වයසක අයට සහ වයසට යන අයටයි මේ කථාව…

ඔබ වයසට යන ස්වභාවයෙන් මිදිලා නැහැ නේ ද? එහෙනම් අප මේ ලියන කථාව ඔබ අනිවාර්යයෙන් ම කියවන්න ඕන…

කය කියන්නේ ජරාවට පත්වන ස්වභාවයෙන් යුක්ත දෙයක්. ජරාවට පත් වෙනකොට මේ කයේ නොයෙකුත් අබල දුබලකම් මතු වෙනවා. පෙර කළ කුසල අකුසලවල විපාකයන් අනුව වගේ ම අපි පවත්වාගෙන යන ජීවන රටාවන් අනුවත් අපි එකිනෙකා ‘වයසට යෑම’ කියන කාරණයේ දී මුහුණ දෙන අබල දුබලතා අඩු – වැඩි වශයෙන් දකින්න පුළුවනි.

දැන් බලන්න ටිකෙන් ටික වයසට යන ඔබේ කය දිහා… ඇත්තටම කය වයසට ගිහින් නේ ද? තප්පරෙන් තප්පරේ ඔබේ කය වයසට යනවා. තප්පරෙන් තප්පරේ ඔබේ කයේ වටිනාකම අඩු වෙනවා. අපට පියවි ඇසින් හඳුනාගන්නට නො හැකි වුණාට කය වයසට යන එක නො නැවතී ම සිද්ධ වෙනවා. දවසක රැුළි වැටෙන්නේ, කුදු ගැහෙන්නේ, බෙලහීන වෙන්නේ අද එහෙම ඉරණමක් ගැන සලකුණක්වත් නො පෙන්වන මේ කය ම තමයි…

ඔබ දන්න කියන කී දෙනෙක් අද වෙනකොට නොයෙක් අසනීපවලට ගොදුරු වෙලා ඉන්නව ද? මතක් කරලා බලන්න ඔබ දන්න කියන දියවැඩියා රෝගීන්, අධි රුධිර පීඩන රෝගීන්, හෘද රෝගීන්, පිළිකා රෝගීන්, අංශභාග රෝගීන්, වකුගඩු රෝගීන් කී දෙනෙක් සිහිපත් වෙනව ද කියලා… එ් එක්කම ඔබට වඩා දශක දෙකකින් වැඩිමහලූ වැඩිහිටියෙක්ගෙන් අහල බලන්න මීට අවුරුදු තිහ හතලිහකට කලින් මේ රෝග ගැන ඔවුන් අහලා තිබුණ ද කියලා… එ් ප‍්‍රශ්නයට ලැබෙන්නේ බොහෝ විට, ”නැහැ” කියන උත්තරය වේවි. මොකක්ද මේ වෙනස? මීට අවුරුදු තිහ හතලිහකට කලිනුත් මිනිස්සු වයසට ගියා. එහෙනම් මේ වෙනස වයසට යාම නිසා ඇතිවන දෙයක් නෙවෙයි නේ ද?

ඇත්තටම අද වෙනකොට අපට අසන්නට දකින්නට ලැබෙන ලෙඩ රෝග බොහොමයක් මීට දශක හතර පහකට පෙර බහුල කොට දකින්නට තිබුණේ ලෝකයේ ධනවත් යැයි සම්මත රටවල. එ් නිසා ම දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘද රෝග ආදිය ‘පොහොසතුන්ගේ ලෙඩ’ ගොඩටයි වැටුණේ. හැබැයි දැන් දැන් එ් පොහොසත් රටවල් ඉක්මවා යන ශීඝ‍්‍රතාවයකින් මේ තුන්වන ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටවල ජනයා අතර මේ රෝග පැතිර ගිහින්. ස්ථූලතාවය, අධි බර ගැන කලාතුරකින් අහපු ජනතාවක් අද වෙනකොට මැදි වියට එළඹෙනකොට ම එ් තත්ත්වයට ගොදුරු වන පසුබිමක් බිහි වෙලා. කොලෙස්ටරෝල් අධික වීමෙන් සෑදෙන ලෙඩ ගැන මේ රටවල ජනතාව දැන ගත්තේ මෑතකදි. දශක තුන හතරක් ඇතුළත අප විසින් ළඟා කර ගත්ත ජීවන මට්ටමේ ස්වභාවය මොන තරම් දුක්ඛිත ද කියන එක තහවුරු කරන්නේ ලෙඩ රෝගවලට ගොදුරු වීම ගැන කියැවෙන මේ සංඛ්‍යා දත්ත හරහායි.

මේ ආකාරයෙන් නානා විධ ලෙඩ රෝග බහුල වීමත්, කාර්යයන් පහසු කර ගැනීම වෙනුවෙන් ම තාක්ෂණික ක‍්‍රමවේදයන් දියුණු වීම සහ නිවෙස්වලට හිර වූ ජීවන රටාවකට අප පුරුදු වීමත් අතර සම්බන්ධතාවයක් පවතින බව කරුණු කාරණා විමසා බලන විට පෙනී යනවා. කාර්යයන් පහසු කර ගන්නට ගොඩ නගා ගත්ත තාක්ෂණය විසින් අපව ලෙඩ කරපු අවධියක් තමයි අප මේ ගෙවා දමන්නේ….

ලෝකය පුරා ම ව්‍යායාම විශේෂඥයන් විසින් ශරීර සෞඛ්‍යය මනා කොට පවත්වා ගැනීම පිණිස යෝජනා කරන ව්‍යායාම් අතරට පිහිනීම, ඇවිදීම සහ සයිකල් පැදීම අන්තර්ගත වෙනවා. එපමණක් නො වෙයි, ශරීරයේ මාංශ පේෂි සහ අස්ථි සම්බන්ධව ඇති වන රෝගී තත්ත්වයන් හා ආබාධ තත්ත්වයන්හි දී ඖෂධවලින් තොරව සිදු කරන ප‍්‍රතිකාරවල දී අනුගමනය කෙරෙන්නේ එදිනෙදා ක‍්‍රියාශීලී ජීවිතය දිරි ගැන්වීමක්. එ් එ් රෝග තත්ත්වයන්ගේ රෝග නිදානය නිර්ණය කිරීමේ දී බොහෝ විට පෙනී යන්නේ සිරුරේ චලනයන් සීමා සහිත වීම නිසාවෙන් එ් රෝග ඇති වීමේ අවදානම ඉහළ ගොස් තිබෙන බවක්.

දවසේ වැඩි කාල සීමාවක් අප ගත කරන්නේ ඉඳගෙන හා නිදාගෙන සිටින ඉරියව් තුළ නම් සිටගෙන සිටින විටත්, ඇවිදින විටත් පමණක් වැඩිපුර ක‍්‍රියාකාරී වන මාංශ පේෂි නිරායාසයෙන් ම දුර්වල වනවා. මිනිස් සිරුරේ හැඩ ගැසීම පුදුම සහගතයි. හැකිලීම්, දිගහැරීම් වැඩි වැඩියෙන් සිදු වන විට මේ සිරුරේ මාංශ පේෂීන් ශක්තිමත් වෙනවා. එ් වගේ ම සන්ධිවල තද, දැඩි ස්වභාවයන් දුරු වෙනවා. රුධිර ගමනාගමනය ක‍්‍රමවත් වෙනවා. සිරුරේ ක‍්‍රියාකාරීත්වය පහසු වෙනවා. මේ වෙනුවෙන් අමුතුවෙන් කාලයක් වෙන් නොකරගෙන වුණත් එදිනෙදා ජීවන රටාවන්ගේ සුළු වෙනස්කම් කිහිපයක් ඇති කර ගැනීමෙන් ම අපට සිරුරේ නම්‍යශීලීභාවයන්, දිගහැරීමේ සහ හැකිලීමේ හැකියාවන් ඉතා පහසුවෙන් දියුණු කර ගන්නට පුළුවනි. එ් පිළිබඳව වැඩිපුර නො සිතා පහසුව සහ ඉක්මන ගැන පමණක් ම සිතීම නිසයි අපට අද වන විට ක‍්‍රියාශීලී දිවි පැවැත්මක් ඇති කර නො ගැනීමේ අනිටු විපාකයන්ට මුහුණ දෙන්නට සිදු වී තිබෙන්නේ.

සිරුරේ චලනයන් හා ක‍්‍රියාකාරීත්වය සම්බන්ධ වෛද්‍ය විiාත්මක ක‍්‍රමවේදයක් වන භෞතචිකිත්සාවේ දී නිර්දේශ කෙරෙන ප‍්‍රතිකාර ක‍්‍රම බොහෝමයක් එදිනෙදා කටයුතු හා සම්බන්ධ වෙනවා. ලොව පුරා ක‍්‍රමයෙන් ජනප‍්‍රිය වන මේ ප‍්‍රතිකාර ක‍්‍රමය ඖෂධ භාවිතයකින් තොර වූවක්. එහි දී විශේෂයෙන් ම උත්සාහ දරන්නේ යම් රෝගී ස්වභාවයක් ඇති කරලන්නට හේතු කාරක වන දුර්වලතාවය හඳුනාගෙන එ් දුර්වලතාවය ඇති වී තිබෙන මාංශ පේෂී කාණ්ඩයට හෝ සන්ධිවලට හෝ විශේෂිත ව්‍යායාම සිදු කිරීම උපයෝගී කර ගනිමින් එකී දුර්වලකම් මැඩ පැවැත්වීමටයි.

නිදසුනක් ලෙස පැතලි පාද සහිත, එනම් පාදයේ පිහිටන වක‍්‍රවීම් නැති කුඩා දරුවන්ගේ පාදවල වක‍්‍රයන් වර්ධනය කරවීම සලකා බලමු. පාද වක‍්‍රයන් පිහිටා තිබීම ශරීරයේ බර දරා ගැනීමට උපකාර වනවා. එසේ වක‍්‍ර නොමැති දරුවන්ගේ පාදවල වක‍්‍ර වර්ධනයට විද්‍යානුකූල පිරිමැදීම් හා තෙරපීම් සිදු කරනවා. එ් වගේ ම එ් දරුවන්ගේ දෙමව්පියන් හට නිරන්තරයෙන් ලැබෙන උපදෙස වන්නේ ”දරුවන් වැලි මත ඇවිද්දවන්න” යන්නයි. වැලිවල ඇති එක් ගුණයක් වන්නේ පීඩනයක දී කිඳා බැසීම. වැලි මත ඇවිදින දරුවාගේ සිරුරේ බර පීඩනයක් ලෙසින් ක‍්‍රියා කරනකොට පාද වක‍්‍රයන් ඇතිවන ආකාරයට වැලි කි\ බහිනවා. කාලයක් මෙය සිදු වන විට මාංශ පේෂීන්ගේ සුදුසු වෙනස්කම් සිදු වීමෙන් පාද වක‍්‍ර නිර්මාණය වෙනවා.

ඇඟිලි චලනය කිරීම අපහසු රෝගීන්ට නිර්දේශ කෙරෙන භෞතචිකිත්සක ප‍්‍රතිකාරයක් වන්නේ මඳ උණුසුම් ජලයෙන් පොල් මිරිකීම. ජලයේ උණුසුම නිසා සන්ධි උණුසුම් වී එ්වායේ ගණවීම් ඉහිල් වෙනවා. පොල් මිරිකීම තුළ ඇඟිලිවල චලනයට උපකාරී වන මාංශ පේෂිත්, අස්ථිත් වැඩි වැඩියෙන් ක‍්‍රියාකාරී වෙනවා. ඕනෑම මාංශ පේෂියක ශක්තිමත් බව ඉහළ නංවන්නට සිදු කරන්නේ එ් මාංශ පේෂිය වැඩි වශයෙන් ව්‍යායාම කරවීමයි. ශක්ති සම්පන්න භාවය උපරිමයෙන් වුවමනා කරන ක‍්‍රීඩාවන්ගේ යෙදෙන අයටත් භාවිත කෙරෙන්නේ එ් ක‍්‍රමවේදය ම යි. එය ව්‍යායාමයක් වගේ ම වෛi ප‍්‍රතිකාරයකුත් වෙනවා. මේ සරල න්‍යාය ම තමයි මුළු මහත් ශරීරය ම ශක්තිමත්ව පවත්වා ගන්නට භාවිත කළ යුතු වන්නෙත්…

නමුත්… අද වන විට පහසුව හා ක‍්‍රියාකාරීත්වය අතර ගැටීමක් තිබෙනවා. නිවසේ වාහනයක් තිබෙනවා නම් ගෙවල් දෙක තුනකට එපිටින් තිබෙන වෙළෙඳ සැලට බඩු ගෙනෙන්නට අප යන්නෙත් එ් වාහනයෙන්. මඳක් එපිටින් තිබෙන අසල්වැසි නිවසකට යන්නෙත් වාහනයෙන්. එ් දුර පයින් ඇවිදගෙන යාම තුළ තමන්ට ලැබෙන සෞඛ්‍යමය ප‍්‍රතිලාභය මොන තරම් ද කියා කවුරුන්වත් සිතන්නේ නැහැ. වාහනයක් තබාගෙන පයින් යාම මදිකමක් ලෙස සිතුණත් දෙපයින් ඇවිද නො යාම නිසා ලෙඩ වීම මදිකමක් කියා කාටවත් සිතෙන්නේ නැහැ.

අල්ලපු ගෙදරට පණිවිඩයක් දෙන්නට වුවමනා වූ විට අපට නිරායාසයෙන් ම මතක් වන්නේ දුරකථනය. ව්‍යායාමවලට අමුතුවෙන් වෙලාවක් වෙන් කර ගන්නත් බැරි, ක‍්‍රියාශීලී ජීවිතයකුත් නැති අපට එ් ටික දුරවත් ඇවිද යන්නට සිතෙන්නේ නැහැ. ඉතින් මැදි වයසට එන විට ම දියවැඩියාව, උදරය නෙරා එ්ම, සන්ධි ගණ වීම (joint Stiffness), සන්ධි ඉදිමීම (joint Swelling), සිරුර නැමීම – දිගහැරීම අපහසු වීම, තරබාරුව අප සොයාගෙන එනවා.

ළිඳකින් වතුර ඇද ගන්න අද බොහෝ දෙනෙකුට හැකියාවක් නැහැ. නූතන පරපුර නම් ළිඳකින් වතුර බාල්දියක් ගන්න හැටිත් නො දන්න තරමයි… බොහෝ ප‍්‍රදේශවලට නළ ජලය සැපයෙන නිසා ළිං දකින්න ලැබෙන්නෙත් නැහැ. හැබැයි ළිඳකින් වතුර ඇද ප‍්‍රයෝජනයට ගන්නට හුරු වූ අයෙකුගේ දෑත් එසේ නො කරන අයෙකුගේ දෑත්වලට වඩා ශක්තිමත්; එ් වගේ ම නම්‍යශීලියි… සිරුරේ සමබර බව පුරුදු පුහුණු කිරීම පිණිස වෛද්‍ය විද්‍යාත්මකව භාවිත වන ව්‍යායාම අතරට දෑතින් වතුර බාල්දි දෙකක් ගෙන ඇවිද යාමත් අන්තර්ගතයි. ජල කරාමයට බටයක් සවි කරගෙන එක තැනක හිඳ ගෙවත්තේ වැඩි ප‍්‍රමාණයක් ජලයෙන් තෙත් කරන වතුර මල විසින් උදුරා ගත්තේ අපට ලැබෙන එ් ව්‍යායාමය බව අපි කාටවත් සිහිපත් වෙන්නේ නැහැ…

අතීතයේ අපේ ගැමි නිවෙස්වල පිටි කොටා ගත්තේ වංගෙඩියෙන්. මෝල් ගහ සීරුමාරුවට ඔසවමින්, යළි පහත් කරමින්, වංගෙඩිය වටේ ගමන් කරමින් අතීත ගැමි ලියන් පැය භාගයක් තුළ සිදු කරන ලද එ් ක‍්‍රියාවෙන් සිරුරට ලැබුණු ව්‍යායාමය අද නූතන කාන්තාවන්ට ව්‍යායාම කිහිපයක් බොහෝ වෙලාවක් කිරීමෙන් මිස ලබන්නට බැහැ.

උදැල්ල ඔසවා කොටන විට, පොරොවෙන් දර පළන විට ආදි සෑම කාර්යයක් තුළ ම සිරුර ප‍්‍රබල ව්‍යායාම්වලට ලක් වුණා. එහි ප‍්‍රතිඵලය වුණේ එකී කාර්යයන් එදිනෙදා ජීවිතය තුළ පවත්වා ගත් පරපුර අස්ථි හා මාංශ පේෂි ආශ‍්‍රිතව අද මෙන් බොහෝ රෝග ඇති වන බවක්වත් නො දැන සිටීමයි. එ් තරමට ම ඔවුන් නිරෝගි වුණා. ශක්ති සම්පන්න වුණා. වයස්ගත වීමෙන් අබල දුබලව ගියා මිස ඔවුන් අක‍්‍රීය ජීවිතය නිසාවෙන් නම් අබල දුබල වූයේ නැහැ…

පරම්පරා දෙකක වෙනස තුළ, නවීන තාක්ෂණයේ දියුණුවක් හා ශරීර සෞඛ්‍යයේ පිරිහීමක් අප අත් දකින්නේ ඔය කාරණා නිසයි. අද නවීන තාක්ෂණයෙන් අප අත් කර ගත් පහසුව තුුළින් සිදු කර ගන්නා කාර්යයන් සිරුරේ සවි ශක්තියෙන් කර ගනිමින් නිරෝගීව ජීවත් වන්නට අපේ අතීත පරපුර වාසනාවන්ත වුණා. අප එ් බැරැරුම් කාර්යයන් ඉටු කර ගන්නට තාක්ෂණය දියුණු කර ගන්නට නම් වාසනාවන්ත වුණා. නමුත් සියල්ල තාක්ෂණයට භාර දී එ් සුව පහසුවෙන් ඇති වූ අලස සැපයට ලොල් වීමෙන් නිරෝගි සැපය අහිමි කර ගන්නටත් අප අවාසනාවන්ත වුණා.

තාක්ෂණය දියුණු කර ගැනීමේ හෝ තාක්ෂණය භාවිත කිරීමේ කිසිදු වරදක් නැහැ. නමුත් එයට යම් සීමාවක් අප විසින් ම පනවා ගත යුතු වෙනවා. ස්වයං පාලනයක් ඇතිකර ගත යුතු වෙනවා. තාක්ෂණය නිසාවෙන් අපට කවර හෝ ප‍්‍රතිලාභයක් අහිමි වන තත්ත්වයක් ඇති නොවන සීමාව තුළයි අප විසින් තාක්ෂණික ක‍්‍රමවේදයන් භාවිත කළ යුත්තේ. බෙහෙතක් වුණත් පමණ ඉක්මවා පරිහරණය කිරීම අතුරු ආබාධයන් ඇති කරවනවා. තාක්ෂණයත් එහෙම ම යි.

අතීත යුගයේ පරිදි වංගෙඩියෙන් පිටි කොටන, හැතැප්ම ගණනින් පා ගමනින් ම ඇවිදින යුගයකට නැවත යන්නට කියා අප කියන්නේ නැහැ. එසේ යන්නට හැකියාවකුත් නැහැ. නමුත් ටික දුරක් පා ගමනින් ඇවිදින්නට, කොසු – ඉදල් භාවිතයෙන් අතු පතු ගාන්නට, වතුර බාල්දියක් ඔසවන්නට, හෝස් එක වෙනුවට මල් බාල්දියකින් වතුර දමන්නට, ඇළක – දොළක පිහිනන්නට අපට බැරිකමක් නැහැ. එ් දේත් අප අතින් සිදු නො වන්නේ නම් අපට හැදෙන ලෙඩ රෝගයන්ට වගේ ම අපේ මරණයටත් හේතුව ලෙසින් දක්වන්නට සිදු වන්නේත් ක‍්‍රියාශීලී නොවන එ්කාකාරී ජීවන රටාව කියන කාරණය ම තමයි…

අප උපන්න මේ රට ස්වභාව ධර්මයේ අපූරු දායාදයක්. කඳු, පල්ලම්, තැනිතලාවන්, නිම්නයන් අපට දුර්ලභ නැහැ. ඇළ – දොළ – ගංගාවනුත් අපට නිරන්තරයෙන් මුණ ගැහෙනවා. රට වට කරගෙන තිබෙන්නේ සුදු වැල්ලෙන් පිරුණු වෙරළක්. නිවාඩු පාඩුවේ මේ පරිසර සිරිය විඳිමින් ම අපේ කටයුතුත් කර ගන්නට පුළුවන් පසුබිමක් අපේ රටේ තවම තිබෙනවා. එ් සියල්ල පසෙක තිබිය දී යන්ත‍්‍ර සූත‍්‍ර වැනි ම කාර්යබහුල මිනිසුන් බවට පත් වෙලා, පුටුවලට සහ යහනට ම හිර වෙලා මේ ශරීරය නෙරාලන තුරු, මේ ශරීරයේ තෙල් – මේදය දහනය නො වීම නිසා ලෙඩ රෝග හැදෙන තුරු අපි තාක්ෂණයේ පහසුව විඳිනවා නම් එ්ක මොන තරම් අවාසනාවක් ද? අනවශ්‍ය ලෙස තාක්ෂණයට වහල් නො වී අවශ්‍ය ම මොහොතේ පමණක් අපට එයින් ප‍්‍රයෝජන ගැනීම සිදු කරන්නට පුළුවන් නම් තාක්ෂණයෙන් යහපත උදා කර ගනිමින් ම නිරෝගී, ශක්ති සම්පන්න ජීවිතයක් පවත්වා ගැනීමේ වාසනාව උදා කර ගන්නත් අපට පුළුවනි.

එ් නිසා, ඔබේ ශරීරය ක‍්‍රියාශීලී කරවන්නට ලැබෙන සුළු අවස්ථාවවත් මඟ හැර ගන්නට එපා. ‘නිරෝගී ජීවිතයක් පවත්වා ගැනීම’, ඔබ දුර්ලභව ලද මේ මනුෂ්‍ය ජීවිතයේ පරමායුෂ භුක්ති විඳින්නට වගේ ම සුව පහසුවෙන් ධර්ම මාර්ගය දියුණු කරන්නටත් උපකාරී වෙනවා. එ් අවස්ථාව අප කිසිවෙකුට මඟ නො හැරේවා!!!

සටහන
උදුලා පද්මාවතී