උපාසක උපාසිකා යන ශ්‍රාවක දෙපිරිස උදෙසා බුදුරජාණන් වහන්සේ වරින් වර කළ සදහම් විවරණ විසින් අප දියුණුව කරා මෙහෙයවනු ලැබූවා. එ් විවරණ අතීතයේ සිට ලාංකිකයන් හා බද්ධ වෙලා හැදුණු සංස්කෘතියක් තමයි අපට තිබෙන්නේ. සම්බුද්ධ විවරණ ඔස්සේ පැමිණි මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව ආදි ධර්මයන් සමාජගත වුණු නිසා ම අප ඉතා යහපත් සමාජයක ජීවත් වුණා. එ් වගේ් ම සීල බලයක අගය දන්නා සමාජයක් තමයි ලෝකයේ සංවරයකින් යුතු වන්නේ. එ් වගේ ම සංවර සිතක අසිරිය විඳ ගන්නේ.
බුදුරජාණන් වහන්සේ විසින් අපට නිත්‍ය සීලය ලෙස පංච සීලයයි පනවා වදාළේ. බුදුරජාණන් වහන්සේ විසින් විස්තර කර දුන් සීල් පද අතරින් කරුණු අටක් සහිත සීලයක් තමයි ආජීව අට්ඨමක සීලය කියන්නේ. ආජීවය හෙවත් දිවි පැවැත්ම පිරිසිදුව පවත්වාගන්නා සිල් පදය ඇතුළු සිල් පද අටකින් මෙම උතුම් සීලය සමන්විතයි.
1. ප්‍රාණඝාතයෙන් වැළකීම නම් වූ සිල් පදය
2. සොරකමින් වැළකීම නම් වූ සිල් පදය
3. අබ්රහ්මචාරී ජීවිතයෙන් වැළකීම නම් වූ සිල් පදය
4. බොරු කීමෙන් වැළකීම නම් වූ සිල් පදය
5. කේලාම් කීමෙන් වැළකීම නම් වූ සිල් පදය
6. පරුෂ වචන කීමෙන් වැළකීම නම් වූ සිල් පදය
7. හිස් වචන කීමෙන් වැළකීම නම් වූ සිල් පදය
8. මිථ්‍යා ආජීවයෙන් වැළකීම නම් වූ සිල් පදය
යන සිල් පද අට මෙම සීලයට අයත් වෙනවා. කායික ක්‍රියා පිරිසිදු කර ගන්නා සිල් පද තුනක් ද වචනය පිරිසිදු කර ගන්නා සිල් පද හතරක් ද පිරිසිදු දිවි පැවැත්මෙන් යුතුව ගත කිරීම නම් වූ සිල් පදයෙන් ද මෙම සීලය සමන්විතයි.
එ් සිල් පදවල අරුත් අපි විස්තර වශයෙන් දැනගත යුතුයි. එ් වාගේ ම ආජීව අට්ඨමක සීලයෙන් අපට ඇති කායික වාචසික රැුකවරණය ඉතා වැදගත් වෙනවා. එ් වාගේ ම තමාගේ ජීවිත පැවැත්ම පිරිසිදුව පවත්වා ගැනීමේ හැකියාවත් මෙම සීලය ගෞරවයෙන් යුතුව රැුකීමෙන් අපට ලැබෙන ලාභයක්.
බුදුරජාණන් වහන්සේ වේරඤ්ජක සූත්‍රයේ දී අපට මෙසේ කියා දෙනවා.
‘‘පින්වත් ගෘහපතිවරුනි, අධර්මයේ හැසිරීමත්, වැරදි හැසිරීමත් කය මුල් කරගෙන තුන් විදිහකින් සිදුවෙන්නෙ කොහොම ද?
පින්වත් ගෘහපතිවරුනි, මෙලොව කෙනෙක් පාණාතිපාතී වෙනවා. එ්කෙ තේරුම මේකයි. ඔහු නපුරු කෙනෙක්. ලේ තැවරුණු අත් ඇත්්තෙක්. සතුන් කපා කොටා මැරීමෙහි යෙදී ඉන්නවා. සත්වයින් කෙරෙහි දයාව රහිතව ඉන්නවා. ඔහු සොරකම් කරනවා. අනුන් සතු, අනුන්ගේ සම්පත්, ගමක හෝ කැලේක හෝ තියෙනවා නම් එ් නුදුන් දේ සොර සිතින් අර ගන්නවා.”
ආජීව අට්ඨමක සීලයේ ඊ ළඟ සිල් පදයෙන් විස්තර වන්නේ අබ්රහ්මචාරී බව අත්හැරලා බ්රහ්මචාරීව සිටීම ගැනයි. කාම සේවනයෙන් වැළකී සිටීම, එනම් ‘‘ළාමක දෙයක් වූ මෛථූන සේවනයෙන් වැළකී එය දුරින් ම දුරුකර දමනවා” යන්නයි එහි අදහස.
ඉන් පසු ආජීව අට්ඨමක සීලයේ සඳහන් වන්නේ වචනයෙන් සංවර වීමේ සිල්පද හතරයි. භාග්‍යවතුන් වහන්සේ වේරඤ්ජක සූත්‍රයේ දී මේ ආකාරයෙන් එය පෙන්වා දෙනවා.
‘‘පින්වත් ගෘහපතිවරුනි, වචනය මුල් කරගෙන හතර ආකාරයකින් අධර්මයේ හැසිරෙන්නේ, වැරදි ලෙස හැසිරෙන්නේ කොහොම ද?
පින්වත් ගෘහපතිවරුනි, බොරු කියන කෙනෙක් ඉන්නවා. සභාවක් මැද හෝ, පිරිසක් මැද හෝ, ඤතීන් මැද හෝ, සේනා මැද හෝ, රජය ඉදිරියට ගෙන, විනිසුරුවන් සාක්ෂි විමසන කොට ‘එ්යි පුරුෂය, දැන් නුඹ දන්නවා නම් කිව යුතුයි’ කී විට ඔහු නො දැන ම තමන් දන්නවා යැයි කියයි නම්, දැන දැනත් තමන් නො දන්නවා යැයි කියයි නම්, නො දැකත් තමන් දකිනවා යැයි කියයි නම්, දැක දැකත් තමන් නො දකිනවා යැයි කියයි නම් ඔය විදිහට තමන් නිසා හෝ, අනුන් නිසා හෝ, යම් කිසි අල්ලසක් නිසා හෝ දැන දැන බොරු කියයි නම් එය යි.
ඔහු කේළාම් කියනවා. මෙතනින් අහගෙන ගිහින්, මෙතන බිඳවන්න එතන කියනවා. එතනින් අහගෙන ඇවිත් එතන බිඳවන්න මෙතන කියනවා. ඔය විදිහට සමඟි අය බිඳවනවා. බිඳුන අය වෙන් කරනවා. කල්ලි හදන්න කැමති වෙනවා. කල්ලි හැදීමේ ඇලෙනවා. කල්ලි හැදෙන අයුරින් අර්බුදකාරීව කතා කරනවා නම් එය යි.
ඔහු පරුෂ වචන කියනවා. ප්‍රශ්න ඇතිවෙන වචන, කර්කශ, අනුන්ට අසතුටු, අනුන් කෝප ගැන්වෙන, ක්‍රෝධය ඇතිවෙන, සමාධිය නැති කරන වචන කීමක් ඇද්ද එයයි
ඔහු හිස් වචන කියන කෙනෙක්. අයුතු වෙලාවේ කියන, නො වූ දෙයක් කියන, අනර්ථ වූ දෙයක් කියන, අධර්මයක් කියන, අවිනයක් කියන, හිතේ තැන්පත් කර නො ගත යුතු දේවල් ඇද්ද, එ් වගේ ම කරුණු රහිතව සීමාවක් නැතිව අනර්ථය ඇතිවෙන හිස් කතා ඇද්ද එ්වා යි.
පින්වත් ගෘහපතිවරුනි, වචනය මුල් කරගෙන හතර ආකාරයකින් අධර්මයේ හැසිරෙන්නේ, වැරදි ලෙස හැසිරෙන්නේ ඔය විදිහටයි.”
ඔන්න ඔය ආකාරයෙන් වචනයෙන් පිරිසිදු වන සිල්පද හතක් විස්තර වෙනවා. ඉන් පසුව අප සමාදන් විය යුත්තේ ආජීවය පිරිසිදුව පවත්වා ගැනීම නම් වූ සිල් පදය යි. වැරදි දිවි පැවැත්ම පිළිබඳ භාග්‍යවතුන් වහන්සේ මේ ආකාරයෙන් අපට උගන්වනවා.
‘‘පින්වත් මහණෙනි, කුමක් ද මිථ්‍යා ආජීවය කියන්නේ? දෙපිටකාට්ටු වංචාවෙන් ජීවත් වීම, ලාභ සත්කාර ලබා ගැනීමේ ආශාවෙන් වර්ණනා කොට කතා කිරීම, ලාභ ලබා ගැනීම පිණිස, විශේෂ ලකුණු ඉස්මතු කරමින් කටයුතු කිරීම, සත්‍යය සඟවා කටයුතු කිරීම, ලාභයෙන් ලාභ සෙවීම. පින්වත් මහණෙනි, මෙයයි මිථ්‍යා ආජීවය.”
– මහාචත්තාරීසක සූත්‍රය
ඇත්තෙන්ම අපි එදිනෙදා ජීවිතය අපිරිසිදු කර ගන්නේ ද පිරිසිදුව ගත කරන්නේ ද යන්න අදහසක් අපට නැහැ. අපි නිවැරදිව ජීවිතය ගෙවනවා කියල මායාවක ඉඳන් වංචනිකව දිවි පැවැත්මක් ඇති කරගෙන ජීවත් වෙනවා නම්, කිසි දාක භාග්‍යවතුන් වහන්සේගේ ශ්රාවකත්වය ලබන්නට බැහැ.
බුදුරජාණන් වහන්සේ බෝසත් කාලයේ මෙම ආජීවය පිරිසිදුව ගතකොට තිබෙන බව ලක්ඛණ සූත්‍රයේ විස්තර කෙරෙනවා. ”තරාදියෙන් කරන වංචා, තැටියෙන් කරන වංචා, මිම්මෙන් කරන වංචා, අල්ලස් ගෙන කරන වංචා, අනුන් රැුවටීම, නොවටිනා දේ වටිනා හැටියට පෙන්වා රැුවටීම, අත් පා සිඳීම, වධ දීම, බන්ධන, පැහැර ගැනීම්, ගම් පැහැර ගැනීම්, බලහත්කාරයෙන් ගැනීම් ආදියෙන් ජීවිතය ගෙවීමක් ඇද්ද, එයින් සම්පූර්ණයෙන් ම වැළකී ජීවිතය ගත කළේ ය.” යනුවෙන් ලක්ඛණ සූත්‍රයේ පෙන්වා දෙනවා.
එ් ආනිශංසයෙන් භාග්‍යවතුන් වහන්සේ දෙතිස් මහා පුරුස ලකුණු අතරින් සම වූ දත් ඇති බවත්, ඉතාමත් සුදු දත් ඇති බවත් යන පුරිස ලකුණු දැරූ බවයි පෙන්වා දෙන්නේ.
පිරිසිදු ගිහි ජීවිතයක් කියන්නෙ ලස්සන ගෙවල් ෙදාරවල් ම නෙවෙයි. ලස්සන ගෙවල්වල අපිරිසිදු හිත් ඇතිව වාසය කරනවා නම් එ් අය සැපෙන් ඉන්නෙ නැහැ. එ් නිසා කායික ක්‍රියාව ඔස්සේ, වාචසික ක්‍රියාව ඔස්සේ එ් වාගේ ම මනා දිවි පැවැත්මක් ඔස්සේ සිත පිරිසිදු වෙනවා නම් එ් ජීවිතය කොච්චර සුන්දර ද? අන්න එ් සුන්දරත්වය උපදවා දෙන්නට ගිහි පින්වතුනට ආජීව අට්ඨමක සීලය මහා රැුකවරණයක් ම යි.
අප සරණ ගිය සිද්ධාර්ථ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පළමු ලංකාගමනය සිදු වූ මේ උතුම් පුන් පොහොයෙන් පටන් ගෙන, එ් බුද්ධ වචනය අනුව ම කටයුතු කරමින් මේ ආකාරයෙන් උතුම් වූ සීලයක පිහිටන්නට හැකි නම් එය අපට මහා ලාභයක් ම යි… සසර දුකින් නිදහස් වීම පිණිස අප සියලූ දෙනාටම මේ තථාගත අවවාදයන් හේතු වාසනා වේවා..!
Recent Comments