Author: Mahamegha

විල් දියේ සුපිපුණු ගෝතම දියණියෝ

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේගේ සුළු මව වූ ප්‍රජාපතී ගෝතමිය කෙස් කපා දමා කසට වත් පොරවා තවත් බොහෝ ශාක්‍ය වනිතාවන් සමඟ ලේ වැකුණ පාදයෙන් යුතුව, දූවිලි වැකුණු පාදයෙන් යුතුව දුකින් දොම්නසින් කඳුළු වැකුණු මුහුණින් භාග්‍යවතුන් වහන්සේ කාන්තාවන්ට පැවිද්ද අනුනොදත් නිසා බාහිර දොරටුව ළඟ හඬමින් සිටින්නී ය.”

Read More

ඉරිසියාව – කෙටිකතාව

“මනමාලි ලස්සන ද?” සඳලතා ප්‍රශ්නය මග හැර වෙනත් ප්‍රශ්නයක් ඇසුවා ය. “ඔව්, කොල්ලට හොඳට ගැළපෙනවා. හොඳ පින් පාටයි.” සෝමා අක්කගේ නොමසුරු වචනවලින් සඳලතා නොසන්සුන් වූවා ය. “මමත් දැක්කා. මහත වැඩියි. මෙන්න බඩ. සෝමක්කා ලස්සනයි ඊට වඩා.” සඳලතා දෑත් විදහා කීවේ පිළිකුළෙනි.

Read More

අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 25

“කොසොල් රජ්ජුරුවන් ළඟ හිටිය ‘කාල’ කියන ඇමැතියට හොඳටෝ ම කේන්ති ගියා. ඒකාට කටින් කියන්ට විදිහක් නෑ. හිතෙන් බණින්ට පටන් ගත්තා. ‘හහ්… රටේ විසඳන්ට පුරස්න නැතිව ද මෙච්චර ධනය නාස්ති කොරන්නේ? මේ ධනයෙන් දුප්පත් ඈයොන්ට ගෙවල් හදා දෙන්ට තිබ්බා නොවැ. අපරාදේ මේ නිකාං ධනය නාස්ති කොන්නවා.”

Read More

අධාර්මික රජතුමා – අටුවා රසකතා

“ලෝභයෙන් යුත් සිත ඉපදෙව් පමණින් හැම රසයෝ වියළී ගියාහ. යම් කලෙක ඒවා ගත්තා නම් එදාට සිදුවන දේ කුමට කියම් ද? අධර්මයෙන් යුක්තව ධනය රැස් කොට ඇත් අස් ගවාදීන් පෝෂණය කොට අපායට යන්නේ ය. අධාර්මික ධනය ඉපදවීමේ විපාක ඔබ විසින් මෙසේ ප්‍රත්‍යක්ෂ කරගන්නා ලදී. මම ආපසු හැරී යමි. මට ධනය රැස් කිරීමෙන් වැඩක් නැත.”

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up