන සොයා සැරිසරා යන කෙනෙක්) වශයෙන්. වහලෙක් විදියට නෙවෙයි.

ඔබට දක්ෂ සෙබළෙක් ආදර්ශයට ගන්න පුළුවන්. එහි වරදක් මම දකින්නෙ නෑ. නමුත්, එ් කොයි විදියකින්වත් මම නම් නෙවෙයි. ඔබ ආදර්ශයට ගත යුත්තේ සාරිපුත්ත මොග්ගල්ලාන නම් වූ යුද පිටියේ පරිපූර්ණ සේනාපතින් වහන්සේලා. උන් වහන්සේලා ව ආදර්ශයට අරගෙන යුද පිටියේ පරම සේනාධිනායක වූ බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයට යුද පුහුණුව ලබාගන්න ඕන.

තමන් වහන්සේගේ ඉරියව් දැකල සිත පහදවාගත් උපතිස්ස පරිබ‍්‍රාජකයා ව තමා අසළින් රඳවගන්න අස්සජි රහතන් වහන්සේ කල්පනා කළේ නෑ. උන් වහන්සේ කළේ ඔහු ව ධර්ම සේනාධිනායක බුදුරජාණන් වහන්සේ වෙතට යොමු කළ එක යි. මම හිතන්නෙ ඔබට නිවැරදි සසුන් පිළිවෙත වටහා ගන්නට මේ කියූ කරුණු හොඳට ම ඇති.
ඔබට මගේ පිළිසරණ අවශ්‍ය නෑ. මට ඔබේ සේවය අවශ්‍යයත් නෑ. ඔබටත්, මටත් පවතින එක ම පිළිසරණ එ් උතුම් වූ ශ‍්‍රී සද්ධර්මය යි. එ් නිසා, කොයිතරම් දක්ෂ යුද සෙබළුන් දුටුවත්, එ් සෑම වාරයක් වාරයක් පාසා ම ඔවුන් පුහුණුව ලත්, යුද පුහුණු පාසැල කෙරෙහි පැහැදෙන්න. ඔවුන්ගේ ආචාර්යවරයා කෙරෙහි පැහැදෙන්න. ගුරු ඇසුරේ ම පුහුණුව ලබන්න. අකුසල සේනා සිඳ බිඳ දමා මාර යුද්ධය ජයගන්න ලැබෙන්නේ එ් ක‍්‍රමයට යි..”

‘‘එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස. ඉතා ම පැහැදිලියි ස්වාමීන් වහන්ස…”

‘‘එහෙනම්, හීල දානයට දැන් වෙලාව හරි….”

පින්වත් ස්වාමීන් වහන්සේ වැඩ හිඳි අසුනෙන් නැගී සිටින අතරේ ම එසේ පැවසූහ.

‘‘සමාවෙන්න පින්වත් ස්වාමීන් වහන්ස, විනාඩියක් අවසර දෙන්න මට. තව එක දෙයක්. මට ලොකු දෙයක අවශ්‍යතාවයක් තියෙනවා. එ් සඳහා ස්වාමීන් වහන්සේගේ අවසරය ඕන…”

උන් වහන්සේ තවත් තප්පර කිහිපයක් රඳවා ගැනීම පිණිස මම එසේ පැවසුවෙමි.

‘‘හොඳයි. මොනව ද ඔබට අවශ්‍ය…?”

මතු සම්බන්ධයි….

ඇඟිල්ලෙන් පෙන් වූ
සඳ දෙස බලන්න.
ඇඟිල්ල දෙස නො බලන්න.
ඇඟිල්ල ගැන නො සොයන්න.
මේ ශ‍්‍රී සද්ධර්මය
ජීවමාන යි…!
එ් බව පමණක් අකුරු කරන්නෙමි.

මහාමේඝ 2015  බක් කලාපය
WWW.MAHAMEGHA.LK

මතක සටහන
ජයලත්ගේ බිනර නවමල් බණ්ඩාර

මෙම ලිපිය පිළිබඳ ඔබේ අදහස් අපට කියන්න.
SMS Only – 077 063 08 68